පසුගිය 2015 වර්ෂයේ සහ 2020 වර්ෂයන්හී පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණ සඳහා ඉදිරිපත් වූ සියලුම පක්ෂවල අපේක්ෂකයන්ගෙන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශකොට, මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් සංඛ්‍යාව සියයට 35කටත් අඩු බව, තොරතුරු දැනගැනීමේ පනත මගින් මැතිවරණ කොමිෂන් සභාව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ.
මේ ආකාරයෙන් 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු පක්ෂ අපේක්ෂකයන් අතරින් තම වත්කම් හා බැරකම් ලබාදී ඇත්තේ 35%ක් වන අතර, එය 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී සියයට 29%ක් දක්වා අඩුවීමක්ද සිදුවී ඇති බව එම තොරතුරු මගින් අනාවරණය වේ.
1988 අංක74 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ (සංශෝධිත) පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ විධි විධානවලට අනුව ඔහු හෝ ඇය නාමයෝජනා කරන දිනයේදී හෝ මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වූ පසුව, පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිලධාරීවරයාට හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතුය.
එමෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී 2020 අගෝස්තු මස 12වන දින එකල සිටි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් හට නාමයෝජනා කාලසීමාවේදී හා ඡන්ද විමසීම් දිනට පෙර ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත් වී ඇති සියලුම දෙනා තම වත්කම් හා බැරකම් ලබාදීමට කටයුතු කරන ලෙස නිවේදන අංක 96 යටතේ 2020 අගෝස්තු මස 12 දිනැති ලිපියක් මගින්ද දන්වා තිබේ.
කෙසේ නමුත් 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ 35ක අපේක්ෂකයන් 9170ක් ඉදිරිපත්වී ඇති අතර, ඉන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ 3281 දෙනෙකු පමණි. එය ප්‍රතිශතයක් ලෙස 35%කි.
එමෙන්ම 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්වූ සමස්ත පක්ෂවලින් ප්‍රධාන දේශපාලන පක්ෂ 10ක් තෝරා ගනිමින් කළ විමර්ශනයේදී අනාවරණය වූයේ ඒ අතරින් ඉදිරිපත්වූ අපේක්ෂකයන් 2620දෙනෙකුගෙන් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 1519දෙනෙකු පමණක් බවය. එය ප්‍රතිශයක් ලෙස 57෴ක් වේ.
එමෙන්ම 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ 40ක අපේක්ෂකයන් 10480ක් ඉදිරිපත් වී ඇති අතර, ඉන් වත්කම් හා බැරකම් ඉදිරිපත් කර තිබෙන්නේ 3097 දෙනෙකු පමණි. එය ප්‍රතිශතයක් ලෙස 29%කි.
ඒ අතරින් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූ සමස්ත පක්ෂවලින් ප්‍රධාන දේශපාලන පක්ෂ 11ක් තෝරා ගනිමින් කළ විමර්ශනයේදී අනාවරණය වූයේ ඒ අතරින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 2882කින් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 1638 දෙනෙකු පමණක් බවය. එය ප්‍රතිශතයක් ලෙස 56෴ක් වේ.
මෙම දත්ත විශ්ලේෂණයේදී තහවුරු වන්නේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව 2020 වර්ෂයේදී තම වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තවත් සියයට 65%කින් පමණ අඩු වී ඇති බවයි.
කෙසේ නමුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් සම්බන්ධයෙන් ගෙන තිබෙන නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ) රසික පීරිස් මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරික්ෂා කිරීමකින් තොරව ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.
&නෛතික කාරණයක් ලෙස මෙය එළියට ගන්න එක විතරක් සිදුකරලා වැඩක් නෑ. මොකද අපේක්ෂකයෝ සීමිත නම් අපිට මේක ඉක්මනින් කරන්න පුළුවන්. නමුත් අපේක්ෂකයන් සංඛ්‍යාව අසීමිත වීම තුළ මේක අපහසු වෙලා තියෙන්නේ සමහර වෙලාවට දිස්ත්‍රික්ක අපේක්ෂකයෝ ගණනට වඩා ඒ පක්ෂය ගත්ත ඡන්ද ගණන අඩුයි. ඇතැම්විට අපේක්ෂකයෝ 25යි, ඡන්ද පහළොවයි. ඒ වගේ ක්‍රියාකරන දේශපාලන පක්ෂ සහ සංවිධානත් එක්ක තමයි අපි මේ වැඩ කරන්නේ. මේ නිසා තමයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙන්නේ ඇප මුදල් වැඩි කරන්න
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තරගකාරී විකල්පයක්. තරගකාරී විකල්පයක තියෙන්න ඕනේ තරගකාරීත්වය තුළින්, ඉල්ලන කෙනාට තමන්ට සාධාරණව ඡන්ද ගන්න පුළුවන්. යැයි අවධාරණය කළේය.
වරප්‍රසාද ගන්නත් පක්ෂ පිහිටුවනවා
විශේෂයෙන්ම වත්කම්, බැරකම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉහත සංඛ්‍යා ලේඛන පරික්ෂා කිරීමේදී පැහැදිලිව අනාවරණය වන දෙයක් වන්නේ ප්‍රධාන වශයෙන් තරගයේ ඉන්න පක්ෂවල පිරිස් පමණක් විශේෂයෙන්ම වත්කම් හා බැරකම් ඉදිරිපත් කර තිබෙන බවයි. අනෙකුත් බොහෝ පක්ෂ සිදුකරන්නේ ප්‍රධාන පක්ෂය වෙනුවෙන්ම වෙනත් පක්ෂ යොදා ගනිමින් අනුරුවක් ලෙස පෙනී සිටීමය. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ යම් අයුරකින් තම ප්‍රධාන පක්ෂය ප්‍රතික්ෂේප වූ අවස්ථාවන්හී ඒ වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත තම නියෝජිතයන් පත්කර ගැනීම වේ.
2018 පෙබරවාරි මස 10වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමත් සමග 'මෝටර් සයිකලය' ලකුණින් මහරගම නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම සිය දේශපාලන අරමුණ වෙනුවෙන් එකඟ කරවා ගන්නට පොදුජන පෙරමුණ කටයුතු කිරීම එක් නිදසුනකි.
පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී මැතිවරණ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කරමින් ගමන් ගත් වාහන කිහිපයක් පරික්ෂා කිරීමේදී ආදාළ වාහනවල ගමන් ගත් අයෙකු කියා සිටියේ තමන් පක්ෂයක අපේක්ෂකයෙකු බවයි. නමුත් ඔහු ප්‍රදර්ශනය කරමින් සිටියේ වෙනත් ප්‍රධාන පක්ෂයකට අයත් ප්‍රචාරක පුවරුය. එය ඉහත කාරණාවට කදිම නිදසුනකි.
එමෙන්ම විවිධ ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් පක්ෂ පිහිටුවා ගනිමින් මේ ආකාරයෙන් පෙනී සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ.
සමහර වෙලාවට නොමිලේ මාධ්‍ය තුළ කතා කිරීමට අවස්ථාවද ඔවුන්ට ලබාදෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පෙනී සිටිමින් විවිධ වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටින අයද ඉන්නවා. සමහර අය තමන් පක්ෂයක අපේක්ෂකයෙකු බව වත් දන්නෙ නෑ. ලංකාවේ දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සිතූපැතූ සම්පත් දෙන අෂ්ඨඵල රුකක් වගේ දෙයක්. සමහර පක්ෂවල ඉන්න අය ත්‍රීවිල් එකකට පුරවන්න පුළුවන්. මේ ගොල්ලන්ගේ අරමුණ රාජතාන්ත්‍රික වශයෙන් වරප්‍රසාද ලබාගැනීම. පමණක් වෙලාවට ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ප්‍රාදේශීය සභාවෙන් ඊළඟ ඡන්දයෙන් දිනන්න. යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පෙන්වා දෙයි.
සිදුවන මුදල් නාස්තිය
මේ ආකාරයෙන් වැඩි වශයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් වීම තුළ ඒ වැඩි වන ප්‍රමාණය අනුව දිස්ත්‍රික්කයක ඡන්ද පත්‍රිකාවක කඩදාසි ප්‍රමාණය වැඩි කිරීමටද සිදු වේ. එමෙන්ම සෑම ඡන්දදායකයෙකුගේම නිවසකට ඒ අයගේ නම් ඇතුළත් කර පත්‍රිකාවක් යැවිය යුතු අතර, එහි ප්‍රමාණයද වැඩි කළයුතු වේ. ඊට පරිබාහිරව ඒ ඒ අපේක්ෂකයන්ට ලබාදිය යුතු පහසුකම් වෙනුවෙන්ද ඡන්දය ගණන් කරන තෙක් ලබාදිය යුතු වේ. ඒ සඳහා ඔවුන්ගේ මුදල් නාස්ති නොවන අතර, එය මහජනතාවගෙන් රජය අයකරන බදු මුදල්වලින් වැය කිරීම සිදුවේ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක
ශ්‍රී ලංකාවේ 1977 පසුව පැවැති සෑම මැතිවරණයකදීම මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීම සාමාන්‍යයෙන් 70%, 605 ප්‍රතිශතයක තිබුණා. නමුත් වර්තමානයේ 2010න් පසුව තමයි මේ වගේ අවම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ. මේකට බලපාන ප්‍රධානතම හේතුව තමයි ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය යාවත්කාලීන නොවීම. එමෙන්ම වත්කම් බැරකම් ලබාදුන්නා යැයි ඔවුන්ට සමාජයෙන් ලැබෙන ප්‍රතිලාභයකුත් නෑ. ඔවුන් නීතියට අවනත වීම පමණයි සිදුවෙලා තියෙන්නේ. අඩුම ගානේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව මේ ගැන ප්‍රචලිත කරන්නේ නෑ. එහෙම කරනවා නම් නොදුන්නා අයට යම් දිරියක් ලැබෙනවා දෙන්න. ඒ වගේම දුන්න අයටත් යම් ගෞරවයක් ලැබෙන්න ඕන.
නීති වෙනස් විය යුතුයි
ඒ වගේම ලංකාවේ වත්කම් හා බැරකම් නොදුන්නාය කියා සමාජයට වන අවගමනයක් හෝ පාඩුවක් හෝ කිසිම කරුණක් නෑ. මොකද ලංකාවේ මේක අරගෙන මැතිවරණ කොමිසමේ පෙට්ටගමක දානවා. අඩුම ගානේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයවත් මේක නිරීක්ෂණයකට ලක්කරන්නේ නෑ. එහෙම බලයක් නැහැ. යම් පුරවන කඩදාසියක් කිසිදු නියාමනයකට, කිසිදු බලපෑමකට හසු නොවන සේ පෙට්ටගමක දමලා ඉඩ අහුරා ගන්නවට වඩා මෙය නොගෙන සිටීම හොඳයි.
යම් හෙයකින් ලබාගන්නා මේ වත්කම් බැරකම් ජනගත කිරීමට නීතිය හදන තෙක් ඔය ලබාදෙන 29෴ පවා ලබාදෙන එක කාලය නාස්ති කිරීමක් කියලයි මම හිතන්නේ. මේක නතර කරන්න ඕන නම් ලංකාවේ මැතිවරණ නීතිය යාවත්කාලීන කරන්න ඕන වගේම ඇප මුදල වැඩි කරන්න ඕන. මොකද ඇප මුදල් වැඩි කරන්නේ නැති නිසා ලොකු පක්ෂ සඳහා රුකුල් දෙන්න පොඩි පක්ෂ නම් කරනවා. බොහෝ අවස්ථාවන්හී ජනාධිපතිවරණය වැනි මැතිවරණ තුළදී මේ අටවා ගන්න පක්ෂ තමන්ගේ පක්ෂයම විකුණනවා රුපියල් කෝටි 10කට 12කට. මේ නීති වෙනස් වෙන්න ඕන කියල අපි මැතිවරණ සංවිධාන වශයෙන් ඉල්ලීම්ද කරලා තියෙනවා.* යැයිද හෙතෙම අවධාරණය කළේය.