'ඇෆ්ලටොක්සීන්' නම් විෂ කාරකය අඩංගු වූ පොල්තෙල් මෙරටට ගෙන්වීම පිළිබඳව මේ දිනවල විශාල වශයෙන් කතාබස් ඇති වී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකළ තත්ත්ව පරීක්ෂාවලදී එම විෂ කාරකය අඩංගු පොල්තෙල් මෙරටට ගෙන් වූ සමාගම් තුනක් තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් වී තිබේ.
එමෙන්ම පසුගියදා පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගබඩා කිහිපයක් මුද්‍රා තැබීමටද පාරිභෝගික අධිකාරිය කටයුතු කර තිබිණි. මේ තත්ත්වය හමුවේ ඇෆ්ලටොක්සීන් විෂ කාරකය යනු කුමක්ද සහ එහි බලපෑම කෙබඳුද යන්න පිළිබඳව විද්වත් අදහස් අප විමසා බැලුවෙමු.
කායික රෝග පිළිබඳ විශේෂඥ, මහාචාර්ය අර්ජුන ද සිල්වා,
"ඇෆ්ලටොක්සීන් කියන්නේ සාමාන්‍යයෙන් Aspergillus flavus කියන දිලීර වර්ගයෙන් ඇතිවන විෂ කාරකයක්. ඒ දිලීර වර්ගයෙන් තමයි මේක එන්නේ. ඇෆ්ලටොක්සීන් වර්ග කිහිපයක් තිබෙනවා. එයින් වැඩි හානියක් සිදුවන වර්ගය තමයි ඇෆ්ලටොක්සීන් B-01 කියන්නේ. මේ ඇෆ්ලටොක්සීන් B-01 කියන්නේ පිළිකා කාරකයක්. මේක පිළිකා කාරකයක් වන්නේ සෛලීය මට්ටමෙන් p53 oncogene හානි කරමින්. ඒක ජානමය මට්ටමෙන් එන එකක්. ඒකට හානි සිදුවුණාම පිළිකාවන් ඇති වෙනවා. ඒක ශරීරයේ ඕනෑම තැනකට බලපාන්න පුළුවන්. නමුත් වැඩිපුරම බලපාන්නේ අක්මාවට. පිළිකාවක් වගේම සිරෝසීස් තත්ත්වයක් එන්නත් පුළුවන්.
මේ තත්ත්වය දෙවිදිහකට වෙන්න පුළුවන්. ඇෆ්ලටොක්සීන් වැඩි ප්‍රමාණයකින් ශරීර ගතවුණොත් අක්මාව එකපාරටම හානි වෙන්න පුළුවන්. ඕනෑම විෂ කාරකයක් ශරීයට ඇතුළු වුණාම අක්මාව තමයි ඒක නිරීක්ෂණය කරන්න ඉදිරිපත් වෙන්නේ. එතකොට මේකෙන් අක්මාවේ සෛල හානි වෙලා අක්මාවේ ක්‍රියා විරහිත වීමක් සිදුවෙන්න පුළුවන්. ලේ වාහනය වීමක් සිදුවෙන්න පුළුවන්. ඊට පස්සේ සිරෝසීස් තත්ත්වයකට එනවා. ඉන් අනතුරුව පිළිකාවේ දීර්ග කාලීන සංකූලතා එන්න පුළුවන්.
ඊළඟ ආකාරය තමයි ක්‍රම ක්‍රමයෙන් ඇෆ්ලටොක්සීන් ශරීරගත වීම. ටිකෙන් ටික ශරීරගත වීම වැඩිපුරම බලපාන්නේ කුඩා දරුවන්ට. මොකද ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව අඩුයිනේ. ඔවුන්ට ඇෆ්ලටොක්සීන් ටිකෙන් ටික ඇඟ ඇතුළට ගියාම ශරීරයේ වර්ධන වේගය අඩුවෙන්න පුළුවන්. ඔවුන්ටත් අක්මාවේ පිළිකා ඇතිවෙන්න පුළුවන්. ඒකට දීර්ග කාලයක් ගත වෙනවා.
එක්වරක් දෙවරක් ඇෆ්ලටොක්සීන් අඩංගු ආහාර කෑවා කියලා මෙවැනි සෞඛ්‍යමය ගැටලු ඇතිවෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් ඇෆ්ලටොක්සීන් අඩංගු කෑම වර්ග ආහාරයට ගත්තොත් තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. ඇෆ්ලටොක්සීන් විෂ කාරකය නිෂ්ක්‍රීය කරන්න පුළුවන්. ඇෆ්ලටොක්සීන් අඩංගු ආහාර රත් කිරීමෙන් මේ විෂ කාරකය නිෂ්ක්‍රීය වෙන්නේ නැහැ. හිරු එළියට ඇල්ලුවාම හිරු එළියේ තිබෙන විකිරණයට ඇෆ්ලටොක්සීන් විෂ කාරකය නිෂ්ක්‍රීය කරගන්න පුළුවන්.
ඇෆ්ලටොක්සීන් කියන මේ විෂ කාරකය රට කජුවල තමයි වැඩියෙන්ම තිබෙන්නේ. ඒ වගේම බඩ ඉරිඟුවලත් තිබිලා තියෙනවා. රට කජුවල දිලීරයක් හැදිලා තියෙනවා පේනවා නම් එහි බොහෝ විට ඇෆ්ලටොක්සීන් තිබෙන්න පුළුවන්. රටකජු භාවිත කරලා නිෂ්පාදනය කරපු ආහාරවලත් ඉස්සර මේක තිබිලා තියෙනවා"
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මානව පෝෂණවේද අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය රේණුක සිල්වා,
&ඇෆ්ලටොක්සීන් හැදෙන්නේ ආහාර නියමිත තත්ත්ව මත ගබඩා කර නොතිබුණාම, නිෂ්පාදන ක්‍රියාවලියේදී අයහපත් තත්ත්වයන් ඇතිවුණාමයි. තෙතමනය නියමිත ප්‍රමාණයට වඩා වැඩි වුණාම තමයි මේ දිලීරය හැදෙන්නේ. හොඳට වියලුණු ආහාරවල මේක හැදෙන්නේ නැහැ.
ඇෆ්ලටොක්සීන් විශේෂයෙන්ම හැදෙන ආහාර වර්ග තිබෙනවා. මේ පිළිබඳව මුලින්ම වාර්තා වන්නේ එක්දහස් නවසිය හැට ගණන්වලදී. ඒ රටකජුවලින්. රටකජු හරියට ගබඩා කරන්නේ නැතුව තියලා ඒ රටකජුවලින් හදපු කුකුලු කෑම කළුකුම්ලාට (Turkey) දීලා ඒ විෂ වර්ගය කළුකුම්ලාට ශරීරගත වෙලා තිබෙනවා. ඒ නිසා එංගලන්තයේ මිනිස්සුන්ට එක් නත්තලක් කළුකුම් මස් නැතිව සමරන්න සිදුවුණා.
අදටත් රටකජුවල මේ දිලීරය මද වශයෙන් තිබෙන්න පුළුවන්. රට කජු ආහාරයට ගනිද්දී ඒවායේ පැත්තක් කොළ පැහැයක් වී තිබුණොත් ඒ තුළ ඇෆ්ලටොක්සීන් හදන Aspergillus පුස් වර්ගය තිබෙන්නට පුළුවන්. ඒක මුලින්ම කහ පාටට හැදිලා ඊට පස්සේ ඇෆ්ලටොක්සීන් විෂ වර්ගය හැදෙද්දී තමයි කොළ පාට වෙන්නේ. ඇෆ්ලටොක්සීන් රට කජු, පොල්, බඩඉරිඟු, මිරිස්, සෝයාවලත් තිබෙන්නටත් පුළුවන්. සහල් නිසියාකාරයෙන් ගබඩා නොකළොත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් තෙත ගතිය තිබුණොත් සහල්වලත් මේවා ඇතිවෙනවා.
මේ දවස්වල පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් තිබෙනවා කියලා ලොකු කතාබහක් ඇතිවෙනවානේ. ඒ නිසා පොල්වල ඇෆ්ලටොක්සීන් හැදෙන්නේ කොහොමද කියලා කියන්න ඕනේ. පොල්තෙල් හදන්නේ කොප්පරාවලින්. සාමාන්‍යයෙන් අපි ගෙවල්වල තෙල් හිඳිද්දී කොප්පරා අව්වේ වේලනවා. නමුත් කාර්මිකව කොප්පරා වේලන්නේ දුම් ගහලා. ඒ විදිහට කොප්පරා වේලද්දී ජල ප්‍රතිශතය 8%කට වඩා අඩු විය යුතුයි. ඒ සමගම දුමත් එක්ක යන සමහර සංයෝග කොප්පරා මතුපිට තැන්පත් වෙලා දිලීර වර්ධනය වීමට එරෙහිව කටයුතු කරනවා. පර්යේෂණයකින් පෙන්වා දීලා තියෙනවා ලංකාවේ පොල්තෙල් හදන ආකාරයට ඇෆ්ලටොක්සීන් හැදෙන ප්‍රමාණය අඩුවෙනවා කියලා. නියමිත ප්‍රමාණයට ජලය තිබුණාම සහ දුම මගින් මේ දිලීරය හැදෙන එක අඩු වෙනවා.
ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනයේදී සමහර වසරවලදී මේ තත්ත්වය යම් ප්‍රමාණයකින් ඇති වෙලා තිබෙනවා. හරියට කළේ නැත්නම් ලංකාවේ පොල්තෙල්වලත් මේක එන්න පුළුවන්. කොප්පරාවල පැත්තකින් කොල පාටට දිලීරයක් තිබෙනවා නම් ඒවායේ ඇෆ්ලටොක්සීන් වැවිලා තිබෙන්නට පුළුවන්.
ප්‍රධාන වශයෙන් මේ විෂ වර්ගය තෙල්වලට ඇතුළත් වන්නේ කොප්පරා කාලයේදී. ඊට අමතරව ගබඩා කිරීමේදී සහ නිෂ්පාදන ක්‍රියාවලියේදී දිලීර බීජ ඉතිරි වී තිබුණොත් එතනදීත් හැදෙනවා. දවසක් දෙකක් ඇෆ්ලටොක්සීන් ශරීරගත වුණා කියලා පිළිකා ඇතිවෙන්නෙවත් වෙනත් සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්නේවත් නැහැ. නමුත් අපි පුළුවන් තරම් ඒ විෂ කාරකයෙන් ඈත් වෙන්න ඕනේ. මේක අපිට සියයට සියයකින් නවත්වන්නට බැහැ.
ඇෆ්ලටොක්සීන් පරීක්ෂණය මේ වෙද්දී විශාල වශයෙන් කතාබහට ලක්වුණාට, ඒ පර්යේෂණය සාමාන්‍යයෙන් සිදු කරනවා. උදාහරණයක් විදිහට කුඩා දරුවන්ට ත්‍රිපෝෂ හදද්දී ඒ සඳහා යොදාගන්නා බඩ ඉරිඟුවල සහ සෝයාවල ඇෆ්ලටොක්සීන් අන්තර්ගත වෙලා තිබෙනවාද කියලා බලන්න මේ පර්යේෂණය කරනවා. මොකද කුඩා දරුවන්ට ඇෆ්ලටොක්සීන් ශරීරගත වුණොත් ඔවුන්ට ඒක දරාගන්න අමාරුයි. එහෙම පර්යේෂණවලදී ඇෆ්ලටොක්සීන් අඩංගු තොග අහුවෙලත් තිබෙනවා.
ඇෆ්ලටොක්සීන් ආහාරවල තිබෙන මට්ටම ගැන සාමාන්‍ය මිනිස්සුන්ට පරීක්ෂා කරන්න බැහැ. ඒක රසායනාගාරයකින් පර්යේෂණ කළ යුතුයි. අපි කිව්වානේ ඇෆ්ලටොක්සීන් තෙල්වල විතරක් නෙවෙයි ඉහත කිව්ව ආහාරවලත් තිබෙනවා කියලා. ඒවායේත් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද යන්න දැනගන්න සාම්පල අරගෙන පරීක්ෂණ කළ යුතුයි. ඕනෑම අවස්ථාවකදී වෙළෙඳ පෙළේ තිබෙන මුලින් කිව්ව ආහාරවල සාම්පල අරගෙන පරික්ෂා කරන්න පුළුවන්. හැබැයි මෙතනදී වැදගත්ම දේ තමයි මේවා පරීක්ෂා කරන්නට නිරවද්‍යතාව සහිත රසායනාගාර තිබෙනවාද කියන කාරණය. අපි දන්න විදිහට දැනට එහෙම රසායනාගාරයකට තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ විතරයි. අනෙකුත් රසායනාගාරවලත් මේ පරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් සහතික කරලා නැහැ. සහතික නොකරන ලද රසායනාගාරයකින් කළොත් තවත් අයහපත් ප්‍රතිඵල ඇතිවෙන්නත් පුළුවන්. එතනදී නීතිමය ගැටලුත් ඇතිවෙන්න පුළුවන්. විධිමත් විදිහට ඒ පර්යේෂණ කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබෙනවා. සැක සහිත ආහාර වර්ග තිබෙනවා නම් ඒවායේ සාම්පල අරගෙන පර්යේෂණ කරලා ඒ පිළිබඳව දැනුම්වත් කළ යුතුයි*