ජම්මෙට වඩා පුරුද්ද ලොකුය. ඒ අපේ ජනසමාජයේ පවතින කට වහරකි. මේ කට වහර මගේ මතකයට ආවේ මේ අපේ ජන සමාජය දෙස බලා සිටීමෙන් ලද නිරීක්ෂණ කිහිපයක් හේතුවෙනි. මේ වෙද්දී මුළු ලොවම සලිත කර තිබෙන කෝවිඩ් 19 වසංගතය නිසා කෙමෙන් කෙමෙන් ලෝකයම අක්‍රිය වෙමින් පවතියි.
එම අක්‍රිය වෙමින් යන ලෝකය යළි සක්‍රිය තත්ත්වයට පත්කර ගැනීම සඳහා මහජන අවකාශයම යම් කාලයකට නිරෝධායනයකට ලක්කළ යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත වසංගතය තදින් පැතිර යන කලාපවල සමාජ ක්‍රියාකාරිත්වයට යම් සීමා පැන වෙමින් ඇත්තේ එම හේතුවෙනි.
රටවල් වල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත දැන් දැන් අදාළ රටවල් වල රාජ්‍ය බලධාරීන් තමන්ගේ රටවල්වල සමාජ කුියාකාරිත්වයන්ට යම් සීමා පැනවීම් සිදු කරමින් මහජනයා එක්රැස් වීම වළකාලන්නට කටයුතු කරමින් සිටින්නේද එම උපදෙස්වලට අනුවය. වෛරසය පැතිරීයාම සහ මහා ව්‍යයසනයක් සිදුවීම වළකාලිය හැක්කේ එමගින් පමණක් වන බැවිනි.
සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍යවරුන් එම තීරණයට එන්නේ වෛරසයයේ සොබාවය හා එය එක ආසාධිතයකුගෙන් තවකෙකුට පැතිර යන්නේ කෙසේදැයි කළ අධ්‍යනයන්ගෙන් අනතුරුවය. එය ඔවුන්ගේ දැනුම සහ වසංගත රෝග පාලනය කිරීමේ දිගුකාලීන අත්දැකීම්වල ප්රතිඵලයකි.
ලංකාවද ඇතුළුව බොහෝ රාජ්‍යයන් එම තීරණය ක්‍රියාවට නගන්නේද ජන ජීවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍යවීමට ඉඩ නොතබමින් වීමද පැසසුම් කටයුතුය.සැබැවින්ම මෙය අසීරු අවස්ථාවකි. එමෙන්ම අභියෝකාරී මොහොතකි. එහෙත් මෙය පැරදවිය හැකිය. එහෙත් එය කළ හැක්කේ මහජන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයන් හා සෞඛ්‍ය බලධාරීන් දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙනි. ඒ මත පිහිටා රජයෙන් පනවන නියෝගවලට අවනතව කටයුතු කිරීමෙනි.
අප ඉහතින් සැකවින් සඳහන් කළ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම් සහ ඒ මත පිහිටා රජය විසින් ගනු ලැබූ තීන්දු තීරණ යන සියල්ල රෝගය වැළැක්වීමේ සහ රෝගය පැතිරයාම වැළැක්වීමේ දැනුම සහ අවබෝධය සහ සබැඳිව ගත් ක්‍රියාමාර්ගය. එම ක්‍රියාමාර්ග අතර ප්රමුඛවම ඇත්තේ මිනිසුන් එක්රැස්වීම තාවකාලික කාලයකට වළකාලීමය. රෝගය පැතිරීමේ සහ බෝවීමේ වැඩිම ඉඩ කඩ ඇත්තේ එහි වීම එයට හේතුවයි.
මේ වෙද්දී මහජන අවකාශ සීමා කිරීම වෙනුවෙන් බොහෝ ආයතන තාවකාලිකව වසා දමමින් අත්‍යවශ්‍ය සේවාවල නිරත නොවන හැමටම නිවාඩු දී ඇත. සැබැවින්ම එය රාජ්‍යයකට ලෙහෙසියෙන් දරාගත හැක්කක්ද නොවේ. ජනතාවගේම යහපත තකා ගත් එම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට මේ වෙද්දී රජයට ඇඳිරිනීතිය පැනවීමටද සිදුව තිබේ.
අනෙක් අතට නිතර සබන් දා අත සේදීමද මුඛ ආවරණ පැලඳීමද ඇස් මුව, නාසය, අත් පිරිසිදු කිරීමකින් තොරව නොකිරීමද, කහිනවිට හෝ කිවිසුම් යාම් දී නාසය, මුව ආවරණය කිරීමද තවත් ඉල්ලීමකි. මේවා එකක්වත් කළ නොහැකි දෑ නොවන ඉතා හොඳ සෞඛ්‍ය පුරුදුය. එහෙත් ප්රශ්නය ඇත්තේ ද මෙතනය. රෝග පාලනයට මේ දැනුමෙන් කරනා යෝජනා අපේ සමාජයේ බහුතරයකට සහ ලෝකයේ බහුතරයකට ද නුහුරුය.
දැන් අපි එකින් එක මෙම කරුණු කීපය විමසා බැලුවහොත් එය ඔබට මැනවින් වැටහෙනු ඇත. හුදෙකළා වීම මේ රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ සහ පාලනයේ අංක එකේ කොන්දේසිය වෙයි. මෙය සියල්ලෝ දනිති. සහ එය කළ හැකි දෙයක්ද වෙයි. එහෙත් වැඩිපුරම මිනිසුන් කඩකරන්නේද එයමය.
මිනිසා සමාජශීලී වීම සහ සංචරණයට ප්‍රිය වීම ඊට හේතුවයි. එය මිනිසාගේ පුරුද්දකි. එනිසා කෝවිඩ් 19 පැතිරීම සහ ව්‍යාප්තිය වැළැක්වීමේ දැනුම මිනිසාගේ සමාජශීලී වීමේ සහ සංචරණයේ පුරුද්ද ඉදිරියේ අභියෝගයට ලක්වෙයි. ඉතාලිය මීට හොඳම නිදසුනකි. ඉතාලි ජනතාව නිදහස් විනෝදකාමී ජනතාවකි. ඔවුනට අද මෙතරම් දරුණුවට කෝවිඩ් 19 තර්ජනයට ලක්වීමට සිදුව ඇත්තේද එම සමාජශීලී විනෝදකාමී චර්යාවන් හේතුවෙනි. ඊළඟට වැඩිම ව්‍යසනයට ගොදුරුව ඇති ස්පාඤ්ඤයද විනෝදකාමී සංස්කෘතියක් ඇති රටකි.
පිරිසක් අතරදී මුඛ ආවරණයක් පැලඳ සීටීමද බොහෝ අයට නුහුරුය. එනිසා මුබ ආවරණ තිබියදීත් ඇතැමුන් එය බෙල්ලේ දමාගෙන හෝ අතේ තියාගෙන කතා කරමින් සිටිනු ඇතැම්විට ඔබද දැක ඇතුවාට සැක සැක නැත. අනෙකුත් කාරණාද මෙලෙසමය. ඉතින් මට කීමට අවැසි වූයේ කෝවිඩ් පිළිබඳව නම් නොවේ.
මන්ද කෝවිඩ් ගැන දැන් ඔබ එපා වෙනකම් අසා දැනගෙන තිබේ. කෝවිඩ් නිදර්ශනයක් පමණි. ඔබේ දැනුමට කෝවිඩ් පැරදවිය නොහැකි වුවද ඔබෙි අත සේදීමේ පුරුද්ද, වෛරස් ස්වශන ආරක්ෂාව වෙනුවෙන් මුඛ ආවරණ පැලඳීම පුරුදු වීමද කෝවිඩ්වලින් ආරක්ෂා වීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත. මේ ව්‍යයසන මොහොතේ ඔබේ හුදකළාව සිටීමේ පුරුද්දද අතැම්විට ඔබව කෝවිඩ් අසාදිතයෙක් වීම වළකනු ඇත. මෙය දැනුමට වඩා පුරුදු ලොකු වූ මොහොතකි.
අවැසි නම් අපට මෙලෙස ද කිව හැකිය. කෝවිඩ්වලටත් වඩා පුරුද්ද ලොකුය. අප ඉස්සර කීවේ ජන්මයට වඩා පුරුද්ද ලොකු බවකි. එහෙත් දැන් අපට මෙලෙසත් කීමට සිදුවනු ඇත. දැනුමටත් වඩා පුරුද්ද ලොකු වී ඇත. ඔබ ඇතැම් පුරුදු, පුරුදු වීමත් ඇතැම් පුරුදු අත්හැරීමත් මේ කොරෝණා කාලේ බොහෝ දේ තීන්දු වනු ඇත. ඒ අතර ඔබේ ජීවිතයද තිබිය හැකිය.
ප්‍රියන්ත ලියනගේ