ලිපිය ආරම්භ කිරීමට මත්තෙන් දේශපාලනය පසෙකින් තබා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස පස්වැනි වරටත් පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මින් ඉදිරියට හෝ බටහිර න්‍යාය පත්රවලට අනුව කටයුතු නොකරමින් ශ්‍රී ලංකා ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
දැන් අපි සාමාන්‍ය පරිදි අපගේ ලිපියට පිවිසෙමු. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ඔඩුදිවීම වළක්වාලමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව දිගින් දිගටම ප්‍රකාශ කළේ, තමන් එම තනතුර භාරගත්තේ කෙටි කාලයකට බවත්, මැතිවරණයක් පවත්වන තෙක් පමණක් බවත්ය.
කෙසේ වෙතත් ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩුව භාර ගැනීමෙන් පසුව අපට කෙටි කාලයක් තුළ ජනතාවට සහන ලබාදීමට හැකි වූ අතර, කඩා වැටීමට ගිය ව්‍යාපාර රාශියක්ද නැවතත් සක්‍රිය කිරීමට අවස්ථාව ලැබිණි. එමෙන්ම පොහොර සහනාධාරය මෙන්ම කෘෂිකර්මය වෙනුවෙන් පනවා තිබූ බදු අඩු කරමින් කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමටද පියවර ගත්තෙමු.
කෙසේ වෙතත් ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන අංග තුන වන ව්‍යවස්ථාදායකත්, විධායකයත්, අධිකරණයත් අතර දිගින් දිගටම ඇතිවූ ගැටලු හේතුවෙන් අප අවසානයේදී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවද පිළිගනිමිනි. මෙම තීන්දුව සම්බන්ධයෙන් එකිනෙකාට වෙනස් වූ මතවාද පවතී. කෙසේ වෙතත් රටේ උත්තරීතර ආයතනය වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය ලබාදෙන තීන්දුව අප පිළිගන්නා බව සඳහන් කළ යුතුය.
අප දිගින් දිගටම පැවසුවේ ඡන්දයක් පැවැත්වීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ඇතිව තිබූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා ඇති හොඳම ක්‍රියාමාර්ගය බවයි. ඒ හරහා නව දැක්මකින් අපට ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව තිබිණි. කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය මැතිවරණයට විරුද්ධව අධිකරණයට ගියේය. ලෝක ඉතිහාසයේ %මැතිවරණයක් එපා^ යැයි කියමින් අධිකරණයට යන පක්ෂ සිටිනුයේ ශ්‍රී ලංකාවේ බවට ලියැවෙනු ඇත. එසේම ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් මහතාද %මැතිවරණයක් එපා^ යැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරනයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුය.
මැතිවරණයක් පැවැත්වීමට විරෝධය දක්වමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අධිකරණයට යන්නේ නම්, එවැනි මැතිවරණ කොමිසමක ස්වාධීනත්වය පිළිබඳ නැවත නැවතත් සලකා බැලිය යුතුය. එක්සත් ජාතික පක්ෂයට මැතිවණ කල් දැමීම පිළිබඳ ඉතිහාසයක් පවතී. යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය වසර තුනකට ආසන්න කාලයක් ප්‍රමාද කළේය. පළාත් සභා හයක කාලය අවසන්ව ඇතත්, එම මැතිවරණ පවත්වන කාලයක් පිළිබඳ මේ දක්වාම කතාවක් නොමැත.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා පවසා සිටියේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන බවයි. ඔහුගේ එම ක්‍රියාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් අපි උපරිම ලෙස සහාය දක්වන බව මෙහිදී ප්‍රකාශ කරමු.
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳීමෙන් අනතුරුව අද දිනයේදී නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් නැවතත් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය. ඒ හරහා විපක්ෂයේ බහුතරය ඇති කණ්ඩායම බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත්වනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂනායක තනතුරත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නතතුරක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරමු.
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු නොකළද, ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය පෙන්වීම වෙනුවෙන් කටයුතු කළ හෙයින් තවදුරටත් ඔවුන්ට විපක්ෂනායක ධුරය දැරීමට සදාචාර බවක් නොමැත.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු ඇතුළු එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරුන් හමුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිබඳ මේ වනවිට රටේ ජනතාව අතර කතාබහක් ඇතිව තිබේ. එය එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේදී රට පාලනය කළ ආකාරය පිළිබඳ කියාපාන හොඳ මිනුම් දණ්ඩකි.
කෙසේ වෙතත් ඒ ආකාරයට ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතාට රට පාලනය කිරීමට අවස්ථාවක් උදා නොවනු ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් රටට සිදුවිය හැකි හානිය අවම කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ඇත. එසේම ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා ගත් තීරණයේ එතුමා තවදුරටත් සිටීම පිළිබඳ අපි එතුමාට ස්තුතිය ප්‍රකාශ කරමු.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාත් අතර ඇතිවූ සබඳතාව ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවතෙනු ඇත. අප ඉදිරියේ පුළුල් බලවේගයක් ගොඩනගමින් එක්සත් ජාතික පෙරමුණේ දේශවිරෝධී ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරන බව ඔබට මෙහිදී සඳහන් කරමු.
රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අර්බුදය ඇතිවූ කාලයේදී සඳහන් කළේ, තමන් මැතිවරණ සඳහා බිය නොවන බවත්, නීත්‍යනුකූල රජයක් යටතේ මැතිවරණ සඳහා සූදානම් බවත්ය. ඔහු පවසන්නේ අප රජය නීත්‍යනුකූල නොවන බව නම්, ඔහුට අනුව නීත්‍යනුකූල රජය දැන් පත්ව තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැන් අවස්ථාව පැමිණ තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරන යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑමට අවස්ථාවක් ඇත. ජනතා විමුක්ති පෙරමුණද, එවැනි යෝජනාවකට සහාය දෙන බවට ප්‍රකාශ කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (16දා) අරලියගහ මන්දිරයේ සිට ප්‍රකාශ කළේ, &මම අද කියන්නෙත් ඒ දේමයි, හෙට කියන්නෙත් ඒ දේමයි. මගේ වචනය මම රකිනවා. කියන දේ කරනවා. කරන්න පුළුවන් දේවල් පමණක් කියනවා” යනුවෙනි. ඔහු කියන ආකාරයට ඔහු සිය වචනය රකින්නේ නම්, දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට යෝජනාවක් ගෙන ඒමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වීමට ඇත්තේ අවම ඉඩක් බවටද මෙහිදී ඔබට
මතක් කරමු.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (16දා) කාල්ටන් නිවසේදී කළ ප්‍රකාශයේ කොටසකින් ලිපිය අවසන් කරමි. “තනතුරුවලින් අස්වෙන එක, අස්වෙලා යන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම දන්නවා මගේ ජනතාව මාත් එක්ක ඉන්නවා කියලා.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!