ඉදිරියේදී පොදු ජන පෙරමුණේ කොටසක් අපිත් සමග සන්ධානගත වෙයි - පාඨලී


ඔබ නියෝජනය කළ කඳවුරෙන් වෙන්ව ගොස් අලුතින් නිර්මාණය කළ පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වීම අභියෝගයක් නොවේද? පොදුජන පෙරමුණ කළා වගේ සමගි ජන බලවේගය ජනතාවට සම්මුඛ කරන්න ඔබලාට බැරි වුණා නේද?

සමගි ජන බලවේගය අලුත් සන්ධානයක් වගේම එක්සත් ජාතික පක්ෂ ය ඇතුළු පක්ෂ ගණනාවක එකමුතුවක් තිබෙන සන්ධානයක්. ශ්රීග ලංකා පොදුජන පෙරමුණ කියන්නේ තනිකරම ශ්රීඑ ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වුණ දෙයක්. නමුත් සමගි ජන බලවේගය එහෙම නැහැ. තවත් දේශපාලන පක්ෂවල සන්ධානයක් විදිහටයි කටයුතු කරන්නේ. අපේ සන්ධානය ජනතාව තුළ කොපමණ දුරට කිඳා බැස තිබෙනවාද කියලා සමාජයට තේරෙන්නේ මෙවර මහ මැතිවරණයෙන්.

එකම කඳවුරක පිරිසක් දෙකට බෙදීම තුළින් විරුද්ධවාදීන්ට වැඩි අවස්ථාවක් හිමි වෙනවා කියා ඔබ සිතන්නේ නැද්ද? ඔබම අවස්ථා කිහිපයක පැවසූ පරිදි රටම තිබෙන්නේ ලොකු අර්බුදයක. එවැනි අවස්ථාවක සිරිකොතේ බලය අල්ලන්නද ඔබලාගේ බලාපොරොත්තුව?

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමක් වෙලා නැහැ. එම පක්ෂයේ සාතිශය බහුතරය සමගි ජන බලවේගය සමග එකතු වෙලා ඉන්නේ. ඒ මොකද අවුරුදු 26ක් එකදිගට එක නායකයෙක් යටතේ දේශපාලනය කරලා ඔවුන්ගේ පක්ෂය ගැන එක්සත් ජාතික පාක්ෂිකයෝ හෙම්බත් වෙලා ඉන්නේ. ඒ නිසාම පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සුළු පක්ෂයක් බවට පරිවර්තනය වුණා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගේ පදනම සහ රටේ දැන උගත් මධ්යපම පාන්තිකයාගේ පදනම දිනා ගන්නත්, වැඩකරන ජනතාවගේ පදනම දිනා ගන්නත් නොහැකි තත්ත්වයක දුර්වල සංවිධාන ව්යුදහයක් තියෙන තැනකට මේ පක්ෂය පත්වුණා.

ඒ නිසා මෙවර සිදුවෙලා තියෙන්නේ කලින් සිදු වුණා වගේ එක්සත් ජාතික පක්ෂයේ පතුරු ගැලවීමක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම සන්ධානයකට ඇතුළු වීමයි මෙවර සිදුවෙලා තියෙන්නේ. මේ දෙයින් ඡන්ද බෙදීමක් වෙන්නේ නැහැ. සමගි ජන බලවේගය නිසා ඡන්ද වැඩි කිරීමට අවශ්ය් පසුබිම නිර්මාණය වීමයි සිදුවුණේ. ඒ මොකද රනිල් වික්රගමසිංහ මහත්මයාගේ ප්රිතිපත්ති නිසා තරුණයෝ, සිංහල බෞද්ධ ජනතාව වගේම වැඩකරන ජනතාව සහ මධ්ය ම පාන්තික ප්රනජාව මුළුමනින්ම ඈත්වෙලා හිටියේ. නැවතත් ඔවුන් පක්ෂය කරා ළඟා කර ගැනීමෙන් ලැබෙන වාසිය රනිල් වික්රජමසිංහ මහත්මයා ඉන්නවාට වඩා විශාලයි. ඒ නිසා ඡන්ද බෙදීමකට වඩා සමගි ජන බලවේගයට වාසියක් සිදුවීමයි වෙලා තිබෙන්නේ.

සමගි ජන බලවේගය ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා අනෙකුත් පක්ෂ සම්බන්ධ කරගන්නවාද? එහෙමනම් ඒ පක්ෂ මොනවාද?

අනිවාර්යයෙන්ම ඉදිරියේදී මේ රටේ දේශපාලනයේදී මතුවන ප්ර ධාන කරුණු දෙක තමයි ආර්ථික ආගාධයෙන් සහ ණය අර්බුදයෙන් රට බේරා ගන්නේ කොහොමද කියන කාරණය. ප්රනජාතන්ත්රරවාදයේ ප්ර ශ්නය ඒ සමගම ගැටගැහිලා එනවා. ප්රකජාතන්ත්රපවාදය රට තුළ ස්ථාපිත කරගන්නෙ කොහොමද කියන ගැටලුව තිබෙනවා. මේ තත්වය තුළ ප්රාජාතන්ත්ර්වාදී සටන් පාඨය තුළ අපට බොහෝ පිරිස් සමග එකතු වෙන්න පුළුවන්. ආර්ථික ක්රියයාවලිය සහ ණය බර කියන කාරණාවලදී ඇතැම්විට ඉදිරියේදී ශ්රීි ලංකා පොදුජන පෙරමුණේ කොටස් සමග සන්ධානගත වෙන්න සිදුවේවි.

ඔබ නියෝජනය කළ ආණ්ඩුව මගින් ආරම්භ කළ ඇතැම් ව්යාිපෘති මේ වනවිට නතර කර දමා තිබෙනවා. ඒ අතර ඔබ ආරම්භ කළ ව්යා පෘති කිහිපයක්ම තිබෙනවා. ඔබ ආරම්භ කළ ව්යාමපෘති අසාර්ථක නිසාද මෙලෙස නවතා තිබෙන්නේ ?

රජය විවිධ සංවර්ධන ව්යාගපෘති නතර කරලා තියෙනවා. එහි ප්රභධානම ව්යාපපෘති කිහිපයක් තමයි සැහැල්ලු දුම්රිය ව්යාවපෘතිය, කැලණිවැලි දුම්රිය පද්ධතිය, බස් නවීකරණ ව්යානපෘතිය. මේ පමණක් නෙවෙයි මොවුන් තවත් ව්යාවපෘති නතර කරන්න සූදානමින් ඉන්නේ. ඒ මොකද විදෙස් මුදල් භාවිත කිරීමේ මිල සීමාවක් මුදල් අමාත්යාං ශය මගින් රජයට දීලා තියෙනවා. ණය අර්බුදය සහ බදු සහන ලබාදීමෙන් මේ ආණ්ඩුව ඇති කරගත්තු මූල්යා අර්බුදය නිසා රජයට වියදම් කිරීමේ සීමාවක් පැනවිලා තියෙනවා.

2020 – 2025 කාලය තුළ ඩොලර් බිලියන 05ක සංවර්ධනයක් පමණයි සිදුකරන්න වෙන්නේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කැබිනට් පත්රිාකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඉහතින් සඳහන් කළ දැනට ආරම්භ කරලා තියෙන ව්යාබපෘති කිහිපය සැලකූ විට ඩොලර් බිලියන 05 සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට අලුතින් ඇති කරන්න කියලා සංවර්ධන ව්යාවපෘති නැහැ. ඒ නිසා ආණ්ඩුව උපක්ර්මශීලීව විවිධ පිරිස් යොදවලා කමිටු දාලා මේ ව්යා පෘති නතර කරලා අලුත් ව්යා පෘති සඳහා යොමු වෙනවා.

අලුත් ව්යාලපෘති කියලා මේ අය කරන්න යන්නේ වෙන මොනවාවත් නෙවෙයි. අධිවේගී මාර්ග ව්යාමපෘති. ඒවා තමයි කොල්ලුපිටිය සිට වරාය නගරය, නව කැලණි පාලමේ සිට අතුරුගිරිය, කුරුණෑගල සිට දඹුල්ලට සහ කහතුඩුවේ සිට රත්නපුරට තිබෙන අධිවේගී මාර්ග. මේවාට මෙම මුදල් යෙදවීමටයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මහාමාර්ග අමාත්යාංාශයේ ලේකම්වරයාගේ සිටම ඉතාම දූෂිත පිරිසක් ඉන්නේ. මේ නිසා මේ බිලියන 05 හරහා ජාතික කොල්ලයක් කරගන්න පුළුවන් තැන එතැන කියලා හිතලයි මේ දේවල් පටන්ගන්න යන්නේ. මොකද නතර කරපු අනිත් ව්යායපෘති බොහොමයක් ජපන් ව්යා පෘති. ඒ වගේම අනෙක් ඒවා ගිවිසුම්ගත වෙලා තිබෙන ව්යා්පෘති නිසා ඒවලින් හොරකම් කරන්න බැහැ. රටේ ජාතික භෞතික සැලැස්මට පටහැනිව තමයි මේ ව්යා්පෘති නතර කරලා නව ව්යාමපෘති කරන්න ඔවුන් සූදානම් වෙන්නේ. ඒ වෙන කුමකටවත් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ධනය හොරකම් කිරීමේ උවමනාව මතයි මේ දේවල් සිදුවන්නේ. ඒ වගේම මේ ණය අර්බුදයෙන් ගැලවීමට ඉදිරි කාලයේදී රටේ වටිනා ඉඩම්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර මේ සියල්ලම පුද්ගලික අංශයට සහ විදේශ සමාගම්වලට විකුණා දැමීම සඳහා දැනටමත් ආණ්ඩුව පිඹුරුපත් සකසලා ඉවරයි.

මහ මැතිවරණයෙන් අනතුරුව සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් ඇති වුවහොත් ඔබලා රට පාලනය කරන ආකාරය පැහැදිලි කරනවා නම්. එයත් යහපාලන ආණ්ඩුව වගේම වෙයිද ?

මේ වනවිට ආණ්ඩුක්රනම ව්ය වස්ථාව සංශෝධනය කරලා තිබෙනවා. ඒ අනුව ඇමති මණ්ඩලය පත්කිරීමේදී, මූල්යම පාලනයේදී සහ නීති සැකසීමේදී පාර්ලිමේන්තුවට ප්රලමුඛතාව ලැබෙනවා. 2015 පාලන කාලයේදී ජනාධිපතිවරයාගේ බලය පිළිබඳ ගන්ධබ්බ අවධියක් නැතිනම් අතරමැදි කාලයක් තිබුණේ. ඉදිරියේදී එහෙම ගැටුමක් ඇති වෙන්න විදිහක් නැහැ. ජනාධිපතිවරයාට නිශ්චිත රාමුවක වැඩ කරන්නයි තිබෙන්නේ. ඒ වගේම රටේ ආර්ථික අර්බුදය අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ලොකුම අර්බුදයයි. රාජපක්ෂලා 2010 සිට ඇතිකර තිබෙන ණය අර්බුදය වගේම කෝවිඩ් වසංගතය නිසා ජාතික හා ජාත්යොන්තරව ඇතිකර තිබෙන අර්බුදයට අපිට මුහුණ දෙන්න වෙනවා. මෙහිදී සාමාන්යා ජනයා ආරක්ෂා කරගෙන, සාමාන්යු ජනයාට සහන දෙමින් ආර්ථිකය නව ආකාරයකට ගොඩනගන්නේ කොහොමද කියන කාරණය දෙස බැලීමයි අවශ්යර වෙන්නේ. මේ ගැන ලෝකය පුරාම සාකච්ඡා වෙනවා. පැරණි මාවත් එකක්වත් මේ සඳහා ගැළපෙන්නේ නැහැ. ලිබරල් ආර්ථික ප්රයතිසංස්කරණ හෝ යටිතල පහසුකම් වර්ධනය කර ගැනීම හරහා ඇතිකර ගන්නා ආර්ථික වර්ධනයෙන් මේ සඳහා විසඳුම් හොයන්න ලැබෙන්නේ නැහැ. ජනතා කෙන්ද්රීරය ආර්ථිකයකට අවශ්යධ පදනම සකස්කර ගැනීම තුළයි මේ සඳහා විසඳුම් තිබෙන්නේ. අපේ විදේශ සංචිත වැඩි දියුණු කරගැනීම සඳහා නව උපාය මාර්ග සොයා ගැනීමත් ඒ සඳහා කළ යුතු කාර්යයක් වෙනවා. දිගුකාලීන වශයෙන් දැනුම පදනම් කරගත්තු ආර්ථිකයකට රට ගෙන යාමත් කළ යුතු වෙනවා. මේ දේවල් තමයි අපිට ඉතුරු වෙලා තිබෙන මාර්ග වෙන්නේ. ඒ වගේම දේශපාලන වශයෙන් සහ සමාජීය වශයෙන් රටේ පරිවර්තන යුගයක් ඇති වෙමින් තිබෙනවා. මොකද විදෙස්ගත වෙලා හිටපු සැලකිය යුතු පිරිසකට දැන් ලංකාවට එන්න සිද්ධ වෙලා තිබෙනවා. සංචාරක ව්යාෙපාරය වගේ දේවල් අවුරුදු කිහිපයකට හැකිළෙන්න ඉඩ තියෙනවා. පරිභෝජනයට ලොකු සීමා පැනවෙන්න ඉඩ තිබෙනවා. මේ තත්ත්වය සමග අලුත් සමාජ වටපිටාවක් ඇති වෙමින් තිබෙනවා. මේ නිසා ලංකාවට දැන් අවශ්යව වෙලා තියෙන්නේ ජනතා කේන්ද්රීසය අලුත් වැඩපිළිවෙළක්.

රට සංවර්ධනය කිරීමට නම් තුනෙන් දෙකක බලයක් දෙන ලෙස පොදුජන පෙරමුණ පවසනවා. ඔබේ පක්ෂයේ අදහසත් එයමද?

දැනට කිසිම බලයක් නැති ජොන්ස්ටන් ප්රදනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධනලාගේ සිට රාජපක්ෂ රජ පවුලේ නාටක බැලුවාම, ඔවුන් පත්කර තිබෙන ඇතැම් නිලධාරීන්ගේ නාටක බැලුවාම පොදු ජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලැබුණොත් කොහොම තත්ත්වයක් ඇති වෙයිද කියලා මේ රටේ ජනතාවට හිතාගන්න පුළුවන්. ජොන්ස්ටන්ලා වර්ගයේ 150ක පාලනය මොන වගේ එකක් වෙයිද කියලා හිතාගන්න මේ රටේ ජනතාවට පුළුවන්. මේ මග සලකුණු අනුව ඒක බොහොම පැහැදිලියි. මේ මාස 09 තුළ නටපු නාඩගම් එක්ක ඇති වෙන්න යන ව්යණසනය බොහොම පැහැදිලියි.

ආණ්ඩුවේ අය තුනෙන් දෙක ගන්න යන්නේත් රනිල් වික්රොමසිංහ මහත්තයා සමග සන්ධානගත වෙන්න යන්නෙත් ඉතාම සරල කාරණයකට. රනිල් වික්රහමසිංහ මහත්තයා සමග සන්ධාගත වුණොත් විතරයි ඔවුන්ට පුළුවන් ඇමති ධුර ගණන වැඩිකර ගන්න. දෙවනුව මේ රාජ්යි සේවය, අධිකරණ ක්රිුයාවලිය සහ මැතිවරණ ක්රිවයාවලියේ වගේම පොලිස් සේවයේ ස්වාධීනත්වයක් ඇති කරපු ස්වාධීන කොමිෂන් සභා විසුරුවා හරින්න ඔවුන්ට අවශ්යරයි. ඔවුන් මේ තුනෙන් දෙකක් ගන්න හදන්නේ ඒ නිසයි. ඒ වගේම තව යටි අරමුණක් තිබෙනවා. ඒ තමයි බැසිල් රාජපක්ෂ වගේ ද්විත්ව පුරවැසි චරිත කිහිපයක් ඉන්නවා. ඔවුන්ට ඇමති ධුර ලබාදීම, අතරමැදි කාලයකට අග්රා්මාත්ය් ධුරය ලබාදීම ආදී යටි අරමුණු කිහිපයක් මේ අයට තිබෙනවා.

ඔවුන් මේ උත්සහ කරමින් ඉන්නේ ඒ සඳහා. නමුත් මේ මාස 06 සිදුවුණ සිදුවීම් එක්ක රාජපක්ෂලාට තුනෙන් දෙකක් නෙවෙයි, තුනෙන් එකක්වත් දෙන්න ජනතාව සූදානම් නැති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ සඳහා ජනතාව පෙළගැසිය යුතුමයි. නැතිනම් මේ අශිෂ්ට දේශපාලනය උමතු පවුල්වාදයක් සමග මේ රට ලේ විලක් කරා ගමන් කිරීමයි සිදුවෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අශිෂ්ට හැසිරීමෙන් පෙන්වන්නේ පැරණි මහින්ද රාජපක්ෂගේ කෝලම් යුගය, අශීලාචාර යුගය ඉස්සරටත් වඩා වේගයෙන් කරන්න සූදානම් බවයි. ඒ වැරදි හදාගෙන ඔහු පිරිසුදු වුණ බවක් පෙනෙන්න නැහැ.

මෙවර ඡන්ද දායකයාට ඡන්දය භාවිත කිරීමේදී අවධාරණය කළ යුත්තේ කුමක්ද?

ජනතාව මෙවර ආණ්ඩුවට පණිවුඩයක් දෙන්න අවශ්යවයි. ඒ මොකද මේ ආණ්ඩුව බලයට පත්වුණේ කූට මාධ්ය් සංදර්ශනයකින්. මහා දේශමාමකත්වයක්, සිංහල බෞද්ධ මතවාදයක්, ජාතික ඉතිහාසයට බොහොම ආදරය කරනවා කියන හැඟීම එක්ක මිනිස්සුන්ගේ පපුවේ හැඟීම් ඉතාම නින්දිත විදිහට පාවිච්චි කරලා තමයි බලයට ආවේ. එහෙම බලයට පත්වෙලා පහුගිය නව මාසයක කාලය තුළ සිදුකළේ ඒ හැඟීම් අවුස්සපු මිනිස්සුන්ටම කනේ පහරවල් ගහපු එකයි. උතුරේ සහ නැගෙනහිර ඡන්දයට කරුණා සහ කේපී මෙහෙයවීමේ සිට රණවිරුවන්ට අතුල් පහරක් එල්ල කළා. කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කරලා ජාතික ඉතිහාසයට අතුල් පාරක් එල්ල කළා. එම්.සී.සී. ගිවිසුම අහෝසි කරනවා කියලා ඇවිත් එය අහෝසි නොකිරීමෙන් ඒ ගැන හඬ නගපු බෞද්ධ භික්ෂූන්ට අතුල් පහරක් එල්ල කළා. තමන් බලයට පත්කරපු ජනතාවට අතුල් පහරවල් එල්ල කිරීමේ ප්ර තිවිපාක මෙවර මැතිවරණයේදී රජයට ලබාදිය යුතුයි. එහෙම නොවුණොත් ඊළඟ වටේදී මොවුන් මීටත් වඩා අශීලාචාර විදිහට කටයුතු කරන්න ඉඩ තියෙනවා. එය වැළැක්වීමට තියෙන එකම බලවේගය සමගි ජන බලවේගය පමණයි. ප්ර්ජාතන්ත්රටවාදය වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන දේත් ජනතාවට කියන්න කැමතියි.



Recommended Articles