පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම හා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව විවිධ පක්ෂ විවිධ මත ඉදිරිපත් කරමින් සිටී. මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සමග අද සිදුකළ සංවාද සටහනකි මේ.
අද වනවිට පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම් සිදුවෙනවා, ඒ සම්බන්ධව ඔබතුමන්ගේ අදහස කෙබඳුයිද?
ඇත්තටම ඒක හොඳයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. පාතාලයේ සිදුවීම් සම්බන්ධයෙන් මොකද වෙන්නෙ කියලා ජනතාව බලන් ඉන්නවා. හැමවිටම චෝදනාවට ලක්වෙන්නේ දේශපාලනඥයන්.
දේශපාලන අතපෙවීම් තිබේ නම් ඒවා පැත්තකින් තියලා නීතිය ක්‍රියාත්මක කිරීමට බළධාරීන්ට වගකීමක් තියෙනවා. බළධාරීන් කියලා මම කිවුවේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයත්, ආණ්ඩුවත්. ඔවුන් රටේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා පොරොන්දුවෙලා තියෙනවා. පාතාල ක්‍රියාකාරීන් යළි ක්‍රියාත්මක වුණත් ඒවා මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕන, ඒක තමයි ජනතාවට ඉටුවිය යුතු මහජන සේවය.
නමුත් අද වෙනකොට එම රාජකාරි සිදුකරන නිලධාරීන්ට මන්ත්‍රීවරුන් පහරදෙන තැනට පත්ව තිබෙනවා ?
මම මාධ්‍ය තුළින් දැක්කා එහෙම පහරදීමක් සිදුවෙලා තියෙනවා. එවැනි බාධා කිරීම්වලට යට නොවී ක්‍රියාත්මක වීම පොලීසියට අයිති රාජකාරියක්. මෙහිදී විශේෂයෙන් ස්තූති කරන්න ඕන විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය කාර්යාංශය ක්‍රියා කරන ආකාරය හොඳයි.
නීතියේ සාධාරණත්වය තියෙන්න ඕන. මේවා මර්දනය කරන්නේ සමාජයේ යහපත උදෙසායි. ඒ නිසා පුද්ගලයන්ගේ තරාතිරම නොබලා මෙහිදී ක්‍රියා කරන්න ඕන.
ජනාධිපතිවරණයක් සම්බන්ධවත් කතා බහක් මතුව තිබෙනවා?
ඔව් මේ වර්ෂයේ ජනාධිපතිවරණයක් තියන්න ඕන, කල් දාන්න බැහැ. මේ අවුරුද්දේ නොවැම්බර් 08 වැනිදායින් පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරණයකට යා හැකියි.
හැබැයි මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයට ඕන නම් ඊට කලින් ජනාධිපතිවරණයකට යා හැකියි.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සමිබන්ධව ප්රශ්නකාරී තත්ත්වයක් විවිධ පක්ෂ තුළ නිර්මාණය වෙලා තිබෙනවා නේද?
සියලුම පක්ෂ ඒ සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් මම දකින විදිහට රටට ඕන දේශපාලන ස්ථාවරත්වයක් තියෙන නිවැරදිව රට මෙහෙයවන නායකයෙක්. එය තෝරා ගැනීම ජනතාවට බාරයි. ඔය අපේක්ෂකයන් ගොඩක් ගැන කතා කරන එක ගැන අපි එච්චර සැලකිල්ලක් නැහැ.
එජාප හිටපු මහලේකම්වරයා විදිහට එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුරු විය යුතුයි කියලද ඔබ සිතන්නේ ?
නම් ගම් කියනවට වඩා අවශ්‍ය වෙන්නේ රටට සෘජු දේශපාලන නායකත්වයක් දෙන රටේ ඉදිරිය ගැන හැඟීමක් තියෙන පුද්ගයෙක් අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන එකයි. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගනී. හැබැයි කොහොම හරි ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මා පෙර කී ගුණාංග තියෙන කෙනෙක්.
නමුත් එජාප තරුණ නායකයෙක් සඳහා පක්ෂ නායකත්වයෙන් ඉඩක් ලැබෙයිද?
මෙය කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ පක්ෂයේ විවිධ කණ්ඩායම්වලට අයිති දෙයක්. මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂය කල්පනා කළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කාටද කියන කාරණයයි. රටේ පිළිගැනීමක් තියෙන්නේ කාටද කියන කාරණයයි. මෙය තේරුම් අරගෙන ක්‍රියා කළොත් ජයග්‍රහණය ලබාගත හැකිවෙයි.
නමුත් එජාප පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ගැනත් මත පළ වෙනවා?
එජාප ඉතිහාසය පුරාම වැඩි වශයෙන් පක්ෂ නායකත්වය තමයි ජනාධිපතිවරණයට නායකත්වය දුන්නේ. එතකොට එහෙම නැතුව යන්න ගියාම දුෂ්කරතාවලට මුහුණදීලා තිබෙනවා. ඉදිරියේ කුමන ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරත් ඔහු එජාපයේ කෙනෙක් විය යුතුයි කියන එකයි මගේ ස්ථාවරය.
පසුගිය වසර 25 පුරාම රටේ රාජ්‍ය නායකයා බිහි කරන්න එජාපයට බැරිවුණා. එය බරපතළ පාඩුවක්. කනගාටුවක්. මෙය රටට විශාල වැඩ කොටසක් කරපු පක්ෂයක්. 1994 පස්සේ අතහැරිච්ච දේ යළි ලබාගන්න එජාප පාක්ෂිකයන් බලාගෙන ඉන්නවා. එය ගොඩනගන්න පාර කපන එක නායකයාගේ වගකීමක්.
රටේ පවතින දේශපාලන තත්ත්වය මත රට යම් අරාජිකත්වයක් නිර්මාණය වෙලා තිබෙන බවට චෝදනා නැගෙනවා?
ඇත්තටම ඔව්, අද රටේ දේශපාලන ආරාජිකත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අංශ දෙකකට රට පාලනය වෙනවා. එකක් ජනාධිපතිවරයාගේ දිශාව. අනෙක අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුවේ දිශාව. මේ දිශාවල් දෙකටම ගමන් කිරීම නිසා අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. ඒක රටට හොඳ නැහැ. ජනතාවට හොඳ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිව ඉස්සරහට යන්නයි.
ඔබත් පාර්ශ්වකරුවෙක් වන කුරුඳු පොලු නඩුව තවම අවසන් වීමක් නැත්තේ ඇයි ?
2013 වර්ෂයේ මාතරදී එජාප පාක්ෂිකයන් දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිවුණා. එය කුරුඳු පොලු නඩුව ලෙසින් දැන් ප්‍රචලිත වෙලා තියෙනවා . මේ සිදුවීම වුණේ එජාප නායකත්වය ඕන කියපු පිරිසක් සහ නායකත්වය එපා කියපු දෙපිරිසක් අතර.