සමස්තයක් ලෙස ගත් විට ඇල්පිටිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම 70෴ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට සමත් විය. ආණ්ඩුවට ලබාගත හැකිවූයේ ඡන්ද 24%ක් පමණි.
මෙවර ජනාධිපතිවරණයට පෙර ජනතා මතයේ හැසිරීම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අල්පිටිය මැතිවරණය පැතිකඩක් වෙයි. ඇල්පිටිය ජයග්‍රහණය කිරීම සඳහා රාජ්‍ය බලය උපරිම ආකාරයට යෙදවීම, නොයෙක් වරදාන හා වරප්‍රසාද ජනතාවට ලබාදීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, රැකියා ආදිය ලබාදීමට ආණ්ඩුව කටයුතු කළද ඇල්පිටියේ ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේය.
2015 වසරින් පසු ශ්‍රී ලංකාව සියලු ක්ෂේත්රයන්ගෙන් ඉදිරියට ගමන් කරනවා වෙනුවට සිදුවූයේ ආපස්සට ගමන් කිරීමය. දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වූ ආර්ථිකයක් පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මේ වසර අවසන් වනවිට 2.7෴ක් බවට පත්වනු ඇතැයි ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන්නේ ඇෆ්ගනිස්තානයට පමණි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය 08෴කට අධික අගයක පැවැතියේය.
ඒ අනුව වත්මන් ආණ්ඩුව ලබාගෙන තිබෙන්නේ අප ලබාගත් ආර්ථික වර්ධන වේගයෙන් තුනෙන් පංගුවක පමණ ආර්ථික වර්ධන වේගයක් පමණි. අපට පසුපසින් සිටි බංග්ලාදේශය, නේපාලය, භූතානය වැනි රටවල් ශීඝ්‍රයෙන් ඉදිරියට ගමන් කර තිබේ. මෙවන් ආර්ථික පසුබෑමක් ශ්‍රී ලංකාවේ ඇති වීමට කිසිදු බාහිර හෝ ජාත්‍යන්තර හේතුවක් නොමැත. එයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරත්වයයි.
මෙම ආර්ථික පසුබෑමද යළිත් යහපත් මාර්ගයකට පීලිගත කළ හැකි වන්නේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමෙනි.
ඒ සඳහා අපි දැනටමත් ගමන ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ වේගයෙන්ම ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයේ සිටි ආණ්ඩුව පරාජය කරමින් පළාත් පාලන මැතිවරණය ජය ගත්තේය. නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරත්වය විශාල ප්‍රමාණයකින් පහව යනු ඇත. ඉන් අතුරුව මහමැතිවරණයත්, පළාත් සභා ඡන්ද විමසීමත් පැවැත්වීමට නියමිත හෙයින් එම මැතිවරණ දෙකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගැනීමට වැඩි අවස්ථාවක් පවතී. ඒ හරහා අපට ශ්‍රී ලංකාව තුළ සාර්ථක දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට අවස්ථාව තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවර ජනාධිපතිවරණයේද ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය නොමඟ යැවීමට ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය උත්සාහ කරමින් සිටියි. එක්වරක් නොමඟ යැවූ තරුණ ප්‍රජාව මෙවර නොමඟ යැවීමට ආණ්ඩුවට අවස්ථාවක් නොමැත.
තාරුණ්‍යය යනු ඕනෑම ජාතියක අනාගතයයි. ඔවුන් වෙනුවෙන් අනාගතය උදාකරලීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වැඩි ඉඩක් වෙන්කර ඇති අතරම, බලයට පත්වූ විට එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වැඩි වෙහෙසක් ගන්නා බවද මෙහිදී ඔබට මතක් කර දෙන්නෙමු.
තරුණයන්ගේ ඡන්ද මතින් බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ දා සිටම කළේ තරුණයන්ගේ අනාගතය සමග සෙල්ලම් කිරීමය. ගත වූ වසර පහක කාලය තුළ විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර විරැකියා මට්ටම ඉහළ ගොස් තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2019 දෙවැනි කාර්තුවේදී විරැකියා මට්ටම 4.9෴ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 2015 තුන්වැනි කාර්තුවේදී දක්නට ලැබුණු 5.1%න් පසු ඉහළම අගයයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පොරොන්දු පත්‍රිකාවක් ජනතාව හමුවේ දිග හරිමින් කටයුතු කරයි. කෙසේ වෙතත් පසුගිය අවුරුදු පහ තුළ ආණ්ඩුව කළේ තමන් බව එහිදී සජිත් ප්‍රේමදාස මහතාට අමතකව තිබේ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 - 29 අතර පසුවන තරුණ ජනගහනය මිලියන 4.5ක් වන අතර, එය මුළු ජනගහනයෙන් 21%කි. මෙයින් බොහෝ පිරිසක් සේවා වියුක්තියෙන් පෙළෙන අතර, ඇතැම් අය තමන්ගේ සුදුසුකම්වලට ගැළපෙන රැකියා නොමැතිව ගැටලුවකට පත්ව තිබේ.
මේ වනවිට කර ඇති සමීක්ෂණ තුළින් හෙළිව ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරක, ඉදිකිරීම් සහ සෞඛ්‍ය සේවා ඇතුළු වේගයෙන් වර්ධනය වන කර්මාන්ත කිහිපයක් ශ්‍රී ලංකාව තුළ විශාල ශ්‍රම හිඟයකට මුහුණදී සිටින බවයි. ඒ අනුව සිදුකළ යුතුව ඇත්තේ රැකියා වෙළෙඳ පොළට ගැළපෙන තරුණ තරුණියන් පිරිසක් නිර්මාණය කිරීමය.
අනෙක් අතින් තොරුතුරු තාක්ෂණය ඇතුළු තාක්ෂණික ලෝකය තුළ බොහෝ තරුණ තරුණියෝ මේ වනවිට නිවසේ සිටම මුදල් ඉපයීමේ කාර්යයේ නිරත වෙති. ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුළ විශාල අායෝජනයක් සිදුකළ යුතුව තිබේ.
වර්තමාන අපගේ යෞවනයන් තුළ විශ්වාසය ගොඩනැගිය යුතුය. ඔවුන්ට ශක්තිමත් පිටුබලයක් අවශ්‍යය, ඔවුන්ට දූරදර්ශී නායකයෙකු අවශ්‍යය, ඔවුන්ට ස්ථාවර රජයක් අවශ්‍යය, මේ සියලු ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට නොවැම්බර් 16 වැනිදා අවස්ථාවක් උදා වෙයි.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
සුබ අනාගතයක්!