බුදු හාමුදුරුවෝ ආවත් ගහන්න මෙහෙම කිව්වේ චන්ද්‍රිකා නෝනාය. ඒ P–Toms එනම් පශ්චාත් සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව නැගී ආ ජනබලය මර්දනය කිරීමට චන්ද්‍රිකා දීපු ඕඩර් එකය. චන්ද්‍රිකාගේ අවසාන කාලයේදී මෙවැනි සිදුවීම්, විශේෂයෙන්ම බුද්ධාගමට එරෙහිව කළ මෙවැනි කතා ජනතාව අතරට යෑමෙන් චන්ද්‍රිකා වැඩි වශයෙන් ජනතාව අතරින් ප්‍රතික්‍ෂේප විය. ජනතාවගේ එම එපා වීම අදටද චන්ද්‍රිකාට වලංගුය.
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ යුගය බොහෝ දෙනා හඳුන්වනුයේ අරාජිත කාලයක් ලෙසය. එදා චන්ද්‍රිකා %දූෂණය, භීෂණය නැති කරනවා^ යන්න සටන් පාඨය කරගෙන සාම දූතිකාව ලෙස රට පාලනය භාර ගත්තේය. නමුත් චන්ද්‍රිකාට රට නිසියාකාරයෙන් පාලනය කරන්න නොහැකි විය. චන්ද්‍රිකා හොඳ දේවල් නොකළා නොවේය. යාපනය බේරා ගත්තේ චන්ද්‍රිකාය.
චන්ද්‍රිකා ආණ්ඩුව ප්‍රමුඛ අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති විදියට එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට පහර දෙමින්, මෙහෙයුම් දියත් කළේය. එමෙන්ම එදා 2001 යූ.එන්.පී. ආණ්ඩුව සාම ගිවිසුම් අත්සන් කරමින් නැටූ නාඩගම් නවත්වන්නේද චන්ද්‍රිකාය. එදා ආණ්ඩුව විසුරුවා නොහරින්නට බන්දේසියක තබා රටේ කෑල්ලක් එල්.ටී.ටී.ඊ.යට භාර දෙන්න පිඹුරුපත් සකස් කර තිබිණි. එදා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වූ ඔස්ටින් ප්‍රනාන්දු අසනීපව සිටි පුලිදේවන්ට ඇපල් මල්ලක් ගෙන ගොස් %මචං පූලී^ කීවා යැයි ඒ දවස්වල මාධ්‍ය වාර්තා පළ විය.
හිටපු ජනාධිපතිනිය මොන හොඳ කළද, එදා නැති කරනවා යැයි කියූ දූෂණය හා භිෂණය තදින්ම පැවැති යුගයක් විය. විශේෂයෙන්ම භීෂණය හොඳින්ම දකින්නට ලැබුණේ වයඹ ඡන්දයෙනි. එමෙන්ම ප්‍රීමා ගනුදෙනුව, එයාර් ලංකා විකිණීම, තවක්කාල්, චැනල් නයින් වැනි දූෂිත ගනුදෙනු රැසක් පිළිබඳ තොරතුරු වාර්තා විය. කුමාර් පොන්නම්බලම් ඝාතනය, මාධ්‍ය‘වේදී රෝහණ කුමාර ඝාතනයට ඍජුව ඇගිල්ල දිගුවූයේ චන්ද්‍රිකා ආණ්ඩුවටය.
ලසන්ත ඝාතනය ගැන කතා කළද, ලසන්ත වික්‍රමතුංගට මුලින්ම පහර දුන්නේද චන්ද්‍රිකා ආණ්ඩුවෙන්ය. මේ දූෂිත හා භීෂණය පිරුණු සිදුවීම් හේතුවෙන් චන්ද්‍රිකා කරපු හොඳ ඔක්කොම මිනිසුන්ට අමතක වී ඇත. එමෙන්ම චන්ද්‍රිකා පිළිබඳ ඇති විශ්වාසය ජනතාව අතරින් බිඳ වැටී ඇත.
සංහිඳියාව වත්මන් ආණ්ඩුවට අනුව නම්, බොහෝම සංකීර්ණ සංවේදී කාරණයකි. නමුත් සංහිඳියාව ඇතිකර වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අච්චාරු කරගෙන ඇත. සංහිඳියාව ඇතිකිරීම කොටස් 03කට ක්‍රියාත්මක වේ. එකක් අයිති මනෝ ගනේෂන්ටය. අනෙක අග්‍රාමාත්‍ය කාර්යාලයටය, තවත් එකක් චන්ද්‍රිකාටය. සංහිඳියාව ආණ්ඩුව හිතන තරම් වැදගත් නම්, කළ යුත්තේ අච්චාරු කර නොගැනීමය. එනම් හරි එක ආයතනයක් බවට පත්කිරීමය. එමෙන්ම වඩා විශ්වාසනීය පුද්ගලයෙකුට එම කාර්යභාර්ය භාරදීමය.
ලංකාව සංස්කෘතික රටකි. එම සංස්කෘතිය පදනම් වී ඇත්තේ බුද්ධාගම මුල්කර ගෙන බව අමතක කළ යුතු නැත. කවුරු මොනවා කිව්වද, ඉතිහාසගත සංස්කෘතිය වෙනස් කළ නොහැකිය. එසේ නියපොත්තකින් හෝ සංස්කෘතියට බුද්ධාගමට පහර දී වැඩ කර ගන්න බැරිය. තිත්ත ඇත්ත ඒකය.
ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ. ඒ සංහිඳියා කාර්යාලයෙන් නාට්‍ය 03ක් ජාතික සංහිඳියාව වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති බව පවසමින්ය. %තරුවන් සරණයි^, %නිහොන් සුව ලැබේවා^, %නිර්වස්ත්‍රං පරමං සුඛං^ යනු ඒ නාට්‍යය. උන්වහන්සේ කීවේ %තෙරුවන් සරණයි^, %නිවන් සුව ලැබේවා^, %නිබ්බාණං පරමං සුඛං^ යන්න උපහාසයට ලක්කර ඇති බවක්ය. සංහිඳියාව අමුතුවෙන් ඇති කළ යුතු නොවේ. සැබෑ සංහිඳියාවක් මේ රටේ තිබූ බව අමතක නොකළ යුතුය. ජනතාව අතර වූ සංහිඳියාව නැති කළේ වෙන කවුරුත් නොව උතුරේ හා දකුණේ ජාතිය, ආගම පාවා දෙමින් තමන්ගේ බලය හා ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට ප්‍රයාස දරන දේශපාලනඥයන් හා මුදල්වලට කෑදර රාජ්‍ය නොවන සංවිධානයන්ය. රටක ප්‍රශ්න ඇති කරනවාට ඔවුන්ට මුදල් ලැබෙන අතර, සංහිඳියාව ඇති කරනවා යැයි කියමින් සංස්කෘතිය විකෘති කරමින් සල්ලි ගන්නේද මුදල් වෙනුවෙන් කහින, ඕනෑම පහත් වැඩක් කරන එන්.ජී.ඕ. සාමාජිකයන්ය. එබැවින් සංස්කෘතියට පහර ගසා සංහිඳියාව ඇති කරන්න බැරි බව දැනගත යුතුය.
සාමයට සංහිඳියාවට කවුරුත් කැමැතිය. සාමය සංහිඳියාව ඇතිකර වීමට නම්, මුලින්ම කළ යුත්තේ ජාතිවාදී දේශපාලනඥයන් හා එන්.ජී.ඕ.කාරයන් එළවා දැමීමය. අනෙක ආණ්ඩුව සංහිඳියාව පිළිබඳ මෙපමණ උනන්දු නම්, එය එකම තැනකින් යාන්ත්‍රණය කිරීමට කටයුතු කළ යුතුය. එමෙන්ම සංහිඳියාව වැනි සංවේදී කාරණා ඇති කිරීම සඳහා කටයුතු කළ යුත්තේ සහ ඊට නායකත්වය දිය යුත්තේ ජනප්‍රිය, විශ්වසනීය පුද්ගලයන්ය. නමුත් මෙරට සිදුව ඇත්තේ අනෙක් පැත්තය. සංහිඳියාව ඇති කිරීමට යොදාගෙන ඇත්තේ රැස්වීමකට ගොඩවුවහොත් %හූ^ කියන, ජනතාව අතරින් ප්‍රතික්‍ෂේප, මාධ්‍යයට චණ්ඩිකම් පෙන්වන, සංස්කෘතියට ගරු නොකරන ජනතාව ඇන්දූ පිරිස්ය. ඔවුන් යොදාගෙන සංහිඳියා කෙරුවාව කරන්න බැරිය. කෙටියෙන්ම කිවහොත් යල්පැනගිය පැරණි සැටලයිට් සිග්නල්වලින් සංකීර්ණ සංවේදී වැඩ කළ නොහැක්කා වැනිය.
නිපුන් ඒකනායක