කාබනික ද්‍රව්‍ය පමණක් යොදාගනිමින් කෘෂිකර්මාන්තයේ නියැලී සිටින පළමු රට බවට පත්වීමේ ප්‍රයත්නයේ පියවරක් ලෙස රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායන ආනයනය කිරීම තහනම් කිරීමට, 2021 අපේ‍්‍රල් 29 වන දින පැවති ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ භාවිතා වන කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පිරිහී ඇති රටේ ජනතාවගේ හා පරිසරයේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම මෙහි මූලික අභිප්‍රාය වී ඇත.
කාබනික පමණක් කෘෂිකර්මාන්තයට අනුගත වීම හා ක්‍රියාත්මක කිරීම යන සංකල්පයෙහි අඩුපාඩුකම් පැවතියද, ලියුම්කරු විශ්වාස කරන්නේ කාබනික පොහොර නිවැරදිව භාවිතා, කිරීම පාරිසරික දෘෂ්ටි කෝණයෙන් බැලුවිට රසායනික පොහොරවලට වඩා සුභදායක බවයි. කෙසේ වෙතත්, පාරිසරික ප්‍රතිලාභවලින් පමණක් කෘෂිකාර්මික පද්ධතිවල තිරසාර බව ළඟා කර ගත නොහැකිය. මෙහිදී, කාබනික පමණක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් අතර පවතින දුර්මත කිහිපයක් පෙන්වා දිය යුතු අතර, පසුව ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වඩා හොඳ සහ දැනුවත් තීරණ ගැනීම සඳහා මේවා සාකච්ඡා කර විවාද කල යුතුව ඇත.
පළමු දුර්මතය. ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයේ සෞඛ්‍ය හා පාරිසරික ගැටළු සඳහා රසායනික පොහොර වගකිව යුතුය:
රසායනික පොහොර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය හා පාරිසරික ගැටළු බොහොමයක් විද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ කර නොමැත. මේ හා සම්බන්ධ වැදගත්ම උදාහරණය වන්නේ වියළි කලාපයේ ගොවීන් අතර බහුලව දක්නට ලැබෙන විද්‍යාත්මක හේතුවක් පැහැදිලි නොමැති (CKDu) නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමයි. මෙය ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ත්‍රිත්ව සුපර් පොස්පේට් (ටී.එස්. පී.) හි ඇති කැඩ්මියම් සහ ආසනික් සම්බන්ධ බවට මත පලවී ඇත.
දේශීය වෙළඳපොලේ ඇති පොහොරවල කැඩ්මියම් සහ ආසනික් අතිරික්ත සාන්ද්‍රණයන්ගෙන් සොයාගෙන ඇතත්, ටී.එස්.පී. හි බැර ලෝහ (හෝ වෙනත් රසායනික පොහොරක) ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග ව්‍යාප්තිය හා බැඳී පවතින බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
කෘෂිකාර්මික පසෙහි සහ පානීය ජලයෙහි අන්තර්ගත විෂ ලෝහ සාන්ද්‍රණය යුරෝපා සංගමය විසින් නිර්වචනය කර ඇති උපරිම අවසර ලත් මට්ටමට වඩා බෙහෙවින් අඩු බව මෑත විද්‍යාත්මක සාක්ෂි සනාථ කරයි. "නේචර් සයන්ටිෆික් රිපෝර්ට්ස්" (Nature Scientific research) හි පළ වූ ලිපියකට අනුව පානීය ජල ළිංවල ඇති සයනොටොක්සින් ද, මෑතකදී කරන ලද තවත් පර්යේෂණයකට අනුව ජලයේ ඇති ෆ්ලොරෛඩ් සහ කිවුලද මේ සඳහා හේතු විය හැකිය.
අවධානය යොමුවී ඇති අනෙක් සෞඛ්‍ය ගැටළුව වන්නේ ඉහළ නයිට්රේට් සාන්ද්‍රණය ඇති එළවළු වල පිළිකා කාරකතාවයි. නයිට්‍රජන් පොහොර “අධික” ප්‍රමාණවලින් යොදන්නේ නම් එළවලු වර්ග වල, විශේෂයෙන්ම කොළ එළවලු, නයිට්රේට් සාන්ද්‍ර වීමේ ඉහළ හැකියාවක් ඇත. නමුත්, නිර්දේශිත පොහොර අනුපාත එකතු කිරීමෙන් බෝග වල නයිට්‍රජන් සාන්ද්‍ර වීමේ හැකියාව අවම කරගත හැකිය.
නිරන්තර එළවළු වගා කරන ලද උඩරට ඉඩම් තුල අතිශයින් ඉහළ පොස්පරස් සාන්ද්‍රණයක් අප නිරීක්ෂණය කර ඇති නමුත්, ජලයේ පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාම නිසා සයනොටොක්සින් නිපදවන බැක්ටීරියා ගුණනයට ඇති හැකියාව හැර පොස්පරස් සම්බන්ධ ඍජු සෞඛ්‍ය ගැටළුවක් ඉදිරිපත් වී නොමැත. කෘෂිකාර්මික පසෙහි පවතින අතිශය ඉහළ පොස්පරස් හා සම්බන්ධ ප්‍රධාන පාරිසරික ගැටළුවක් පවතින අතර එමඟින් මතුපිට ජල මූලාශ්‍රවල සුපෝෂණය ඇතිකරයි. පොස්පරස් අතිරික්තව පසට එක් කිරීම, පොස්පරස් රහිත පොහොර මිශ්‍රණය නොලැබීම සහ කුකුළු පොහොර යෙදීම ආදී ක්‍රියා කෘෂිකාර්මික පසෙහි ඉහළ පොස්පරස් සාන්ද්‍රණයක් ඇතිවීමට හේතුවය. පොටෑසියම් සහ මැග්නීසියම් අඩංගු පොහොර ඒ සාපේක්ෂව අවම හානිදායක වේ.
තියුණු නිරීක්ෂණයකදී පෙනී යන්නේ රසායනික පොහොර සම්බන්ධ ගැටළු වලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ආනයනික පොහොරවල ගුණාත්මකභාවය සහ ඒවායේ වැරදි භාවිතය බවයි. පොහොර ආනයනය නියාමනය කරන නිලධාරීන්ට අමතරව පොහොර ආනයනකරුවන් බැර ලෝහ අඩංගු පොහොර රට තුළට ආනයනය කිරීම සඳහා විශාල වශයෙන් වගකිව යුතුය. හේතු සාධක කිහිපයක් සළකමින් අවිධිමත් පොහොර යෙදීම සඳහා මම ගොවීන්ට ඇඟිල්ල දිගු නොකරමි.
මන්දයත්, පළමු කාරණය වනුයේ වාණිජ කෘෂිකර්මයෙහි යෙදෙන අතලොස්සක් පමණ ගොවීන් පමණක් වගා රක්ෂණයක් ලෙස පොහොර අතිරික්ත අනුපාත වලින් පරිභෝජනය කරන අතරම, වෙළඳපොළෙහි සහනාධාර මිල ගණන් යටතේ පොහොර සීමාවකින් තොරව ලබා ගත හැකි බැවිනි. දෙවනුව, අයහපත් පෝෂක කළමනාකරණය හා සම්බන්ධ උග්‍ර පාරිසරික ප්‍රතිවිපාක ගැන ඔවුන් බොහෝ විට දැනුවත් නොවන බැවිනි.
දෙවන දුර්මතය. කාබනික පමණක් පෝෂක කළමනාකරණ තාක්ෂණයන් සැමවිටම පරිසර හිතකාමී වේ:
මෙය තවත් විශාල වැරදි වැටහීමක් වන අතර, පාරිසරික ආරක්ෂාව සහ මානව සෞඛ්‍යය වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් කාබනික ගොවිතැනට අදාළ සමහර ඍණාත්මක බාහිරතා නොසලකා හැර හෝ හිතාමතාම නොසලකා හැර ඇත. පසෙහි ඉතා ඉහළ පොස්පරස් ප්‍රමාණයක් පවතින නුවරඑළියේ නිරන්තරයෙන් වගා කරනු ලබන එළවළු බෝග වගා ක්‍රමයක් උපකල්පනය කරන්න. වඩාත්ම සීමිත පෝෂ්‍ය පදාර්ථය නයිට්‍රජන් වන බැවින් කාබනික පොහොර විශාල ප්‍රමාණයක් යෙදිය යුතුය.
නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවම වශයෙන් 2% N සහ 0.5% පොස්පරස් අඩංගු කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 5000 ක් යොදනු ලැබුවහොත්, පරිසරවේදීන් විරෝධතා එල්ල කලද ගොවියා සෑම කන්නයකම පොස්පරස් කිලෝග්‍රෑම් 25 ක් යොදනු ඇත. දුප්පත් ගොවීන්ට වෙළඳපොලේ ඇති කාබනික පොහොරවල සංයුතිය වෙනස් කළ නොහැකි අතරම, එසේ නැතහොත් ඔවුන් අපරික්ෂාකාරී උපදෙස් සහිත කාබනික ගොවිතැනට ස්තුති කරමින් සුපෝෂණය හා සයනොටොක්සිසිටි වේගවත් කිරීමට දායක වනු ඇත.
කුකුල් පොහොර යනු කොම්පෝස්ට් වලට පසුව පවතින බහුලම කාබනික පොහොර ප්‍රභවය වේ. එහි නයිට්‍රජන් වලින් පොහොසත් කුකුළු අපද්‍රව්‍ය සහ ඉහළ පොස්පරස් සාන්ද්‍රණයක් සහිත කුකුළු ආහාර අඩංගු වේ. කෙසේ වෙතත්, මෑත කාලීන විද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ කරනුයේ කුකුල් පොහොරවල ප්‍රතිජීවක අඩංගු බවත්, ඒවා සංයෝජනය කරන ලද පසෙහි ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව වර්ධනය වන බවත් ය. මීට අමතරව, කාබනික පොහොර නිෂ්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය පරිසර හිතකාමී කාබනික පොහොරක් නිෂ්පාදනය කිරීම සඳහා ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින සහ සමස්තයම දූෂිත වූ රටක, කාබනික අමුද්‍රව්‍ය ක්ෂය වූ විට, වාණිජ නිෂ්පාදකයින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් හා නිදහසේ ලබා ගත හැකි අපද්‍රව්‍ය වන මිනිස් වසුරු ආශ්‍රිත රොන් මඩ, නාගරික ඝන අපද්‍රව්‍ය වැනි අඩු ගුණාත්මක ද්‍රව්‍ය භාවිතා කිරීමට යොමුවනු ඇත. එවැනි අමුද්‍රව්‍යවල විෂ සහිත ලෝහ හා සමහර අවස්ථාවන්හිදී රෝග කාරක පවා අඩංගු වන අතර, එහි ප්‍රතිපලයක් ලෙස දැනට පවතින දෙයට වඩා විශාල ප්‍රතිවිපාක ඇති විය හැකිය.
එබැවින් කාබනික පොහොරවල ගුණාත්මකභාවය සහ ඒවායේ නිවැරදි භාවිතය කාබනික ගොවිතැනේ පාරිසරික මිත්‍රත්වය තීරණය කරයි. රට තුළට ආනයනය කරන හා අලෙවි කරන රසායනික පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳව අපට සහතික විය නොහැකි විට, විවිධ පොහොර සමූහයක් සඳහා ගුණාත්මක ප්‍රමිතීන් සකස් කර කාබනික හා ජෛව පොහොරවල ගුණාත්මකභාවය නියාමනය කරන්නේ කෙසේද? කිසිදු අවස්ථාවකදී කාබනික හෝ ජෛව පොහොර ආනයනය කිරීම ගැන පවා නොසිතිය යුතුය. මන්දයත්, ඒවා ශ්‍රී ලංකාවේ පසෙහි ජෛව විවිධත්වයට තර්ජනයක් විය හැකිය.
එලෙසම, එවැනි පොහොරවල ගුණාත්මකභාවය අපට සහතික කළ නොහැකි අතර, එබැවින් ඕනෑම කුණු කන්දක් ගෙනැවිත් අපගේ වටිනා ස්වාභාවික සම්පත වන පස තුළට දැමිය හැකිය. එහිදී, වල්පැලෑටි බීජ, රෝග කාරක, විෂ සහිත බැර ලෝහ සහ කාබනික දූෂක ද්‍රව්‍ය තිබේද යන්න පරීක්ෂා කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ගුණාත්මක ප්‍රමිතීන් පළමුව සකස් කළ යුතුය.
තෙවන දුර්මතය . කාබනික පොහොර පමණක් ඇති ප්‍රවේශයන් මගින් සෑම විටම බෝග ඵලදායිතාව පවත්වා ගත හැකිය:
ශ්‍රී ලංකාවේ බොහොමයක් කෘෂිකාර්මික පසෙහි ප්‍රශස්ථ ශාක වර්ධනයට අවශ්‍ය අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 18 න් නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් සහ මැග්නීසියම් ඌණතාවයක් දක්නට ඇත. කෙසේ වෙතත්, සමහර පර්යේෂණ සොයාගැනීම් වලට අනුව, පොස්පරස් පොහොර දීර්ඝ කාලයක් තිස්සේ යෙදීමෙන් ශාකයේ පවතින පොස්පරස් මට්ටම ඉහළ ගොස් ඇති අතර පොස්පරස් පොහොර වලට බෝග අඩු ප්‍රතිචාර දක්වයි. කෙටි කාලයක් සඳහා පොස්පරස් පොහොර නොමැති බෝග ක්‍රමයක් ලාභදායී විය හැකි වුවද, දිගු කාලීනව, පොස්පරස් පොහොර භාවිතය තිරසාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන්නේ ඒවා අස්වැන්න සමඟ පාංශු බෝග පද්ධතියෙන් ඉවත් කරන බැවිනි.
අනෙක් අතට, දී ඇති පාංශු බෝග පද්ධතියක පොටෑසියම් සහ මැග්නීසියම් සඳහා ඉල්ලුමක් තිබේ නම්, කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ පවත්නා තාක්ෂණයන්ට මෙම පෝෂ්‍ය පදාර්ථ දෙක තිරසාරව සැපයීමට හැකියාවක් නැත. මෙම ශාක පෝෂ්‍ය පදාර්ථ දෙකම ශාකයට අවශ්‍ය අනුපාතයට කෘෂිකාර්මික පසෙන් මුදා හරිනු නොලැබේ. වාරි ජලය සහ බෝග අපද්‍රව්‍ය මෙම පෝෂ්‍ය පදාර්ථ වලින් කොටසක් සැපයිය හැකි නමුත් අස්වැන්න ලෙස ඒවා පිටතට ගලායාම යෙදවුම් වලට වඩා වැඩිය. සාමාන්‍යයෙන්, බෝග අපද්‍රව්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර එමගින් වුවත් ඉවත්වන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් නැවත පසට නොලැබේ.
සිව්වන දුර්මතය. කාබනික පොහොර මගින් බෝගයේ පෝෂක අවශ්‍යතාවය සැපයිය හැකිය:
නයිට්‍රජන් යනු ශ්‍රී ලංකා කෘෂිකාර්මික පස්වල වඩාත්ම සීමිත හා බෝග වඩාත්ම ප්‍රතිචාර දක්වන පෝෂ්‍ය පදාර්ථයකි. පොදුවේ ගත් කල, පහසුවෙන් ලබාගත හැකි රසායනික පොහොරක් ලෙස වාර්ෂික භෝග සඳහා හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 100 ක් පමණ අවශ්‍ය වේ. කාබනික පොහොරවල 50% ක් සහ රසායනික පොහොරවල 30% ක නයිට්‍රජන් කාර්යක්ෂමතාවක් පවතින බව උපකල්පනය කරතොත් කාබනික පොහොර ලෙස N කිලෝග්‍රෑම් 60 ක් පමණ වේ.
වාණිජමය වශයෙන් ලබා ගත හැකි කොම්පෝස්ට් වල ඇති මුළු N 2% ක් නම්, බෝග N අවශ්‍යතාවය සපුරාලීම සඳහා හෙක්ටයාරයකට කාබනික පොහොර අවම වශයෙන් කිලෝග්‍රෑම් 1440 ක් යෙදිය යුතුය. අස්වනු හානිය වලක්වා ගැනීම සඳහා යෙදිය යුතු ප්‍රමාණය මෙයට වඩා බොහෝ වැඩිවිය යුතුය. එබැවින් කාබනික පොහොරක් ලෙස බෝග වගාවන්ට නයිට්‍රජන් සැපයීමේ ප්‍රායෝගිකභාවය සහ වාසි සැක සහිත ය. එම විශාල ප්‍රමාණයට අමතරව, ලෝකයේ කාබනික නයිට්‍රජන් කළමණාකරනය සාර්ථක වූ පද්ධතිවල නයිට්‍රජන් හරිත පොහොර බෝගයක් ලෙස හෝ බෝග හුවමාරුවට නයිට්‍රජන්-තිර කරන රනිල කුලයට අයත් භෝගයක් හඳුන්වා දී ඇත.
බෝග හුවමාරු වගා ක්‍රමයකදී, පවතින සීමිත කෘෂිකාර්මික ඉඩම්වලට එක් කන්නයක් සඳහා වුවද ආහාර නොවන බෝගයක් හඳුන්වා දීමෙන් රටේ ආහාර නිෂ්පාදනය අඩුවනු ඇත. ප්‍රධාන බෝග කන්න දෙක අතර පවතින වියළි කාල පරිච්ඡේදයන් භාවිතා කිරීමේ විභවය අනාගත පර්යේෂණ වලදී සොයා බැලිය යුතුය. නයිට්‍රජන් පොහොර නොමැතිකම නිසා සහල් අස්වැන්න අඩුවීම පාංශු ලක්ෂණ වලට අනුව 10% සිට 60% දක්වා වෙනස් විය හැකි බව අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. මෙමගින් සාමාන්‍යයෙන් 35% ක පමණ අලාභයක් සිදු වේ. මෙම නව ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් නයිට්‍රජන් බහුල කාබනික පොහොර ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණයට ලබා දිය නොහැකි නම් අස්වැන්න අඩුවීම නොවැළැක්විය හැකිය.
කාබනික පොහොර වලින් ලබා ගත හැකි N සමඟ බෝගයේ නයිට්‍රජන් අවශ්‍යතාවය ගැලපීම මගින් අප නයිට්‍රජන් අවශ්‍යතාවය කළමනාකරණය කරන්නේ නම්, විශේෂයෙන් පොස්පරස් සහ පොටෑසියම් වැනි පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් තුලනය කිරීමට ක්‍රමවේද සැකසිය යුතුය. නිරන්තරයෙන් එළවළු වගා කරන පස්වල පොස්පරස් සාන්ද්‍ර වීම දැනටමත් පැහැදිලිව පෙනෙන අතර කුකුළු පොහොර විශාල ප්‍රමාණයක් යෙදීම ඊට එක් හේතුවකි. එම පසෙහි ඉතා ඉහළ පොස්පරස් මට්ටම් (10-20 ගුණයක් පමණ) දැනටමත් ඇති නිසා, එම ප්‍රදේශයේ මතුපිට ජල ප්‍රභව දූෂණය වී සුපොෂණයට ලක්වී ඇත.
කාබනික පොහොරවල පෝෂ්‍ය පදාර්ථ සංයුතිය පුළුල් ලෙස වෙනස් වන අතර, එම නිසා යම් ප්‍රදේශයක ලබා ගත හැකි කාබනික පොහොර අනුපාතය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම ව්‍යාප්ති සේවාවන්ට දුෂ්කර කාර්යයකි. කාබනික ප්‍රභවයන් භාවිතා කරමින් ශාක පෝෂක අවශ්‍යතා කළමනාකරණය කිරීමේ ප්‍රධාන අභියෝගයක් වන්නේ පෝෂක අන්තර්ගතයන්, ඒවායෙහි ආවේනික විචල්‍යතාවය මෙන්ම ඒවායේ සාපේක්ෂ අනුපාතයයි. එහෙයින්, විද්‍යාඥයින්ට පවා නිර්දේශ ලබා දීම අපහසු කරුණකි.
පස්වන දුර්මතය. ජෛව පොහොරවලට කාබනික පමණක් කෘෂිකාර්මික පද්ධතිවල ඌන ශාක පෝෂක සැපයිය හැකිය:
කාබනික පොහොර යොදා නොගන්නා කාබනික කෘෂිකාර්මික පද්ධතිවලට ජෛව පොහොර ලෙස එම පෝෂක සැපයිය හැකි යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ජෛව පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වන අතර එමඟින් ශාක පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකිය. නිදසුනක් ලෙස, වායුගෝලීය නයිට්‍රජන් වායුව තිර කිරීම සහ පසෙහි තිර වී ඇති පොස්පරස් දියකරදීම දැක්විය හැකිය. කෙසේ වෙතත්, එක් ස්ථානයක ක්‍රියා කරන ක්ෂුද්‍ර ජීවීන් සෑම ස්ථානයක එක හා සමානව ක්‍රියා නොකරන බව පාංශු ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ යම් හෝ දැනුමක් ඇති පිරිස දැනුවත්ය.
වෙනස් පරිසරයක ජීවත් වන්නේ සුදුසුම අය පමණි. එබැවින්, ඵලදායී ජෛව පොහොරක් සැකසීම සඳහා විවිධ පාංශු-බෝග පරිසරයන් සඳහා විවිධ ක්ෂුද්‍ර ජීවී විශේෂ / සංයුක්තයන් සොයාගෙන ඒවා වර්ධනය කල යුතුව ඇත. එලෙස රසායනාගාරවල හඳුනාගත් ඵලදායී පාංශු ක්ෂුද්‍ර ජීවීන් ගණනාවක් ශ්‍රී ලංකාවේ සමාගම් විසින් අලෙවි කරනු ලැබේ. එසේ වුවද තවමත්, විවිධ කෘෂි පරිසර පද්ධතිවල සහ කාලයන්හිදී ඒවායේ කාර්යක්ෂමතාව සැක සහිත ය. විවිධ බෝග පර්යේෂණ ආයතන විසින් යම් බෝගයක් සඳහා ජෛව පොහොරක් නිශ්චිත නිර්දේශයක් ලෙස තවමත් අනුමත නොකිරීමට සරල හේතුව එය වේ.
ලෝකයේ විශේෂිත ජෛව පොහොර හෝ කාබනික පොහොර ඒවායේ නිශ්චිත පරිසරයන් තුළ ඉතා යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබිය හැකිය. එහෙත් එවැනි කාබනික හා ජෛව පොහොර වෙනත් රටවලින් ආනයනය කිරීමට එය හේතුවක් නොවිය යුතුය. මන්ද යත් එවැනි පොහොරවල සිටින ජීවීන් අපගේ පාංශු ජෛව විවිධත්වයට විශාල තර්ජනයක් විය හැකි බැවිනි. එවැනි පොහොරවල පාරිසරික ආරක්ෂාව සහ කෘෂි විද්‍යාත්මක ඵලදායිතාවය පරීක්ෂා කිරීම හෝ ගුණාත්මක ප්‍රමිතීන් සකස් කිරීම පවා දුෂ්කර කාර්යයකි. එබැවින් ශ්‍රී ලංකාව 100% කාබනික පොහොර පදනම් කරගත් කෘෂිකර්මාන්තයට යොමුවීමට පෙර විවිධ පාංශු-බෝග පරිසරයන් සඳහා උචිත ඵලදායි ජෛව පොහොර සංවර්ධනය කිරීම උදෙසා වැඩිදුර පර්යේෂණ පැවැත්වීම අවශ්‍ය වේ.
රසායනික පොහොර හා සම්බන්ද පාරිසරික ගැටළු වලට විසඳුම්
උසස් තත්ත්වයේ කාබනික පොහොර හා ඵලදායී ජෛව පොහොර නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ භාවිතා වන රසායනික පොහොරවලින් කොටසක් හෝ කපා හැරීම සඳහා පූර්ව අවශ්‍යතාවක් බව ඉතා පැහැදිලි පූර්ව අවශ්‍යතාවයකි. කෘෂිකර්මාන්තය වඩාත් පරිසර හිතකාමී සහ තිරසාර බවට පත් කිරීම සඳහා වඩාත් සුදුසු තාක්ෂණයන් හඳුනා ගැනීම සඳහා කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ බොහෝ පර්යේෂණ තවමත් සිදු කළ යුතුව ඇත. ඉන් අනතුරුව එවැනි දියුණු තාක්ෂණයන් පිළිබඳව ගොවීන් දැනුවත් කළ යුතුය.
එබැවින් නව ප්‍රතිපත්ති වෙනසෙන් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සූක්ෂම සැලසුම්කරණයක් සහ හොඳ දේශපාලන නායකත්වයක සහායත් අත්‍යවශ්‍ය වේ. මේ වනතෙක් හඳුනාගත් උපාය මාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ද අවශ්‍ය වේ.
කෙසේ වෙතත්, රසායනික පොහොර සම්බන්ධ ගැටළු සඳහා ක්ෂණික විසඳුමක් ලෙස, දැඩි රෙගුලාසි පැනවීම වඩාත් ප්‍රායෝගික හා ශක්‍ය විසඳුමකි. වත්මන් පොහොර පනතේ සමහර රෙගුලාසි දැනටමත් පවතී. රසායනික පොහොර විචක්ෂණ ලෙස භාවිතා කිරීම සඳහා, පරිසර හිතකාමී පොහොර තාක්‍ෂණයන් අනුගමනය කරන ගොවීන් සඳහා දිරි දීමනා / සහනාධාර ලබා දෙන අතරම, පොහොර අව භාවිතාව නිසා ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ද අපි ගොවීන් දැනුවත් කළ යුතුය.
එවැනි තාක්ෂණයන්ගෙන් සමහරක් නම්: පාංශු හෝ පැලෑටි පරීක්ෂාව මගින් සිදුකරන අවශ්‍යතා තක්සේරුව මත පදනම්ව ක්ෂේත්‍රයට විශේෂිත පෝෂක යෙදීම, රසායනික පොහොර භාවිතය අඩු කිරීම සඳහා හොඳ තත්ත්වයේ කාබනික පොහොර සහ ඵලදායි ජෛව පොහොර භාවිතය, එකතු කරන ලද පෝෂක කාන්දු වීමකින් තොරව රදවා තබා ගැනීම සඳහා රසායනික පොහොර සමඟ කාබනික පොහොර යෙදීම, පාංශු කාබනික ද්‍රව්‍ය අන්තර්ගතය වැඩි කිරීමට සහ එමඟින් පාංශු සාරවත් බව සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා දැනටමත් පරිහානියට පත් ශ්‍රී ලංකා කෘෂිකාර්මික ඉඩම්වලට කාබනික ද්‍රව්‍ය යෙදවීම යනාදියයි. එබැවින් ගොවීන් අතර ගුණාත්මක පොහොර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා රසායනික පොහොර සඳහා පමණක් ලබා දී ඇති ද්‍රව්‍යමය සහනාධාරය සංශෝධනය කළ යුතුය.
ඛනිජ තෙල් පිරිපහදුවලින් ජනනය වන අපද්‍රව්‍ය වන නැප්තා සහ වායුගෝලීය නයිට්‍රජන් භාවිතා කරමින් යූරියා නිෂ්පාදනය සඳහා ඇති හැකියාව නැවත විමර්ශනය කළ හැකිය. ශ්‍රී ලංකාවේ ඇති පොස්පරස් සහ පොටෑසියම් නිධි විධිමත්ව කැණීම් කළ යුතු අතර පරිසර හිතකාමී තාක්‍ෂණයන් භාවිතයෙන් ඒවායේ ද්‍රාව්‍යතාව වැඩි දියුණු කළ යුතුය. රට තුළ කෘතිම පොහොර නිෂ්පාදනය කිරීමෙන් ශ්‍රී ලංකාව වඩාත් ස්වයංපෝෂිත වන අතර වෙහෙස මහන්සියෙන් උපයන විදේශ විනිමය අනෙකුත් අත්‍යවශ්‍ය අරමුණු සඳහා ඉතිරි කර ගත හැකිය. ව්‍යවසායකයින්ට අවශ්‍ය තාක්‍ෂණික දැනුම හා මූල්‍යමය සහාය ලබා දීමෙන් හොඳ තත්ත්වයේ කාබනික පොහොර හා ජෛව පොහොර ඵලදායීව දේශීයව නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධනය කළ යුතුය.
පියවරෙන් පියවර එවැනි ශක්‍ය උපාය මාර්ග අනුගමනය කරනවා වෙනුවට රජය එක වරම රසායනික පොහොර ආනයනය තහනම් කර තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස භූමියේ ඵලදායිතාව අඩුවීම හේතුවෙන් ඉදිරි වර්ෂවලදී ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට ඇද දැමිය හැකිය. එබැවින් රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ තීරණය කිසිදු ප්‍රමාදයකින් තොරව නැවත සලකා බැලිය යුතුය. එසේ නොවුවහොත්, අවසානයේදී “සෞභාග්‍යයේ දැක්ම” සඳහා ඡන්දය දුන් මෙම ලියුම්කරු ඇතුළු මිලියන 6.9 ක ජනතාවගේ අපේක්ෂාවන් සුනුවිසුනු වනු ඇත.
ලේඛකයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු සරුභාවය හා ශාක පෝෂණය පිළිබඳ මහාචාර්යවරයෙකි. ([email protected])