තල්මසුන්ගේ කනට කී රහස


පසුගිය දා ඇඳිරි නීතිය නොතකා පානදුර වෙරළට තල්මසුන් එකසිය ගණනක් රැස් වූහ. සමූහවශයෙන් රැස්වීම රජය විසින් තහනම් කර තිබියෙදීත් ඒ අණ නොතකා තල්මසුන් මෙලෙස රැස් වීඇත්තේ විශේෂ කාරණාවක් පිණිසය. ඒ දිවි නසා ගැනීම සඳහාය.

ජීවිතය ගැන ආශාව සිඳී ගියකල්හි මෙලෙස වෙරළට ඒම උන් සාමාන්‍යයෙන් කරන දෙයකි. නිරෝධායන නීති බල්ලාට දැමූමිනිස්සු ගොස් තල්මසුන්ව අල්ලා නැවත මුහුදට දැමූහ. ඒ සඳහා ඔවුහු විශේෂ වූ කෙමක්පාවිච්චි කළහ. අවසන දමිය ගියේ තල්මසුන් පස් දෙනෙකු පමණි.

සිද්ධ වුණු සන්තෑසිය කුමක්දැයි වටහා ගණු පිණිස විමර්ශනයක් පැවැත්වීම සඳහා රජය විද්වත්මඩුල්ලක් පත් කළේය. මම එහි සාමාජිකයෙකු වන සියල්ල දත් මුහුදු මිතුරෙකු ඇමතුවෙමි. 

“තල්මසා කියන්නේ පුදුම බලගතු ආත්මයක් තියෙන ඊටත් වඩා ආත්ම ගෞරවයක් තියෙන අතිපූජනීය සතෙක්” 

මිතුරා තල්මසු පුරාණය දිග හරින්නට වන්නේය. කැළණි ගඟෙන් නාග රාජයා මතුවූවාක් මෙන්නොව පානදුරෙන් තල්මසුන් ගොඩ ගැසීම පිටු පස ලෝකයේ බලගතු රටවල සාගර දේශපාලනයඇති බව ඔහු කීය. 

ලෝකය පුරා කෝවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමග මිනිසුන්ට තල්මසුන් පිළිබඳවූ උනන්දුව අවමවී ගියේය. තල්මසුන් දඩයම් කිරීම සඳහා නීත්‍යානුකූල අවසරය ඇති රටවල පවා මසුන් මරන්නෝආහාරයට ගත හැකි වෙනත් මත්සයන් පිළිබඳව මිසක් මුන් දෙස ඇහැක් හැර නොබැලූහ.

මෙවන්නින්දාවක් උපන්තෙයකට වී නැතැයි කැළඹුණු තල්මසු ලොව පුරා සිටින සිය වරිගයාට පණිවිඩයවා වහාම පර්යේෂණයක් පැවැත්වීමට බල කලහ.

ඉහළින් ලද අණට කීකරැවූ මිරිස්ස මුහුද ආශ්‍රිතව විසූ තල්මසු ප්‍රජාව ලංකාව ගැන විපරම් කිරීමේවගකීම බාර ගත්හ. ලංකාව ආසන්නයේ වෙසෙන තල්මසෙක්වත් විශ්වාස නොකළ යුතු බැවින්ඔවුන්ගේ සහායට අන්තර්ජාතික දූත පිරිසක් ද එක් වූහ.

“මිරිදිය සහෝදරයින් ගෙන එන නිවුස් හොඳ නෑ. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය දාලලු. ඒ නිසාඅපිව බලන්න එන්න ඒ ගොල්ලන්ට විදියක් නෑ” මිරිස්සේ එකෙක් කීහ.

“මට ඇහුණා මන්නාරමේ හොර බඩු අදින ධීවරයො දෙන්නෙක් කතා වෙනවා ඔය කෝවිඩ් දමොකක්ද එක සත්තුන්ටත් බෝ වෙනවා කියලා. අපිත් පරිස්සම් වුනොත් හොඳයි” තල්මසුන්ටමිනිසුන් කතා බස් කරන දේ ශ්‍රවණයට තරම් තීව්‍ර ඉන්ද්‍රීය පද්දතියක් තිබේ.

මේ අතර ලංකාවේ සිව්මහා ගංගාවන්හි වෙසෙන මිරිදිය මසුන්ගේ සියලු ලෙඩ රෝග සුවවී නවප්‍රාණයක් ලැබුවාසේ ප්‍රීතියෙන් වෙසෙන බව රහස්පරීක්ෂක මාලුවෙක් තල්මසුන් වෙත පණිවිඩයක්ගෙන ආවේය. තත්ත්වය තව දුරටත් අධීක්ෂණය කිරීම සඳහා විශේෂ තල්මස් කණ්ඩායමක් කැළණිගඟ අසබඩ මෝයට පිටත් කර හරින ලදී.

කැළණි ගඟ අසබඩට පැමිණි තල්මසුන්ට දැක ගන්නට ලැබුණේ තැන තැන මැරී පාවෙනකෙලවල්ලන් තෝරැන් සහ සාලයන්ගේ මළකුණු දහස් ගණනකි.

“පෑලියගොඩ මාර්කට් එකේ වෙළෙන්දන් කීප දෙනෙක්ට කෝවිඩ් හැදිලා. මිනිස්සු මාලු කෑමනවත්තලා. දැන් ‘මාලු මාලු’කියන සද්දෙ ඇහුනම පූසොත් හැංගෙනවා” මෝදර ස්ථානගත කරසිටී මිනී මෝරෙක් තත්තවය පැහැදිලි කළේය.

මේ අතර කැළණි ගඟේ කෙලවරටම පැමිණි මිරිදිය මාලු ටිකක් තල්මසුන්ට කෝචොක් කරන්නටවූහ. 

“අඩෝ උඹලා අල්ලයි අපේ නැට්ට. අපිට දැන් ඉහෙන් බහින ලෙඩක් නෑ හරිය. අපි බඩ පිරෙන්නප්‍රෙඩ්නිසොලෝන් ඩෝස් එකක් ගහලා ඉන්නෙ හොඳේ” 

තල්මස්සු එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. වෛද්‍ය මිත්‍යාව පිළිබඳ විශේෂඥ තල්මසෙක් තත්වයපැහැදිලි කරන්නට විය.

“මෑතකදි සෞඛ්‍ය ඇමතිනියයි තව කීප දෙනෙකුයි වයිට් මහත්තයා මතුරවලා දීපු මැටි මුට්ටිවගයක් ගංගා වලට දැම්මනේ. දැන් මේ මිරිදිය සහෝදරයෝ හිතන් ඉන්නේ ඒ මුට්ටිවලප්‍රෙඩ්නිසොලෝන් බෙහෙත තියෙන්න ඇති කියලා”

“ඒක ඇවිල්ලා මහා බලගතු ඖෂධයක්. දෙන්න දෙයක් දන්නැති වුනාම අන්තිමට දෙන එක. වයිට්දීපු ඕක බීලා තමයි උපුල් තරංග තහනම් උත්තේජක ගත්තා කියලා ක්‍රිකටුත් තහනම් වුණේ” ක්‍රිඩාපිළිබඳ තල්මසෙක් කීවේය. ලංකාවේ මිරිදිය මසුන්ගේ හැසිරීම සම්බන්දයෙන් ද ජාත්‍යන්තර විනයපරීකිෂණයක් කිරීමට තල්මසු යෝජනා කළහ. 

සෞඛ්‍ය ඇමතිත් සම්බන්ධ වුණු නිසා මේ මුට්ටි නිකම්ම නිකම් ජප කළ ඒවා විය නොහැකි බවත්කුමක් හෝ ඔසුවක් එහි තිබිය යුතු බවත් කතා කරමින් තල්මස්සු එක් තැනකට රැස් වූහ. මේ අතරඑතැනට පැමිණි කුඩා මාලුවෙක් තල්මසෙකුගේ කණට කොඳුරා රහසක් පැවසීය. රහස අසා සිටිතල්මසා බෙහෙවින් කළබලයට පත්විය. ඔහු තමාට ආසන්නයේම සිටි කෙනාට රහස පාස් කළේය. නොබෝ වේලාවකින් තල්මසුන් රංචුව තුළ නොසංසුන්තාවයක් හට ගෙන එය මහාගාලගෝට්ටියක් බවට පත් වී උහු හිස් ලූ ලූ අත පීනා යන්නට වූහ.

“අම්මෝ අපි ඉවරයි” උහු බෙරිහන් දුන්හ. 

ඉන් සියයක් පමණ දෙනා පානදුර දෙසට පීනා ඇවිත් දිවි නසා ගැනීම සඳහා වෙරළට පැන්නාහ. 

තල්මසා යනු විශාල මාලුවෙකි. උන් එකෙකු ආන්බාන් කිරීමට වැඩුණු මිනිසුන් කිහිප දෙනෙකුගේශ්‍රමය උවමනාය. එහෙත් මේ තල්මසුන් නැවත මුහුද වෙත පලවා හරිනට පානදුරවාසී බුද්ධිමත්ජනයා කළේ උන්ගේ කණට කොඳුරා රහසක් කීම පමණි.

“හරි දැන් තමුසෙ කියනවකෝ තල්මස්සුගෙ කනට කරලා මිනිස්සු කියපු රහස?” මගේ මුහුදුමිතුරා ඇසීය. තල්මසෙක් මනසින් මවා ගත් ඔහු තල්මසාගේ කණට කෙඳරැවේය.

“නෑ. නෑ. එයා තාම මුහුදට පැනලා නෑ. උඹලා ඉක්මනට පැනගනිල්ලා”

දැන් ලංකාව වට මුහුදු සීමාවේ එකදු තල්මසෙකු හෝ දකින්නට නැත.



Recommended Articles