OVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් චීනය තුළ සිදුවුණු මරණ සංඛ්‍යාව එරට රජය විසින් වාර්තා කරන සංඛ්‍යාවට වඩා වැඩි බවට පළවන ආන්දෝලනාත්මක ප්‍රකාශ යළිත් වරක් අසත්‍ය බවට ඔප්පු වී ඇතැයි චීන මාධ්‍ය පවසයි. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ එක්සත් ජනපදයේ ඩලස්හි ෆෙඩරල් සංචිත බැංකුවේ විශේෂඥයන් එක්ව සිදුකළ අධ්‍යයනයක තොරතුරු වාර්තා කරමින් ඔවුන් මේ කරුණු අනාවරණය කරයි.
ඒ අනුව චීනය තුළ COVID-19 නිසා සිදුවුණු මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සහ ඉතාලිය තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව හා සමාන බවත්, එහි කිසිදු සංඛ්‍යා විකෘතියක් සිදුව නොමැති බවත් මෙම වාර්තාව පවසන බව චීන මාධ්‍ය එහි කොටස් උපුටා දක්වමින් පවසා සිටියි.
"චීනය විසින් ස්ථිර කළ ආසාදිතයන් සංඛ්‍යාව මෙම වසංගතය සම්බන්ධයෙන් වන බෙන්ෆෝර්ඩ්ස්ගේ නියමයේ සඳහන් විදියමයි. ඒ වගේම එය එක්සත් ජනපදයේ සහ ඉතාලියේ දුටු අවස්ථාවන් හා ඉතාමත් සමානයි. ඒ නිසා මෙතැනදී කිසිම විදියකට සංඛ්‍යා අගයන් විකෘති කළ බවට සාක්ෂියක් නැහැ." මෙම අධ්‍යයනය වාර්තාව තුළ සඳහන්ව තිබේ.
මෙම වාර්තාව මේ වනවිට Social Science Research Network (SSRN)හි විවරණය කෙරෙමින් පවතින අතර https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3586413 යන්න හරහා එය ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාවද පවතී.
ඒ අනුව සමස්ත ලෝකයේම සිටින ප්‍රතිපත්ති සම්පාදකයන් චීනයේ මෙම දත්ත පිළිබඳව විශ්වාසය තැබිය යුතු බව මෙම අධ්‍යයනයේ කතුවරුන් වන ක්‍රිස්ටොෆර් කොච් සහ කෙන් ඔකමුරා යන දෙපළ පවසති. මෙහිදී තමන් චීනය හෙළිදරව් කළ සංඛ්‍යා අගයන් පිළිබඳ විමර්ශනය සඳහා බෙන්ෆෝර්ගේ නියමය භාවිතා කළ බවද ඔවුන් සඳහන් කරයි.
පළමු-අංකිත නීතිය යනුවෙන්ද හැඳින්වෙන මෙම බෙන්ෆෝර්ඩ්ගේ නියමය මගින් පෙන්වා දෙන ආකාරයට, මිනිසාගේ කිසිදු වෙනස් කිරීමකට බඳුන් නොවූ යම් ස්වාභාවික දත්ත කට්ටලයකදී, පළමුව වාර්තා වන අගයන් ඉතාමත් සුළු වශයෙන් වාර්තා වීමේ හැකියාවක් පවතින බව සඳහන් වෙයි.
"මෙම නියමය අද වනවිට වැඩි වශයෙන්ම ආර්ථික විද්‍යාවේ සහ ගිණුම්කරණය තුළදී භාවිතා වෙනවා. ඒ හරහා දත්ත එක්රැස් කිරීමේදී සිදුවන වංචාවන් ඉතාමත් පහසුවෙන්ම හඳුනාගන්න පුළුවන්." මෙම පර්යේෂණ වාර්තාව සඳහන් කරයි.
මෙහිදී ක්‍රිස්ටොෆර් කොච් සහ කෙන් ඔකමුරා සිය අධ්‍යයනය සඳහා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස පර්යේෂණ මධ්‍යස්ථානය මගින් නිකුත් කළ දත්ත යොදා ගෙන ඇත. මෙම දත්ත ආරම්භයේ සිටම නොමිලේ ලබා ගත හැකි ලෙස අන්තර්ජාලය තුළ පැවතුණි. අනතුරුව ඔවුන් මෙම සංඛ්‍යා දත්ත එක්සත් ජනපදයේ සහ ඉතාලියේ වාර්තා වූ කොරෝනා සිදුවීම් පිළිබඳ සංඛ්‍ය දත්ත හා සසඳා තිබේ. ඒ අනුව බෙන්ෆෝර්ඩ්ගේ නියමයට අනුව මෙම තෙවැදෑරුම් දත්ත කට්ටල එකිනෙකට ගැළපෙන බව ඔවුන් හඳුනාගෙන තිබේ.
මේ අතර චීනය ලබා දී ඇති ෙමම දත්ත ලොව පුරා රටවල් වෙත නිවසේ රැඳී සිටීමේ නියෝග යම් තරමකින් හෝ ලිහිල් කිරීම සඳහා භාවිත කළ හැකි බවත් මෙම අධ්‍යයනය කරුණු දක්වා තිබේ. විශේෂයෙන්ම එක්සත් ජනපදයත් යුරෝපයත් තුළ මෙම නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඇරඹීමට සති කිහිපයකට පෙරාතුව ඒ පිළිබඳව වාර්තා වූ රටක් ලෙස චීනය හඳුනාගැනීම ඊට හේතුවයි.
"චීනය සිදු කළ බව පැවසුණු මේ මරණ පිළිබඳ තොරතුරු වසන් කිරීම් ගැන අදහස පසුගිය කාලසීමාවේදී ඉතාමත් ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වුණා. එතැනදී ට්විටර් සමාජ මාධ්‍ය තුළදී #ChinaLiedPeopleDied යනුවෙන්ද සඳහන් කෙරුණා. මේ පිළිබඳ විශ්වාස කළ පිරිස් චීනයට දැඩි ලෙස දෝෂාරෝපණය කරන්නත් වුණා." චීන මාධ්‍ය පවසයි.
එසේම ඇතැම් වාර්තා තුළ චීන රජයෙන් හෙළිදරව්වුණු රහසිගත වාර්තා පදනම් කරගනිමින් මෙවැනි චෝදනා ඉදිරිපත් කළ බවත්, එහෙත් එම කරුණු ඔප්පු කළ හැකි කිසිදු ඡායාරූපයක් හෝ තොරතුරක් අනාවරණය කිරීමට හෝ එම චෝදනා ඉදිරිපත් කළ පිරිස සතුව නොවූ බවත් චීන මාධ්‍ය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.