ආහාරයක් පිසූ පසු විෂ බීජ සියල්ල නැසී ගියා යැයි සිතන අය අතර ඔබත් එක් අයෙක්ද ? ආහාරයක් පිසූ පසු නොව ආහාරයක රෝගකාරක විෂ බීජ වැඩීමකින් තොරව පවත්වා නොගත හොත් එම ආහාරය පරිභෝජනයට සුදුස යැයි නිර්දේශ කළ නොහැකිය.
මේ නිසා පිසූ ආහාරයක් වුවත් රෝග කාරක විෂබීජ වැඩීම වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත්ය. එය ගබඩා කළ යුතු ඌෂ්ණත්වය අනුව ආහාරය නරක් නොවී සහ පෙරකී ලෙස විෂ බීජ වැඩීමෙන් තොරව පවත්වා ගත හැකිය.
සෙන්ටිග්‍රේඩ් අංශක 05 ට පහළ ඌෂ්ණත්වයක ගබඩා කිරීම හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 70 කට ඉහළ උෂ්ණත්වයේ පිස ගැනීම වැදගත් වනුයේ ආහාර සුරක්ෂිතතාවය ඒ හරහා තහවුරු වන බැවිණි. මග තොටවල විකිණීමට ඇති ආහාර සුරක්ෂිතතාවය අඩු ආහාර ලෙස හඳුනා ගන්නට මේ දැනුම ඔබට වඩාත් ඉවහල් වනු ඇති.
නාලිකා රාජපක්ෂ