චීනය ලොව දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වෙත දක්වන සංවර්ධන සහයෝගිතාවන් හුදෙක් උගුල් පමණක්ම බවට ඇතැමුන් හඳුන්වා දෙයි. විශේෂයෙන්ම සංවර්ධනය වූ බටහිර රාජ්‍යයන් මෙන්ම ඔවුනගේ මාධ්‍යයන්ද මෙම මතය ඉදිරිපත් කරයි. එය තහවුරු කිරීම සඳහාද බොහෝ කාරණා ගෙන හැර දක්වමින් සිටියි.
කෙසේ වෙතත් මෙම අදහස ප්‍රතික්ෂේප කරන එම සංවර්ධන සහයෝගිතාවන් හරහා ප්රතිලාභ ලබා ගත් රාජ්‍යයන්, චීනයේ මෙම සහයෝගිතාව සිය රාජ්‍යයන්හි ආර්ථික වර්ධනය වෙත ලබාදුන් දායකත්වය යළි යළිත් සිහිපත් කරයි.
“අපි චීනයේ සංවර්ධන සහෝගිතාව ගැන කතා කළොත්, බටහිර රටවලින් ලැබෙන සහයෝගිතාව හා සැසඳීමෙම්දී කැපී පෙනෙන වෙනස්කම් තිබෙනවා. මොකද මේ සහයෝගිතාවන් ලැබෙන්නේ ඒ හා සම්බන්ධ වූ තවත් නූල් කිහිපයක්ද සමගයි. ඒත් චීන සංවර්ධන සහයෝගිතාව කිසිදු විටෙකත් උපායමාර්ගික හෝ තාවකාලික හෝ ගනුදෙනුවක් නොවෙයි.“ එලෙස පවසන්නේ පාකිස්තාන සෙනෙට් ආරක්ෂක කමිටුවේ හිටපු සභාපති මුෂාහිඩ් හුසෙන් සායේද්ය.
“මේ සංවර්ධන සහයෝගිතාවන් පිටුපසින් ඒ හා සම්බන්ධ වූ වෙනත් අභිමතාර්ථයන් නොවීම එහි විශේෂත්වයයි. කිසිදු කොන්දේසියක් එහි නැහැ, පූර්වකල්පිත සංකල්පයක් එහි නැහැ, ඒ පිළිබඳව තීරණය කරන්න දෙන්නේ ජනතාවටයි.“ ඔහු වැඩිදුරටත් පවසයි.
සැම්බියාවද චීනයේ මෙම සංවර්ධන සහයෝගිතාවය හිමි වුණු අප්‍රිකානු රටකි. එරට වෙත චීනය ලබාදුන් මෙම සංවර්ධන සහයෝගිතාව පිළිබඳ අදහස් දක්වන සැම්බියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හැරී කැමබෝනි, අප්‍රිකානු රාජ්‍යයන්හි සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් දායකත්වයේදී චීනයේ භූමිකාව තීරණාත්මක බව සඳහන් කරයි.
විශේෂයෙන්ම මෙම සහයෝගිතාව යටිතලපහසුකම් සංවර්ධනය, විවිධ ක්ෂේත්‍ර තුළ ආයෝජනය මෙන්ම දේශීය හැකියාවන් වැඩිදියුණු කිරීම යනාදියද වන බව ඔහු වැඩිදුරටත පෙන්වා දෙයි.
“චීනයෙන් ලැබෙන මෙම සංවර්ධන සහයෝගිතාව, බටහිරින් ලැබෙන කොන්දේසි සහිත වූ ආධාර වගේ නොවෙයි, එය අනෙක් පාර්ශ්වය වෙත ගරුකරමින්, කිසිදු බලපෑමකින් තොරව ලබාදෙන සහයෝගිතාවක්“ ඔහු සඳහන් කරයි.
විශේෂයෙන්ම චීනයෙන් ලැබෙන මෙම සංවර්ධන සහයෝගිතාව මගින් ගෝලීය දේශගුණික විපර්යාස අභියෝගයන්ටද පිළිතුරු ලබාදෙන බව ආර්ජන්ටිනාවේ කාර්ලෝස් ෆෙරේයිරා පවසයි. ඔහු ගෝලීය පාලනය පිළිබඳ විශේෂඥයෙකු වන අතර, දේශගුණික විපරයාස පිලිබඳ ක්රියාකාරිකයෙකුද වෙයි.
“විශේෂයෙන්ම චීනය පුනර්ජනනීය බලශක්තිය සහ පරිසර හිතකාමී හරිත තාක්ෂණය වෙත සිදුකරන කැපී පෙනෙන ආයෝජන මගින් තිරසාර සංවර්ධනය සඳහා වන චීනයේ දායකත්වය පෙන්නුම් කරනවා. එය හුදෙක් දේශගුණික විපර්යාස අභියෝගන්ට එරෙහිව සටන් වැදීමම පමණක් නෙවෙයි පාරිසරික වගකීම්සහගත බව සහිත සංවර්ධන ක්‍රමවේද පිළිබඳව ගෝලීය ප්‍රමිතියක්ද ඇති කරනවා.“ යනුවෙන්ද ඔහු පවසා සිටියි.
ඒ අනුව චීනයේ මෙම මුල පිරීම් අනෙකුත් රාජ්‍යයන් වෙතද ආදර්ශනයක් ලෙස අනුගමනය කළ හැකි බවද කාර්ලෝස් ෆෙරේයිරා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ආසියා පැසිපික් කලාපය සඳහා වන චීනයේ තීරයක් සහ මාවතක් වැඩසටහන් සාමූහිකයේ (BRICAP) ජ්‍යෙෂ්ට සාමාජිකයෙකු වන ජෝන් පෙන්ග් අදහස් දක්වමින්, මෙම තීරයක් සහ මාවතක් (BRI) වැඩසටහන ගෝලීය ආර්ථික සම්බන්ධතාව සඳහා උපායමාර්ගික වැදගත්කමක් දක්වන අවස්ථාවක් බව පවසා සිටියි.