ක්ෂීරපායී සතුන්ට සාපේක්ෂව අට ගුණයක වේගයෙන් වඳ වී යන කෘමීන්‘


ගෝලීය වශයෙන් කෘමි සතුන් පිළිබඳ සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් හෙළිදරව් කරන ලද වාර්තාවකට අනුව කෘමි සතුන්ට සිදුවන තර්ජන නොවෙනස්ව පැවතුනහොත් තවත් වසර සියයක් පමණ ගතවන විට එම සතුන් ලෝකයෙන් වඳ වී යෑමට ඉඩක් පවතින බව සඳහන් වෙයි.


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවිය මගින් සිදුකර ඇති මෙම පරීක්ෂණය මගින් අනාවරණය වී ඇතිතේ, සමස්ත කෘමීන්ගෙන් 41%ක් පමණ වඳ වී ගෙන යෑමේ තර්ජනයට ලක්ව ඇති බවත්, ඉන් පෘථිවියේ සමස්ත පරිසර පද්ධතියට මහා ව්‍යසනකාරී තත්ත්වයක් ඉදිරියේදී ඇති කරනු ඇති බවත්ය.

එසේම සමස්ත කෘමි ප්‍රජාවගෙන් 2.5෴ක අගයක් වාර්ෂිකව ලොවට අහිමි වන බවත්, ඒ අනුව තවත් වසර සියයක් ගතවන විට සමස්ත කෘමි ප්‍රජාවම ලෝකයෙන් තුරන්ව යනු ඇති බවත් එම පරීක්ෂණයෙදී හෙළි වී ඇත.
සාමාන්‍යයෙන් සත්ත්ව ලෝකයේ %great survivors^  නැතහොත් %නොනැසී වැඩි කල් ජීවත්වන සත්ත්ව ප්‍රජාවක්^ ලෙස කෘමීන් හඳුන්වා දෙයි. එලෙස නොනැසී වැඩි කල් ජීවත්වන සත්ත්ව විශේෂයක් මෙලෙස තර්ජනයට ලක්වීම පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමුවිය යුතු තත්ත්වයක් බව මෙම පර්යේෂණය සිදු කරනු ලැබූ විද්‍යාඥයෝ සඳහන් කරති.

විශේෂයෙන් ලෝකයේ ජීවත්වන ක්ෂීරපායී සතුන්, කුරුලු විශේෂ හා උරගයන් හා සාපේක්ෂව අට ගුණයක වේගයෙන් කෘමි සතුන් ලෝකයෙන් වඳ වී ගෙන යන තත්ත්වයක් පවතින බවද ඔවුහු පෙන්වා දෙයි.
එසේම ලෝකයේ සිටින සමනලුන් විශේෂ අතරින් 53%ක්ම පසුගිය දශකයේ ලොව හැර ගොස් ඇති අතර, මී මැසි විශේෂ අතරින් 46%ක්ද පසුගිය දශකය වන විට වඳ වී ගෙන යෑමට ලක්ව ඇත. 
එමෙන්ම කෘමි විශේෂ සියල්ලම අතරින් 68%ක්ම වඳ වී ගෙන යෑමේ තර්ජනයට ලක්ව තිබීම ඔවුන්ගේ දැඩි අවධානයට ලක්වූ කරුණක් වන අතර, බත්කූරන් හා කුරුමිණියන් විශේෂ පිළිවෙළින් 37%ක් හා 49%ක් ක්ෂය වී ගොස් ඇති බවද එම පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

‘කෘෂිකර්මාන්තය කෘමීන්  වඳ වීමට ප්‍රධානතම හේතුවක් වී ඇති බවත්, මීට අමතරව කෘමීන් සමූල ඝාතනය වන ආකාරයෙන් කාලගුණික විපර්යාස, නාගරීකරණය, රෝග තත්ත්ව, වාසස්ථාන අහිමි වීම, ආක්‍රමණශීලී ජීවී විශේෂයන්ගේ බලපෑම් ඇති වීමෙන් මෙම සතුන් වඳ වීමට හේතුවී ඇති බවද විද්‍යාඥයෝ සඳහන් කරති. 

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්යවරයෙකු වන ඇන්ඩෘ බ්ලැඩන් පවසා ඇත්තේ, මෙලෙස කෘමීන් වඳ වී ගෙන යෑම මගින් අනෙක් සත්ත්ව ප්‍රජාවගේ පැවැත්මටත් හානි සිදුවන බවයි. එමෙන්ම වර්තමානයේදී කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ භාවිත කරන දෑ වෙනස් නොකළ හොත් අනාගතයේදී ජෛව විවිධත්වයේ මහා පරිමාණ ගැටලු හට ගැනීමට ඉඩක් ඇති බවත්, විශේෂයෙන් සත්ත්ව විශේෂ කිහිපයකටම මින් ආහාර පිළිබඳ විශාල ගැටලු ඇති වන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

තවද කෘමි සතුන් ලොවට ඉතාම වැදගත් වන අවස්ථාවක් ලෙස පරාගනය හඳුන්වා දෙන විද්‍යාඥයන් පවසන්නේ කෘමීන් වඳ වීම නිසා ශාකවල ඵලදාවද අහිමිව ගොස් සත්ත්ව විශේෂයන් රැසකට ආහාර අහිමිවනු ඇති බවයි. මේ හරහා මිනිස් ප්‍රජාවටද ආහාර සම්බන්ධයෙන් අනාගතයේදී ගැටලු ඇතිවනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

ජර්මනිය හා පුවර්ටෝ රිකෝ රාජ්‍ය යන රටවල් ද්විත්වය කෘමීන්ගේ වඳ වීම නිසා වැඩි වශයෙන් ගැටලුවලට මුහුණදී ඇති රාජ්‍යයන් දෙකක් බවට වර්තමානයේ හඳුනා ගැනුනත් මෙය සමස්ත ලෝකයටම නුදුරේදී අත්දකින්නට ලැබෙන ගැටලුකාරී තත්ත්වයක් වනු ඇත.

සිඩ්නි සරසවිය මගින් සිදුකළ පර්යේෂණයට සහභාගි වූ ෆ්‍රැන්සිස්කෝ සැන්චෙස් බයෝ නමැති විද්‍යාඥයා මේ සම්බන්ධයෙන් පවසා සිටින්නේ, පසුගිය වසර තිහක පමණ කාලය තුළදී වාර්ෂිකව 2.5෴ක අගයකින් කෘමීන් ලෝකයෙන් තුරන් වීම ඉතාම ගැටලුසහගත තත්ත්වයක් බවයි. 

එමෙන්ම මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම මගින් තවත් වසර දහයක කාලය ඇතුළතදී කෘමි ප්‍රජාවෙන් 1/4ක් අහිමි වන බවත්, කාර්මික කෘෂිකර්මාන්තය තුළ භාවිත කරන රසායනික කෘමීන් වඳ වීමට ප්‍රධාන හේතුවක් බවත් හෙතෙම පැවසීය. ‍

මේ හේතුව නිසාම ගෝලීය මට්ටමෙන් අවධානයක් යොමු විය යුතු බවත්, පුවටරීකෝ රාජ්‍ය මුහුණ දෙන තත්ත්වය ආදර්ශයට ගෙන අනෙක් රටවල් එම තත්ත්වය කරා නොයන්නට වගබලා ගතයුතු බවත් ෆ්‍රැන්සිස්කෝ සැන්චෙස් බයෝ මහතා අවධාරණ කර සිටියි.

විද්‍යාඥයන් පවසන අන්දමට පෘථිවිය තුළ සතුන් වඳ වී යෙන යෑමේ යුග පහක් සිදුව ඇති අතර, වර්තමානයේ එහි හයවැනි යුගයේ ලෝකය පවතින බවයි. 
මේ අනුව වර්තමානයේ උභයජීවී විශේෂ 41%ක්ද ක්ෂීරපායින් විශේෂ අතරින් 1/4ක්ද වඳ වී ගෙන යෑමේ උග්‍ර තත්ත්වයකට මුහුණදී සිටියි.
ලෝකයේ මෙතෙක් සිදුකර ඇති ඇස්තමේන්තුගත කිරීම් අනුව පෘථිවියේ  ශාක විශේෂ හා සත්ත්ව විශේෂ මිලියන 8.7ක් පවතියි. 
මේ අතරින් 86෴ක්ම ගොඩබිමේ වාසය කරයි. 
එසේම සමුද්‍ර ජීවීන්ගෙන් 91%ක්ම තවමත් සොයාගෙන නොමැත.

ක්ෂීරපායී සතුන් විශේෂ 1,204ක්, කුරුලු විශේෂ 1,469ක්, උරග විශේෂ 1,215ක්, උභය ජීවීන් විශේෂ 2,100ක් සහ මත්ස්‍ය විශේෂ 2,386ක්ද තර්ජනයට ලක්ව ඇත.
එමෙන්ම කෘමි විශේෂ 1,414ක්, ශාක විශේෂ 12,505ක්, මොලස්කස් පුෂ්ටික විශේෂ 2,187ක්, crustacean කබලු මත්ස්‍යයන් විශේෂ 732ක්, කොරල් විශේෂ 237ක්, හතු විශේෂ 33ක් සහ දුඹුරු ඇල්ගි විශේෂ 06ක්ද තර්ජනයට ලක්ව තිබේ.

2017 වර්ෂයේ රතු දත්ත පොත යාවත්කාලීන කිරීමේදී ශාක හා සත්ත්ව විශේෂ 91,523ක් අතරින් 25,000ක්ම තර්ජනයට ලක්ව ඇති බවට නම් කර ඇත.
ලෝකයේ වඳ වී ගෙන යන සතුන් පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා කර ගැනීම වෙනුවෙන් පසුගිය වර්ෂ කිහිපය තුළ පර්යේෂණ 73ක් සිදු කර ඇති අතර, එම පරීක්ෂණ අතරින් වැඩි ප්‍රමාණයක් දියත් කර ඇත්තේ බටහිර යුරෝපය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් විසිනි. 

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මේ දක්වා කාලය තුළ ඇමෙරිකාවේ මී මැසි ජනපද මිලියන 2.5ක් අහිමි වී ගොස් ඇති අතර මීට හේතු වී ඇත්තේ කෘමිනාශක භාවිතයයි.
එංගලන්තයෙන් හමු වූ සමනල විශේෂ අතරින් 58%ක්ම අහිමි වී ගොස් ඇත්තේ වර්ෂ 2000ත් 2009ත් අතර කාලය තළ බව සඳහන් වේ.

ඩේලිමේල් පුවත් ඇසුරෙනි. 

 



Recommended Articles