කඳවුරු සංචාරයකට අවශ්‍ය විය හැකි මැග්නීසියම් ගිනි දල්වනය


ඔබ කඳවුරු සංචාරයක නිරත වන්නේ නම්, ආරක්‍ෂිතව ගිනි දැල්වීමට හැකි යම්කිසි ක්‍රමයක් ඔබ සතුව තිබීම අත්‍යවශ්‍ය වනු ඇත. සාමාන්‍යයෙන් ගිනිපෙට්ටියක් ඔබේ බෑගයේ තිබීම ප්‍රමාණවත් නමුත්, තෙමීම, තෙත් ඇල්ලීම වැනි පහසුවෙන් සිදුවිය හැකි කරුණක් නිසා ඔබට ක්‍ෂණයකින් ගිනිපෙට්ටිය භාවිත කිරීමේ හැකියාව නැති වී යා හැකිය. ලයිටරයක් වැනි උපාංගයක් ඊට වඩා පහසු වුවත්, ලයිටරයක්ද දැල්වීම අසාර්ථක වන අවස්ථාවන්ට කොතෙකුත් මුහුණ දීමට සිදුවිය හැකිය. මැග්නීසියම් ගිනි දල්වනයක් (Firestarter-magnesium) විශේෂ වන්නේ එතැනදී වේ.

මැග්නීසියම් ගිනි දල්වනයක් වඩාත් මිල අධික වුවත්, ගිනිපෙට්ටියක් හෝ ලයිටරයක් මුහුණ දෙන ගැටලු කිසිවක් එයට අදාළ නොවනු ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, මැග්නීසියම් ගිනි දල්වනයක මැග්නීසියම් කැබැල්ල කෙතරම් තෙත් වුවත්, එය ක්‍ෂණයකින් දැල්වෙනු ඇත.

විවිධාකාරයේ හුරුබුහුටි මැග්නීසියම් ගිනි දල්වනයන් මිලදී ගැනීමට තිබේ. මැග්නීසියම් ගිනිදල්වනයක් භාවිත කිරීමේදී ඔබ කළ යුත්තේ මැග්නීසියම් කැබැල්ලෙන් සිහින් දුඹුළු පිහියකින් හෝ ගිනි දල්වනයේම එන උපාංගයෙන් සූරා කලින් එක්රැස් කර ගත් දරකෝටු, කොළ රොඩු වෙත ඉස ගැනීමයි. දැන් ගිනි දල්වනයේ ඇති ගිනි ගල ඔස්සේ ගිනි පුළිඟු නිර්මාණය කර ගත හැකි අතර, ඒ ක්‍ෂණයකින් මැග්නීසියම් දුඹුළු දැල්වී ඔබගේ ගිනි මැලය ආරම්භ වනු ඇත.

සංචාරක



Recommended Articles