ආරුක්කු නවයේ පාලම


ශ්‍රී ලංකාවේ ඇති සුන්දරතර සංචාරක ආකර්ෂණයන් අතර, ආරුක්කු නවයේ පාලමද සුවිශේෂී තැනක් ගනී. දෙමෝදර පාලම ලෙසද හැඳින්වෙන, බදුලු දුම්රියේ ගමන් කිරීමේදී හමුවන මෙම පාලම දෙස්විදෙස් සංචාරකයන් හට කදිම ඡායාරූප පසුතලයක් ලෙසින්ද සැලකේ.

මෙය කොන්ක්‍රීට් අච්චු ගල් හා කොන්ක්‍රීට් යොදා ගනිමින් සවි ශක්තිමත් ලෙසින් ඉදිකර තිබේ. මෙම ආරුක්කු නවයේ පාලම එකිනෙකට අඩි 30 පමණ පරතරයකින් යුතු ආරුක්කු නවයක් සහිතව අඩි 300ක උසින් සහ හා අඩි 25ක පළලින් යුතුව උත්තුංග නිර්මාණයක් ලෙසින් නැඟී සිටී.

ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ, එච්.ආර්. මාර්වුඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව සඳහන් වන අතර, පාලම නිර්මාණය අධීක්‍ෂණය සඳහා දෙස් විදෙස් ඉංජිනේරුවරුන්ගේ දායකත්වය ලැබුණු බවද සඳහන් වේ.

වර්තමානයේදී ඇතැම් සංචාරකයන් මෙම ආරුක්කු නවයේ පාලමේ බැම්මේ හිඳ ප්‍රපාතයට කකුල් දමා ඡායාරූප ගැනීමත්, ආරුක්කු නවයේ පාලම මතින් දුම්රිය ගමන් කිරීමේදී දුම්රියේ දොරෙන් පිටතට ඇල වී ඡායාරූප ගැනීමත් වැනි අවදානම්කාරී ක්‍රියාවන්හි යෙදීම යම්තාක් දුරකට ගැටලුවක්ව තිබේ.

එසේම ඇතැම් සංචාරකයන්ගේ නොමනා හැසිරීම් නිසා පාලමේ පහත බැඳ ඇති බඹර කූඩු ඇවිස්සීමද ගැටලුවක් වන බව ප්‍රදේශවාසීහු පවසති.

සංචාරක



Recommended Articles