ඇඳිරි නීතිය ඉවත් කිරීමට නම් රෝගයට ගොදුරු වූ සියල්ලන්ම පරීක්ෂා කළ යුතුයි - GMOA


කෝවිඩි-19 රෝගය පැතිරයාම හේතුවෙන් පනවා ඇති ඇදිරිනීතිය ඉවත් කිරීමටනම් රෝගයට ගොදුරු වූ සියල්ලන් පරීක්ෂාවට ලක්කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුයේ ඇදිරිනීතිය ඉවත් කළද රටතුළ ස්ථාවරයත්වයක් ගොඩනගාගන්නා තුරු අනවශ්‍ය ජනහමු අනවශ්‍ය රැස්වීම් ආදීය  පැවැත්වීම නුසුදුසු බවය.

කෝවිඩි-19 වසංගතය පැතිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා 'අද' සමග මේ සම්බන්ධයෙන්  පැවසුයේ මෙවැන්නකි.,

ඇදිරිනීතිය ඉවත් කිරීම

දිගින් දිගටම රටතුළ ඇදිරීනිතිය ක්‍රියාත්මක කරන්න බැහැ. රටේ සංවර්ධනය ආර්ථික පැවැත්ම සාමාන්‍ය ජනජීවිතය ආදී කාරණා කෙරෙහි අවධානය යොමුකළ යුතු වෙනවා. රට නැවත යතාතත්වයට පත්වීමටනම් ඇදිරිනීතියෙන් ඉවත්විට යුතුයි.

එය කරන්න තියෙන මුලික ක්‍රමවේදය තමයි හැකි තරම් රෝගයට ගොදුරු වු අය හදුනාගැනීම. ඇදිරිනීතිය ඉවත් කිරීමටනම් සියළු දෙනා පරීක්ෂා කිරීමේ හැකියාව පුලුල් කළ යුතුයි. ඒතුළින් ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ විද්‍යානූකුළ පදනමක් යටතේ රට නැවත යතාතත්වයට පත්කිරීම කළ යුතුයි.

පුඵල් ලෙස පරීක්ෂා කිරීම

සැක සහිත අයවලුන් සහ රෝගීන් හදුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කිරීම මත එය රදා පවතනවා. ඇදිරී නීතිය ඉවත් කිරීමට ජනතාව මේ ක්‍රියාමාර්ග වලට උපරිම සහයෝගය දැක්විය යුතුයි. මේවනවිට  ජනතාව උපරිම සහයෝගය දක්වමින් ඉන්නවා.

එය හොද ප්‍රවනතාවක්. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය අප්‍රේල් 04 දා රට නැවත යථා තත්වයට පත්කරන්නේ කොහොමද කියලා වාර්තාවක් ජනාධිපතිතුමාට  දුන්නා.  ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ  මට්ටම හෝ වෙනත් සුදුසු ක්‍රමයක් හදුනාගෙන එය ක්‍රියාත්කම කරන්න කියලයි අපි යෝජනා කළේ. ඒ අනුව  රෝගයෙන් තොර කලාප ,  රෝගීන් සහිත කලාපය සහ අතරමැදි කලාප ලෙස කොටස් වර්ගීකරණය කර ක්‍රමයෙන් රෝගීන් තොර කලාප වර්ධනය කරන ලෙස අපි යෝජනා කළා.

ඒවගේම දැනට රෝගය බහුලව පවත්වෙන  ප්‍රදේශ ඒ තත්වයනෙන් මුදවාගන්නනේ කොහොද කියලත් මේ තුළින් පැහැදිලි කරලා තියෙනවා.  ඒ අනුව එම ක්‍රියාමාර්ග වලට අනුව අනිතුත් පුද්ගලයින් සමගත් සාකාච්ඡා කරලා රට ඇදිරිනිය ඉවත් කිරීමට ක්‍රමවේදය අනුගමනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

කෝවිඩි-19 වලට තවම බෙහෙතන් නැහැ

කෝවිඩි-19 (කොරෝනාවලට) නිසි බෙහෙතක් තමව ලෝකය තුළ හොයාගෙන නැහැ. මේකට තවම සුදුසු ප්‍රතිශත්තිකරණ එන්නත් නිපදවලා නැහැ. මේ නිසා රෝගය පාලනය කරන්න ප්‍රතිකාර ක්‍රමයක් නැහැ.

රෝගය පැතිරයාම පාලනය කිරීම තමයි කරන්න පුළුවන් එකම දේ. ඇදිරීනීතිය ඉවත් කර රට සාමාන්‍ය අතට ගන්න ගමන් , සෞඛ්‍ය සම්බන්ධ පුරැදු අනුගමනය කරමින් අනවශ්‍ය ඒකරාශීවීම් සිදුනොකරමින් සාද පැවැත්වීම ආදීය සිදුනොකරමින් හැකිතරම් නිවෙස්වල සිටිමින් උපරිමයට සමාජ දුරස්ථභාවය ඇතිකළ යුතුයි.

ජනහමු පවත්වන්න එපා

ඇදිරනිතිය ඉවත් කළත් රටතුළ ස්ථාවරයත්වයක්  ගොඩනගාගන්නා තුරැ අනවශ්‍ය ජනහමු අනවශ්‍ය රුස්වීම් පැවැත්වීම නුසුදුසුයි. ඒ සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදිම අනිවාර්යයි.

රට තුළ සෞඛ්‍ය අංශයවගේම දේශපාලන ආර්ථික සමාජීය ස්ථාවරභාවය තබාගැනීම වැදගත්.  රටේ ව්‍යාවස්ථාවයට අනුව යම් ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් තිබෙනවානම් මහ මැතිවරණය පැවැත්විම සඳහ ඒ සඳහා අනුමගය කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුත්තේ රටේ සහ ජනතාවගේ සෞඛ්‍ය රුකෙන ආකාරයෙන්. මෙම වසංගත රෝගය හොදින් පාලනය පාලනය කරගත් තත්වයක් තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය වෙනුවෙන්  ගතයුතු පියවර නොබියව ගන්න පුළුවන්.

ඇදිරිනීතිය ඉවත් කළ හැකි ප්‍රදේශ

මුළු රට තුළම ඇදිරිනීතිය ක්‍රියාත්මක කළත් මේවනවවිට කොවිඩි-19 රෝගියකු හෝ  රෝගියෙක් ආශ්‍රය කළ පුද්ගලයකු හෝ නොමැති ප්‍රදේශ බොහොමයක් තිබෙනවා. එම ප්‍රදේශ ක්‍රමයෙන් විවෘත කිරීමට රජයේ අවධාය යොමුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

එම ප්‍රදේශ විවෘත කිරීමේදී  ඔවුන්ට අනිකුත් ප්‍රදේශ වෙත යාමට හෝ එම ප්‍රදේශවලින් මෙම ප්‍රදේශ වෙත පැමිණීමට නොහැකි පරිදි  එය විවෘත කළ යුතුයි. ඒවගේම ක්‍රම ක්‍රමයෙන් එම ප්‍රදේශ පුළුල් කරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි.

 

 



Recommended Articles