කොටස් වෙළඳපොළින් මුදල් ගලායෑම ගැන ඉරාන් නිවැරදියි


S2680 - High Priority

There has been a big outflow of foreign investment from the stock exchange. In terms of rupee value Rs. 51 billion outflows was registered in the year 2020…

කොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑම අතිවිශාල වශයනේ සිදු වී තිබෙනවා. රුපියලේ අගයෙන් ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 51 ක [විදේශ ආයෝජන] පිටතට ගලායෑමක් වාර්තා වී තිබෙනවා...

18/01/2021, Lanka Business Online, ඉරාන් වික්‍රමරත්න

 

මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න:

කොටස් වෙළදපළෙන් විදෙස් ආයෝජන පිටතට ගලායෑම ගැන හරියටම දැනුම්දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ උක්ත ප්‍රකාශයේ නිරවද්‍යතාවය පිරික්සා බැලීම සඳහා, FactCheck මගින් කොළඹ කොටස් වෙළඳපොළේ කාර්තුගත ප්‍රකාශනයන්හි මෙන්ම, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාවන්හි ඇතුළත් වන දත්ත පරිශීලනය කොට ඇත.

2020 ජනවාරි මස සිට එම වසරේ දෙසැම්බර් මස දක්වා කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය හිමිකරුවන්ට අයත් වූ කොටස්වල සමස්ත විකුණුම් අගය (පිටතට ගලා යෑම) රුපියල් බිලියන 104 ක් ලෙසින් වාර්තා වී ඇත.

එම කාල වකවානුව සඳහාම විදේශීය හිමිකරුවන්ට අයත් වූ කොටස්වල සමස්ත මිලදී ගැනුම් අගය (ගලා ඒම) රුපියල් බිලියන 53 ක් ලෙසින් වාර්තා වී ඇත.

ඉහත දැක්වෙන වාර්තා වී ඇති විකුණුම් සහ මිලදී ගැනුම් අතර වෙනස, නැතිනම් ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළෙන් පිටතට ගලා ගිය ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 51 කි (වඩාත් නිවැරදිව පවසන්නේ නම් රුපියල් 51,355,712,983 කි). එය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් සඳහන් කරන්නට යෙදුණු අගයම වේ.

එනිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරමු.

*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.



Recommended Articles