කොවිඩ්-19 වසංගතය ලොවපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මේ මොහොතේදී අන්තර්ජාලය හරහා තමන් බෙදාගන්නා (Share කරන) තොරතුරු මොනවාදැයි පිළිබඳව ජනතාව වෙන කවරදාකටත් වඩා කල්පනාකාරී විය යුතුය. තහවුරු නොකළ හෝ ව්‍යාජ තොරතුරු පැතිරීමෙන් ව්‍යාකූලත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති අතරම, එහි අන්තයටම යෑමේදී පොදු ජනතාව අනවශ්‍ය ලෙස බියවීම සහ කලබලයට පත්වීමද සිදුවිය හැකිය.
අපට ලැබෙන අදාළ තොරතුරු සත්‍ය යැයි තහවුරු කරගැනීමෙන් පසු පමණක් අන් අය අතර බෙදාගැනීමෙන් ව්‍යාජ තොරතුරු පැතිරීම අවම කිරීමට සහාය වීම අප සෑම සියලු දෙනාගේම පොදු වගකීමක් වේ.
Share අයිකනය ක්ලික් කිරීමට ප්‍රථමයෙන් ඔබේ Feed එකට ලැබෙන තොරතුරු සත්‍ය දැයි විමර්ශනය කිරීමේ සරල පියවර 5ක් Facebook පහතින් හඳුන්වා දී තිබේ.
පියවර 1 - Post එක පරීක්ෂා කරන්න
සිරස්තලය ලියා ඇති ආකාරය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. ව්‍යාජ ප්රවෘත්තිවල සංවේදීතාවයෙන් ඉහළ ආකර්ෂණීය සිරස්තල සහ පරිශීලකයාගේ වැඩි අවධානයක් දිනාගැනීම වෙනුවෙන් All Caps හෝ වැඩිපුර විශ්මයාර්ථ සලකුණු (!!!!) තබා තිබේ. එමෙන්ම නාට්‍යමය ස්වරූපයේ ඇතැම් ආකර්ෂණීය සිරස්තල යථාර්ථවාදී සිරස්තලයක් වුවද, සැබෑ ලෝකයේදී ඒවා සත්‍ය යැයි විශ්වාස කිරීමට තරම් හදවතට දැනෙන සිරස්තලයක්ද යන්න පවා ඔබට ඔබෙන්ම විමසා බැලිය හැකිය.
මීට අමතරව වෙබ් අඩවියේ නම සහ URL එක විමසා බලන්න. සැකසහිත URL හෝ වෙබ් අඩවි නාමයන් නිතර ජනතාව අතර ප්‍රචලිත සත්‍ය ප්රවෘත්ති වෙබ් අඩවි නාමයන්ට අතිශයන්ම සමාන වන පරිදි නිර්මාණය කිරීමට උත්සහ දරයි. එය බොහෝ දුරට කැපිටල් "L" අකුර වෙනුවට සිම්පල් "I" අකුර යෙදීම හෝ බින්දුව (0) වෙනුවට "O" අකුර යෙදීම ආදී උදාහරණ වේ. අදාළ මූලාශ්‍රය පිළිබඳ ඔබට විශ්වාසයක් නැත්නම් Browser Window එකක් විවෘත කර අදාළ නිවැරදි වෙබ් අඩවිය වෙත පිවිසී ඔබ සතුව ඇති ව්‍යාජ යැයි සැකකරන වෙබ් අඩවිය සමග සසඳා සත්‍යතාව පරික්ෂා කරගන්න.
පියවර 2 - වෙබ් අඩවිය පිළිබඳ කෙටි විමර්ශනයක් කරන්න
ඔබ අදාළ Link එක වෙත යාමට තීරණය කළේ නම් එහි ඇති ලිපිය විමර්ශනය කරන්න. ලිපියේ රචකයාගේ නම පරීක්ෂා කරන්න. ඇය හෝ ඔහු විශ්වසනීය ප්රවිවෘත්ති මූලාශ්‍රයක් ලෙස ප්‍රචලිතද? මෙයට පෙර රචකයා විසින් රචිත වෙනත් ලිපි තිබේද? යැයි ආදී වශයෙන් සොයා බැලිය යුතු අතර, අදාළ වෙබ් අඩවියේ "About" කොටසට ගොස් වෙබ් අඩවිය හෝ එම සංවිධානය පිළිබඳ වැඩිපුර අධ්‍යයනයක් සිදුකිරීම බුද්ධිමත් ක්‍රියාවකි.
එසේම ප්‍රවෘත්තිය පළකළ දිනය හෝ අදාළ ප්‍රවෘත්තියේ ජීව කාලය නිරතුරුව එකිනෙකට ගැළපේ දැයි පරීක්ෂා කිරීමද වැදගත් වේ. ව්‍යාජ ප්රවෘත්ති වෙබ් අඩවි අමුතු හෝ අශෝබන ආකෘතියක්, නොගැළපෙන නිර්මාණ රටාවක් සහ වැරදි අක්ෂර වින්‍යාසයක් ආදී අතපසු කිරීම් නිතර සිදුකරන අතර, ඔවුන් ප්‍රවෘත්තියේ සවිස්තරාත්මක බව පවත්වා ගැනීමට වැඩි අවදානයක් යොමු නොකරයි. එසේම එහි අඩංගු පින්තූර සහ වීඩියෝ ආදිය ව්‍යාජ ලෙස නිර්මාණය කළ ඒවා දැයි සොයා බලන්න.
පියවර 3 - අදාළ කතාවට මිනිසුන් දක්වා ඇති අදහස් පිළිබඳ අවධානය යොමු කරන්න
විශේෂඥයකුගේ අදහසක් උපුටා දැක්වීමකදී හෝ සටහනේ ඇති කිසිවෙකුගේ නමක් සඳහන් නොකරමින් උදෘත පාඨයක් ලියා ඇති විටකදී, විශේෂයෙන් "ලොව හොඳම විශේෂඥයෙකු මෙසේ කියා සිටියි" ආදී ලෙස සටහනේ දැක්වේ නම් එය බොහෝ දුරට ව්‍යාජ ප්‍රවෘත්තියක් විය හැකිය. තොරතුර නිර්මාණය කිරීමට යොදාගත් මූලාශ්රයන් හෝ අනෙකුත් සටහන් සහ අධ්‍යයනයන් පිළිබඳව රචකයා විසින් ආධාරක තොරතුරු ගෙනහැර දක්වා ඇත්තේ නම් ඒවායෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ වැඩිදුරටත් පරික්ෂා කරන්න.
පියවර 4 - අනෙකුත් සිරස්තල සහ සටහන් සමග සංසන්දනය කරන්න
වෙනත් ප්රවෘත්ති මූලාශ්රයන් තුළින්ද මෙම ප්‍රවෘත්තියම පළකර ඇත්දැයි ඉක්මනින් සොයා බලන්න. එසේම දිනය, අන්තර්ගතයේ දත්ත ආදී විශ්වසනීය මූලාශ්රයන් ඒවායේ සටහන්ව ඇත්දැයි විමසා බලන්න. විවිධ ප්රවෘත්ති මූලාශ්රයන් තුළින් එකම ප්‍රවෘත්තිය පිළිබඳව එකම ආකාරයෙන් තොරතුරු සටහන් වාර්තා වී ඇත්නම් බොහෝ දුරට එම ප්‍රවෘත්තියේ සත්‍යතාවක් පවතී.
පියවර 5 - ගෝලීය සහ දේශීය නිල සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වන වගකිව යුතු වෙබ් අඩවි හෝ ෆේස්බුක් පිටුවලින් කොවිඩ්-19 පිළිබඳ අලුත්ම සහ නිල තොරතුරු ලබාගන්න.
එවිට ඔබ දැනුවත් වෙන්නේ සහ බෙදාහදා ගන්නේ නීත්‍යානුකූල සහ නිවැරදි දත්ත තොරතුරු බවට සහතික කරගැනීමක් ඔබටම සිදුකර ගත හැකි අතර, එසේම සියලුම නිල සහ නිරවද්‍ය තොරතුර ඔබට ලබාගැනීමේ අවස්ථාව සැලසෙයි.
අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ ඔබ දැනුවත් වන තොරතුරු සහ බෙදාහදාගන්නා තොරතුරු ඔබ දන්නා හෝ එය ඇත්තටම විශ්වාස කළ හැකිබව තහවුරු කරගත හැකි හෝ සත්‍ය තොරතුරු මූලාශ්‍රයකින් ලැබෙන බව පිළිබඳව වඩාත් විචාරාත්මකව සොයා බැලිය යුතු වීමය. ඉහත සඳහන් මාර්ගෝපදේශවලට අනූව සත්‍ය යැයි තහවුරු කරගත් ප්රවෘත්ති පමණක් පරිශීලනය කිරීම ඔබේ වගකීමක් වන අතර, එය කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා රජය හා සියලු බලධාරීන් ගෙනයන වෑයමට මනා පිටුවහලක්ද වනු ඇත.
ෆේස්බුක් හරහා ව්‍යාජ ප්‍රවෘත්තියක් සංසරණය වන බව ඔබ හඳුනාගත්තේ නම් එම Post එකෙහි ඉහළ දකුණු කෙළවරේ "..." සලකුණ ක්ලික් කිරීම හරහා එය ඔවුන්ට වාර්තා කළ හැකි අතර, එහි ඇති Find Support හෝ Report Post ක්ලික් කර False News එකක් ලෙස එය Report කිරීමේ හැකියාවද පවතී.