තමන්ගේ කේන්දරය පරීක්ෂා කර තමන්ට වැලඳෙන්නට යෙදෙන රෝගාබාධ පවා පෙර තියා දැනගැනීමට හැකියාවක් පවතින බව සවිස්තරාත්මකව ගෙන එන්නේ ජ්‍යෝතිෂපති, වාස්තු විද්‍යා උපදේශක, ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ලත්පදුරේ දොන් දිශාන්ත මහතායි.
ජන්ම පත්‍රය, යමෙක් උපදින මොහොතේ අහසේ ග්‍රහ තරු විසිරී සිටින් අයුරු පෙන්නුම් කරයි. එය කර්මය අනුව සිදුවන බවක් පෙනේ. එනම් යම් පුද්ගලයෙකුට කර්මය අනුව විය යුතු දේවල් ඒ මොහොතේ ග්‍රහ පිහිටීම් අනුවද දිස්වේ. ඒ තුළින් ජීවිත පලාපල ඉදිරිය ගැන කිව හැක.
අධ්‍යාපනය, රැකියාව, විවාහය පමණක් නොව ලෙඩ රෝග ගැනද කිව හැකිය. මීට පෙර ලිපියකින්ද ග්‍රහ යෝග තුළින් බරපතළ රෝග පෙන්නුම් කරන හැටි සඳහන් කළෙමි. අද ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ ලෙඩ රෝග හඳුනා ගැනීමට ග්‍රහයන් යොදාගන්නා අයුරු කීමටයි.
ඔබ දන්නා පරිදි මේෂ, වෘෂභ ආදී ලග්න 12ක් ඇත. රවි, බුධ ලෙස ප්‍රධාන ග්‍රහයන් 7ක් හා රාහු, කේතු ජායා ග්‍රහයන් සමග නවග්‍රහයන් සිටී. ඊට අමතරව තවත් සොයාගත් ග්‍රහයන් සිටිනා අතර, ප්‍රධාන වශයෙන් සෘෂිවරුන් සඳහන් කළ නව ග්‍රහයන් හා ලග්න 12 මගින් ලෙඩ රෝග හඳුනා ගන්නේ මෙසේය.
රාශි අනුව ශරීරාංග බෙදීම.
මේෂ - හිස
වෘෂභ - මුහුණ
මිථුන - ගෙල හා පපුව
කටක - හෘදය
සිංහ - උදරය
කන්‍යා - තුනටිය
තුලා - යටිබඩ
වෘෂ්චික - ලිංගය
ධනු - කලවා
මකර - දෙදණ
කුම්භ - කෙණ්ඩ
මීන - පාදයේ අග
ඒ අනුව එම එක් එක් රාශි දුබල වීම තුළින් හටගන්නා රෝග මෙසේය. රාශි දුබල වන්නේ අදාළ රාශිය 3-6-8-12 වැනි භාවයකට පතිත වීම හා රාශියේ පාප ග්‍රහයන් පතිත වීම හා ඒ දෙකම වීම තුළිනි. එසේ දුබල වූ රාශිය 22වන දෙර්කාණාධිපති හා 64වන නවාංශකාධිපති සමග ඇති සම්බන්ධය ග්‍රහ යෝග, ග්‍රහ දෘෂ්ටි මගින් අඩු වැඩි කරයි. ඒ අනුව රාශිවලට හිමි රෝග මෙසේය.
මේෂ - ඇස් රෝග, මොළය ආශ්රිත රෝග, දැවිලි රෝග, උෂ්ණ රෝග, උණ, හිසේ කැක්කුම, සිහි නැති වීම, විදුරු මස් දිය වීම, මැලේරියාව, අපස්මාරය, ක්ලාන්තය, නින්ද නොයාම, අකලට කෙස් සුදු වීම, තට්ටය පෑදීම, කුරුලෑ, තොල් පැලීම්, පීනස, පැපොල, ලේ විෂ වීම වැනි රෝග.
වෘෂභ - කම්මුල්ගාය, ගලගණ්ඩය, සෙම්ගෙඩි, මුඛ රෝග, ශ්වසන රෝග, පපුවේ රෝග, ස්ථුලතාව, ඉදිමීම, බෙල්ල හා උගුර සම්බන්ධ රෝග.
මිථුන - ක්ෂය රෝගය, පෙණහලු රෝග, පපුවේ රෝග, ඇදුම, උමතු බව, නහර රෝග, සන්ධි රෝග.
කටක - පිළිකා, ඇදුම, කැස්ස, පැපොල, ප්ලෝදර බඩ පිපුම, සරම්ප, උදරයේ රෝග, අර්ශස්, ග්‍රහණියේ රෝග, අක්මා රෝග, සෙංගමාලය.
සිංහ - දියවැඩියාව, අජීර්ණ, ඇස් රෝග, අපස්මාරය, හෘදරෝග, මුඛ රෝග, රක්ත වාතය, සෙංගමාලය, හිමෝග්ලොබින්
අඩු වීම.
කන්‍යා - මළබද්දය, අර්ශස්, ආමාශ රෝග, වාත රෝග, ධාතු දෝෂ, පණු රෝග, කෙට්ටු වීම.
තුලා - ගුද රෝග, මුත්‍රාශයේ රෝග, කොන්දේ රෝග, සමාජ රෝග, ලිංගික රෝග, යටිබඩ වේදනා, වඳ බව, හන්දි ඉදිමීම, වකුගඩු රෝග.
වෘශ්චික - මුත්‍රා ගල්, ගර්භාෂ රෝග, අර්ශස්, අහ්වරී, බඩවැල් රෝග, පීනස, ගැබ්ගෙල පිළිකා, ගර්භාෂ පිළිකා.
ධනු - තුනටිය අමාරු, අර්ශස්, රක්තවාතය, ඌෂ්ණ රෝග, උගුරේ රෝග, පාද ආබාධ, පක්ෂඝාතය.
මකර - දණහිස් රෝග, සමේ රෝග, හෘද රෝග, බගන්ධරා, පිළිකා, අජීර්ණ, දත් රෝග, දද කුෂ්ඨ, කබර.
කුම්භ - ඇස් ආබාධ, දත් රෝග, නහර රෝග, දෙපා රෝග, පිටගැස්ම, වාත රෝග, සමේ රෝග, මළබද්ධය, කෙණ්ඩාවල පිළිකා.
මීන - හොරි, දද, වණ, පෙණහලු රෝග, ගල්තැලුම්, නහර ගැටගැසීම්, යටි පතුලේ රෝග, වළලුකර රෝග, ආමාශගත රෝග, කන් රෝග, සෙංගෙඩි, හමේ රෝග, ඉදිමීම.
අදාළ රාශි දුබල වීම තුළ අදාළ රෝග ඇති වීමට හැකියාව ඇත. මීළඟට ග්‍රහයන්ට අයත් ශරීර අංග මොනවාදැයි බලමු.
රවි - හෘදය, පපුව, මොළය, පෙණහලු, ආමාශය, ගර්භාශය, රුධිරය, පුරුෂයන්ගේ දකුණු ඇස, ස්ත්රීන්ගේ වම් ඇස.
සඳු - පියයුරු, ගර්භාෂය, රුධිරය, බඩවැල්, හෘදය වටා ඇති සිවිය, පුරුෂයන්ගේ වම් ඇස, ස්ත්රීන්ගේ දකුණු ඇස.
කුජ - කන, නාසය, නළල.
බුධ - හිස කෙස්, දිව, පෙණහලු, බඩවැල්, යටිබඩ, නහර, අත්දෙක.
ගුරු - අක්මාව, වකුගඩු, දකුණු කන, කලවා, පෙණහලු වටා ඇති සිවිය.
සිකුරු - වම් කන, කම්මුල්, නිකට, සම, ධාතු, ගලනාලය.
ශනි - දණහිස්, ගෙල, පාද, අස්ථි, සන්ධි, හිසකෙස්, නියපොතු, දත්.
රාහු - ගෙල, ස්නායු.
කේතු - පාද
මෙම ග්‍රහයන් පීඩාවට පත්වීමෙන් ඉහත සඳහන් ග්‍රහයන්ට අයත් ස්ථානවල රෝග, ග්‍රහයන්ට අයත් රෝග ඇති කරයි.
භාවවලට අයත් අවයව
භාව යන කේන්දරයේ 1,2,3 ආදී වූ කොටු 12 පහත සඳහන් කරන්නේ එම භාව 12ට අයත් ශරීර අභ්‍යන්තර අවයව වේ. බාහිර අවයව මේෂ, වෘෂභ ආදී රාශිවලට වෙන් කෙරේ.
1 භාවය - මොළය
2 භාවය- ගලනාලය, කුඩා මොළය
3 භාවය - පෙණහලු
4 භාවය - ආමාශය
5 භාවය - හෘදය වස්තුව, රුධිරය
6 භාවය - බඩවැල්
7 භාවය - මුත්‍රාශය, වකුගඩු
8 භාවය - ගුදය, මුත්‍රා මාර්ගය
9 භාවය - ධමණි
10 භාවය - ඇට, සන්ධි
11 භාවය - රුධිර වාහිනී,
ශ්වසන මාර්ගය
12 භාවය- සන්ධි ස්ථාන
ඒ අනුව රාශි, ග්‍රහයන්, භාවයන් දුබල වීම තුළින් ඒ ඒ ග්‍රහයන්ට, රාශීන්ට, භාවයන්ට අයත් ස්ථානවල රෝග සාදයි.
මෙම දත්ත කෙනෙකු උපන් මොහොතේම දැකගත හැක. නමුත් රෝග හටගන්නේ ග්‍රහ ගමන හා දශාවන් අනුව වේ. ඇතැම් විටක රෝග ලක්ෂණය තිබුණද එය විපාක දීමට දශාව පැමිණියේ නැති කල ඉතා සුළු රෝගයක් හටගනී.
නදීශානි පතිරණ