ඔබේ සංචාරයට බහුකාර්ය උපාංගයක්


සංචාරය කරන විට, විශේෂයෙන්ම කඳවුරු බැඳීමකදී, කඳු තරණයකදී හෝ දීර්ඝ පාගමනකදී ඔබට මුහුණ පාන්නට සිදුවන අවශ්‍යතාවන් එකක් දෙකක් නොවේ. ඇතැම් විටකදී ඔබට දර කෝටු හෝ ගස් පඳුරු කපා ගැනීමේ සිට වළවල් හෑරීම දක්වා කටයුතු සිදුකිරීමට වනු ඇත.

එසේම දියේ ගිලෙන හෝ අනතුරකින් දොරවල් ඇර ගැනීමට නොහැකි වූ වාහනයක වීදුරුව බිඳීමේ සිට ගිනි අවුලවා ගැනීම දක්වා පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමේ අවශ්‍යතාවන් ඇති විය හැකිය. එසේම ඇණ මුරිච්චියක් තද කිරීමේ සිට මාළුවෙකු හම ගසා ගැනීම හෝ බෝතල් මූඩියක් ඇරගැනීම දක්වා සරල උවමනාවන් ඇති විය හැකිය. මෙම සියලුම අවශ්‍යතාවන් සහ තවත් දෑ ඉටු කර ගැනීමට හැකි බහුකාර්ය උපාංගයක් වන්නේ, සවලක් සහ පොරවක් ලෙසින් භාවිත කළ හැකි මෙම බහුකාර්ය උපාංගයයි.

පහසුවෙන් ගලවා ඇසුරුමක බහා ඔබේ බැක්පැක් එකේ රැගෙන යා හැකි ආකාරයට නිර්මාණය කර ඇති මෙම බහුකාර්ය උපාංගයේ සවල් හිස කාබන් වානේවලින්ද, බඳ සහ අනෙකුත් කොටස් ඉහළම ශ්‍රේණියක ඇලුමිනියම් ලෝහයකින් නිර්මාණය කර ඇති නිසා සැහැල්ලු වෙනවා සේම කල් පැවැත්මෙන්ද ඉහළ වේ. එසේම මෙහි ඇති විවිධ මෙවලම් ප්‍රමාණය සමගින් එහි මිටේ දිග වැඩි කර ගැනීමේ හැකියාවද, සවල් හිස විවිධ කෝණයන්ට නවා භාවිත කිරීමේ හැකියාවද ඇති බැවින්, එහි ප්‍රායෝගිකත්වය තවත් ඉහළ යයි.  

මෙහි ඇති අයිස් කැඩීමේ උල් උපාංගය හෝ අනතුරු දැක්වීමේ නලාව වැනි කොටස් අපට සැබවින්ම උවමනා වන්නේ, දැයි බැලූ බැල්මට සිතෙන නමුත්, යථාර්ථය වන්නේ, නිතර සංචාරය කරන ඔබට මෙහි සෑම සියලු උපාංගයකම ප්‍රයෝජනයක් කෙදිනක හෝ තිබෙන බවයි.

සංචාරක



Recommended Articles