ඉදිරි වර්ෂය අපේ රටටත්, මහජනතාවටත් සුබාසුබ ගෙන දෙන්නේ කෙසේදැයි කෙටියෙන් විමසමු. පසුගිය දෙසැම්බර් 07 සඳු දිනට අව අමාවකට අවතීර්ණව 14වන සඳු දින උදේ 9.47ට පුර අමාවක ලබා ඇත. අමාවක පසළොස්වක දිනයන් අතර කාලය තුළ මුළු ලෝකයටම වෘකාපාත වර්ෂාවක් පතිත විය. මේ හේතුවෙන් මහත් විපත් සිදුවන බව ජ්‍යොතිෂ ශාස්ත්රමූල ග්‍රන්ථවල සඳහන් වේ. මේ ගැනත් පසුව විමසා බලමු.
පසුගිය ලිපියේ සඳහන් ධනු හා කුම්භ ලග්න රාශි ග්‍රහ පිහිටීමත්, කන්‍යා කුම්භ ලග්න රාශි ග්‍රහ පිහිටීමත් මතකයට ගැනීම වටී. මේ අවස්ථාවේ ඉතා හොදින් ශාස්ත්‍රානුකූලව එම ශාස්ත්‍රධරයන් පිළිගැනීම නිත්‍ය වන්නේ ධනු ලග්න උදාවයි. මේ අවස්ථාවේ නව වසරේ හිරු උදාවීම සිදුවේ. ඒ අනුසාරයෙන් ග්‍රහඵල විස්තරාත්මක වීම ප්‍රඥා ගෝචරයි. ශ්‍රී ලංකා කේන්ද්‍ර රාශිය වූ කුම්භ රාශිය මුල්කර ඵල ප්‍රකාශ කිරීම ඉදිරියට තබමි. උදාව පැවැතියේ ධනු ලග්න කේන්ද්‍රයයි. මෙහි ග්‍රහ පිහිටීම අනුව ප්‍රඥාවෙන්, යුක්තිගරුකව, බුද්ධිය යොදවමින් ක්‍රියාකරමින්ද, මහජනතාවගේ ශ්‍රමය නිසි අයුරින් හසුරුවා රටේ දියුණුව සලසා ගන්න මගපෙන්වන බව පෙන්නුම් කරයි. ඒ තත්කාල ලග්නයේ රවි, බුධ, ගුරු, ශනි සංයෝගය පිහිටීම නිසයි. මෙහිදී ශනි රවිගේ නැකතේය. විදේශ ආයෝජන කරන විදේශිකයන්ට රිසි සේ කටයුතු කිරීමට ඉඩහැරීමෙන් වළකින බවක්ද දැක්වේ. ශක්තිය, ධෛර්ය්යය, බුද්ධිය, තාක්ෂණය සමග සාධාරණත්වය ඉටුකිරීමට මූලිකත්වය වෙර දරනු ඇත. ඊට පටහැනිව ක්‍රියාකරන සැමට ඔවුන්ගේ උපන් කේන්ද්‍රයට අනුව ස්වභාවධර්මයෙන් නිසි දඬුවම් දෙනු නියතයි. රාහු 6 වැන්න කුජගේ නැකතේ වීමෙන් ඒ බව සනාථ වෙයි. එසේම 6 වැන්න තේජෝ ගුණයෙන් හෙබි නිසා උපක්රමශීලීව සතුරන් මෙල්ල කර ඔවුන්ගෙන්ද වැඩ ගෙන ධනය රැස්කර සමෘද්ධිය කරා යොමු වෙයි. විදේශ ආධාර කෙරෙහි එතරම් සුබවාදී නොවන බවක්ද දැක්වේ. සිකුරු කේතු සමග 12 වැන්නේ සිටිනුයේ බුධගේ නැකතේය. 12 භාවයද බුධගේ නැකැතේය. බුධ සිකුරුගේ නැකැතේ සිට ලග්නාධිපති නියෝජනය කරයි. සියලු සංවර්ධන ක්‍රියාකාරකම් බුද්ධිමත්ව කිරීමට නොයෙක් උපදේශ ලැබේ. ඒවා පිළිගෙන අපතේ නොයන ලෙස කටයුතු කෙරේ. දරු සම්පත හා ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වීමටත්, දරුවන්ගේ දැනුම සංවර්ධනය උදෙසා යොමු කිරීමටත් හැකියාව ඇත. මේ අයගේ ඉගෙනීම නවීන තාක්ෂණය මතම වේ. එසේහෙයින් වැඩිහිටි පරම්පරාව සිත දියුණුකර ප්‍රශ්ණ විසඳාගන්නා ආකාරය පැහැදිලිව කියා දිය යුතුම වේ.
ධනු ලග්නය උදාවන මොහොතේ භූතලය පෙන්නුම් කරන පෝචූන් ග්‍රහයා 8වන රාශියේ අංශක 8 කලා 10ක පිහිටයි. ඒ ශනිගේ නැකතේය. මෙයින් පෙන්නුම් කරන්නේ භූතලයට යම් හානි පැමිණෙන බවයි. මේ සඳහා බලපානුයේ ජලයේ ක්‍රියාකාරීත්වයත්, පංච භූත කැළඹීමත්, කාම ක්‍රියාවලියත්, මරණයට හේතුත්, ධන හානියත්, සෙම රෝගත්, අසුභ සිතිවිලිත් වේ. පරිසරය සුරැකීමෙන් සිත දමනය කරගෙන පාප ක්‍රියා නොකර දාන, ශීල, භාවනා කරමින් සුචරිතයේ හැසිරීමෙන් කටයුතු කරන අයට විපත් සිදුවීම අවම කෙරේ. තවද 6වැන්න ශනිගේ නැකැතේ නිසා ලෝවැස්සන්ට බොහෝ දුක් කරදර ගෙන දෙන බව දැක්වේ. නමුත් සසර දුක හඳුනන අයට එසේ දුක් බලවත් නොවෙනු ඇත. එසේම විපත් ප්‍රදේශ අතහැර යාමට පෙළඹේ. මේ ධනු ලග්න උදාව ලංකාවට විශේෂයෙන් බලපාන ආකාරයයි.
කුම්භ රාශි කේන්ද්‍ර සටහනට ආවේණිකව අප රටට විය හැකි සුබාසුබ කෙටියෙන් විමසා බලමු. නිවැරදිවම උදේ 06.21.51ට තත්කාල කුම්භභාව කේන්ද්‍ර සටහන පරික්ෂාවේදී අංශක 17.51ට තත්කාල කුම්භභාව කේන්ද්‍රය උදාව පවතී. ඒ සටහන පරික්ෂාවේදී රවි අංක 16 කලා 41ට 11වැන්න ධනු වේය. බුධ, ගුරු, ශනි ග්‍රහයින් සමග යෝගව 4 වැන්න සිටින රාහු කුජත්, සිකුරුත් නිවේදනය කරයි. එනිසා භූමිය තුළ කම්පන පිපිරීම් නාය යාම් මෙන්ම විදේශික ආක්‍රමණ ඇතිවේය. මේ නිසා මහජනතාව දැනුම්වත් කිරීමට හා ආරක්ෂා වීම සඳහා උගතුන් විසින් උපදේශ සහිතව ආරක්ෂක විධි පහදා දිය යුතුයි. රටේ සියලු සංවර්ධන ක්‍රියා බුද්ධිමත්ව විසඳා ගැනීමට ප්‍රමුඛස්ථානය ලැබෙන බව සිකුරු කේතු සමග 10 වැන්නේ පෙන්වයි. සඳු 5 වැන්න හා 11 වැන්නේ ග්‍රහ පිහිටීමෙන් දක්වන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් ආඪ්‍ය වීමට හේතු ඇති බවකි. රවි, ගුරු සම්බන්ධතාවය විදහා දක්වන්නේ රාජ්‍ය පාලක ධූරදර්ශීව ගන්නා තීරණ ඉවසීමෙන් ක්‍රියාත්මක කිරීම පාලන පක්ෂයේ හා මහජනතාවගේ වගකීම බවයි. එසේ නොවුණහොත් මහා විනාශයක් විනා ඉහත කී සුබතාවය බලාපොරොත්තු විය නොහැක. 2, 4, 9, 10, 11 යන භාවානුරූපගත ග්‍රහ පිහිටීම අනුව මෙය සත්‍ය බව ජ්‍යෝතිෂ ශාස්ත්‍රානුකූලව සිතන බොහෝ අයට වැටහේ. 6 වැන්න අධිපති වූ සඳු (නැකැත අධිපති ශනි) 5වන භාවයේ සිටින නිසා ඉහත ධනුවේදී ප්‍රකාශ වූ පරිදි සතුරු බලවේග හා ලෙඩ රෝග පරාජය කිරීමේ හැකියාව විදහා පෙන්වයි. නව වසර උදාවන මොහොතේදී ලංකාවාසී සියල්ලෝම පහනක් දල්වා ආගමානුකූල වී ස්වභාවධර්මයෙන් සහනය ඉල්ලා සිටිමින් ගුණගරුක කෙනෙක් සේ ජීවත් වන බවට පොරොන්දු වන්න.
වෘකාපාත පතිත වීම සැලකීමේදී ඉදිරි වකවානුව තුළ ලොවටම මහත් විපත් සිදුවන බව පුරාණ ජ්‍යෝතිෂ ග්‍රන්ථවල සඳහන් වේ. මේ බව කලින් සඳහන් කර තිබේ. වෘකාපාත විවධ වර්ණ හා විවිධ හැඩතල සහිතවද, පොකුරු වශයෙන්ද පතිත වේ. කෙසේ පතිත වුවත් යම් යම් අසුබතා විනා සුබතාවයක් නොවන්නේය. විශේෂයෙන් ධාන්‍ය වර්ගවලට හානි පැමිණෙන බව ඉඳුරා සඳහන් කළයුතු වේ. මේ නිසා ආහාර හිඟයක් තදින් බලපානු ඒකාන්තයි. නොයෙක් සත්ත්වයෝද වසංගත රෝග හේතුකොට අකාලයේ මිය යනු ඇත. සුදු, රතු, කහ, කලු යන වර්ණ සහිතව පතිත වී නම් බ්‍රාහ්මණ, ක්ෂත්රීය, වෛශ්‍ය,ශුද්‍ර යන මොවුන්ට විපත් ගෙන දේ. එසේම උත්තරායනයේ සිටින්නවුන්ට තරමක් බලවත් දෝෂ ඇතිකරන බව දෛවඥ කාමධේනු යන ග්‍රන්ථයේ සඳහන් වේ. වෘකාපාත ආරම්භයේ සිට අවසානය දක්වා කාලය තුළ උදාව පැවැති නැකැත (මා) හිමියන්ට අසුබතා බලවත්ය. ඵල ගෙන දෙන්නේ කේන්ද්‍රයේ අසුබ ග්‍රහයන්ගේ දසා කාලයේදීය. තවද මෙය පොදුවේ ඵල දීමට මාස 6ක් හෝ වර්ෂයක් ගත වන්නේය. ස්වභාවධර්මයට පටහැනිව ක්‍රියාකරන සියලුමදෙනාට මෙහි අසුබ ඵල විඳීමට සිදුවෙයි. ලෝක බලවතුන්ට මහත් අපල කාලයක් වන අතර, ඔවුනොවුන් එකිනෙකා ගැටෙනු ඇත. මේ නිසා ශනි නියෝජනය කරන දුප්පත් ජනතතාව සෑම අතකින්ම පීඩනයට පත්වේ. එම බලවතුන්ට නැණවතුන් විසින් මෙහි තිබෙන බරපතළකම ධාර්මිකව වටහා දිය යුතුම වේ.
ජලය කරනකොට හෝ වෙනත් සැපපහසු ක්‍රියා කෙරෙහි ඥාණාන්ධව ක්‍රියා කිරීම මතද, පොළවේ හැඩතලය හෝ සමතුලිතතාව වෙනස් කිරීමට පෙළඹීම මතද විපත් ගෙන දේ. ජල වායු භූමිකම්පා හා නාය යාම් 2019 සිට 2022-10-19 දක්වා දුකින් පිළිගත හැකි ආකාරයට සිදුවේ. පෝචූන් ග්‍රහයා ශනිගේ නැකැතේ 8 වැන්න කටකයේ බව අමතක කරන්න එපා. ඒ එක්තරා විදිහක ඒරාෂ්ටකයකි. යම් රටක අධර්මවාදී පාලකයන් හා වැසියන් වෙසෙත්ද ඉහත කී අසුබ සාධක තදින් බලපානු නියත වේ. තෘෂ්ණා, ක්‍රෝධ, වෛර හේතුකොට ගෙන බලවත් රටවල් අතර යුද කෝලාහල ඇතිකර ගනී. මෙහිදී බොහෝවිට අනුගමනය කරනුයේ රසායනික අවි හෙවත් වෛරස් වර්ග වේ. මිනිසා නැසීමේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ඉවත ලා මිනිසා ජීවත් කිරීමට ඇවැසි කටයුතු සම්පාදනය කරන්න. මෙහි සඳහන් ව්‍යසනයන්ගෙන් වැළකීම උදෙසා අද සිටවත් උනන්දු වෙන්න. ඒ සඳහා පාරම්පරික වී වර්ග හා ධාන්‍ය වගාවත්, සාධාරණ වෙළෙඳාමත්, පැරණි ගොවි කෙම් ක්‍රම හා සිරිත්විරිත් අනුගමනයත් හැකි ඉක්මනින් ආරම්භ කිරීමට වගකිවයුත්තෝ ඉදිරිපත් විය යුතුම කාලය උදා වී ඇත. වවන්නෝ දිනන්නෝ යන්න පෙරදැරිව ඵලදායී එක පැළයක් හෝ සිටුවන්න. ඵල දරණ දාට ඔබත් ස්වභාවධර්මයත් සතුටු වේවි.
ජ්‍යෝතිෂ හා වාස්තු ශාස්ත්‍ර උපදේශක
උත්තමාචාරයෙන් පිදුම් ලත්
ඩබ්.එස් රාජපක්ෂ
ගම්පහ 0724 197820