ගව ඝාතනයට වැට බැඳුනොත් ?


මෙරට තුළ ගව ඝාතනය නතර කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පෙරේදා ගත් තීරණයට ආණ්ඩු පක්ෂ මන්ත්රී වරුන් සියලුදෙනාගේ කැමැත්ත හිමිවී ඇති බව මාධ්ය  විසින් වාර්තා කර තිබිණි.

ඒ අනුව ඉදිරියේදී ගව ඝාතනය මෙරට තහනම් කිරීමට ආණ්ඩුව ක්‍රියා කරනු ඇතැයි යනුවෙන් විවිධ මත පළවන්නට විය. මේ විවිධ ක්ෂේත්ර යන්වල නියැළෙන විද්වතුන් ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් කිහිපයකි.

නීතියක් ගෙන ආවොත් කඩවල කොක්කේ එල්ලා හරක්මස් අලෙවි කරන අයුරෙන් මස් අලෙවියට කිසිදු හැකියාවක් නැතිවේවි - අධි නීතිඥ උපාලි අමරසිරි

සත්ත්ව අවිහිංසාව සම්බන්ධයෙන් අපේ රටේ ඉතා පැරණි නීති තිබෙනවා. ඒ අනුව සතුන්ට හිංසා කරන්න නීතියෙන් තහනම්. ඒ වගේම පාර්ලිමේන්තුව තුළින්ම නීති සම්මත විය යුතු තත්ත්වයක් අපේ රටේ නැහැ. තමන්ගේ විෂයපථයට අයත් කරුණක් සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයාට මෙවන් නීතියක් ගැසට්පත්ර යක් හෝ චක්‍ර ලේඛයක් හරහා ගෙන ඒමට හැකියාවක් පවතිනවා. ඒ අනුව මේ තීරණය ඉදිරියේදී නීතියක් බවට පත්කළ හැකියි. අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේදී හරක්මස් පරිභෝජනය කරන අයට විදේශයන්ගෙන් මස් ආනයනය කිරීමට යෝජනා වී තිබෙනවා. අපේ රටේ නිරෝධායන නීති අනුව මස් අමු මස් ලෙස රටට ගෙන ඒමේ හැකියාවක් නැහැ. ඒ අනුව මස් ආහාරයට ගන්න පුද්ගලයන්ගේ අවශ්යඅතා සඳහා ටින් කරන ලද මස් තමයි බොහෝවිට ආනයනය කරන්නට සිදුවෙන්නේ. ඒ අනුව මෙම යෝජනාව ඉදිරියේදී නීතියක් බවට පත්වුණොත් මස් කඩවල කොක්කෙ එල්ලලා අලෙවියට තබා තිබෙන ආකාරයෙන් හරක්මස් අලෙවියට තැබීමට කිසිදු හැකියාවක් නැති වේවි. දැනටත් අපේ හමුදාවේ පරිභෝජනයට හා හෝටල්වල පරිභෝජනයට බැටලුමස් වැනි මාංස ටින් වශයෙන් ආනයනය කිරීම සිදුවෙනවා. ඒ වගේම ටින් මාලු ආකාරයට ඉදිරියේදී හරක්මස් අපේ වෙළෙඳ පොළේ මිලදී ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති. මේ තීරණය හරහා යම් ජනකොට්ඨාසයක ඇදහිලි හා ආගමික කාරණාවන්ට හා චාරිත්රජවලට යම් බාධා කිරීමක් සිදුවෙනවා නේද කියන එක ඇතිවෙන්නට හැකි තවත් මතයක්. නමුත්  නීතිමය පැත්තෙන් බැලුවාම යම්කිසි චාරිත්ර යක් මූලික අයිතිවාසිකමක් සමග ගැටීමක් සිදුවන අවස්ථාවක සිදුවන්නේ චාරිත්ර්ය පැත්තකට විසි වී යාමයි. අපි බැලුවොත් සති පූජාව කියන හින්දු චාරිත්ර්ය ජීවත් වීමේ මූලික අයිතිය සමග ගැටීමක් ඇතිවෙනවා. මෙවැනි අවස්ථාවක මූලික අයිතිවාසිකම උඩට ඇවිත් චාරිත්රතය කියන එක විසි වී යනවා. ඒ වගේම මැදපෙරදිග තිබෙන කාන්තාවන් සම්බන්ධ යම් යම් චාරිත්රක හිංසනය කියන එකත් එක්ක ගැටෙනවා. එවිට චාරිත්ර  කියන එක ඉවත් කරලා නීතිය කියන එකයි බලවත් වෙන්නේ. එයම තමයි මෙම තීරණයේදීත් සිදුවන්නේ. චාරිත්රට කියන එක යටපත්වෙලා නීතිය හා අයිතිවාසිකම් කියන එක ශක්තිමත් වෙනවා. ලංකාවේ මීට වසර කිහිපයකට පෙර මුන්නේෂ්වරම් කෝවිලේ සත්ත්ව බිලිපූජා තහනම් කිරීමේ නීතියේදී වුණෙත් චාරිත්රස හා ඇදහිලි යටපත් වෙලා නීතිය බලාත්මක වීමයි.

ලංකාව කියන්නේ බෞද්ධාගමික වටපිටාවක් තුළ නීති රාමුවක ගොඩනැගුණු රටක්. අපේ රටේ මිනිස්සු ආහාර සඳහා සතෙක් මැරුවට සතෙක්ට හිංසා කරන්නේ නැති තරම්. ඒ අනුව තමයි සත්ත්ව අවිංසා පනත් ආදි කාලේ සිට අපේ නීති පද්ධතියේ තිබුණේ. මෙවැනි තීරණයක් ඉදිරියේදී ගන්නවානම් අපිට අලුතින් නීති හදන්න අවශ්ය් නැහැ. පවතින නීතිය යටතේ මේ පියවර ගත හැකියි.

යමෙකුගේ ආහාර කියන මූලික අයිතිවාසිකම මෙම තීරණය හරහා කඩ නොවෙන්න තමයි විදේශයන්ගෙන් මස් ආනයනය කිරීමට අවසරයක් ලබා දිය යුත්තේ. හරක්මස්වල පවතින පෝෂණය අහිමි වෙනවා යැයි සිතා යමෙක් මේ තීරණයට විරුද්ධ වුණොත් ඔහුට හෝ ඇයට වෙනත් විකල්පයක් හඳුන්වා දිය යුතුයි. ඒ වගේම ආනයනය කරන මස් සාධාරණ මුදලකට පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය කටයුතු කිරීම සිදුකළ යුතුයි.

ඉන්දියාවේ අගමැති මෝදි මින් පෙර මෙම තීරණය ගත්තා අපි දැක්කා. යමෙක්ට කියන්න පුළුවන් මේ තීරණය නිසා ගව පට්ටිවල සිටින පිරිමි හරක් ගහනය වැඩි වීම යම් දිනක ගැටලුවක් වෙයි කියලා. එයටත් පිළිතුරු තිබෙනවා. වර්තමානයේ කෘත්රි ම සිංචන හරහායි එළදෙනුන්ට පැටවු හැදීමේ කාර්යය බහුල වශයෙන් සිදුකරන්නේ. පවතින තාක්ෂණය අනුව 99෴ක්ම එළදෙනුන් බෝ කිරීමේ ක්රඑමවේද විද්යායවේ පවතිනවා. ඒ අනුව පිරිමි සතුන් අවම වන ආකාරයට මේ ක්රාමවේදය සකස් කළ හැකියි. ගව ඝාතනය තහනම් කරන්න තීරණයක් ගන්නවානම් රජය විසින් මෙකී සියලුම කාරණා සලකා බලලයි එය ගන්නට අවශ්යමය.කොහොම නමුත් මෙවැනි තීරණයකදී පළමුව විරෝධතා මතුවෙනවා. ඒක සාමාන්යණ තත්ත්වයක්.

හරක්මස් වලින් ශරීරයට ශක්තියක් එනවා කියන්නේ සමාජයේ පැතිරුණු බොරු මතයක්  -මහරගම අපේක්ෂා රෝහලේ අධ්යබක්ෂ වෛද්යය වසන්ත දිසානායක

ගවමස් නිතරම ආහාරයට ගන්නා විට පිළිකා තත්ත්වයට පැමිණෙනවා. මම මහරගම අපේක්ෂා රෝහලේ දීර්ඝ කාලයක පටන් මේ පිළිබඳව අධ්ය යනයක් සිදුකළා. මෙහෙට එන බඩවැල් පිළිකා රෝගීන් ගත් ආහාර පිළිබඳව, බීම වර්ග පිළිබඳව ඇහුවාම තුන්වේලටම හරක් මස් කාපු අයත් ඉන්නවා. ඒක වෙන්නේ මෙහෙමයි. රෑට ගෙනල්ලා උයලා කනවා, ආයෙත් උදේට පාන් කන්නෙත් හරක් මස් එක්ක. එහෙම්මම දවල් කෑමටත් ඒකෙන් ටිකක් ඉතිරි කර ගන්නවා. වසරකට අපේක්ෂා රෝහලට පැමිණෙන පිළිකා රෝගීන්ගේ සංඛ්යාඅව විසිපන්දහසක් පමණ වෙනවා. ඉන් 2000ක විතර රෝගීන්ට තිබෙන්නේ මහා බඩවැලේ සහ ගුද මාර්ගයේ පිළිකා. මේ තත්ත්වයට විශාල හේතුවක් වෙලා තිබෙන්නේ අධික ලෙස හරක්මස් ආහාරයට ගැනීමයි. සමාජයේ පැතිරුණු බොරු මතයක් තමයි හරක්මස් වලින් ශරීරයට ශක්තියක් එනවා කියන දේ. ශක්තියක් ලබාගන්න හරක්මස් කන්නම ඕන නැහැ. එළවළු, පලතුරු, කොස්, දෙල්, බත් කෑවාමත් ශක්තිය ලැබෙනවා. ඒක මිනිස්සු හදාගත්තු බොරු කතාවක් විතරයි. මම දන්න විදිහට පෘතුගීසීන් ලංකාවට එන්න කලින් ලංකාවේ මිනිස්සු හරක්මස් ආහාරයට ගත්තෙ නැහැ. ඒ මිනිස්සුන්ට හොඳට ශක්තිය තිබුණා. ඉන්දියාවේ හින්දු ජාතිකයෝ හරක් මස් කනවද? නැහැ. නමුත් ඒ මිනිස්සුන්ගේ ශරීරයට ශක්තිය නැහැ කියලා ගැටලු ඇවිත් නැහැනේ.

පෞද්ගලිකවම මම මේ ගවමස් ඝාතනය නවත්වන්න නීති ගේන්න ගත්තු තීරණයට විද්යාතත්මක පැත්තෙනුත් ඉතාමත් සතුටුයි. අපි ගවයාගෙන් අවශ්යත කිරි ගන්නවා, ඊට පස්සේ ගවයාගෙන් වැඩ ගන්නවා. කරත්ත අදින්න ගන්නවා. කුඹුරු හාන්න ගන්නවා. ගොම ටික පොහොර විදිහට අරගන්නවා. පුළුවන් තරම් වැඩ අරගෙන හරකා වයසට ගියාට පස්සේ අපි මරාගෙන කනවා. ඒක කොතරම් ලොකු අසාධාරණයක්ද?

මම මුල් කාලේදී සෞඛ්යෙ වෛද්යො නිලධාරියෙකු ලෙස සේවය කරලා තියෙනවා. ඒ කාලෙදි මම හරක් මරන තැන්වලට යන්න පවා ලැබිලා තිබෙනවා. හරකාගේ අවසන් හුස්ම යන්නේ ලොකු දුකක් විඳලා. ඒක වේදනාත්මක මරණයක්. ඇත්තටම හරක් මස් හෝ එළුමස් වගේ දේවල් ආහාරයට ලබාගැනීම අත්යා්වශ්යවම නැහැ. මාළු වැනි දෑ නම් ප්රයශ්නයක් නැහැ. හරක් මස් වල තිබෙන තෙල් වැඩිහිටි පුද්ගලයන්ගේ දියවැඩියාව, අඝාත, හෘදයාබාධවලටත් බලපානවා. මම වසර විස්සක් මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන්නේ. ඉතින් මේවගේ නීතියක් ගේන්න ගත් තීරණය පුද්ගල ශරීරයට ඉතා සුබදායක විදිහට තමයි මම දකින්නේ.*

නීති ගේන්න පෙර කිරි ගොවීන්ට ඇතිවන ගැටලුවට විසඳුම් ලෙස යම් ක්රඇමවේදයක් රජය මැදිහත් වී සකස් කළ යුතුයි -ජාතික කිරිගොවි සම්මේලනයේ ජාතික සංවිධායක චම්ලි ජයරත්න

කිරිගොවියන් ලෙස අපි හරක් මැරීම සම්බන්ධයෙන් විරුද්ධයි. නමුත් මේ තීරණය එකවරම ගත්තොත් කිරිගොවියන්ට ගැටලුවක් මතුවෙනවා. මොකද කිරි වරණ එළදෙනුන්ට කුමක් කළ යුතුද? ඒ වගේම පිරිමි සතුන්ට කුමක් කළ යුතුද?  යන ගැටලුවලට විසඳුම් ලෙස වැඩපිළිවෙළක් නීති ගේන්න පෙර හඳුන්වා දිය යුතුයි. මේ තීරණය මීට අවුරුදු 10කට පමණ පෙර බුද්ධශාසන අමාත්යාංයශය මගින් ගෙන එන්නට වැඩසටහනක් දියත් කළා. එහිදී රැස්වීම් වලට සහභාගී වූ ගොවීන් නිලධාරින් හමුවේ සඳහන් කළේ හරක් මසට විකුණන්නට ඔවුන්ට අවශ්යක බවයි. ගොවීන්ගේ මේ ගැටලුව සම්බන්ධයෙන් මම 2008 වර්ෂයේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒක තමයි කාබනික වගාවන්ට අවශ්යව පොහොර නිෂ්පාදනය සඳහා මෙම ගවයන් යොදාගැනීම. ඒ කටයුතු සඳහා මේ සතුන් නඩත්තු කිරීම වෙනුවෙන් රජය අපට සාධාරණ ගෙවීමක් සිදුකිරීම අවශ්යමයි. මොකද අද වෙද්දී තෘණ භූමි අහිමි වී යාම නිසා කිරිගොවීන් විශාල ගැටලු මධ්යදයේ තමයි මේ කර්මාන්තයේ යෙදෙන්නේ. ඒ නිසා මෙවැනි නීතියක් ගේනවානම් අනිවාර්යෙන් අපිට රජයේ සාධාරණ මැදිහත්වීමක් අවශ්යමයි. විශේෂයෙන් අපිට ගවයන්ගෙන් ලැබෙන ගොම පොහොර වලින් කොම්පෝස්ට් වගේ නිෂ්පාදන සැකසීම සිදුකළ හැකියි. අතීතයේ ලංකාවේ තිබුණේ ගොවියා හා ගවයා කියන කෘෂිකර්මාන්තයයි. අද අපි කතා කරන්නේ කිරි හා පාරිභෝගිකයා කියන තැන ඉඳලයි.

අපි මෑතකදී සාකච්ඡාවකට සහභාගී වුණා. එහිදී අපි ගොම උපයෝගී කරගෙන පොස්පේට්, පොස්පරස් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කළා. මේවාට පුහුණු කළ ගොවීන් ලංකාවේ ඉන්නවා. අපිට අවශ්යස වන්නේ ක්රි.යාවලියකට යොමු වීමයි. ලංකාවේ පොස්පේට් නිධියක් තිබෙනවා. අපිට ඒ අනුව ගොම යොදාගෙන පොස්පරස් කියන කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. ලංකාව රුපියල් බිලියන 07ක් විතර පොස්පරස් ආනයනය සඳහා වියදම් කරනවා. මෙය අපිට නතර කරගන්න පුළුවන්. ඒ අනුව නිසි ක්රටමවේදයක් සකස් කරලා ගොම යොදාගෙන මේ පොහොර නිෂ්පාදන කටයුතු සිදුකෙරෙනවා නම් කිරි ගොවීන්ට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අවශ්යද වන්නේ ගවයන් නඩත්තුව සඳහා යම්කිසි මුදලක් ලබාදෙන්න රජය විසින් වැඩපිළිවෙළක් සකස් කිරීමයි. නිසි වැඩපිළිවෙළක් නැතිව මේ තීරණයට රජය අවතීර්ණ වුණොත් යම් දිනක කිරිගොවීන් ලොකු ගැටලුවකට මුහුණදේවි.

නදීශානි පතිරණ/ කැලුම් දේවින්ද

 



Recommended Articles