ලංකාවේ චිත්‍රපට බලන්න සිනමාශාලාවල මිනිස්සු නැත්තෙ ඇයි කියලා මම තේරැම් ගත්තා. ගියසතියේ කතාබහට ලක්වුණු වැදගත් ෆිල්ම් පහක් ගැන කෙටි විස්තරයක් ලියන්න හිතුවේ ඒකයි.
800
මේක මුත්තය්යා මුරලිදරන්ගේ ජීවන වෘතාන්තය රෑපයට නගන්න හදන බයොපික් චිත්‍රපටයක්. 800 කියන්නෙ මුරලි දවාගත්ත ටෙස්ට් ක්‍රිකට් කඩුළු ගණන. ඉන්දියානු කොලිවුඩ් නිෂ්පාදනයක් වනමෙහි මුරලිට පණ දෙන්න නියමිත ප්‍රකට නලු විජේ සේතුපති. මේකට දැන් වැටිලා තියෙන්නෙජාත්‍යන්තර කොක්කක්.
මුරලි දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නොනගපු කෙනෙක් (ද්‍රෝහියෙක්) නිසා ඔහුගේ චරිතය නිරෑපණය නොකරන ලෙස දකුණු ඉන්දීය ජනතාව විජේ සේතුපතිගෙන් ඉල්ලාහිටිනවා.
කොහොමත් මුරලි ජනතාව වෙනුවෙන් ඒ කාලේ කතා කළා නම් ඔය චිත්‍රපටියේ නම 800 වෙන්නෙනෑ. එහෙනම් 200 හෝ 300තමයි.
අනාගතය ගැන සිතා චිත්‍රපටයෙන් ඉවත් වන්නැයි මුරලිම සේතුපතිගෙන් ඉල්ලලා. තමන්වෙනුවෙන්වත් පෙනී හිටින්න බැරි මුරලි කොහොම ජනතාව වෙනුවෙන් කතා කරන්නද? ටීම් එකේ ඉන්න කාලේ වගේම දැනුත් එයාව බලා ගන්නත් වෙන කවුරැ හරි ඕනෙ.
ක්‍රිඩා තේමා කර ගත්ත චිත්‍රපටි සාමාන්‍යයෙන් ඉවර වෙන්නේ සමගිය - සමාදානය - සහයෝගය - ‘දිණුම - පැරදුම සමබරවේ’ වගේ ක්ලයිමැක්ස් වලින්. මේ පණිවිඩය දීගන්නවත් ෆිල්ම් එක හදාගන්න එකඟතාවයකට එන්න බෑනෙ.
අන්තිමට චිත්‍රපටියක් තියෙනවා රඟපාන්න නළුවෙක් නෑ.
බදුර්දීන් ද ෆුජිටිව්
මේක සැකකරැ නීතියෙන් පලා යන ෆුජිටිව් ශානරයේ ෆිල්ම් එකක්. හැරිසන් ෆෝඩ් ෆුජිටිව් ෆිල්ම්එකේ හැංලිලා හිටියට වැඩි කාලයක් බදුර්දීන් හිටිය නිසා එයාගේ රංගන හැකියාව අවතක්සේරැකරන්න බෑ.
“බදුර්දීන් ඔයා කොහිදෝ? ඉන්නව නම් එන්නකෝ. එයාලා අඩනවෝ. පව් හලෝ” චිත්‍රපටයත්එක්ක ආපු මේ තේමා ගීතය දැන් චාර්ට්ස් ටොප් කරලා තියෙන්න්නෙ.
පොඩි ප්‍රශ්නෙකට තිබ්බේ මෙයා හැංගෙන්නෙ කාගෙන්දැයි ප්‍රේක්ෂකයට හරි හැටි නොතේරැණුඑක. ඒක ශූර තිරපිටපත් රචකයාගේ දක්ෂතාවයක්. සාමාන්‍ය අවුට්ලෝ චිත්‍රපටයක වගේමනීතියෙන් පිටපනින්නා සමග ප්‍රේක්ෂක ජනතාව තදාත්මීය වෙලා හිටියා, “ගස් කැපුවට කමක් නෑඅනේ උඹ නම් මේ වෙලෙවේ අහු වෙන්න එපෝ” කියලා පරිසර හිතකාමීන් පවා ප්‍රාර්ථනා කළා.
හැබැයි අන්තිමට හැම ෆුජිටිව් චිත්‍රපටයේ වගේම එයත් නීතියට අහුවුණා. එයාව හංගගෙන හිටපුඅයටත් නීතියෙන් තර්ජන. මෙතනදි එහෙම නැති වුණාට, සාමාන්‍යයෙන් නම් ෆුජිටිව් ෆිල්ම්වලනීතියෙන් පැනලා යන එකාට ගේම දෙන්න හදන කවුරැහරි නීතිය අවභාවිත කරන නීතිලොක්කෙකුත් ඉන්නවා.
මේ චිත්‍රපට සාමාන්‍යයෙන් ඉවර වෙන්නෙ පලාගිය එකා වීරයා වෙලා.
වන්ස් අප්ඕන් අ ටයිම් ඉන් කළම්බු
මේක පතාල චිත්‍රපටියක්. වන්ස් අප්ඕන් අ ටයිම් කිව්වට කොළඹ හැමදාම වෙන්නේ මේකම තමයි. අත්අඩංගුවේ ඉන්න කෙනෙක් මොකක් හරි බඩුවක් පෙන්නන්න යනවා. අන්තිමට බඩු ඌටමහම්බුවෙනවා. අතිශය දුර්වල තිරපිටපත් ලාංකීය පාතාල චිත්‍රපටවල මූලික ලක්ෂණයක්. රංගනයවිශ්වසනීයත්වය තාර්කික බව අටයි තිහේ ටෙලිවලටත් එහා. මීටර් පන්සීයක් එහා ඉඳන් තියපුවෙඩිල්ල වැදිලා තියෙන්නේ පොයින්ට් බ්ලෑන්ක් විදියට කියලා මේකප් කරපු වේස නිරෑපන ශිල්පියාදැක්ම, මට මතක් වුනේ ඔය රස්සාවම කරන වැඩ බැරි මගේ යාලුවෙක්ව.
ලෝකේ දුර්වලමචිත්‍රපට සඳහා සම්මාන දෙන ‘රාසි’ උළෙලට දැම්ම නම් මේ චිත්‍රපටියට ඇවෝර්ඩ් ගණනාවක්ශුවර් කරලා ගන්න තිබුණා.
පාතාල ෆිල්ම්වල ගෝඩ්ෆාදර් කියන්නෙ දෙය්යෙක් වගේ තාත්තා කෙනෙක්ම තමයි. එයා ගාවතියෙනවා රටක් වටින රහස්. එයා වටේ ඉන්නෙ රටක් වටින රට කරවන නළු නිළියෝ. ඒ අයගේජීවනෝපාය තියෙන්නේ මෙයාගේ රහස් පෙට්ටියේ. හැබැයි බොරැ හදන ෆැක්ටරිය අයිතිදේශපාලනය කරන අයට. මේ දෙගොල්ලො අතරට සටනක් ඇති වූ දාට වැඩිය බලවත් එකාබේරෙනවා. හැබැයි ෆිල්ම් එකේ හැටියට වෙනස් චරිතයකට ඇදුම් ඇඳලා හිටියට, පාතාලයෙක්මරන්නෙ තවත් පාතාලයෙක්ම තමයි.
ඉතිං පාතාලයා මැරැණම චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දෙනවා. චිත්‍රපටියේ ඇතුලෙ කට්ටියඅඬනවා මැරැණෙ මනුස්සයෙක් කියලා. ප්‍රේක්ෂකයෝ නීතිය ජය ගත්හයි සිතා රැවටී සැනසුම්සුසුම්හෙළා ප්‍රේක්ෂකාගාරයෙන් එළියට එනවා.
හැබැයි හැම පාතාල චිත්‍රපටයකටම දෙවන කොටසක් එනවා.
කෝවිඩ් අවුට්බ්‍රේක්
මේක වසංගත රෝගයක් මුල් කරගත් ත්‍රාසජනක චිත්‍රපටියක්. මේ ගණයේ චිත්‍රපට වලින්පෙන්නන්නේ හදිසි තත්ත්වයක මුහුණ දෙන්න මිනිස්සුන්ට තියෙන නොහැකියාව. එවන් තත්ත්වයක්පාලනය කරන්න රාජ්‍යයට ඇති නොහැකියාව. මෙකී අංග දෙකෙන්ම විශිෂ්ටතා පෙන්නුම් කරන මේෆිල්ම් එක මේ වෙලාවේ වාර්තා බිඳ හෙලමින් අතිසාර්ථක ලෙස ප්‍රදර්ශනය වෙනවා. තව ටිකදවසක් යන කොට මේක බලපු නැති කෙනෙක් හොයා ගන්න බැරි වෙයි.
සාමාන්‍යයෙන් නම්, මේ ෆිල්ම්වල වීරයා වෙන ප්‍රධාන නඵවයි නිළියයි ඒගොල්ලන්ගේ යාලුවෝතුන්දෙනෙකුයි එකතු වෙලා තමයි අන්තිමට ලෝකෙ බේර ගන්නෙ. අවාසනාවකට තාම මේ වීරයෝපහළවෙලා නෑ.
මේ චිත්‍රපටවල තවත් ලක්ෂණයක් තමයි වසංගතය පාලනය කරනවයි කියන බොරැ වීර චරිතවලටත් ප්‍රධාන භූමිකාවක් හිමි වෙන එක. මේ අය වැඩ කරන්නේ බොහෝ විට තමන්ගේ යටිඅරමුණක් මුදුන්පත් කර ගන්නා තුරැ පමණයි.
හැබැයි තත්ත්වය පාලනය කරනු වෙනුවට, තත්ත්වය ගැන බිහිවී ඇති තත්ත්වය පාලනය කරන්නබලධාරීන් කැපවෙන හැටි චිත්‍රපටය ගැඹුරින් කියවන විචාරකයින්ට පේන්න පුඵවන්.
මේක තමයි ලෝකෙන් උතුම් රට වුණාට ඒ තරම් කමකට නැති වෙන රටක එකෙක් අන්තිමමොහොතෙ එන්නතක් සොයාගෙන අපිවත් බේර ගන්න හැටි කට ඇරන් බලන් ඉන්න තියෙන්නේ. ඒවෙනකම් ජේආර් කිව්වා වගේ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න වෙනවා.
නැත්තන් ෆිල්ම් එක ඉවර වෙන්න ඉස්සර නින්ද යන්න පුලුවන්.
2020.20
මේ චිත්‍රපටය දේශපාන ප්‍රහසනයක්. එහෙම කිව්වා කියලා හිනා යන්නෙමත් නෑ. හිනා යන්නේචිත්‍රපටයට වඩා බලන උන් ගැන. සාමාන්‍යයෙන් චිත්‍රපටවලට මේ වගේ නම් එන්නේ ලෝකඅවසානය, මනුෂ්‍යත්වයේ අවසානය වගේ තේමා ගැන කියවෙන කොට මිසක් බහුතරයකගේප්‍රාර්ථනා ඉටුවන සිහින ඵල දරණ ප්‍රේම කතා වල නෙමෙයි.
මේක දේශපාලන කතාවක් වුණාට යටි පෙළින් දිවෙන්නේ ප්‍රේමයක්. ඒ ආදරය එයා සඵල කරගන්නවාට බහුතරයක් කැමතියි. ඒක අතීතකාමයත් එක්ක ප්‍රේක්ෂකයට එන අසිරියක්. නැතිවුණුඔටුන්නක් නැවත හම්බු වෙනවා කියලා තමයි ඒ අයට හිතන්නේ. ඒත් තියෙන දේවල් ගොඩක් නැතිවෙන වග මේ ආදරයෙන් මත් වූ ජනතාවට වැටහෙන්නේ නෑ. ආදරය ඔහොම තමා. අන්ධයි.
202020 චිත්‍රපටියේ විශේෂත්වය තමයි ෆිල්ම් එක හදලා ඉවර වුණාට පස්සෙත් ස්ක්‍රිප්ට් එක චේන්ජ්කරන්න හදන එක. ප්‍රධාන නළුවගෙ රංග පරාසය තව පුඵල් කර ගන්න ඕනලු. හැබැයි උපප්‍රධානචරිතෙයි සෙසු ටික ටික ප්‍රධාන චරිතයි මේ පිටපත් වෙනසට වැඩිය කැමති නැති හැඩයි. ඒගොල්ලන්ටත් රඟන්න ඉඩක් ඕනලු. අපි නම් කැමති ඔය කවුරැවත් රැඟුවෙ නැත්තන් තමයි.
මිනිස්සු ඉතිං සල්ලි දීලා ටිකට් ගත්ත හින්දා ඔහේ බලාගෙන ඉන්නවා.
නිගමනය:
චිත්‍රපට ඇතුලේ ජීවත්වන අයට අමුතුවෙන් ඒවා තිරයක් මත නැරඹීමට අනවශ්‍ය බැවින් සිනමා රසිකයෝ ශාලාවලට යන්නෙ නෑ.