ශ්‍රී ලංකාව මේ වන විට යම් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, වසංගත තත්ත්වය තුළ එහි යම් වර්ධනයක් පෙන්නුම් කරයි. ආර්ථික ආර්බුදයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාව කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන් ආර්ථීක විද්වතුන් මේ වන විට කරුණු ඉදිරිපත් කරමින් සිටින අතර, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකින් මේ තත්ත්වයෙන් ඉදිරියට පැමිණිය හැකිද යන්න පිළිබඳවත් දීර්ඝ සංවාදයක් මතුව තිබේ. රට ස්වයංපෝෂිත වීම යථාර්ථවාදීද? ගෝලීය ආර්ථිකය සමග අප කෙසේ සම්බන්ධ විය යුතුද? යන කරුණු සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා සහ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා සාධාරණ සමාජයක් කථිකාව ඔස්සේ සඳහන් කළ කරුණු ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.
දේශීය ආර්ථිකයක් හුදෙක් සංකල්පයක් පමණයි. එමගින් තිරසාර විසඳුම් ලබාදීමට හැකියාවක් නැහැ - කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ
පවත්නා වසංගතය හමුවේ යම් යම් තීරණ ගැනීමත්, ඒ වගේම ආණ්ඩුව විශ්වාස කරන චින්තනය මත යම් යම් තීරණ ගැනීමකුත් තුළ වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ යම් වැටහීමක් අපි සියලුදෙනාටම තිබෙනවා. ඒ වගේම ගෝලීය ප්‍රවණතා හමුවේ ලංකාවේ ආර්ථිකය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැනත් සිතිය යුතු වෙනවා. වසංගත තත්ත්වය හා ඊට ආසන්නව ගෝලීය ආර්ථිකය තුළ කාර්මික සංවර්ධනයට අදාළ ප්‍රතිපත්තිය හා ජාතික ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ යම් සංවාදයක් ගොඩනැගෙමින් පැවතියා. ප්‍රධාන වශයෙන් ඇමරිකානු ආර්ථිකය, ජපාන ආර්ථිකය සහ තවත් රටවල ජාතික ආර්ථිකයන් ඉදිරියට ගැනීමට යම් උනන්දුවක් තිබෙන අයුරින් ක්‍රියාත්මක කරන බව දැක්කා. චීන ආර්ථිකයේ නැගිටීම එයට එක් හේතුවක් වන්නට ඇති. මේ ප්‍රතිපත්තිවලට තවත් ජීවයක් එකතු කරන්න මේ වසංගත තත්ත්වය හේතු වුණා. ඒ වගේම මෙම තත්ත්වය කරා යාමට ගෝලීයකරණය යටතේ සමාජයේ විශේෂ කොටස්වලට අත්විඳීමට සිදුවූ අහිතකර බලපෑම්ද හේතු වුණා. හැබැයි පැවති විවෘත ආර්ථික ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට යොමු වුණා කියලා එයින් කියන්න බැහැ. නමුත් යම් යම් වෙනස් කිරීම් ඇතිකිරීමට යම් යම් රටවල් උත්සාහ කළා. මෙවැනි තත්ත්වයක් සැලකිල්ලට ගනිමින් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම කියන ප්‍රතිපත්තිය කරා කොතෙක් දුරට අපට යා හැකිද කියන කාරණය පිළිබඳ කතා කළයුතු වෙනවා. එහිදී දේශීය ආර්ථිකය තුළ ස්වයංපෝෂිත වීම කෙසේ වෙතත් දේශීය ආර්ථිකයේ යම් විභවතාවන්, දේශීය වෙළෙඳ පොළ හෝ විදේශීය වෙළෙඳ පොළ වෙනුවෙන් භාවිත කළයුතු වෙනවා. කෙසේ වෙතත් අපිට අවශ්‍ය සියලු දේ රට තුළ නිෂ්පාදනය කරගෙන භාවිත කරනවා කියන අදහසින් ස්වයංපෝෂිත වෙන්න ගියොත්, ආර්ථික වශයෙන් ඵලදායී නොවන තැන්වල හිරවීමට සිදුවෙන්න තියෙන ඉඩ වැඩියි.
ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වන්නට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අවකාශය තිබෙනවා. අගයදාමයට එකතු වීම ඉන් එකක්. සංවර්ධිත රටවල් බොහොමයක් ජත්‍යන්තර නිෂ්පාදන ජාලයට එකතුවෙලා තමයි ඒ සංවර්ධන ගමන ගිහින් තිබෙන්නේ. ලංකාවේ ආර්ථික වර්ධනයට තිබෙන එක් ප්‍රවේශයක් ලෙස ජ්‍යාන්තර නිෂ්පාදන ජාලය සමග සම්බන්ධ වීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම චීනය මුල් කරගෙන යන %එක් මාවතක්, එක් තීරණයක්^ සංකල්පය තුළ ආයෝජන පුළුල් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් යනවා. මේ පුළුල් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීම තුළත්, ලංකාවේ ආර්ථිකය මේ සමග ගැට ගැසීම හරහාත් ලංකාවට විශාල අවස්ථා උදාකර ගැනීමට හැකියාව තිබෙනවා. වරාය නගරය වැනි දෑ පුළුල්ව ප්‍රවර්ධනය කරන්න පුළුවන් නම් එයත් මේ මොහොතේ වැදගත් වෙනවා.
ඒ වගේම කලාපීය ආර්ථියකට භාණ්ඩ හා සේවාවන් සැපයීම මගිනුත් ආර්ථිකය පුළුල් කරගන්න පුළුවන්. ලංකාව ඒ ගැනත් කල්පනා කළයුතු වෙනවා. මේ පවත්නා ආර්ථික සංදර්භය තුළ ලාංකිය ආර්ථිකයේ වර්ධනයක් ඇති කරගන්න කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ලාංකීය ආර්ථිකය ගෝලීය ආර්ථිකය සහ කලාපීය ආර්ථිකය සමග ගැටගැසීම. ඒ සඳහා තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ හරහා පමණයි ආර්ථිකය ඉහළට එසවීමට හැකි වෙන්නේ.
ඒ වගේම මෙලෙස ආර්ථිකය ගැටගැසීම සඳහා අවශ්‍ය වන පරිසරය ගොඩනැගීම කියන කාරණයත් වැදගත් කටයුත්තක්. දැනට ලංකාවේ ආර්ථික පරිසරය ගත් විට ආර්ථික ප්‍රතිපත්ති රාමුව ගැන අවධානය කළ යුතුයි. එහිදී දේශීය හා විදේශීය ආයෝජකයන්ට ඉඩ සලසා දීමට ප්‍රයෝජනවත් වෙනවා වගේම, දේශීය නිෂ්පාදකයන්ට විදේශීය වෙළෙඳ පොළ ජයගැනීම සඳහාත්, දේශීය ආර්ථිකයට විදේශ සම්පත් ලබාගැනීම සඳහාත් වැදගත් වෙනවා. එහිදී නිදහස් වෙළෙඳ පොළ , ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස වැනි මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා හිතකර පරිසරයක් පැවතීම වැදගත් වෙනවා.
ඒ වගේම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය වැදගත් වෙනවා. රට තුළ අපි අනුගමනය කරන ප්‍රතිපත්ති රාමුවත් වැදගත් වෙනවා. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීම ස්ථාවර ආර්ථිකයක් ඇතිකර ගැනීමට වැදගත් වෙනවා.
ලංකා ආර්ථිකය වර්තමානයේ මුහුණ දෙන ගැටලුවට විසඳුම් පවතින්නේ දේශීය වෙළෙඳ පොළ සඳහා භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධය කිරීම තුළ නොවෙයි. ඒ වෙනුවට ජාත්‍යන්තර ආර්ථිකයට, ආයෝජනයට ලංකාව සම්බන්ධ කිරීම තමයි මූලික වශයෙන් සිදුකළ යුත්තේ. එහෙම උනොත් වර්තමාන ආර්ථික අභියෝග ජයගන්නට පුළුවන් වෙනවා. එහෙම නොමැතිව නිශ්ඵල ආර්ථික ක්‍රියාවන් සඳහා යළිත් යොමු වීම තුළින් සිදුවන්නේ ඉදිරියට යා හැකි ආර්ථික අවස්ථා මඟහැරී යාමයි. මොකද දේශීය ආර්ථිකයක් කියන දේ පවතින යථාර්ථය තුළ හුදෙක් සංකල්පයක් පමණයි. එමගින් තිරසර විසඳුම් ලබාදීමට හැකියාවක් නැහැ.
මේ මොහොතේ අවශ්‍ය චින්තනය වෙනස් කර ගතහොත් අපිට ආර්ථිකය වෙනස් කරගන්න පුළුවන් - නීතිඥ ශිරාල් ලක්තිලක
ලංකාවේ ආර්ථිකය විග්‍රහ වන්නේ දත්ත මත පදනම්වයි. ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථිකයක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ අඩුවෙන්. ප්‍රතිපත්ති ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරනවා නම් ධනය උත්පාදනය කිරීම හා බෙදාහැරීම තුළ ලංකාවට කොතරම් දේශීය ආර්ථිකය තුළ රැදෙන්න පුළුවන්ද යන්න සාකච්ඡා කළයුතු වෙනවා. පසුගිය වසර 70 තුළ රටක් ලෙස කටයුතු කරලා තියෙන්නේ ධනය බෙදාහැරීම පිළිබඳවයි. ධනය උත්පාදනය කිරීම ගැන කතා කරලා තියෙන්නේ අඩුවෙන්. ධනය බෙදාහැරීමට නම් අපිට බදු ගන්නට අවශ්‍ය වෙනවා. බදු අය කරන්න නම් ධනය උත්පාදනය කළයුතු වෙනවා. වසර 70ක් පුරාවට ධනය උත්පාදනය කරන්න කතා කළේ අඩුවෙන් වගේම උත්පාදනය කළ ධනය දූෂණ අක්‍රමිකතාවලට හසු කළා. ධනය උත්පාදනය කිරීමට ලංකාවේ චින්තනයක් නොමැති වීම බරපතළ අඩුවක්. දළ වශයෙන් 8෴ක් පමණ ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට රටේ දළ ජාතික නිෂ්පාදනය 25෴ හෝ ඊට වැඩි ආයෝජන අනුපාතයක් පවත්වාගත යුතුයි. ඒ තුළ රාජ්‍ය ආයෝජනය 5෴ක් වගේ ප්‍රමාණයක පවත්වා ගතහොත් උද්ධමනය වළක්වා ගන්න පුළුවන් කියලත් කියනවා. කොහොම උනත් ලංකාවේ තිබෙන වාම ජාතිකවාදී චින්තන රටාව තුළ බොහෝ වෙලාවට ආයෝජනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ රාජ්‍යය විසින් ධනය උත්පාදනය කිරීම සඳහා කටයුතු කළ යුතුයි කියන කාරණයයි. මේ නිසා ධනය උත්පාදනය කරන පුද්ගලයා පිළිබඳ බොහෝවිට අපේ සමාජය බලන්නේ වපර ඇසින්. ධනය උත්පාදනය සම්බන්ධයෙන් සාමාජීය සම්බන්ධතා දිහා බලන විට උදාහරණයක් ලෙස ඊශ්‍රායලය ගත හැකියි. ඔවුන් තමන්ගේ දළ ජාතික නිෂ්පාදනයෙන් 25෴ක් පමණ ධනය උත්පාදනය කරන විට, ලංකාව තවමත් ධනය උත්පාදනය කරන්නේ 3෴ක් විතර. ලංකාවේ තියෙන්නේ අවිධිමත් ආර්ථිකයක්. මේ නිසා තමයි අපි මුහුණ දීලා තියෙන අර්බුද ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපේ රට මුහුණ දෙමින් පවතින ආර්ථික අභියෝගයෙන් ගොඩ එන්න කුමක් කළ යුතුද කියන කාරණය. ඒ අනුව එයට විසඳුම් කිහිපයක් කියන්න පුළුවන්. එකක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල. දෙවැන්න චීන මාවත. තුන්වැන්න අතරමැද තත්ත්වය හෙවත් සිම්බාබ්බේ වැනි තත්ත්වයක් කියන්න පුළුවන්. ලෝක ආර්ථිකය ගැන හිතන්නේ නැති,ව ආනයනය සීමා කරන දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් නැතහොත් අවෘත ආර්ථිකයක් තුළ ඉන්නවා නම් අපිට කතා කරන්න වෙන්නේ දෙවැනි සහ තුන්වැනි ක්‍රමවේදයන්. ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය ආරමුදල සහ චීන මාවත යන විකල්ප දෙකම අතිශය වේදනාකාරී මාවත් දෙකක්. මොකද චීන මාවත තුළ අපේ ස්වාධිපත්‍ය අතහරින්න වෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල තෝරා ගතහොත් ආර්ථිකය සංකෝචනය කිරීමට සිදුවන විට වේදනාකාරී වෙනවා. මේ නිසා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස අපි යෝජනා කරන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලංකාවට වෙළෙඳ පොළ ආර්ථිකය පිළිගන්න වෙනවා කියලයි. ඒ තුළ රටක් ලෙස ධනය උත්පාදනය සඳහා ආයෝජනය කරන්නේ කොහොමද කියන දේ සැලකිය යුතු වෙනවා. එතැනදී මේ තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද කියන කාරණයත් අපි සලකා බැලිය යුතුයි. එතැනදී අපි කුමනාකාරයේ ආර්ථික චින්තනයක් ළඟා කරගත යුතුද කියන කාරණය සලකා බැලිය යුතුයි. මොකද මේ තත්ත්වය ග්‍රීසියේත් ඇතිවුණා. මෙතෙක් සමාජවාදීන්, මාක්ස්වාදීන්, ජාතිකවාදීන් ඉදිරියට ගෙන ගිය චින්තන රටාව රැඩිකල් ලෙස වෙනස් විය යුතු කාලය ඇවිත් තිබෙනවා. ධනය උත්පාදනය කිරීම සඳහා සමාජයක් ලෙස අපි චින්තනමය වශයෙන්, සමාජයීය වශයෙන්, ආකල්පමය වශයෙන් වෙනස් කිරීම තමයි එහි දොරටුව. එවැනි ධනය ඉපැයීම සඳහා වැදගත් වන පරිසරය කුමක්ද, එහිදී වන නීතිමය පරිසරය, ප්‍රතිපත්තිමය පරිසරය, ප්‍රාග්ධන පරිසරය කුමක්ද කියන කාරණා සහ හැකියාවන් ලබාදෙන්නේ කොහොමද යන කරුණු ඇතුළත් පරිසරයක් ගොඩනගන්නට මේ දේශපාලනයට හැකියාවක් තිබෙනවාද යන්න කතා කළ යුතුයි. ඒ වගේම අපේ චින්තනය තුළ අපිට වැරදුණු තැන්, බැටකාපු තැන් පිළිබඳව, පෞද්ගලීකරණය පිළිබඳ චින්තනමය වෙනසක් අවශ්‍යයි. ප්‍රවාහනය, අධ්‍යාපනය සම්බන්ධයෙන් චින්තනමය වෙනසක් අවශ්‍යයි. මේ තුළ විශාල චින්තනමය වෙනසක් සමාජය තුළ ඇති කරගත යුතුයි. එසේ නොවුණහොත් මේ විනාශයට හසුවෙන්න, අගාධයට යට වෙන්න සිදුවෙනවා. මේ අර්බුදයෙන් ගොඩ ඒමේ මූලික වගකීම තිබෙන්නේ දේශපාලන අංශයට යන කාරණයත් මතක් කළ යුතුයි. ඒ වගේම හැමදේම රට තුළ නිෂ්පාදනය කරන්න බැහැ. මෙය තේරුම්ගත යුතුයි. චින්තනය වෙනස් කර ගතහොත් අපිට ආර්ථිකය වෙනස් කරගන්න පුළුවන්.