ශ්‍රී ලංකාවේ දේශපාලනය පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බිඳවැටීමට ඇති ඉඩකඩ වැඩි බව මාගේ හැඟීමයි. විශේෂයෙන් ජනාධිපතිවරයාට ඉතිරිව ඇති කාලය තුළ එතරම් බරපතළ වෙනස්කම්වල යෙදීමට ප්‍රධාන බලවේග දෙකම උත්සාහ නොකරනු ඇත. එක්සත් ජාතික පක්ෂයට හා දෙමළ සන්ධානයට, මුස්ලිම් කොංග්‍රසයට, මෙරට සිවිල් සමාජයට කෙතරම් අවශ්‍යතාවක් තිබුණද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිල් දෙකේම ආකල්ප ඉඩදෙතැයි සිතිය නොහැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරනු ලැබුවද, කාරණා පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ජනාධිපති ධුරය තවදුරටත් පැවැතිය හැකිය. එබැවින් මෙරටේ ජනතාවටත්, සියලුම දේශපාලන බලවේගවලටත්, 2019 එනම් මෙම වර්ෂයේ අවසන් කාර්තුවේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත. එළැඹෙන ජාතික මැතිවරණය වන්නේ 2019 දෙසැම්බරයේ පමණ පැමිණීමට නියමිත ජනාධිපතිවරණයයි.
එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සන්ධානය හා වතුකරයේ දේශපාලන පක්ෂ සමග එක්ව පෙරමුණක් ගොඩනගනු ඇත. එම පෙරමුණට ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ආගමික ඡන්දත්, එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමත් ලබා ගැනීමේ කිසිදු බාධාවක් නැත. එම පෙරමුණේ අපේක්ෂකයා ලෙස පැමිණීමට 80%කට වඩා ඉඩකඩ ඇත්තේ රනිල් වික්‍රමසිංහය. එම පෙරමුණ තම මැතිවරණ සටන ආරම්භ කරනුයේ දෙමළ, මුස්ලිම්, කතෝලික හා එක්සත් ජාතික පක්ෂ සාම්ප්‍රදායික ඡන්ද පදනම මත ශක්තිමත්ව සිටගනිමිනි. එතැන් සිට ඔවුන්ට පාවෙන ඡන්ද, අලුතින් එකතුවන ඡන්ද හා විරුද්ධ බලවේගවල සහයෝගය ලබා ගැනීමේ සටන ආරම්භ කළ හැකිය. එම පෙරමුණට ජයග්‍රහණයට බාධා කරනු ලබන ප්‍රධානම දුර්වලතාව වන්නේ %යහපාලන ආණ්ඩුව මගින් පාක්ෂිකයා රැකබලා ගත්තා මදි^ය යන ජනප්‍රිය ආකල්පයයි. එම ආකල්පය එක්සත් ජාතික පක්ෂයේ, පාක්ෂිකයන්ගෙන් ඉවත් කිරීම සඳහා පාක්ෂිකයන් රැකබලා ගැනීමේ කටයුතු පක්ෂය විසින් හැකි ඉක්මනින්ම ආරම්භ කළ යුතුය.
2019 මැතිවරණයට පැමිණෙන අනෙක් පෙරමුණ විය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල පෙරටු කරගත් පොදු අපේක්ෂක පෙරමුණයි. මෙම පෙරමුණ මූලික වශයෙන් රනිල් වික්‍රමසිංහ විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු පෙරමුණක් බවට නිතතින්ම පත්වනු ඇත. ඩිලාන් පෙරේරලා, ඉසුර දේවප්‍රියලා, ශිරාල් ලක්තිලකලා එහි ප්‍රධාන පෙළේ කසකරුවෝ වෙති. මෙම කඳවුරේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට ඉඩකඩ ඇත්තේ ජනාධිපතිවරයාය. විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ප්රමුඛ ජාතික නිදහස් පෙරමුණ 2019 දී මූලික වශයෙන් සහයෝගය දක්වනු ඇත්තේ මෙම කඳවුරටය. එම පිල මැතිවරණයට නොපැමිණිය හොත් ඔවුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වන කොටස බැසිල් රාජපක්ෂ සරණ යනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එකතු වනු ඇත. නිර්මාල් රංජිත්ලා, පිලිප් ශාන්තලා, ජයදේව උයන්ගොඩලා හා ජනතා විමුක්ති පෙරමුණ කුමන පිලට එකතු වෙත්දැයි කීමට තවම කල් වැඩිය.
එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය රනිල්, කරු හා සජිත් අතර දෝලනය වෙමින් තිබෙන අතර, සජිත්ට එය ලබා ගැනීමට ඇත්තේ අඩු ඉඩකි. මන්දයත් මධ්‍යම පන්තිය අතර සජිත් විරෝධී ආකල්පයක් ගොඩනැගෙමින් පවතින අතර, මෙම පෙරමුණේ මූලික ඡන්ද පදනම වන්නේද එයයි. නමුත් පක්ෂයේ පහළ කොටස් අතර සජිත්ට එක්තරා ආකාරයක කැමැත්තක් තිබේ. ඒ ඔහුගේ සමාජ සුභසාධන ආකල්පය නිසාය. මැද පන්තිය සජිත් දුටු විට බියෙන් තැතිගන්නේද එබැවිනි.
අනෙක් ප්‍රධාන කඳවුර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂකයා වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හෝ ශිරන්ති රාජපක්ෂය. ඒ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටන් පාඨයද සමගය. එම ජනාධිපතිවරණ සටනේ රාජපක්ෂවරු ගෝඨා ජනාධිපති, මහින්ද අගමැති කිරීමේ එම විශාල දේශපාලන ව්‍යාපෘතියේ සාර්ථකව නියැළෙනු ඇතැයි මාගේ නිගමනයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පැමිණීම ජාතිකවාදී බලවේග අමන්දානන්දයට පත්වෙනු ඇත. මූලික වශයෙන් මෙම කඳවුරේ ඉලක්ක ඡන්ද පදනම වනුයේ ස්වඋත්තමවාදී සිංහල බෞද්ධ ඡන්ද පදනමයි. ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට එම ඡන්ද පදනම තුළ විශාල ආකර්ෂණයක් තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන්ද විශාල කොටසක් මෙම කඳවුර විසින් දිනාගනු ඇත. අද මේ මොහොතේ මෛත්‍රී පිලේ ප්‍රමුඛයන් ගණනාවක්ද එම කඳවුර සමග නිශ්චිතවම එකතු වනු ඇත. ජනාධිපතිවරයාද එම පිලෙන් නැවතත් පාර්ලිමේන්තු එනු ඇත හෝ එසේ වීමට ඉඩ ඇත.
එසේ නම් 2020 ජනාධිපතිවරණය යනු ප්‍රබල සටනකි. මෙම සටන ජය ගැනීමට නම් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50%කුත් තවත් එක් ඡන්දයකුත් ලබාගත යුතුය. මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මෙවැනි තත්ත්වයක් යටතේ විභවහාත්මක හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාටය. මන්දයත් මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය අනුවත්, අතීතයේත්, අනාගත ප්රක්ෂේපණයට අනුවත් දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද ලබාගත හැක්කේ එම අපේක්ෂකයාටය. මෙම මැතිවරණය ජයග්‍රණය කිරීමට සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් ලබාගත යුතු වන්නේ 30%ක ප්රමාණයකි. එම ගණන එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට වඩා අඩුය. එබැවින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් ඕනෑම අපේක්ෂකයෙකුට 2019 ජනාධිපතිවරණය ජය ගැනීම %කජු කනවා වැනි^ වැඩකි. කළ යුතු එකම දෙය පාක්ෂිකයා බලාකියා ගැනීමය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ පොදු අපේක්ෂකයාට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලට එක්සත් ජාතික පක්ෂය පැරදවීමට එක් අවස්ථාවක් ඉතිරිව ඇත. ඒ එම පිල් දෙකම මුළුමනින්ම සමගි වී එක් පිලක් බවට පත්වී පැමිණීමෙනි. නමුත් දැනටමත් එක්සත් ජාතික පක්ෂයට විශාල පිරිසක් එකතු වී ඇත. එසේ වුවද එම දෙපිලේම සිටින ජනප්‍රිය අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂට හෝ ශිරන්ති රාජපක්ෂට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද ලබාගත නොහැකිය. එම ඡන්ද පදනම තුළ ඔහුට ඇත්තේ මාරාන්තික විරෝධයකි. එසේම මේ රටෙහි සිවිල් සංවිධාන හා ජනතා විමුක්ති පෙරමුණට ගෝඨාභය සමග හෝ රාජපක්ෂවරු සමග එකම වේදිකාවක සිටගත නොහැකිය. මෙවැනි සන්දර්භයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සිංහල බෞද්ධ ඡන්ද පදනමින් 70%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත යුතු අතර, විපක්ෂයේ සිටින ජාතිකවාදී බලවේගවලට එය අසීරු ඉලක්කයකි. විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම පනහට-පනහ බෙදී සිටින අවස්ථාවක එම ඉලක්කයට ළඟාවීම යථාර්ථවාදී නොවේ.
එම නිසා මා හට කීමට ඇත්තේ 2020න් පසු මේ රටේ නැවතත් තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට ඉඩකඩ විවර වන අතර, එය එම පාක්ෂිකයන් අමන්දානන්දයට පත්කිරීමට හේතුවක් වනු ඇත.