පුද්ගල කේන්දරයකට ඒරාෂ්ටක බලපෑමක් ඇතුළු වූ විට ඉන් පුද්ගලයාට වන අසුබ බලපෑම ඉතා ඉහළය. ඒරාෂ්ටකයක් යනු කුමක්ද? එහි බලපෑම් කෙබඳුද? යන්න හරිහැටි නොදැන වත්පිළිවෙත් කිරීම තුළින් පුද්ගලයන් තවත් කරදරවලට ලක්වීමට ඉඩකඩ ඇත. මෙවර ප්‍රවීණ ජ්‍යොතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා ගෙන එන්නේ ඒරාෂ්ටකය පිළිබඳ විග්රහයකි.
සෙනසුරුගේ පිහිටීම මත තීරණය කරන ලද අගුණ, අසුබ, අපල ගැටලු ගෙන එන කාලසීමාව ඒරාෂ්ටකය ලෙස සරලව හැඳින්විය හැක. ජ්‍යෝතිෂයේ ඒරාෂ්ටක වර්ග ත්‍රිත්වයක් පිළිබඳව සාකච්ඡා කරයි. ඒ %ලග්න ඒරාෂ්ටක^, %ජන්ම ඒරාෂ්ටක^ සහ %අෂ්ටම ඒරාෂ්ටකයි^.
ලග්න ඒරාෂ්ටකය
පුද්ගලයෙකුගේ කේන්දරයේ දොළොස්වැන්න හෙවත් ලග්න කොටුවට පෙර කොටුවට සෙනසුරු ගෝචර ගමනින් ඇතුළුවීම හඳුන්වනුයේ %ලග්න ඒරාෂ්ටකයක්^ ලෙසිනි. සෙනසුරු ග්‍රහයා කේන්දරයක වටයක් ගමන් කිරීම සඳහා සාමාන්‍යයෙන් වසර තිහක පමණ කාලයක් ගත වෙයි. මෙම වසර තිහ තුළ සෙනසුරු එක් කොටුවක වසර දෙකහමාරක් වැනි කාලයක් රැඳී සිටියි. එහිදී දොළොස්වැනි කොටුව, පළවෙනි කොටුව (ලග්න කොටුව) සහ දෙවැනි කොටුව යන කොටුවල සෙනසුරු රැඳෙන කාලසීමාව වසර හත හමාරකි. එම වසර හත හමාරක කාලසීමාව ලග්න ඒරාෂ්ටකයක් ලෙස ජ්‍යෝතිෂයේදී හඳුන්වයි. මෙම වසර හත හමාරක ලග්න ඒරාෂ්ටක කාලයේදී ආර්ථික පීඩා සහ ආර්ථික පීඩාවන් නිසා මානසික ව්‍යාකූලතා ඇතිවීම ප්රබලවම සිදුවෙයි. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකුට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මුදල්, නිදහස, යානවාහන තිබියදී එතැනින් නොනැවතී තවත් මුදල් සහ ආර්ථික දෑ ශක්තිමත් කර ගැනීමේ අදහසින් අලුත් කටයුතුවල යෙදී ඉන් වෙහෙසට පත්ව විශාල ආර්ථික අරගලයකට ලක්වීම දැක්විය හැක.
ජන්ම ඒරාෂ්ටකය
කේන්දරයක උත්පත්තියේදීම චන්ද්‍රයා කොතැනක හෝ තැන්පත් වී ඇත්නම් එයට කලින් කොටුවෙහි සෙනසුරු ඇතුළු වීමත් චන්ද්‍රයා සිටින රාශියට පසු රාශියෙන් සෙනසුරු පිටවීමත් යන කොටු තුනක කාල සීමාව (වසර හත හමාරක්) %ජන්ම ඒරාෂ්ටකය^ ලෙස හඳුන්වයි. ජන්ම ඒරාෂ්ටකයේදී මානසික පීඩාකාරී තත්ත්වයන් ඇතිවීම සිදුවේ. ආදරය, විවාහය, තත්ත්වය සම්බන්ධයෙන් මනසට වද දෙන මානසික පීඩා ඇතිකරන, ඇස්වල කඳුළු මහපොළවට හෙලන කාලසීමාවක් ජන්ම ඒරාෂ්ටකයේදී උදාවෙයි. මෙම ජන්ම ඒරාෂ්ටක කාලසීමාවේදී පළමු අවුරුදු දෙක හමාරක කාලයේදී තමන්ගේ ඉදිරි කාලසීමාව තුළදීද මානසික පීඩාකාරී තත්ත්වයන් උදාවන බව අවබෝධ කරගත යුතුය. එහිදී තමන්ගේ ජීවිතයේ ඇති කරගත් බැඳීමක් හේතුවෙන් මානසික පීඩා තත්ත්වයන් ඇතිවිය හැක.
අෂ්ටම ඒරාෂ්ටකය
කේන්දරයේ අටවැන්න ලෙස හඳුන්වන්නේ මාරක ස්ථානයයි. හත්වැනි කොටුවට එහා පැත්තේ කොටුවට උඩින් සෙනසුරු ගමන් කරන්නා වූ කාල සීමාව %අෂ්ටම ඒරාෂ්ටකය^ ලෙසින් හඳුන්වයි. මෙහිදී පුද්ගලයෙකු සිය ජීවිතයේ කරගෙන එන කටයුතු අතරමග නවතින, කඩා වැටෙන, බාධා ගෙන එන කාලසීමාවක් උදා වෙයි. මෙම වසර දෙක හමාරක කාලය තුළ තමන්ගේ රැකියාව, ජීවත් වන රට, ප්‍රදේශය, විවාහය, වැනි දෑ වෙනස් කිරීමට හිත පොළඹවයි. තමන්ගේ ජීවිතයේ අලුත් තීරණවලට එළැඹීමට පෙළඹීම් සිත තුළින්ම ඇතිවෙයි. පසුගිය කාලසීමාවේ ගෙවුණු දෑ තමන්ගේ ජීවිතයට නොගැළපෙන බවට සිත් වේ.
මෙම බලපෑම ඔහුගේ ජීවිතයේ විශාල අඩාල කිරීමකට ලක් කරයි. 2020 වසරේ ජනවාරි 26දා සිදුවුණු සෙනසුරු මාරුව සමග ඊට පෙර කාලවලදී වෘෂභ ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ටකයක් ගත විය. එම කාල සීමාවේදී වෘෂභ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතයේ ගැටලු, රැකියාවෙහි ගැටලු, ව්‍යාපාර අඩාලවීම්, ව්‍යාපාර වෙනස් කිරීමට සිදුවීම් වැනි ගැටලුකාරී තත්ත්වයන් දක්නට ලැබිණි. එම තත්ත්වය ඉදිරි වසර දෙක හමාරක කාලසීමාව තුළ මිථුන ලග්න හිමියන්ට බලපානු ලබයි. එහිදී මිථුන ලග්න හිමියන් විවාහය සම්බන්ධයෙන්, රැකියාව සම්බන්ධයෙන්, ආයෝජන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම වසර දෙක හමාරක කාලයක් පස්සට දැමීම ඉතා යහපත්ය. ඉදිරි වසර දෙක හමාර මිථුන ලග්න හිමියන් ප්‍රවේසමෙන් ජීවිතය ගත කළයුතු කාලසීමාවකි.
ඒරාෂ්ටක බලපෑම සම්පූර්ණයෙන්ම ඇතිවන්නේ සෙනසුරු ග්රහයාගෙනි. සෙනසුරු ග්‍රහයාගෙන් බලපාන ඒරාෂ්ටකයට සෙනසුරු මහ දසාවක්, සෙනසුරු අතුරු දසාවක් ගෙවෙන පුද්ගලයෙකුට බලපෑ විට එම පුද්ගලයාට එහි බලපෑම ඉතා වැඩි වාතාවරණයක් දක්නට ලැබේ. සමාජයේ හොඳ පසුබිමක්, යහපත් චර්යාවලින් හෙබි පුද්ගලයා එකවරම සමාජයෙන් අපකීර්තියට ලක්විය හැකිය. අනියම් සම්බන්ධතා, නීතිවිරෝධී දෑ කිරීමට පෙළඹිය හැක. එමෙන්ම සෙනසුරු උත්පත්ති කේන්දරයේ නීචව, දුර්වලව පීඩාකාරී සහගතව සිටිනවා නම් මෙම තත්ත්වය තවත් වර්ධනය වීමක් දැකිය හැක. සෙනසුරු ග්‍රහයා උත්පත්ති කේන්දරයේ බලසම්පන්නව වැජඹෙනවා නම් මෙම තත්ත්වය අඩු ස්වභාවයක්ද දක්නට ලැබිය හැක.
පුද්ගලයෙකුගේ ජීවන චක්‍රයේදී චන්ද්‍රයා මතින් තුන් වරකට වැඩියෙන් සෙනසුරු ගමන් නොකරන බව ජ්‍යෝතිෂවේදයේ දක්වයි. තුන්වැනි වතාවේදී සෙනසුරු චන්ද්‍රයා මතින් ගමන් කරනවිට ඔහුගේ ආයුෂ ප්‍රමාණය අවසන් බව ජ්‍යෝතිෂය විශ්වාස කරයි.
ඒරාෂ්ටක බලපෑමක් පුද්ගලයෙකුට බලපෑමට නියමිතව හෝ බලපා තිබෙනවා නම් එම පුද්ගලයා දකුණු අතෙහි මැද ඇගිල්ලෙහි කැරට් 01ට වැඩි කාකනිල් ගලක් පැලඳීම මගින් එම ඒරාෂ්ටකයෙන් වන හානිය අවම කරගත හැකිය. ඒරාෂ්ටක කාලසීමාව තුළ පුද්ගලයන් කළු වර්ණවලට වැඩි නැඹුරුවක් දැක්වීම සිදුවේ. කළු වර්ණ ඇඳුම් වැඩිපුර පැලඳීම තුළින් සෙනසුරුගේ ආකර්ෂණය වර්ධනය වීමකට පත්වේ. සෙනසුරුගේ දවස වන සෙනසුරාදා දිනයේ මස් මාංස සහ පිළී ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමේ ආශාවන් හට ගනී. එම ක්‍රියාවන් මගහරවා ගැනීම තුළින් ඒරාෂ්ටක තත්ත්වයේ බලපෑම අඩු කරගත හැකිය. තමුන්ට ලබා ඇති ඒරාෂ්ටකය කුමක්ද යන්න හරියටම එම පුද්ගලයා දැනුම්වත් වී ඇත්නම් වත්පිළිවෙත් කරගනිමින් බලපෑම අවම කරගත හැකිය.
ඒරාෂ්ටක දෙකක් එකවර උදාවන අවස්ථාද ඇත. චන්ද්‍රයා දොළොස්වැන්නේ, ලග්නය දෙවැන්නේ වගේ පිහිටන අවස්ථාවලදී ජන්ම ඒරාෂ්ටකය සහ ලග්න ඒරාෂ්ටකය එකවර බලපානු ඇත. සෙනසුරු ලග්නය උඩින් ගමන් කරන විට ලග්න ඒරාෂ්ටකයත්, චන්ද්‍රයා උඩින් ගමන් කරන විට ජන්ම ඒරාෂ්ටකයත් ලබයි. එමෙන්ම චන්ද්‍රයා කේන්දරයේ අටවැන්නේ සිටින අවස්ථාවලදී ජන්ම ඒරාෂ්ටකය සහ අෂ්ටම ඒරාෂ්ටකය එකවර උදා වේ. එහිදී මානසික කඩා වැටීමත්, ආර්ථික කඩා වැටීමත් යන ප්‍රතිඵල දෙකම උදාවිය හැකිය. ඒරාෂ්ටක දෙකෙහිම ප්‍රතිඵල එක හා සමානව එකවරම පැමිණීම එය සරල ආකාරයෙන් දැක්විය හැක. එවැනි අවස්ථාවලදී ප්‍රබල වන ආකාරය සෙනසුරුගේ පිහිටීම අනුව වෙනස් වේ.
සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ කේන්දරයක් වසරකට වතාවක් හෝ පරික්ෂා කළ යුතුය යන මතයේ ජ්‍යෝතිෂවේදීන් සිටින්නේ ඉහත ආකාරයේ ඒරාෂ්ටක උදා වී පුද්ගලයන් දුර්වල විය හැකි නිසාය. එමෙන්ම ග්‍රහ මාරුවීම්, ග්‍රහයන් නීචබල සහිත වීම් නිරන්තරයෙන් සිදුවිය හැකි බැවින්, එය පරික්ෂා කර ගැනීමට ජන්ම කේන්දරයක් වසරකට වරක් හෝ පරික්ෂා කිරීම ඉතා වැදගත් වේ.
විමසීම් - 0773669717