20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය දක්වමින් සිටියි. මෙලෙස ආණ්ඩු පක්ෂ ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයන්ට විපක්ෂය විරුද්ධ වීම අරුමයක් නොවේ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරය දෑරූ සමයේ එවැනි විරෝධතාවයන්ගේ උච්චතම අවස්ථාවක් දැකගන්නට හැකි විය. ඒ එවක ගෙනා ව්‍යවස්ථා කෙටුම්පතට සභා ගර්භයේදී ගිනි තැබීමයි. එයට දායක වූ එවක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක හෙවත් ඩී.එම් බණ්ඩාරනායක හිටපු ඇමතිවරයා සමග මෙලෙස අතීත ආවර්ජනයක යෙදුෙණමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ හෙතෙම වර්තමානයේ යාපහුව දළදාගම ප්‍රදේශයේ වාසය කරයි.
භීෂණ කාලයක දේශපාලනයට ආවා
මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වුණේ 1989 අවුරුද්දේදී. ඒ මොකද 1988 අවුරුද්දේ ජනාධිපතිවරණය තිබුණා. ඒ ජනාධිපතිවරණ කාලසීමාවේදී රට බොහොම අර්බුදකාරී තත්ත්වයක තිබුණේ. මොකද ජනතා විමුක්ති පෙරමුණ කලබල ඇති කරන තත්ත්වයක් මතු වුණා. විශාල වශයෙන් මිනිස්සු මැරුණා. මේ කාලය තුළ යාපහුව මැතිවරණ කොට්ඨාසය තුළ 58ක් මැරුවා. ඒ අවස්ථාව වෙද්දි අපිට හිටපු එස්.බී. අබේරත්න ඇමතිතුමා රට දාල ගියා. එතුමා ඇමතිකමෙන් ඉල්ලා අස්වීම එව්වෙ ඒ රටේ ඉඳලා. ඇමතිතුමා ගියාට පස්සේ මේ මැතිවරණ කොට්ඨාසය අකර්මණ්‍ය වුණා. මිනිස්සුන්ට විශ්වාසය නැති වුණා. වැඩ කරගන්න කවුරුත් හිටියේ නැහැ. ක්‍රියාකාරී උදවිය හැටියට මේ වැඩපිළිවෙළේ හිටියේ අපි කිහිපදෙනෙක් පමණයි. ඒ කාලේ පක්ෂයේ දිස්ත්‍රික් මධ්‍ය සංවිධානයේ භාණ්ඩාගාරිකවරයා ලෙස සහ කඩුගන්නාව කෝරල බලමණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ මම. මේ සිද්ධියත් එක්ක අපි මොකද දැන් කරන්නේ කියලා අපි කිහිපදෙනා සාකච්ඡා කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට කරන්න පුළුවන් ඕනෑම උදව්වක් කරන්න අපි තීරණය කළා. එහෙම කිව්වට අපිට එළියට බහින්නවත් පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. කොළඹින් ඇවිත් තමයි පෝස්ටරයක් පවා ගහලා ගියේ. රැස්වීම් තියන්න වේදිකාව හැදුවෙත් කොළඹින් ඇවිත්. අඩුම වශයෙන් අපිට ඡන්දපොළ නියෝජිතයෙක්වත් පත්කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
ඒ වෙනකොට ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා වයඹ මහඇමතිතුමා. එතුමාට අපිව හමුවෙන්න අවශ්‍යයි කියලා කිහිපදෙනෙකුට පණිඩුඩයක් එවලා තිබුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී මුදියන්සේ රත්නායක මහතාගේ නිවසේ හමුවෙන්න අපි තීරණය කළා. එහෙම වෙලාව දාගෙන අපි රැස්වීමට ගියාම මුදියන්සේ රත්නායක මහත්තයට අමතරව මම විතරයි හිටියේ. පසුව ජයවික්‍රම පෙරේරා මහ ඇමතිතුමාගේ වාහනේ ඉල්ලගෙන ගිහින් කිහිපදෙනෙක් එකතු කරගෙන ආවා. ඒ සාකච්ඡාවෙන් පසුව අපේ ආසනයේ කෙනෙක් සංවිධායක ලෙස පත්කරගන්න තීරණය කරගත්තා. මේ ගැන අගමැති ප්‍රේමදාස මහත්තයගෙ එකඟතාවයක් අරගෙන නැවත ජයවික්‍රම පෙරේරා මහත්තයා ආවා. ඒ පොරොන්දුව අනුව අපි ජනාධිපතිවරණයට උපරිමයෙන් කැපවෙලා වැඩ කළා. එහෙම වැඩ කළත් යාපහුව මැතිවරණ කොට්ඨාසය ඡන්ද 700න් පරාද වුණා. නමුත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති ලෙස පත්වුණා. ඊට පස්සේ යාපහුව සංවිධායක ලෙස ජනාධිපතිතුමාව මාව පත් කළා.* යැයි බණ්ඩාරනායක මහතා දේශපාලනයට පැමිණි ආකාරය විස්තර කළේය.
1989 පැවති මහ මැතිවරණය ප්‍රථම සමානුපාතික මැතිවරණය වන අතර, එහිදී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2,838,005ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 125ක් දිනාගැනීමට හැකි විය. (ආසන 110 + ජාතික ලැයිස්තු 15) බණ්ඩාරනායක මහතාද එවර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් විය.
යාපහුවේ මන්ත්‍රී ලෙස පත්වීම
මහ මැතිවරණයට මම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යාපහුව නියෝජනය කරමින් ඉදිරිපත් වුණා. මහ මැතිවරණය තිබ්බේ 1989 පෙබරවාරි 15දා. ඒ මැතිවරණයෙන් ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මාව තේරී පත්වුණා. ඒ අනුව මම මන්ත්‍රී ධුරයේ කටයුතු කළා. මගේ කාලසීමාව තුළ විශාල වශයෙන් මිනිස්සුන්ට සේවය කරන්න මම මැදිහත් වුණා.
ඒ කාලේ මිනිස්සු විශාල වශයෙන් බලාපොරොත්තු වුණේ විදුලිය ලබාගැනීම වගේ දේවල්. එවැනි කටයුතු කරන අතරේ රටේ සාමය ස්ථාපිත කරන්න ලොකු කාලයක් ගත කළා. ඉන් පසුව විදුලිය ලබාදීම්, වාරිමාර්ග කටයුතු දියුණු කිරීම්, පාසල් පද්ධතිය ස්ථාපිත කිරීම ආදී කටයුතු සිදුකළා.
නැවත 1994 මහ මැතිවරණය පැවැත්වුණා. ඒ වෙනකොට ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවිතක්ෂයට පත්වෙලා. (1993 මැයි 1 දින ජනාධිපති ආර්. ෙප්‍ර්මදාස මහතා කොළඹදී පැවති මැයි දින රැලියේදී ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ඝාතනය කරන ලදී) ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ විශාල පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්වෙලා තිබුණා. මේ නිසා ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසුව ඩී.බී විජේතුංග මහත්තයා ජනාධිපති ලෙසත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ලෙසත් පත්වෙනවා. ඔවුන්ගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට අපි ඉදිරිපත් වුණා. එවර මහ මැතිවරණයේදී අපිට ආණ්ඩුව පිහිටුවන්න බැරි වුණා. (වසර 17ක් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳදමමින් 1994 අගෝස්තු 16දා පැවති මහ මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්විය.) අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට කටයුතු කළා. නැවත වතාවක් 2000 සහ 2001 මැතිවරණ පැවැත්වුවා. 2001 පැවති මහ මැතිවරණය අපි ජයග්‍රහණය කළා.
අවුරුද්දක්වත් ඒ ඇමති ධුරයේ ඉන්න ලැබුණේ නැහැ
2001 මැතිවරණයේදී අපි ආණ්ඩුව පිහිටුවූවා. එවකට ජනාධිපති වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. අගමැති ලෙස පත්වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ ආණ්ඩුවේ මම ප්‍රධාන විශාල පිරිසකට ඇමති ධුර ලැබුණේ අවසාන කාලයේදී. අපිට අවුරුද්දක්වත් ඒ ඇමති ධුරයේ ඉන්න ලැබුණේ නැහැ. රංජිත් මද්දුමබණ්ඩාර, කෙහෙලිය රඹුක්වැල්ල, හේමකුමාර නානායක්කාර ආදී අපි කණ්ඩායමටම මුලින්ම ඇමති ධුර ලැබුණේ ඒ කාලයේ.
එතැනදී මට ලැබුණේ %වී වගා සංවර්ධන^ රාජ්‍ය අමාත්‍ය ධුරය. එහි කැබිනට් ඇමති ධුරයේ කටයුතු කළේ එස්.බී දිසානායක මහත්මා. මට ලැබුණු ඇමති ධුරයෙන් යමක් කළා කියලා මම විශ්වාස කරනවා.
2004 මහ මැතිවරණයට මම ඉදිරිපත් වුණා. ඒ වෙද්දි යාපහුව ආසනයේම මගේ නිවසට ආසන්නයේම තවත් අපේක්ෂයෙක් ඉදිරිපත් කළා. මනාප ක්‍රමයට අනුව තිබෙන මැතිවරණයේ එකම ස්ථානයේ දෙදෙනෙක් ඡන්දෙ ඉල්ලුවොත් කොහොමත් එක් අයෙකුට පරදින්න සිදුවෙනවා. ඒ නිසාම මට දිනන්න බැරි වුණා. ඊට පස්සේ පැවැත්වුණ මැතිවරණවලට මම ඉදිරිපත් වෙන්න ගියෙත් නැහැ. ඊට පස්සේ වෙන සංවිධායකවරයෙක් පත් කළා. මගෙන් පසුව යාපහුව ආසනයට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු හත්දෙනෙක් පත්කරලා තියෙනවා. ඒත් මේ ආසනයෙන් මන්ත්‍රීවරයෙක් බිහි කරගන්න තවම බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව නායකත්වය කියලා තමයි මම නම් හිතන්නේ. මොකද අපි අයින් කරලා වෙන කෙනෙක් දානවා නම් ඊට වඩා හොඳ යමක් කරන්න පුළුවන් උදවිය දාන්න තිබුණා. එහෙම දැම්ම නම් පක්ෂයට මේ තරම් හානියක් වෙන්නේ නැහැ. ඒ දේ නොකර විවිධ හිතවත්කම් මත කටයුතු කරපුවාම මිනිස්සු ඒවට අනුකූල වෙන්නේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ.
පක්ෂයේ නායක රනිල් ඒ කාලේ මන්ත්‍රී
මම මුලින්ම පාර්ලිමේන්තුවට එද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයත් මන්ත්‍රී කෙනෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳ නායකයෙක්. ඒකෙ සැකයක් නැහැ. එතුමාට පාර්ලිමේන්තුව පිළිබඳව, විදෙස් සබඳතා පිළිබඳව හොඳ දැනුමක් තිබෙනවා. ඒ මොනවා තිබ්බත් එතුමාට අපේ රටේ මිනිස්සු දිනාගන්න පුළුවන් වැඩපිළිවෙළක් නැහැ කියලා තමයි මම හිතන්නේ. මොකද මොනවා කරන්නත් කලින් මහජනයාව දිනාගත යුතුයි. නමුත් මහජනයා දිනාගන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැහැ කියන එකයි මගේ පෞද්ගලික හැඟීම වුණේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි දීර්ඝ කාලයක් පක්ෂයේ නායකයා වුණේ. අවුරුදු 25කටත් වැඩිය නායකකමේ ඉන්නවා. කිසිම දේශපාලන පක්ෂයක එතරම් දීර්ඝ කාලයක් නායකයෙන් ඉඳලා නැහැ. නමුත් ඇත්තම කාරණය නම් එතුමාටත් මේ නායකකම අහම්බෙන් ලැබුණ දෙයක්. අවාසනාවට වගේ අපේ පක්ෂයේ ඉහළ පෙළේ හිටපු ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වගේ අය ජීවිතක්ෂයට පත්වුණා. ඊට පසුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකයා වුණේ. 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂයෙන් අගමැති ධුරය සඳහා සුදුසුකම් ලබලා හිටියේ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමීණි දිසානායක දෙදෙනා. නමුත් ඒ අවස්ථාවේදී ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ ගැන හිතන්නේ නැතිව අලුත් කෙනෙක් අගමැති ධුරයට යෝජනා කළාට පසුව තමයි මේ කලබලය ඇති වුණේ. මේ දෙදෙනාගෙන් කෙනෙකුට එදා අවස්ථාව දුන්නා නම්, මේ නායකයෝ සියලුදෙනා මෙච්චර ඉක්මනට මැරෙන්නෙ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක මගේ පෞද්ගලික මතය. එහෙම වුණා නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තවත් ඉදිරියට යනවා. රටේ තත්ත්වයත් මීට වඩා ලොකු වශයෙන් වෙනස් වෙන්න තිබ්බා. මොකද මේ දෙන්නම රටට ළෙන්ගතු නායකයෝ. ගාමිණී දිසානායක මහත්තයා පිළිබඳව අදටත් එක්සත් ජාතික පක්ෂයේ නොවන විරුද්ධ පක්ෂයේ අයත් පැහැදිලිව කතා කරනවා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ගැනත් ඒ වගේමයි.
කලකිරුණු අවස්ථා එමටයි
දේශපාලන ජීවිතයේ කලකිරුණ අවස්ථා සෑහෙන්න තිබෙනවා. එක කාරණයක් ගැන මම කිව්වොත් 2001 මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කළ අවස්ථාවේ පළමුවරට පාර්ලිමේන්තු ආපු අයට ඇමතිකම් ලැබුණා. දීර්ඝ කාලයක් දේශපාලනයේ හිටපු උදවිය අමතක කරලා දැම්මා. 1989 අපිත් එක්ක පාර්ලිමේතුවේ හිටපු උදවියගෙන් වර්තමාන පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය පැත්තෙ ඉන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීතුමා විතරයි. අනිත් බොහෝ අය දේශපාලනයෙන් ඉවත් වෙලා, ඇතැම් අය අභාවප්‍රාප්ත වෙලා, තවත් අය පක්ෂ මාරු කරලා අනිත් පැත්තේ ඉන්නවා.
ඒ ව්‍යවස්ථාවේ අහිතකර කරුණු ගොඩක් තිබුණා
1978 ව්‍යවස්ථාව පිළිබඳව නොයෙකුත් මත තිබුණා. මේ ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමන්ගේ උවමනාවට ගෙනාවා කියන මතය තමයි රටේ ගොඩනගන්න උත්සාහ ගත්තේ. පුටුව ලකුණින් තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නායකත්වය දුන්න පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම ඒ කාලේ කිව්වේ මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා කිව්වේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වගේම මහින්ද රාජපක්ෂ මහත්තයත් ඉදිරිපත් වුණ හැම මැතිවණයකදීම කිව්වේ මේ ව්‍යවස්ථාව අයින් කරනවා කියලා. එහෙම කිව්වට එහෙම දෙයක් වුණේ නැහැ. ඊට පස්සේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපි දැකපු විදිහට ඒ ව්‍යවස්ථාව තුළ රටට අහිතකර කරුණු රාශියක් තිබුණා. මට මතක විදිහට ඒ ව්‍යවස්ථාවෙන් උප ජනාධිපති කෙනෙක් පත්කරන්නත් යෝජනා කරලා තිබුණා. මේ කුඩා රටට තවත් උප ජනාධිපති කෙනෙක් සහ උප අගමැති කෙනෙක් දාන එක ගැළපෙන්නේ නැහැනේ. ඒක තවත් වියදම් වැඩි කිරීමක් විතරයි. ඒ වගේම නිදහස් අධ්‍යාපනයට හානියක් වෙන තත්ත්වයක් ඒකෙ තිබුණා. මේ නිසා විශාල පිරිසක් මේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කළා. එයට විරුද්ධ වෙන්න අපිටත් සිදුවුණා. පාර්ලිමේන්තුව තුළ සහ පාර්ලිමේන්තුවෙන් පිටත අපි අපේ විරෝධතාව ගෙන ගියා. මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙද්දි තදබල ලෙස විරෝධය දක්වලා ඒ ව්‍යවස්ථාව එතැනින් ඉවත් කරලා දැම්මා.
ව්‍යවස්ථාවට ගිනි තිබ්බේ මම
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණ ඒ ව්‍යවස්ථා කෙටුම්පත ඉරලා ගිනි තිබ්බා. ඒ ගිනි තියන සිද්ධියට සම්බන්ධ වුණේ මම. මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක නතර කරන්නයි අපිට අවශ්‍ය වුණේ. ඒ නිසා අපි විවිධ බලපෑම් කළා. නමුත් ඒ එක බලපෑමක්වත් සැලකිල්ලට ගන්නේ නැතිව මේක කරන්න යද්දි අපි තවත් ආවේගශීලී වුණා. ඒ ආවේගශීලීව ක්‍රියාත්මක වෙද්දි එය ඉරලා පුච්චලා දාන්න අපිට සිදුවුණා. මම මේ ව්‍යවස්ථාව ඉරලා පුච්චලා දාන්න යද්දි කබීර් හෂීම් මන්ත්‍රීතුමා තමයි මට ලයිටර් එක පත්තු කරලා දුන්නේ.
මේ සිදුවීම කිසිදු පෙර සූදානමකින් තොරව කරපු එකක්. කවුරුවත් උපදෙස් දුන්නේ නැහැ මෙහෙම කරන්න කියලා. අඩුම තරමේ අපි එළියෙ වුණේවත් නැහැ. මන්ත්‍රීවරුන් සබා ගැබට එද්දි ව්‍යවස්ථාවේ පිටපතක් මන්ත්‍රී මේස උඩ තියල තිබ්බා. කබීර් හෂීම්, ලකී ජයවර්ධන වගේ මන්ත්‍රීවරු ඒ වෙලාවේ මගේ ළඟ හිටියා. විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු දහදෙනෙක් විතර මේකට සම්බන්ධ වුණා.
එදා අපි ගත්තු තීන්දුව හරි කියලා මම හිතනවා
එදා අපි ගත්තු තීන්දුව හරි කියලා මම හිතනවා. ඒ මොකද එදා ඉදිරිපත් කළාටත් වඩා එහා ගිය ව්‍යවස්ථා සංශෝධනයක් තමයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන්නේ. ඒ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දිත් විපක්ෂය විරෝධතාව දක්වනවා. මම ප්‍රවෘත්තිවලින් බැලුවා. මේ ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුෙණාත් රට කොතැනින් නතර වෙයිද කියලා හිතාගන්න අමාරුයි. එදා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඉදිරිපත් වුණ අය, අද විධායක ජනාධිපති ධුරය හොඳටම ශක්තිමත් කරන්න යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. පොදු අපේක්ෂකයා විදිහට සිරිසේන මහත්තයා ඉදිරිපත් වුණෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලයි. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදිලා සිරිසේන මහත්තයා දිනුවේ. 19වැනි සංශෝධනයෙන් ජනාධිපති බලතල බොහොමයක් අඩු කරලා ඒවා පාර්ලිමේන්තුවට දුන්නා. ඒක හොඳ දෙයක්.
මේ ක්‍රමයේ හැටියට එහෙම අඩුවෙන් වියදම් කරලා ගොඩ යන්න බැහැ
මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යමයි. මොකද මේ තියෙන තත්ත්වයෙන් සාමාන්‍ය කෙනෙකුට මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න බැහැ. 1989, 1994 , 2001 මැතිවරණවලට අපි ඉදිරිපත් වෙනකොට අපි පුදුම විදිහට අසරණ තත්ත්වයට පත්වුණ අවස්ථා තිබුණා. මොකද ඇතැම් උදවිය විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. නමුත් අපිට එහෙම කරගෙන යන්න පුළුවන්කමක් නැහැ. බොහොම අඩු මුදලකින් තමයි අපි මැතිවරණ කළේ. නමුත් මේ ක්‍රමයේ හැටියට එහෙම අඩුවෙන් වියදම් කරලා ගොඩයන්න බැහැ. මේ තත්ත්වය තුළ අපේක්ෂයෝ හැමෝම මුදල් මතමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. අනෙක් අතට මේ ක්‍රමය තුළ ආසනවලට වග කියන්න කෙනෙක් නැහැ. වර්තමානයේ වන්නිහත්පත්තුව කියන අපේ කොට්ඨාසයට (නිකවැරටිය, ගල්ගමුව, යාපහුව) ආණ්ඩුවේ හෝ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නැහැ. නිකවැරටියට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඉන්නවා. නමුත් ඔහු නිකවැරටියේ කෙනෙක් නෙවෙයි. ඔහු කුරුණෑගල පදිංචිකරුවෙක්. මේ නිසා මිනිස්සුන්ගේ අවශ්‍යතා බලන්න කෙනෙක් නැහැ. මේ හැම දෙයක්ම සිදුවෙලා තිබෙන්නේ මනාප ඡන්ද ක්‍රමය නිසා. මනාප ඡන්ද ක්‍රමය සහ ෙක්වල ඡන්ද ක්‍රමයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හදන්න ඒ කාලේ එක්සත් ජාතික පක්ෂය හොයලා බැලුවා. ජර්මන් ක්‍රමය ගේන්න සූදානම් වුණා. ඒ ගැන හොයලා බලන්න එක අවස්ථාවක මම සහ තිස්ස අත්තනායක මන්ත්‍රීතුමා ජර්මනියට ගිහින්ම අධ්‍යයනය කළා. එහෙ ගිහින් ඇවිත් යෝජනා ලබා දුන්නත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම ඕනෑම කෙනෙක් මැතිවරණයකට ඉදිරිපත් වුෙණාත් වියදම් පිළිබඳ අයවැයක් ඡන්ද කොමසාරිස්ට ඉදිරිපත් කළ යුතුයි කියලා නීතියක් ඉස්සර තිබුණා. වර්තමානයේ එහෙම දෙයක් නැහැ. මෙවර තිබුණු මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් අපේක්ෂකයෝ කෝටි 12ක් වියදම් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. මෙච්චර වියදම් කරලා ඒ අය මහජන නියොජිතයෝ ලෙස පත්වුණාම ඒ වියදම් කරපු සල්ලි ටික හොයන්න තමයි කටයුතු කරන්නේ. මෙච්චර මුදලක් වියදම් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලයි මට නම් තේරුම් ගන්න බැරිව ඉන්නේ.
මන්ත්‍රීවරු විදිහට හිටියා කියලා කියන්නත් ලැජ්ජයි
වර්තමාන පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන හැටි දැක්කාම අපි දේශපාලනය කරලා මන්ත්‍රීවරු විදිහට හිටියා කියල කියන්නත් ලැජ්ජයි මට. ඒ මොකද මන්ත්‍රීවරයා එහෙම නැතිනම් මහජන නියෝජිතයෝ සියලුදෙනා දිහාම ජනතාව බලන්නේ හොරු දූෂිතයෝ විදිහට තමයි. මේ නිසාම මම මන්ත්‍රීවරයෙක් විදිහට හිටියා කියල කියන එක ලැජ්ජාසහගත තත්ත්වයකට පත්වුණ අවස්ථා තිබිලා තියෙනවා. මොකද හැමෝටම බෙදන්නේ එකම හැන්දෙන්. අපේ කාලේ එහෙම නැහැ. දැන් අපි ජීවත් වෙන විදිහ බලලම ඕනෑම කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. මහ විශාල ගෙවල් දොරවල් අපිට නැහැ. අපි ඉස්සර ඉඳන්ම ජීවත් වුණ ගමේම තමයි දැනුත් ඉන්නේ. පාර්ලිමේන්තු ගිහින් අපි සල්ලි හෙව්වෙ නැහැ. අද වුණත් අපි පාරට බැහැලා තනියම යනවා. ගමන් බිමන් යන්නේ බස් එකෙන්, කෝච්චියෙන්. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. නමුත් වර්තමාන මන්ත්‍රීවරයකුට ඒ තනතුරු අහිමි වෙලා ඉද්දි අපි වගේ මේ විදිහට පාරට බහින්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ මොකද හැමදෙනාම මුදල් මතම රැඳිලා ඉන්නවා. වර්තමාන මන්ත්‍රීවරයකුට ලක්ෂ තුන හතරක් ලැබෙනවා. නමුත් ඒ මුදලින් ඔහුට තිබෙන වැඩ කරගන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම තමයි මරණ දඬුවම නියම වුණ උදවිය දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම දන්න විදිහට නම් මරණ දඬුවම නියම වුණ කෙනෙකුට ඡන්දෙ දාන්නවත් බැහැ. මේ වගේ කටයුතු නිසා තමයි මන්ත්‍රී ධුරය හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ.
ඕනෑම දෙයක් කරන්න නිසි වයසක් තිබෙනවා
ඒ වගේම තමයි මට දැන් වයස අවුරුදු 64යි. මීට අවුරුදු 20කට විතර කලින් තමයි මම පාර්ලිමේන්තුවේ හිටියේ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න නිසි වයසක් තිබෙනවා. කාලසීමාවක් තියෙනවා. රාජ්‍ය සේවය ගත්තත් එහෙම තමයි. 60න් පසුව වැඩ කරන්න බැහැ කියලා සීමාවක් දාලා තියෙන්නේ ඒකනේ. මේ සීමාව දේශපාලනයට නැහැ. නමුත් තීන්දු තීරණ ගන්න තැන, නීතිරීති හදන තැන ඉන්න අයටත් ඒ සීමාව අවශ්‍යයි. ජවසම්පන්න කල්පනාවක් තියෙන අය මේ තැන්වල සිටිය යුතුයි. මොකද ස්වාභාවිකවම වයසට යද්දි කල්පනාව අඩු වෙනවා. මේ නිසා අඩුම වයස හැත්තෑවෙන් වගේ සීමාවකින්වත් මේක නවතින්න අවශ්‍යයි. අවුරුදු හැත්තෑපහ, අසූව වෙද්දි කල්පනාව අඩු වෙනවා කියලා අපි හැමෝම දන්නවනේ.
කොහොම වුණත් පාර්ලිමේන්තුවේ හිටියෙ නැහැ කියලා මහජනතාව එක්ක තියෙන සම්බන්ධය නවත්වලා නැහැ. අදටත් මිනිස්සු ඇවිත් මාත් එක්ක කතා කරනවා. එයාලගේ කටයුතු මතක් කරනවා. කොහොම වුණත් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා." යැයි සිනාමුසු මුහුණින් ඔහු පැවසීය.