මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිෙවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සාපේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය.
එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතුෙටහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිශ්චිතතාවත්, රෝග පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය.
එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම්වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්‍ෂාත් කර ගනිමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ළඟා කරවමිනි.
එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සාපේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගැනීමටද? සෑම බදාදාවකම දිගහැරෙන මෙම සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සාපේක්‍ෂ සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම්වූ නිර්වාණය නමැති නිරපේක්‍ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් හා වීර්ය වඩන ශ්‍රමණයන් වහන්සේලාය.
?කොහොමද ඔබ වහන්සේට ධර්මය හමුවෙන්නේ
ඒක හරිම අහඹු සිදුවීමක්. මගේ යාළුවෙකු මගෙන් දවසක් බණක් තියෙනවා අහන්න යමුද කියලා ඇහුවා. මම ඒ වෙද්දී එච්චර එයා එක්ක හිතවත් වෙලා හිටියේ නැහැ. හැබැයි මම ගියා. ඒක ධර්මයයි ඔබයි ගුරු ස්වාමීන් වහන්සේගේ බණක් නෙමෙයි. වෙනත් ස්වාමීන් වහන්සේගේ බණක්. ඒත් මම පුංචි කාලේ ඉඳලම දහම් පාසල් යද්දී පවා මේ දහමේ මීට වඩා ගැඹුරක් ඇතියි කියලා විශ්වාස කළා.
ඒත් මට කවදාවත් ඒ ගැඹුර ඒ කාලේ හමුවුණේ නැහැ. හැබැයි එදා අර යාළුවා එක්ක මම ගිහින් අහපු බණ ඇහුවට පස්සේ තමයි මට වෙනසක් දැනුණේ. එදා ඉඳන් තමයි මං බණ අහන්න පටන් ගත්තේ. ඉන් පස්සේ මම එක දිගටම අවුරුදු හත අටක්ම ඒ විදිහටම නොකඩවා බණ ඇහුවා. ඒ නිසා පසුගිය අවුරුද්දෙදී මම මගේම පුද්ගලික ආයතනයේ වැඩ කරද්දීත් බණක් දෙන්නම් අහනවද කියලා ආයෙත් අර යාළුවා මගෙන් ඇහුවා.
ඉන් පස්සේ මම ඒ ලින්ක් එක අන්තර්ජාලයෙන් ඇහුවා. ඒක අපේ ධර්මයයි ඔබයි ගුරු ස්වාමීන් වහන්සේ ගිහි කාලේ පිළිකා රෝහලේ දේශනා කළ දේශනාවක්. ඒකෙන් මගේ ජීවිතයට තවත් ලොකු වෙනසක් වුණා. ඒත් වැඩි යමක් අල්ලගන්න බැරි වුණා. ඉන් පස්සේ තමයි රාජගිරියේදී තිබුණු දේශනාවේ ඉඳන් එක දිගටම උන්වහන්සේගේ ධර්ම දේශනා අහපු එකේ ප්‍රතිඵලයක් විදිහට මගේ ජීවිතේ වෙනස් වෙන්නේ. එතනයි හැරවුම් ලක්ෂය.
?ඒත් ඇයි පැවිදිවෙන්න තීරණය කළේ
මගේම පුද්ගලික ආයතනය ආරම්භ කිරීමේ එක් අරමුණක් වුණේ මගේ නිදහස සොයා ගැනීම. අනික ඒ හරහා ගෙදරට අවශ්‍ය යුතුකම් කොටසත් සිදුවෙනවා. මට පැවිදිවීමේ අදහස ඒ කාලේ තිබුණත් පැවිදිවෙන්නේ කොතැනද කියලා පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා කවදාහරි ඒ තීරණය ගන්න පුළුවන් වුණු දවසකට ඒ ව්‍යාපාරය ගෙදරට භාර දීලා එතනින් ගැලවෙනවා කියලයි මම සැලැසුම් කරල තිබුණේ. අවුරුද්දක් යද්දීම මගේ තීරණයට අවශ්‍ය හේතු සකස් වුණා. ඒකයි මම නොපමාව එතැනින් ගැලවුණේ.
?ඒ වුණාට බෞද්ධ පාසලක ඉගෙන ගත්තු ඔබ වහන්සේට ඒ සැබෑ දහම හමුවෙන්න තිබුණේ මීට කලින් නේද
සැබෑ දහම කොහොමත් එදත් තිබුණා. ගැටලුව වුණේ ඒක අපිට කොයිතරම් ගෝචර මට්ටමක පැවතුණාද යන්නයි. අපිට ඒක විග්‍රහ කර ගන්න පුළුවන් මට්ටමක තිබුණාද යන්නයි. මොකද දවසින් බාගයක් විතර ගුවන්විදුලියේ බණ ඇහුණත් තමන් ජීවත්වෙන්නේ දුකක කියලා අවබෝධ කරල දෙන්න තරම් වටපිටාවක් ඒ කාලේ තිබුණාද යන්නයි ගැටලුව. ඒත් අද ඒ වටපිටාව මට ගොඩනැගිලා. ඒකයි මං වගේම අවබෝධයෙන් පැවිදි වුණු තරුණ කොටස් දැන් ඉන්නේ.
?හැබැයි දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රීපාදය ආදී බෞද්ධ උරුමයන් රැකගන්නත් බෞද්ධ පරම්පරාවක් අවශ්‍යයි නේද
පරමාර්ථ ශාසනය කියන්නේ දන්ත ධාතූන් වහන්සේ හෝ ශ්‍රීපාදය නෙමෙයි. ඒකෙන් විතරක් මිනිස්සුන්ට නිවන් දකින්න බැහැ. ඒ නිසා ශාසනය කියන්නේ දහම තියෙන තැනට. ඒක අපි මුලින්ම අවබෝධ කර ගත යුතුයි. මොකද බුදුරාජාණන් වහන්සේ බුද්ධත්වය ලැබුවා කියලා රූපය මාරු වුණේ නැහැ. සිද්ධාර්ථ බෝධි සත්ත්වයන්ගේ රූපයම තමයි උන්වහන්සේට තිබුණේ.
ඒ නිසා අද කෙනෙකු බුදු පිළිමෙකට වඳිනවා කියන්නේ ඒ බුදුරාජාණන් වහන්සේ නෙමෙයි. සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් කියන රූපය. මොකද බුද්ධ කියලා වෙනස් වුණේ ප්‍රඥාව පහළ වීමයි. ඒ හින්දා උන්වහන්සේට වන්දනා කරද්දී උන්වහන්සේගේ අනන්ත ප්‍රඥාවට,අනන්ත ගුණ කඳට වඳිනවා කියලා හිතලා වැන්ඳේ නැත්නම් ඒක බුදුරාජාණන් වහන්සේට වැඳපු වැඳුමක් වෙන්නේ නැහැ.
ඒ නිසා මේ ශාසනය නිවැරදිව වටහා ගැනීමයි වඩා වැදගත් වෙන්නේ. මොකද මේ ශාසනය පැවැතෙන්නේම යම් ගුණයකට. ඒ නිසා ඒ මහා ගුණ කඳ රකින්න කෙනෙක් නැත්නම් ශාසනය ඉතුරු වෙන්නෙත් නැහැ. ගුණ කඳ තමා තුළ වඩා ගැනීම වැදගත් වෙන්නේ ඒකයි. එතකොටයි ශාසනයේ ගුණය ඉදිරියට යන්නේ. ඒ නිසා ශාසනය අතුරුදන් වෙන දවසට දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රී පාදය වැනි සියලු උරුමයන් අතුරුදන් වෙනවා. ඒක අපි මතක තබා ගත යුතුයි.
?ඔබ වහන්සේට ගිහි කාලයේදී ෙප්‍ර්ම සම්බන්ධතා කිහිපයක්ම තිබුණා
ඔව්. පොඩි කාලේ ඉඳන්ම මම හෙව්වේ සතුට. ඒත් මා වටා ගොඩනැගී තිබුණු වටපිටාව දැක්කම මට පෙනුණේ විවාහ වුණු මිනිස්සු සෑහෙන දුකක් විඳිනවා නේද කියලයි. ඒක මට පැහැදිලිවම පෙනුණු කාරණයක්. ඒ නිසා මම කැමැති වුණේ නැහැ මටත් එවැනි තත්ත්වයක් ගොඩනැගෙනවට. අනික කිසිම කෙනෙකු කිසිම කෙනෙක්ට ආදරේ කරනවා කිව්වට ඇත්තටම ආදරේ කරන්නේ තමන්ට. තමන්ගේ කැමැත්තටයි ආදරේ කරන්නේ.
ඒ මිසක් අනෙකාට නෙමෙයි. තමන්ට කැමැති ආකාරයේ පංචස්කන්ධයක් උදාවෙනවා නම් ඒ කෙරෙහි ඇලීමක් තමයි ඇත්තටම සිදුවෙන්නේ. ඒ හැඟීම සඳහා ගොඩනැගෙන වටපිටාවට තමයි තමන් කැමැති. හැබැයි තමා තුළ ගොඩනැගෙන වටපිටාව කියන්නේ එළියේ තියෙන මිනිස් කුලකය නෙමෙයි. මොකද ආදරය කියන දේ කොහෙන්වත් ගලවල අරන් පෙන්නන්න බැහැ. මොකද ඒ ආදරය තියෙන්නෙත් තමන් තුළමයි. ඒ නිසා හේතු ටික අයින් කළොත් ඇලෙන්න හේතුවකුත් නැහැ.
?එහෙනම් ගැටලුව පවතින්නේ පෙම්වතියන්ගේ නෙමෙයි නේද ? ගෑනු ගතියේ නේද
ගෑනු ගතියේ තමයි ගැටලුව තියෙන්නේ. කාන්තාවගේ ගැටලුවක් නැහැ. ඒ නිසා තමන්ගේ චිත්ත සන්තානයේ ස්වභාවය තේරුම්ගෙන එයින් ගැලවීමයි සිදුවිය යුත්තේ. එතකොටයි ඇලීම නතර වෙන්නේ. ධර්මය අවබෝධ කර ගැනීම කරගත යුත්තේ ඒකයි. මොකද එතකොට නිරායාසයෙන්ම තමා තුළ හික්මීම සිදුවෙනවා. එතකොට තමන්ට පිරිසුදුවෙන්න පුළුවන්.
?ඒ වුණාට බුදුරාජාණන් වහන්සේත් භික්ෂූණී ශාසනය පිහිටුවීම දෙපාරක්ම ප්‍රතික්ෂේප කරනවා
ශාසනය තුළට කාන්තාවක් පැමිණීම කියන්නේ ඇලීම්, බැඳීම් පවතින ස්වභාවය වැඩියි. එවැනි වටපිටාවක් තමයි ගොඩනැගෙන්නේ. අනික සියලුම දෙනා ශාසනය පූර්ණය කර ගන්නේ නැහැ. ඒ නිසා ශාසනය වැහිලා යන්නත් පුළුවන්. ඒ නිසා ඒ පිරිහීමට ඇති අවදානම සලකා උන්වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා වෙන්න පුළුවන්. ඒත් අවසානයේ උන්වහන්සේ එකඟ වුණා. හැබැයි ඒකෙන් ශාසනය පවතින කාලය අඩකින් අඩුවෙන බව උන්වහන්සේ දැනගෙන හිටියා.
?ආදරය තුළත් ආස්වාදය තියෙනවා නේද? ඒකනේ විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ
අපි නිරතුරුවම ජීවත්වෙන්නේ පෙළීමෙන්. ඒ නිසයි මට මේ දේ නැහැ,මේ දේ මට ගන්න ඕනි කියල හිතෙන්නේ. ඒ හින්ද තමයි ඒවා අත්පත් කර ගත්තම අපිට ආස්වාදයක් දැනෙන්නෙත්. මොකද අපි පෙළීමෙන් නිදහස් වුණාම තමයි ආස්වාදය එන්නේ. ඒ නිසා ආස්වාදය කියන්නේ පෙළීමේ අනික් මුහුණුවර කියලා මට වැටහුණා.
ඒ නිසා උපරිමයෙන් ආදරය වෙනුවෙන් පෙළීම තුළ තමයි ආදරයේ ආස්වාදය දැනෙන්නෙත්. පෙළීම ශූන්‍ය වුණු කෙනා තමයි අරිහත් තත්ත්වයට පත්වෙන්නේ. උදාහරණයකට අපි ජංගම දුරකථනය ගන්න ඕනි කියන පෙළීම ආවට පස්සේ ඒක රැකගන්න ඕනි කියන පෙළීම එන්නෙත් ඉබේමයි.
?ඔබ වහන්සේ ජීව විද්‍යාව හැදෑරූ කෙනෙක්. විද්‍යාව ගැන මොකද හිතෙන්නේ
විද්‍යාව කියන්නේ හරිම චූටි දහමක්. මොකද බුදුදහමෙන් අද පවතින විද්‍යාව හරහා හඹා යන්නේ මොනවද, අවසානයේදී හිමිවෙන්නේ මොනවද කියලා හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. අනික විද්‍යාව යන්නෙහි කෙළවරක් විදිහට අවසානයේදී හමුවෙන්නේ ධ්‍යාන විතරයි. ඒ නිසා ගණිතමය ශාස්ත්‍රය තුළින් රටාව සොයා යෑම පමණයි සිදුවෙන්නේ. ඕනැම ගතියකට අදාළ රුව තමයි ඕනෑම තැනක තියෙන්නේ.
මොකද හේතු ඵල දහම තමයි ඔය හැම තැනකම තියෙන්නෙත්. ඒ නිසා ගතිය කියව කියව හිටියා කියලා මේ සංසාරෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මොකද ලෝකය ගොඩනැගෙන්නේම රාග, ද්වේෂ, මෝහ නිසා.
?ඒත් ඔබ වහන්සේ නියැලී සිටි දෘශ්‍යය කලාව සද්ධර්මය වෙනුවෙන් යොදා ගන්න පුළුවන් නේද
ඔව්. කලාව කාමය ජනිත කරවීමට මෙන්ම කාමයෙන් ගලවා ගැනීම සඳහාත් යම් මට්ටමකට භාවිත කරන්න පුළුවන්. මොකද මහා පරිමාණ මල් පූජා, පහන් පූජා හරහාත් කලාව මතුවෙනවා. ඒ නිසා ඒ තුළින් වුණත් ඒ ගැන යම් පැහැදීමක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි අපි කරන්න ඕනි ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම. ඒ කියන්නේ ඒ ලස්සන මල්, පහන් වගේම අපේ ජීවිතයත් පරවෙලා, නිවිලා යනවා නේද කියල මෙනෙහි කරන්න පෙළැඹවීමක් කලාව හරහා කරන්න පුළුවන්. මොකද ඒ ලස්සන මල් පහන් කොයිතරම් ලස්සන රටා මැවුවත් අවසානයේ අපි කැමැති විදිහට තියෙන්නෙ නැහැ.
?යථාර්ථය සාපේක්ෂ වෙන්නේ මේ නිසාද
නැහැ. යථාර්ථය සෑමවිටම නිරපේක්ෂයි. අපියි සාපේක්ෂ. උදාහරණයකට විවාහක පිරිමියෙක් තවත් ඔහුට ඇඟෑලුම් පාන කාන්තාවක් සමග සම්බන්ධකමක් පවත්වනවා කියල හිතන්න. ඇය විවාහක කාන්තාවට වඩා රූමත්. අනික ඇය ඔහු හිමිවුණේ නැත්නම් ජීවිතේ නැති කර ගන්නවා කියලත් කියනවා.
කොහොමද අපි කියන්නේ ඒ පිරිමියා එතකොට අනියම් කාන්තාව එක්ක තවදුරටත් සම්බන්ධතාව ගොඩනගාගෙන යන්නේ නැහැ කියලා. ඒ නිසා එතැනදී පිරිමියා කරන්නේ තමන්ට සාපේක්ෂව තමාව සාධාරණීකරණය කිරීමක්. ඒකට ඔහු යොදාගන්නේ අනියම් කාන්තාව ඔහු නිසාවෙන් ජීවිතය නැති කර ගන්නවා කියලා කියන කාරණය. ඒ නිසා ඒ සම්බන්ධතාව තමන් පවත්වනවා කියන කාරණය.
ඒක තමයි සාපේක්ෂ ඇත්ත. ඒත් නිරපේක්ෂ යථාර්ථය තමයි ඔහු ඒ අනියම් කාන්තාව වෙනුවෙන් පෙළෙන පෙළීමේ ස්වභාවය. ඒ පහසත් ඔහුට අවශ්‍යයි කියන පෙළීමේ ස්වභාවය.මොකද ඔහු ඒ තුළයි හැමවිටම ඉන්නේ. හැබැයි රූමත් කාන්තාවක් නැතුව විරූපී කාන්තාවක් එතන හිටියා නම් ඒ කාන්තාව කොයිතරම් පෙළෙනවද? ඔහු වෙනුවෙන් ඒ කාන්තාව මැරෙනවා කිව්වත් ඔහු ඒ කාන්තාව වෙනුවෙන් පෙළෙයිද ?
?ඒ නිසා නේද බුදුරාජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ ධර්මය දැකීම යනු තමන් දැක්කා හා සමානයි කියලා.එහෙනම් මොකටද ආමිස පූජා
ආමිස පූජාවකින් ශාසනය පූර්ණය කරපු නැති අරිහතුන් වහන්සේ නමක් ඉන්නවා නම් මට ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්ද? අඩුම ගාණේ බුදු,පසේ බුදු කෙනෙක්වත් එහෙම නැහැ. හැබැයි සම්පූර්ණයෙන්ම ආමිස පූජාවෙන් නිවන් දකින්න බැරි බව ඇත්ත. ඒත් ආමිස පූජාව අවශ්‍යයි. ඒක උපනිශ්චයක්. උපනිශ්ච දහම් නැතුව කොහොමද නිවන් දකින්නේ ? මොකද පාරමිතා දහයෙත් දානය තමයි මුලින් තියෙන්නේ. ඒ නිසා “දානය” දුන්නේ නැති කෙනෙකුට ප්‍රඥාව ලබන්න බැහැ. එතකොට කොහොමද දහම තුළ ඉදිරියට යන්නේ? දානය දෙන කෙනාට තමයි අවසානයේ ආයු වර්ණ සැප බල ලැබ අවසානයේ පටිභාණ ඥානය ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒ කෙනාගේ හිත නැවෙන්නේ නැහැ අතහැරීමට. ඒ නිසා ආයු වර්ණ සැප බල තියෙන පරිසරයක තමයි ප්‍රඥාවෙන් ගොඩයන්න පුළුවන් වෙන්නේ.
?හැබැයි ධර්මය දැකීමටත් පෙළීමට පත්වෙන්න සිදුවෙනවා නේද
ඔව්.ධර්මය ලබා ගැනීමෙන් තමයි ඒ පෙළීමෙන් නිදහස් වෙන්නේ. අනික නිවන් දකින්නත් ඡන්ද, චිත්ත, විරිය, වීමංසා තියෙන්න ඕනි. එතකොට තමයි එතනට යන්න පුළුවන් වෙන්නේ. ඉන් පස්සේ එයාට ඡන්ද, චිත්ත, විරිය, වීමංසා වැඩක් නැහැ. මොකද එතකොට නිවන උදා කරගෙන ඉවරයි. ඒ නිසා පෙළීම් සහගත කුතුහලයෙන් පවා අරහතුන් වහන්සේලා නිදහස්. මොකද ඒ වෙද්දී උන්වහන්සේලා සියලු පෙළීම්වලින් නිදහස්.
අනික ලෝකය සහ ලෝකෝත්තර යන ස්වභාවයේදී පනවන පරිදි නිවන හැර අනෙක් සෙසු සියලුම මාර්ගඵල ලෝකයට අයිති දේවල්. ලෝකෝත්තර දේවල් නෙමෙයි. ඒ නිසා නිවනට අයිති වෙන්නේ බුදු, පසේ බුදු සහ මහ රහත් විතරයි. මාර්ග වඩන කාලය තනිකර ලෝකයට අයිති කොටසක්. ඒ නිසා තමයි ඒ ස්වභාවයෙන් පෙළෙන්නේ.
?එතකොට මොන බුදු දහමද අපි පිළිගත යුත්තේ
නිරපේක්ෂ දහම කියලා පවතින්නේ එක දහමයි. අනික බුදුරාජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ පවා උන්වහන්සේගේම දහම විවිධාකාරයෙන් විකෘති කරමින් ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා බුදු දහමේ පවතින සාපේක්ෂ මට්ටම කොපමණද යන්නත්, නිරපේක්ෂ මට්ටම කොපමණද යන්නත් හරියටම හොයා ගත්තම මොකක්ද නිරපේක්ෂ දහම කියලා ප්‍රතික්ෂේප කරගන්න පුළුවන්. එතකොට තමයි කුමන බුදු දහම හරහා තමන්ගේ රාග, ද්වේෂ, මෝහ ඉවත්වෙලා යනවද කියලා අවබෝධ වෙන්න පටන් ගන්නේ. නිවීම තියෙන්නේ කොතැනද කියලා එතකොට වැටහේවි.
?ගත්තු තීරණේ සම්බන්ධයෙන් දැන් මොකද හිතෙන්නේ
අතිශයින් සතුටුයි. මොකද මුලින් හිතුණා ගිහි වතේ ඉඳලා සද්ධර්මය අවබෝධ කරගන්න තිබුණා නේද කියලා.ඒත් පස්සේ තමයි අවබෝධ වුණේ පැවිදි වතට ආවම මේක ඉවරයක්ම කරල දාන්න පුළුවන් කියලා. ආයේ ඒ තීරණේ ගැන හැරිලා බලන්න දෙයක් නැහැ ඒ නිසා. මොකද පැවිද්දෙකු විදිහට මේ වෙද්දී අරන් තියෙන ධර්මාවබෝධය මට ගිහියෙකු විදිහට හිටියා නම් කවදාවත් ගන්න ලැබෙන්නේ නැහැ.