මිල අධික පිළිකා ඖෂධ 10ක් ඇතුළු තවත් ඖෂධ වර්ග 13ක් සහ වෛද්‍ය උපකරණ 02ක මිල අඩු කරයි. මේ සතිඅන්තයේ අහන්නට ලැබුණු ජනතාවට හුස්ම ටිකක් ගන්න පුළුවන් ආකාරයේ හෙඩ් ලයින් ගිය ප්රවෘත්තියකි. ඒ වගේම ඊට පෙර අත්‍යවශ්‍ය ඖෂධ 48ක් මේ ආණ්ඩුවෙන් අඩු කළේය. අමාරුවෙන් හුස්ම ගන්න ජනතාවට මේ ආණ්ඩුවෙන් සහනයක් ලැබුණේ ඖෂධ මිල අඩු කිරීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ ඇතිවී තිබෙන සංවර්ධනයත් නිසාවෙනි.
ස්පාඤ්ඤයේ අයිරිෂ් සම්භවයක් ඇති ආජන්ටිනා පුංචි දරුවකු ඇස්ම රෝගයෙන් පීඩා වින්දේය. ඔහු හොඳින් අධ්‍යාපනය හදාරා වෛද්‍යවරයෙකු බවට පත්විය. ඔහු කොතරම් ඇස්මා රෝගයෙන් පීඩාවට පත්වූයේද යන්න කිවහොත් ලෝකයේම ඇස්මා තුරන් කිරීමට අවශ්‍යතාවක් ඔහුට ඇති විය. ඔහු කාල් මාක්ස්ගේ දර්ශනය කියවූයේය. සමාජය සුද්ද කරන්නට මාක්ස්වාදයෙන් හැකි බව ඔහු තේරුම් ගත්තේය. හැමෝටම එකම විදියට සලකන්නත්, ඒ වගේම සමාජ වටපිටාව නිවැරදි කර ගන්නත් අරගලයක් අවශ්‍ය බව ඔහු ප්රත්යක්ෂ කර ගත්තේය. ඒ ආකාරයෙන් සම අයිතීන් වෙනුවෙන් ඔහු අරගලයට එක් වූයේය. කියුබානු විප්ලවයට සෘජු දායකත්වය ලබා දුන් ඒ %ඇස්මා^ රෝගයෙන් පීඩා විඳි දරුවා වෙන කවුරුත් නොව අර්නස්ටෝ චේ ගුවේරාය. අද ලෝකයේ සෞඛ්‍ය අතින් ඉහළින්ම සිටින රටක් ලෙස කියුබාව නම් කළ හැකිය. ඒ චේ ගුවේරා, ෆිදෙල් ක්රස්ත්රෝලාගේ අරගලවල ප්‍රතිඵල ලෙසය. ඒ වගේම වාමාංශික පන්නරය නිසාය
සේනක බිබිලේ ප්‍රතිපත්තිය දශක 04ක් තිස්සේ තිබුණේ හමස් පෙට්ටියේය. සේනක බිබිලේ ප්‍රතිපත්තියේ මුඛ්‍යතම කරුණු 03ක් අන්තර්ගතව තිබිණි. ඒ අපේ රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කර ගැනීමයි. රාජ්‍ය යාන්ත්‍රණය හරහා ඖෂධ බෙදා හැරීම සහ ඖෂධ මිල පහළ හෙළීමයි. අද වන විට සේනක බිබිලේ ප්‍රතිපත්තියට අනුව සෞඛ්‍ය ක්ෂේත්රය ක්‍රියාත්මක වන බව දකින්නට ඇත.
අවුරුදු 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක කර ගැනීමට බැරිව සිටි සේනක බිබිලේ ප්‍රතිපත්තිය බය නැතිව ඉස්සරහට ගෙනාවේ රාජිතය. රාජිත ඖෂධ සමාගම්වලට, විදේශීය රටවල ගැටවලට හසු නොවී කොහොමහරි ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේය. ඒ රාජිතට වාමාංශික ව්‍යාපාරයෙන් ලැබුණු පන්නරය වන්නට පුළුවන. මේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට දැනෙන්නට කරනු හොඳම දේ එය බව කියන්නේ වෙන කවුරුත් නොව මිනිස්සුන්ය.
ඖෂධ මිල අඩු කරපු නිසා අද මිනිස්සුන්ට තුන්වේලට හොඳ ඖෂධ මිලදී ගන්නට පුළුවන්ය. ඔසුසැලට ආපු රෝගියෙක් කිව්ව කතාවක් තාම මට මතකය. &මහත්තයෝ වෙනදා මගේ බෙහෙත්වලට රුපියල් 8,000ක් විතර යනවා. දැන් යන්නේ රුපියල් 2,000ක් විතර. දැන් මම ඉල්ලන්නේ හොඳම ඒවගෙන් දෙන්න කියලා. ඇත්තටම ඖෂධ මිල අඩු කරපු එකම පිනක්.*
බෙහෙත් මිල අඩු වුණා කියන එක දැනෙන්නේ කලින් බෙහෙත් ගත්ත කෙනාටය. ඒ නිසා මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕනෑය. එදා ප්‍රේමදාසගේ ගම් උදාව ඈත පළාතක තිබ්බත් කොළඹ පෝස්ටර් එක වදින්නේය.
ප්‍රචාරණය කියන එක නගරයෙන් ගමට මිසක් ගමින් නගරයට එන්නේ නැත. ඒ නිසා හරි ප්‍රචාරණයක් කළොත් ආණ්ඩුවට හොඳය. ප්‍රචාරණය නැති නිසා ආණ්ඩුව කරපු හොඳ වැඩක්වත් මිනිස්සු අතරට ගිහින් නැත. ප්‍රචාරණයට අවශ්‍ය පුද්ගලයන් තෝරා ගන්නට ආණ්ඩුවට හැකියාවක් නැත. ඇමතිලා ළඟ සිටින එහෙයි කියාගෙන ඉන්න අයට ප්‍රචාරණය කරන්නට දීමෙන් වැඩක් නැත. හරි විදිහට හොඳ පුද්ගලයන් තෝරාගෙන පබ්ලිසිටි දුන්නොත් අමාරුවෙන් හුස්ම ගන්න ආණ්ඩුවට ඔක්සිජන් ටිකක් ලැබෙනු ඇත. රාජිතලා මෙහෙම බෙහෙත් මිල අඩු කළාට බහුතරයක් ආණ්ඩුවේ ඉන්න ඇමතිලා කරන කෙංගෙඩියක් නැත. ඇත්තම කිව්වොත් හරි හමන් වැඩක් කළා නම් රාජිත, අකිල, මංගල කියා කෙළින්ම කිව්වොත් වැරදි නැත.
මොන වැඩේ කළත් අන්තිමේදී ආණ්ඩුවේ අනිත් කට්ටිය මේ අය කරපු හොඳ දේටත් ගොම එකතු කරන බව නම් කියන්නටම ඕනෑය. ඊයේ පෙරේදා කුරුණෑගල මන්ත්‍රීවරයෙක් නඩුව අහනතුරු රිමාන්ඩ් කළේය. අධිකරණයෙන් දීපු තීන්දුව ගැන කිසිදු විවේචනයක් නැත. හැබැයි පැමිණිලිකාර පාර්ශ්වය උසාවියට කියන්නේ තව දුරටත් ලේඛන පරීක්ෂා කිරීමට අවශ්‍ය නිසා නඩුව කල් දාන ලෙසය. &අවුරුදු 03ක් තිස්සේ මොවුන් ලේඛනවත් හරියට පරීක්ෂා කරන්නේ නැද්ද? නඩු පවරන්නේ, ඇතුළට දාන්නේ මොකක් හරි රැලියක් උද්ඝෝෂණයක් තියෙන කොට විතරද* මේ ජනතාව අහන ප්රශ්නය.
නීතිය ක්‍රියාත්මක වනවා නම් , ක්‍රියාත්මක කරනවා නම් එය කළ යුත්තේ නිසි සූදානමකින් ප්රජාතන්ත්රවාදී ලෙස හා වඩාත් පාරදෘශ්‍ය ලෙස බව අමතක කළ යුතු නැත. ප්රජාතන්ත්රවාදය පිහිටුවීමට ආපු ආණ්ඩුව, නීතිය ක්‍රියාත්මක කරන්නට ආපු ආණ්ඩුව අවුරුදු තුනක් තිස්සේ ලේඛනයක්වත් පරීක්ෂා කරන්නේ නැතිව සූදානම් නොවී කටයුතු කරනවා නම් එය ආණ්ඩුවේ සෞඛ්‍යයට නම් හොඳ වන්නේ නැත. ආණ්ඩුව කරපු හොඳ වැඩවලට පබ්ලිසිටි නැති වුණාට ආණ්ඩුව කරන්නේ විපක්ෂයට පබ්ලිසිටි හදාදීමය.
රාජිතලා, අකිලලා, මංගලලා, කරන හොඳ වැඩ ඉස්සරහට ගෙන යාම මේ ආණ්ඩුවේ වගකීමය. සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් කරපු දේම මේ ආණ්ඩුව ඉස්සරහට ගෙන යන්න හොඳටම ඇතිය. සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ සංවර්ධනය සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාකරවීම හා රාජිත හින්දා ජනතාවගේ සෞඛ්‍ය හොඳය. හැබැයි ආණ්ඩුව කරන සමහර වැඩ නිසා ආණ්ඩුවේ සෞඛ්‍ය නම් පොඩ්ඩක් පිරිහිලාය.
ඒ නිසා කළ යුත්තේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට විතරක් නොවේ ජනතාවට දැනෙන ක්ෂේත්රවලත් වැඩක් කිරීමය. ආණ්ඩුවේ සෞඛ්‍ය හදාගත යුත්තේ එහෙමය.