උපයන විට ගෙවීමේ (Pay-As-You-Earn Tax) බද්ද පැන වෙන්නේ ශ්‍රම බලකායෙන් අතිශය කුඩා කොටසක් මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ප්‍රකාශ කර සිටී. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම කරුණ සඳහන් කළ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රකාශය ඉහළ පෙළේ තීරණ ගන්නවුන් සහ මාධ්‍ය විසින් උපුටා දක්වන ලද අතර ඒ සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබේ.
එම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා Fact Check.lk විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) 2019 සඳහා වන වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) 2019 සඳහා වන ශ්‍රම බල සමීක්ෂණ (LFS) වාර්ෂික වාර්තාව පරිශීලනය කර ඇත.
2020 ජනවාරි මාසයේදී උපයන විට බද්ද එකතු කිරීමේ ක්‍රමය අහෝසි කළ බැවින් 2019 මෙහිදී යොමු වර්ෂය ලෙස ගෙන ඇත. තනි පුද්ගල ආදායම් බද්ද ගෙවීම සඳහා සුදුසුකම් ලැබීමට අදාළ අවම සීමාව ලෙස 2019 දී මෙන්ම වර්තමානයේදී ද එකම සීමාව පනවා ඇත: එනම්, මාසික වැටුපක් ලබන සේවා නියුක්තිකයෙකු වීම සහ මාසික ආදායම රු. 100,000 වීම (අංක 1 සහ 2 වගුබලන්න).
2019 දී "උපයන විට ගෙවීමේ ක්‍රමය යටතේ ආදායම් බදු ගෙවන සේවා නියුක්තිකයින් සංඛ්‍යාව" 1,149,883 ක් වූ බව (අංක 1 වගුව) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
2019 වසර අවසානයේ දී හා 2022 දී පැවති ශ්‍රම බලකායේ ජන විකාශ බොහෝ දුරට සමානව පැවති බවත්, 2022 අවසන් වන විට නාමික දළ දේශීය නිෂ්පාදිතය 50% ඉක්ම වන ප්‍රතිශතයකින් වැඩිවී ඇති බවත් අංක 1 සහ 2 වගු මගින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. "උපයන විට ගෙවීමේ ක්‍රමය යටතේ ආදායම් බදු ගෙවන [ගෙවීමට නියමිත] සේවා නියුක්තිකයින්" සැලකූ විට,2023 ට සාපේක්ෂව සංඛ්‍යාත්මක වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ අඩු සංඛ්යාපවක් 2019 දී නොසිටි බව මින් හැඟී යයි.
2019 දී දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරන ලද සංඛ්‍යාව 2023 සඳහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද සං මෙන් දස ගුණයකට ආසන්න වේ. එමෙන්ම, සමස්ත ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස ගත් විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති සංඛ්‍යා 13.4%ක් වන අතර එය රාජ්‍ය අමාත්‍යවරයා පරිදි 2.6%ක් නොවේ.
එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගී කරණය කරමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්රගවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.