කඳවුරු බඳින්නට භූමියක් තෝරා ගන්නේ මෙහෙමයි


කඳවුරු බැඳීම නැති නම් කෑම්පින්ග් කියන්නේ සංචාරයට සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට කැමති බොහෝ දෙනෙක්ගේ සිත්ගත් ක්‍රියාකාරකමක් ලෙසින් දැක්වීම නිවැරදියි. මේ වනවිට සංචාරකයන්ට කඳවුරු බැඳීම අතිශයින්ම පහසු කාරණයක් බවට පත් කළ හැකි පෙර සැකසූ කඳවුරු භූමි තිබේ. මේවායේ ඇතැම් විට කූඩාරම් පවා ඉදිකර ඇත. කෙසේ වෙතත් කඳවුරු බැඳීමක නියම අත්දැකීම විඳීමට කැමති අයෙකුට ඒ සඳහා භූමියක් තෝරාගෙන, තමන් විසින්ම කඳවුරු භූමිය සකස් කොට කුඩාරම් බැඳීමට සිදුවනු ඇත.

මෙසේ කඳවුරු බැඳීම සඳහා භූමියක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. එය හැකිතාක් සමතල භූමියක් වීම වටී. නිම්නයක පතුලක් තෝරාගැනීමට වඩා, වඩාත් උස් භූමියක් තෝරාගැනීමද යෝග්‍ය වේ. එසේම ගිනි දැල්විය හැකි දර කෝටු සඳහාත්, ජල මූලාශ්‍රයකටත් හැකිතාක් ආසන්න වීමද මනාය. කෙසේ නමුත් මෙහිදී සැලකිලිමත් විය යුත්තේ, සතුන් දිය බොන්නට ඇදී එන දිය මංකඩක් හෝ වෙනත් මංකඩක් ආසන්නය කඳවුරු බැඳීමට තෝරා නොගැනීමටයි. එසේම නාය යෑම් සිදුවිය හැකි කඳු බෑවුම් වැනි තැන් තෝරා නොගැනීමද යහපති. දියසීරාව රැඳී ඇති වගුරු බිම් ආසන්නයේ හෝ ගලා නොයන වතුර රැඳි විල්, වතුර වළවල් වැනි තැන් ආසන්නයේද කඳවුරු බැඳීම කරදරකාරී වනු ඇතිවාක් මෙන්ම, කඳවුරු භූමියට අනවශ්‍ය සතුන් ඇදී ඒමටද හේතුවක් වනු ඇත. යම් තරමක තුරු වියන් ආවරණයක් තෝරාගත් භූමියට එක් පසෙකින් හෝ තිබීමද යෝග්‍ය වනු ඇත.

මෙසේ පොදු භූමියක් තෝරාගත් පසු, හැකිතාක් වියළි, පිරිසුදු කර ගත හැකි තැනක් තෝරාගෙන කඳවුරු බැඳීමට හැකිය.

සංචාරක



Recommended Articles