කොළඹ නාගරික මන්ත්‍රී කෙනෙකුගේ වැටුප රු. 20,000 කින් වැඩි කරයි* ,&පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කිරීමට යයි*. ඉහත දැක්වෙනුයේ මේ දිනවල වඩාත් අහන්නට ලැබුණු සමාජ කතාබහට ලක් වූ ප්‍රවෘත්ති සිරස්තල දෙකකි. මේ දේශපාලඥයන් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන කොට්ඨාසයකි. මොවුන් වැටුප් වැඩි කරන්නැයි කියන්නේ අපේම බදු මුදල් ඔවුන්ට වේතන ලෙස වැඩි වැඩියෙන් ලබාදෙන ලෙසයි.
අපේම බදු මුදල්වලින් නඩත්තු වන ඔවුන් කවදාවත් ජනතාවට අවශ්‍ය‘ දේ මොනවාද, ජනතාව වෙනුවෙන් කරන්න ඕනෙ වැඩ මොනවාද කියා බලන්නේ නැත. ඒ වගේම අපට කරන්න වැඩ දෙන්න කියා කියන්නේද නැත. බහුතරයකට අවශ්‍ය ඔවුන්ට අවශ්‍ය සැප පහසුකම් හදාගැනීම මිස ජනතාවට අවැසි දේ හඳුනා ගැනීම නොවේය. නමුත් පසුගියදා අමුතුම මාධ්‍ය සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි. ඒ උපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය එකමුතුවයි. අපි දන්න භාෂාවෙන් කියනවා නම් සංවර්ධන නිලධාරීන්ය. ඔවුන් ඉල්ලුවේ අපට වැඩ දෙන්න කියාය.
මුලින්ම 1994දී චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේදී වැඩසටහන් නිලධාරීන් ලෙස උපාධිධාරීන් බඳවා ගත්තේය. ඒ ගණන 5000කි. ආයෙමත් 1998/99 කාලයේදී උපාධිධාරීන් රැකියා ලබාදෙන ලෙසට ඉල්ලමින් අරගල කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 13,000ක තවත් උපාධිධාරීන් බඳවා ගත්හ.
නැවත වරක් 2005 උද්ඝෝෂණ හා අරගලවල ප්‍රතිඵල ලෙස චන්ද්‍රිකා ආණ්ඩුව මහින්ද අගමැතිව සිටියදී තවත් 42,000ක් බඳවා ගත්තේය. නැවතත් 2008දී %තරුණ අරුණ^ වැඩසටහන යටතේ 2600ක් බඳවා ගත්තේය. 2013 නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා උපාධිධාරීන් 56,000ක් බඳවාගත් අතර, 2015දී 4000ක් නැවත උපාධිධාරීන් රාජ්‍ය සේවයට එක්කර ගනු ලැබීය.
නමුත් මෙතැන පොඩි ගැටලුවක් ඇත. 2012 වසරදී ස්ථාපිත සංවර්ධන නිලධාරී ව්‍යවස්ථාව මගින් රජයේ ප්‍රමුඛ සංවර්ධන කාර්යයන් සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා ගැනීම හා ඊට ගැළපෙන පරිදි රාජකාරි නම් කරනු ලැබුවද මෙතෙක් අදාළ රාජකාරි පැහැර හැර තිබේ. ඒ වෙනුවට සංවර්ධන නිලධාරීන් වෙත රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ හෝ කාර්යාල සහායක රාජකාරි පවරා තිබීම දකින්නට ඇත. ඇත්තෙන්ම මෙය විහිළුවකි. උපාධිධාරීන් යනු රටේ බුද්ධිමය ශ්‍රම බලකාය බව අප අමතක කළ යුතු නැත. 1994 සිට මෙම උපාධිධාරීන් බඳවා ගෙන ඇත්තේ රජයේ ප්‍රමුඛ සංවර්ධන කාර්යයන් සඳහාය. නමුත් අද වනතුරු මොවුන් යොදාගත් ප්‍රමුඛ සංවර්ධන කාර්යයක් නැත. අදටත් මොවුන් කරන්නේ පරිගණකයෙන් ලියුම් ගැසීමත්, ලිපිකරු වැඩත් පමණක් වීම අතිශය කනගාටුවට කරුණකි.
මහා ලොකුවට සංවර්ධනය ගැන කතා කළාට අඩුම වශයෙන් සංවර්ධන කාර්යයන් සඳහා බඳවාගත් මේ සංවර්ධන නිලධාරීන්ට නිශ්චිත වැඩක් පවරා ගැනීමටවත් ආණ්ඩුවලට නොහැකි වී තිබේ. මෙසේ බඳවාගත් සංවර්ධන නිලධාරීන් 127,000ක් දිවයින පුරා විසිරී සිටී. නමුත් ඔවුන්ගෙන් ගත් ප්‍ර‘යෝජනයක් නම් නැත. වැඩක් ගත්තා නම් ගත්තේ දිවි නැගුම වැඩසටහනේ ඇට බෙදන්නට පමණි.
අද පරිපාලන සේවාවක් ඇත, සැලසුම් සේවාවක් ඇත, ගණකාධිකාරී සේවාවක් ඇත, ගුරු සේවයක් ඇත. මොවුන්ට ගමන් මාර්ගයක් ඇත. උසස්වීම් වැටුප් තල ඇත. ඒ වගේම ඔවුන් අවසානයේදී රාජ්‍ය ‘සේවයේ යන දුර ගැන දැනුවත්ය. නමුත් සංවර්ධන නිලධාරීන්ට එහෙම නැත. කරන්න වැඩක් නැත. දැනගෙන ඉදිරියට යන මාර්ගයක් නැත. එබැවින් කළ යුත්තේ රටේ සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබා ගැනීමක් සඳහා %රාජ්‍ය සංවර්ධන සේවාවක් ඇති කිරීමය.
ගුරුවරයෙකුව පසුව විදුහල්පතිවරයෙකුව ගාල්ලෙන් පාර්ලිමේන්තුවට පිවිසි හිටපු අධ්‍යාපන ඇමති රිචර්ඩ් පතිරණ මෙහිදී උදාහරණයකට ගෙන කටයුතු කිරීමට රජයට හැකිය. ගුරු සේවයක් ඇති කළේ රිචර්ඩ් පතිරණ මහතාය. ඔහු හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියෙකු නොවුණාට ගුරු වෘත්තියේ හරියටම නාඩි අල්ලා දැනගත්තේය. ඔහු ගුරු සේවය ඇති කළේ ගුරුවරුන්ට නිසි මාර්ගයක් හා වෘත්තීය ඇගයීමක් ලබාදීමටය. ගුරු සේවය ඇති කිරීමෙන් රිචර්ඩ් පතිරණගේ දේශපාලන ජීවිතය වර්ණවත් විය. අපේ ජනාධිපති මෛත්‍රී පුංචිම තැනකින් ආපු දේශපාලනඥයෙකි. ඔහු හැමදාම කියන්නෙත් එහෙමය. ඔහු තම වෘත්තීය ලෙස මුලින්ම තෝරා ගත්තේ ග්‍රාම සේවකයකු ලෙස කටයුතු කිරීමය. රාජ්‍ය සේවයේ ජනතාවත් එක්කම ගැටෙන ජනතාවට සමීපතම වෘත්තියක් ලෙස ග්‍රාම සේවක වෘත්තිය හැඳින්විය හැකිය. එදා ග්‍රාම‘සේවකයෙකු ලෙස රාජකාරී කළ මෛත්‍රී අද රටේ ජනාධිපතිය. ග්‍රාම සේවක කෙනෙකුට වුණත් අද රටේ ඉහළම තැනට යන්න පුළුවන් බව මෛත්‍රී ඔප්පුකර හමාරය. ඒ නිසා මෛත්‍රීට රාජ්‍ය සේවය ගැන හොඳ ඉවක් තියෙන්නට ඕනෑය.
එදා රිචර්ඩ් පතිරණ ගුරු සේවය ස්ථාපිත කළා වගේම මෛත්‍රී ජනාධිපතිතුමාටත් මේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් එකතු කරගෙන රටේ සංවර්ධනයට ජනතා සේවය උදෙසා රාජ්‍ය සංවර්ධන සේවාව ඇතිකර ඔවුන්ගෙන් වැඩක් ගැනීමට හැකි නම් මෛත්‍රීගේ දේශපාලන ජීවිතයටත් එළියක් පාටක් එකතුවෙනවා නිසැකය. මුදල් ඇමති මංගලද නිර්මාණශීලී පුද්ගලයෙකි. වෘත්තිය සමිති වෙනුවෙන් කතා කරන රාජිතද බිම් මට්ටම් හඳුනන ඇමතිවරයෙකි. ඔවුන්ටද මේ සඳහා මැදිහත් වීමක් කරන්නට පුළුවන් නම් ඉතාමත් කාලෝචිතය. කළ යුත්තේ වැඩක් නැතිව පැත්තකට දමා සිටින සංවර්ධන නිලධාරීන්ට හොඳ පුහුණුවක් ලබාදී %රාජ්‍ය සංවර්ධන සේවාව^ ආරම්භ කර විධිමත් ලෙසින් රටේ ප්‍රමුඛ සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගැනීමය. වැඩ ඉල්ලන සංවර්ධන නිලධාරීන්ට වැඩ ලබාදීමය.
මුදල් ඇමති මංගල පසුගියදා කතාවක් කළේය. ඒ අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවා ගැනීම සාපයක් කියාය. කතාව ඇත්තය. එය ජනතාවට අමතර බරකි. හැබැයි රාජ්‍ය සේවයට බඳවාගෙන ඔවුන්ගෙන් වැඩක් නොගෙන ජනතා මුදල් නන්නත්තාර ලෙස භාවිත කිරීම ඊට වඩා සාපයකි.
නිපුන් ඒකනායක