කඩොලාන විනාශයට විසඳුමක් නැතිද?


කඩොලාන යනු ආර්ථික හා පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් පරිසර පද්ධතියකි. පාරිසරික වැදගත්කම සලකා බැලීමේදී දූෂිත ජලයේ විෂ තත්ත්වය පහත හෙළීමට සමත්කම් දක්වන අතරම මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීමට විශාල වශයෙන් දායකත්වය ලබාදෙයි.

ආර්ථික වටිනාකම සලකා බැලීමේදී බොහෝ මත්ස්‍ය වර්ග, කකුළු හා වෙනත් මත්ස්‍ය විශේෂ බෝවන ස්ථාන ලෙස කඩොලාන පරිසර පද්ධති හඳුනාගෙන තිබේ.
මීට අමතරව විලෝපිකයන්ට ආරක්‍ෂාව සැපයීම, මත්ස්‍යයන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය, ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය බහුල කිරීම වැනි දායකත්වයන්ද කඩොලාන පරිසරය තුළින් අපට ලැබෙන දායාදයන්ය.

අන්තර් උදම් කලාපය තුළ එනම්, වඩ දියට යටවී ඛාදනයට නිරාවරණය වන බිම් ප්‍ර‘දේශයන්හි වැඩෙන කඩොලාන ශාක සත්ත්ව විශේෂවලට රැකවරණය සපයන නිවහනක් ලෙස පරිසරවේදීහු හඳුන්වති. 

ශ්‍රී ලංකාව තුළ දැනට කඩොලාන විශේෂ 25ක් ප්‍රධාන වශයෙන් සොයා ගෙන තිබේ. මෙම කඩොලාන දිවයිනේ මුහුදුබඩ ප්‍ර‘දේශවල හෙක්ටයාර් දසදහසකට ආසන්න ප්‍රමාණයක පැතිර පවතින බවද වාර්තා වේ. මෙහිදී විශාල ලෙස දැකගත හැකි කඩොලාන ශාක වනුයේ මහකඩොල්, මල් කඩොල, රතු කඩොල්,  මණ්ඩ, බෑරිය, තෙල, හීන් කඩොල්, කටුඉකිලිය, කොන්තාලන්, මැදිරිය (එටුන), බැරිය, කැරන් කොකු,  පුංකණ්ඩ, කිරළ වේ. කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව පවතිනුයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ආශ්‍රිතවය. මීට අමතරව නිරිතදිග හා දකුණු ඊසාන දිග ප්‍ර‘දේශවල කලපු ආශ්‍රිතවද කඩොලාන ශාක විශාල ලෙස දැකගත හැකිය. 

වර්ග කිලෝමීටර් 65,610ක විශාලත්වයකින් යුතු ලංකාව තුළ හෙක්ටයාර් දසදහසක් යනු ඉතා කුඩා භූමි ප්‍රමාණයකි. එවැනි කුඩා භූමි ප්‍රමාණයක කඩොලාන ශාක ව්‍යාප්තව තිබුණද, ඒ හරහා රටට විශාල පාරිසරික වැදගත්කමක් එක් කරනු ලැබේ. 

පරිසරයට හා රටට කෙතරම් වැදගත් වුවද, මේ පිළිබඳ අගයක් නොදන්නා ඇතැම් පිරිස් කඩොලාන පරිසර පද්ධති විනාශ කර දැමීම හා පරිසර පද්ධති රැක ගැනීම වෙනුවෙන් රට තුළ පිහිටුවා තිබෙන ආයතන සහ ඇතැම් දේශපාලනඥයන් මෙම පරිසර පද්ධති රැක ගැනීමට වැඩපිළිවෙළක් සකස් නොකිරීම කනගාටුවට කරුණකි.
සංචාරක හෝටල් හා නිවාඩු නිකේතන ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සඳහා ඇතැම් පිරිස් දේශපාලනඥයන්ගේද සහාය ඇතිව ඉවක් බවක් නොමැතිව කඩොලාන පරිසර පද්ධති විනාශ කරමින් සිටින බව පරිසරවේදීහු පෙන්වා දෙති.

වර්තමානය වන විට ගාල්ල, හික්කඩුව ඇළ දෙපස හා පතන හෙවත් %මොලපු මෝය^ ප්‍ර‘දේශයේ කඩොලාන ශාක විනාශ කරමින් ඉඩම් අත්පත් කර ගැනීමට යම්යම් පිරිස් කටයුතු කරමින් සිටිති.

දකුණු පළාත තුළ පිහිටි සුවිශේෂී පතන් හා කඩොලාන ප්‍ර‘දේශයක් ලෙස මෙම ප්‍ර‘දේශ නම් වී තිබුණද, එම භූමි ආරක්‍ෂා කිරීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් නොමැත. 
ප්‍රධාන වශයෙන් රට තුළ තිබෙන කැලෑ ප්‍ර‘දේශ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කළ යුතු වුවද, ගාලු පුරවරයේ පවතින කඩොලාන පරිසරය හා ඒ ආශ්‍රිතව පවතින වගුරු භූමි විශේෂ පරිසර පද්ධති ලෙස නම්කර නොමැත‍.

මීට අමතරව ගඟ දෙපස භූමිවලට හානි සිදු කරන්නේ නම්, එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිය. එවැනි තත්ත්වයක් පැවැතියද, හික්කඩුව ගඟ දෙපස සිදු කරන විනාශයට හා ගඟේ වැලිගොඩ දමමින් සිදු කරන විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

යම් භූමියක් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු හෝ වනජීවී, මධ්‍යම පරිසර අධිකාරියේ නීතිරීතිවලින් ආවරණය නොවුණද, ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයක් තුළ තිබෙන ඉඩම්වල වගකීම අදාළ ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයට පවරා තිබේ. මේ හේතුවෙන් යම් ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලයීය බලප්‍ර‘දේශයක සිදු වන පරිසර විනාශයට එරෙහිව එම ප්‍රා‘දේශීය ලේකම්වරයාට නීතිය ක්‍රියාත්මක කළ හැකිය.

එහෙත් හික්කඩුව නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ බද්දේගම දෙසට යන විට හමුවන හික්කඩුව ගඟේ සුවිශේෂී කඩොලාන කලාපය තුළ ඉදිවන සංචාරක නවාතැන් හා සිදුකරන පරිසර විනාශය පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වූ ආකාරයක් දැකගත ‍නොහැකිය. මීට අමතරව මායිම් ගල් යොදාගෙන භූමි වෙන්කර ගැනීමට පවා ඇතැම් පිරිස් කටයුතු කර තිබෙන අයුරු දැකගත හැකිය. මෙලෙස සීමාමායිම් ලකුණු කර ඇත්තේ හික්කඩුව නැගෙනහිර ප්‍ර‘දේශයේ ගංගාධර කලාපය තුළය.

මෙවැනි ක්‍රියා හේතුවෙන් කඩොලාන ශාක විනාශ වෙමින් පවතින අතර, ඒ අනුව 2012 %රතුදත්ත පොත^ මෙරට වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති කඩොලාන ශාක විශේෂ 08ක් නම්කර ඇත. මල් කඩොල්, මහ කඩොල්, හීන් කඩොල්, බැරිය, බේරිය, මණ්ඩ, ගිංපොල්, තෙල යන කඩොලාන මෙලෙස වඳවී යෑමේ තර්ජනයට ලක්ව තිබේ.

ගාලු පුරවරය ගතහොත් කඩොලාන ශාක ව්‍යාප්තව පවතිනුයේ හෙක්ටයාර 101ක් වැනි සුළු භූමි ප්‍රමාණයක පමණි. මෙම කුඩා භූමිය තුළින් පක්‍ෂි විශේෂ 72ක් හමුවී තිබෙන අතර, මත්ස්‍ය විශේෂ 20ක්ද සොයාගෙන ඇත. එමෙන්ම මෙම භූමි තුළ ජීවත් වන පක්‍ෂි විශේෂවලින් විශේෂ 05ක් ශ්‍රී ලංකාවට ආවේණික පක්‍ෂි විශේෂ වේ.

මීට අමතරව පක්‍ෂි විශේෂ 20ක් තෙත්බිම් ආශ්‍රිතව ජීවත් වන පක්ෂීන් වන අතර, මෙම භූමියේදී දුර්ලභ පක්ෂීන් ලෙස සැලකෙන සර්ප රාජාලියා, වන නිල්මල් කොහා, අළු කෑඳැත්තා වැනි පක්ෂීන්ද දැක ගත හැකිය.

මාවවුලන් විශාල ප්‍රමාණයක් ජීවත් වන භූමියක් ලෙසටද කඩොලාන පරිසර පද්ධතිය නම් වී ඇත. එමෙන්ම මෙම භූමි තුළ හඳුන් දිවියන්, කැලෑ බළලුන්, සාවුන්, මීමින්නන්, ඕළු මුවන්ද ජීවත් වෙති.

හික්කඩුව හා ගෝනාපීනූවල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස දෙකකට අයත් වන මෙම භූමි ප්‍ර‘දේශය පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කරන ලෙස 1995 වසරේ සිටම පරිසරවේදීන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණද, මෙතෙක් එම කටයුතු සිදුව නොමැත.

මීට අමතරව 2014 වසරේදී තෙත්බිම් උරුමය සංවිධානය විසින්ද මෙම ඉල්ලීම් මධ්‍යම පරිසර අධිකාරියෙන් සිදුකර ‍ඇති අතර, මේ වනතෙක් ඊට අවධානය යොමුව නොමැත.
ගංගාවල ආරක්‍ෂාව සඳහා ගඟ දෙපස කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකළ නොහැකි බවට නීතිරීති රට තුළ තිබුණද, ගාලු පුරවරයේදී මෙම නීති වලංගු වන ආකාරයක් දක්නට නොමැත. 
වර්තමානයේදී මෙවැනි විනාශයක් සිදු වෙමින් තිබෙනුයේ පරිසර ආරක්‍ෂා කිරීම තම පරම අධිෂ්ඨානය බව ප්‍රකාශ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර විෂය භාරව සිටියදීය.
ඕනෑම දෙයකට දේශපාලනඥයන්ට මිලක් නියම කළ හැකි වුවද, සොබා සෞන්දර්යයට එලෙස මිලක් නියම කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැත. පරිසරයට තිබෙනුයේ මිලක් නොව වටිනාකමකි. එම වටිනාකම දවසින් දවස ඉහළ දැමීමට කටයුතු කිරීම දේශපාලනඥයන්ගේ වගකීමකි.

එහෙත් අද දවස වන විට සිදු කරමින් තිබෙනුයේ සංචාරක ව්‍යාපාරය තුළින් වැඩි වශයෙන් මුදල් සොයා ගැනීමේ අරමුණින් මිල කළ නොහැකි වටිනාකමක් ඇති පරිසර පද්ධති විනාශ කර දැමීමය. මුදල් යනු තාවකාලික දෙයකි. එහෙත් පරිසරය යනු රටක පැවැත්ම වෙනුවෙන් සකස් වූ දෙයකි. 
මේ නිසා තාවකාලික සතුට වෙනුවෙන් මුදල් සොයනවාද, එසේ නොමැති නම් අනාගත පරපුරට රටක් ඉතුරු කිරීමට පරිසරය රැක ගන්නවාද යන්න පාලකයන් ඇතුළු දේශපාලනඥයන් තීරණය කළ යුතුය.



Recommended Articles