"වීදී ආහාර සංස්කෘතිය" ලෝකයේ බොහෝ රටවල පැවතුණද එය ලංකාවට යම් අලුත් බවක් ගෙන එන්නකි. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල කුඩාවට වීදී ආහාර කඩ පැවතියද මෙය ඉතා ජනප්‍රිය මාතෘකාවක් ලෙස කතා බහට ලක්වනුයේ මෑත කාලයේදීය. මේ වනවිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සවස් භාගය වනවිට වීදි ආහාර කඩ එළියට පැමිණේ.
ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතා මාස කිහිපයකට ඉහතදී වීදි ආහාර සංස්කෘතියට නව ජීවයක් ලබාදෙමින් සිය රථයේ තබාගෙන ,පොල් රොටි සමග පෝක් කරි, විකිණීම ආරම්භ කළේය. එය සමාජයේ කතාබහට ලක් වූ මාතෘකාවක් වූ අතර, වාහනවල තබා ආහාර විකිණීමේ ප්‍රවණතාවක් ඉන් ඇතිවිය.
තලවතුගොඩ, කිඹුලාවල ව්යාණයාම මංතීරුව අසල වාහන නැවතුම් තීරුවද මේ වනවිට වීදී ආහාර වෙළෙඳුන්ගෙන් පිරී තිබේ. සිය මෝටර් රථයෙන් පැමිණ ආහාර විකිණීම ඔවුන් විසින් සිදු කරනු ලබයි. මේ ලෙස මහා මාර්ගයේ ආහාර විකිණීම පසුපස මොවුන්ගේ ඉතා දොම්නස් කතා පුවතක්ද තිබේ. ඒ ලෝකයටම බලපෑමක් ඇති කළ කෝවිඩ්19 වසංගතයෙන් ඇති වූ ආර්ථික අර්බුදයයි. මේ එම වීදි වෙළෙඳුන්ගේ කතාවයි.
හර්ෂ මහතා,
"මම ව්‍යාපාර කරපු කෙනෙක්. කොරෝනා නිසා අපේ ව්‍යාපාර බැස්සා. දැන් ගෙදරට වෙලා නිකන් ඉන්න බැහැ. ඉතින් මෙතනට ඇවිත් දැන් වාහනේ කෑම කඩයක් දැම්මා. මෙතන අපි විකුණන්නේ ඌරු මස් කරියි, කොච්චි සම්බෝලයි, මඤ්ඤොක්කා. ගොඩක්ම දේශීය කෑම තමයි අපි මෙතනට ගේන්නේ. අපිම තමයි කෑම හදන්නේ. කිසිම කෑමක් පිටින් ගන්නේ නැහැ. මිනිස්සුන්ට විකුණන කෑම ටික පිරිසුදුවට පිළිවෙළට දෙන්න ඕනෙනේ. කහතුඩුවේ තමයි අපේ ගෙවල්. කහතුඩුවේ ඉඳලා කෑම හදාගෙන එනවා. වැස්ස දවස්වලට නම් ටිකක් බිස්නස් අඩුයි. අනිත් දවස්වලට නම් බිස්නස් හොඳයි. කොරෝනා තත්ත්වය ඉවර වෙලා රට යථා තත්ත්වයට පත්වෙනකල් ඉතින් මේක කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ."
නාවික රැකියාවක් කළ චන්ද්රාත විජේසුන්දර මහතා,
"අපි විකුණන්නේ සුප් වර්ග. චිකන්, එළුමස්, එළවළු සුප් ජාති තමයි තියෙන්නේ. අපි ගෙදරින් හදාගෙන එන්නේ. අල පෙති වගේ දේවල් නම් මෙතනම බැදලා උණු උණුවෙම විකුණනවා. මම නැවක වැඩ කළේ. අවුරුද්දෙන් බාගයක්ම ඉන්නේ ලංකාවේ නෙවෙයි. කොරෝනා දවස්වල කොරෝනා බය නිසා ලංකාවට ආවා. ඊට පස්සේ යන්න ලැබුණේ නැහැ. ආයේ කවදා යන්න ලැබෙයිද දන්නේ නැහැ. මට ඉගෙන ගන්න වයසේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලාගේ අධ්යානපන වියදම්, කෑම බීම වියදම් තියෙනවා. ඉතින් ගෙදරට වෙලා ඉන්න බැහැ ආයේ රස්සා පටන් ගන්නකල් කියලා. ඒ නිසා මොනවා හරි අපි කරන්න එපැයි. ඒ නිසා තමයි අපි මේක පටන් ගත්තේ. මමයි නෝනයි තමයි සුප් හදන්නේ. අපි දෙන්නම තමයි මෙතැන මේවා විකුණන්නෙත්. මෙතන හවසට සෙනඟ එනවා ව්යා යාම් කරන්න ඇවිදින්න එහෙම. අපේ ගෙවල් කොට්ටාවේ. ඉතින් අපිටත් ළඟයිනේ. ඒ නිසා මෙතන බිස්නස් කරන්න පටන් ගත්තා.
මෙතන බිස්නස් කරන්න අපි මුලින් අවසර ඉල්ල ගත්තා. මෙතන කෑම විකුණන හැමෝම එකතු වෙලා ඉල්ලලා තමයි අවසර හම්බ වුණේ. පොලිස් ඕ.අයි.සී. මහත්වරුත් ඇවිත් කාලා යනවා. ළඟදී නුවර පැත්තේ ඇමතිවරයෙකුත් ඇවිත් වාහනේ නවත්වලා අපෙන් සුප් බීලා කාලා කතා කරලා ගියා."
රාත්රිාය වනවිට වාහන තදබදයට හසුවන පිරිස්ද, ව්යා යාම මංතීරුවේ ව්යාකයාම් සඳහා පැමිණෙන පිරිස්ද, ඉබේම මේ ස්ථානයට පැමිණෙනුයේ එහි ඇති ආශ්වාදය විඳ ගැනීමටය. දුම් දමමින් පිසින ආහාරවල රසය විඳ ගැනීම සඳහාම මෙම ස්ථානයට පැමිණෙන පිරිස්ද දැකිය හැකිය.
තුසර මහතා,
"මෙතනින් ඌරු මසුයි, ලුණු මිරිසුයි එක්ක රොටි කාලා ප්ලේන්ටියක් බොන්න පුළුවන්. රෑ වෙන්න රෑ වෙන්න කෑම යනවා. මම තනියෙන් තමයි මෙතන කඩේ කරන්නේ. මෙතනම රොටි හදනවා. ප්ලේන්ටි හදනවා. හවසට උණු උණුවෙන් රොටි කන්න මිනිස්සු ආසයි. සැරට රොටි කාලා ප්ලේන්ටියක් බිව්වාම පොඩි වෙනසකුත් තියෙනවානේ. සති අන්තයේදී නම් මේ හැම කඩයකම සෙනඟ වැහි වැහැලා.
ඇඳිරි නීතිය ඉවරවුණු ගමන්ම වගේ තමයි මම මෙතැනට ආවේ. මෙතන ව්යානයාම් මංතීරුවේ වාහන නැවතුම්පොළ නිසා පටන් ගත්තු මුල් කාලේදී අපිට ගැටලු ආවා. මෙතනින් ඉවත් වෙන්න කියලා කිව්වා. මොකද අපි මෙතනට මුලින්ම ආවේ අනවසරයෙන්. හැබැයි අපි හැමෝම එකතු වෙලා පොලිස් නිලධාරීන් එක්ක කතා කරලා ටික දවසක් මෙතන බිස්නස් කරන්න අවස්ථාව ලැබුණා. මම මීට කලින් වැඩ කළේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක. දැන් ඒ ආයතනය වැහිලා තියෙන්නේ. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. දැන් වෙන තැන්වල රස්සාවලට ගන්නෙත් නැහැනේ. ඒ නිසා මෙතනට ඇවිත් මේ විදිහට පොඩි කෑම කඩයක් පටන් ගත්තා."
මුල් කාලයේදී ආහාරම පමණක් විකිණූ මෙම ස්ථානයේ මේ වනවිට සපත්තු, නිමි ඇඳුම්, ඉලෙක්ට්රොවනික් උපාංග, එළවළු පලතුරුද විකුණනු දක්නට ලැබේ. කිඹුලාවල වීදි ආහාර වෙළෙඳුන් මැද සිය රථයෙන් නිමි ඇඳුම් විකුණන වසන්ත මහතාගේ අදහස්, මෙසේ විමසුවෙමු.
"හැමෝම මෙතන කෑමනේ විකුණන්නේ. ඉතින් කෑම කන්න එන අයට පොඩි අයට ඇඳුම් විකුණන්න හිතුවා. මම කලින් ඉඳලා කරේ රෙදි බිස්නස්. මම පොඩි අයගේ ඇඳුම්, කාන්තා ඇඳුම් මහලා පමුණුවේ කඩවලට දැම්මා. දැන් පමුණුවෙත් බිස්නස් නැහැ. ඒ නිසා අපේ ඇඳුම් ගන්නෙත් නැහැ. ඉතින් මෙතනට ආවා. මමත් ඇවිත් දැන් මාසයක් එකහමාරක් විතර වෙනවා. මෙතන ඉතින් සාමාන්යට බිස්නස් එකක් තියෙනවා. මෙතන තියෙන කෑම වාහන ඔක්කොම යනකල් මමත් ඉන්නවා. දැන් හැමදාම හවසට කිඹුලාවල හන්දියේ වීදි ආහාර සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවානේ. ඉතින් ඒ නිසා මෙතන ඒ කෑම කන්න එන අයට, බලන්න එන අයට, මංතීරුවේ ඇවිදින අයට රෙදි විකුණනවා"
තවත් වෙළෙඳ මහතෙක්,
"මම ඇත්තටම මුලින් සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියාවක් කළේ. කොරෝනා නිසා දැන් සංචාරකයෝ එන්නේ නැහැනේ. මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් මේකෙන් තමයි දැන් අපි ජීවත් වෙන්නේ. කෑම විකුණලා වාහනේ ෆිනෑන්ස් නම් ගෙවාගෙන යන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඉතින් එදිනෙදා වියදම් පිරිමහ ගන්න පුළුවන්. මෙතනට ආපු දවස්වලදී නම් වාහන තදබදයට බාධාවක් කියලා ප්රනශ්න ආවා. ඊට පස්සේ අපි පොලීසියේ අයට තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ තලංගම පොලීසියෙන් අපිට කිව්වා පාස්පෝට් ප්රටමාණයේ ඡායාරූප දෙකක් ගෙනත් දීලා මෙතන වෙළෙඳාම් කරන්න ලියාපදිංචි වෙන්න කියලා. අපි දැන් ලියාපදිංචි වෙලා ඉන්නේ. ඇත්තටම මේ වගේ වාහනයක් තියාගෙන පාරට ඇවිත් කෑම විකුණන්නේ අපිටත් ආර්ථික ප්රවශ්නයක් තියෙන නිසානේ. ජනාධිපතිතුමයි, අගමැතිතුමයිත් මෙතැනින් කිහිප වතාවක්ම ගියා. මම හිතන විදිහට නම් මෙතැන කෑම විකුණන එක වැරදි වැඩක් නෙවෙයි. සංචාරක ක්ෂේත්රදයේ කාටවත් කිසිම සහනයක් ලැබුණේ නැහැ. නිලධාරීන් කොච්චර කතා කිව්වත් අපිට සහනයක් ලැබුණේ නැහැනේ. සංචාරකයෝ එන පාටකුත් නැහැ. සල්ලිකාර සුද්දෝ ගොඩක් කොරෝනා හැදිලා මැරුණා. වයසක අයනේ ගොඩක් මැරුණේ. එයාලා තමයි ආවාම වාහනයකහරි යන්නේ. අනිත් අය නම් කෝච්චිවල, බස්වලනේ යන්නේ. මේ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙන්න නම් 2021වත් වෙයි. දිගටම මෙතන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ වෙලාවේ මෙහෙම හරි දෙයක් කරන්න වෙනවානේ.
මම ටුවරිසම් කරන්න කලින් හෝටල් ක්ෂේත්‍ර යට සම්බන්ධ වෙලා හිටියේ. ඒ නිසා බටහිර කෑම හදන හැටි ගැන පොඩ්ඩක් විතර දන්නවා. කෑම කියන්නේ සෑහෙන්න ලොකු කැප කිරීමක් කරලා කරන්න ඕන දෙයක්. පිරිසුදුවට, පිළිවෙළට රසට හදන්න ඕනේ. මෙතන මම විකුණන්නේ බර්ගර් වර්ග, සැන්ඩ්විච් වර්ග, කට්ලට් වගේ දේවල්. මමමයි මේ දේවල් හදන්නේ. දැන් මෙතනට අපේ කෑම හොයාගෙන එන පිරිසකුත් ඉන්නවා"
හිරුෂාන් මහතා,
අපි අද තමයි මෙතනට ආවේ. කලින් දවස්වල ඇවිත් බලලා ගියා. මේ තැනට ගොඩක් කට්ටිය එනවා. හවසට ගෙවල්වලට යන මිනිස්සු ඉන්නවා. ඇවිදින්න එන මිනිස්සු ඉන්නවා. වටේ පිටාවේ ආයතන තියෙනවා. ඉතින් මේ වගේ තැනක කෑම විකුණන එක හොඳයිනේ. අනෙක දැන් මේ හරියේ ස්ට්රීවට් ෆුඩ්වලට පොඩි සංස්කෘතියක් හැදිලා තියෙනවා වගේ. මේ දිගටම ස්ට්රීමට් ෆුඩ් තියෙන්නේ. ස්ට්රීකට් ෆුඩ් ෆෙස්ටිවල් එකක් වගේ ප්රෙවණතාවක් හැදිලා තියෙනවා. මේක බලන්නත් මිනිස්සු එනවානේ. ගොඩක් මිනිස්සු මෙතනට වෙලා තියෙන වෙනස බලන්න එනවානේ.
අපේ අදහස වුණේ ඌරු මසුයි, චිකනුයි එක්ක ඕනෑම දෙයක් මිනිස්සුන්ට කන්න පුළුවන් කියලා පෙන්වන්න. මෙතනට එන අයට චිකන් හොදි එක්ක හරි, පෝක් කරි එක්ක හරි, ඉඳි ආප්ප, රෝස් පාන්, පිට්ටු, රොටි වගේ දේවල් කන්න පුළුවන්. පළවැනි දවසේ බිස්නස් ටිකක් හොඳයි වගේ. ඇත්තටම මේ වගේ වැඩක් කරලා අමතර ආදායමක් ලබන්නත් පුළුවන්. ඒ වගේම පොඩි ජොලියකුත් තියෙනවානේ. මමයි මගේ යාළුවයි තමයි කරන්නේ. අද පටන් ගත්තු නිසා අපේ යාළුවෝ කට්ටියත් ආවා. පොලිස් නිලධාරීන් හැම තිස්සෙම ඇවිත් අපේ පිරිසුදුභාවය බලනවා. අපි වාහන තදබදයට හිරිහැරයක්ද කියලා බලනවා. මුකුත් කියන්නේ නම් නැහැ*
සවස හතර වනවිට මෙම ජංගම ආහාර රථ සියල්ලම මෙම ස්ථානයට පැමිණේ. ඉන් පසුව රාත්රීි දහය, එකොලහ ඇතැම්විට මධ්යනම රාත්රිපය වනතුරුත් කිඹුලාවල මංතීරුව වීදි ආහාරයන්ගෙන් පිරී තිබේ. කෝවිඩ් හේතුවෙන් රැකියා අහිමි වූවන් සේම වීදි ආහාර විකිණීමේ ප්රගවණතාවට එකතු වුණු පිරිස්ද කිඹුලාවල වෙළෙඳාමෙහි නිරත වේ. ත්‍රි රෝද රිය, කාර්, වෑන් මෙන්ම බස් රථවලින්ද ආහාර වෙළෙඳාම් කරන අයුරු සවස් භාගය වනවිට මෙම ස්ථානයේදී දැකිය හැකිය. විවිධ අලංකාර සහ සිත් ඇදගන්නාසුලු ආලෝකයන්වලින් වාහන සරසා, වීදි ආහාර උත්සවයක සිරියක් සෑම දිනකම සවසට මෙහිදී අත්විඳිය හැකිය.