සමාජ අසම්මත ලිංගික චර්යාවන්ට යොමු වූ පිරිස්වලට පමණක් ලිංගාශ්‍රිත රෝග වැලඳෙන බවට සමාජයේ බොහෝ දෙනෙකු තුළ පවතින මතය වැරදි එකක් ‘‘
-පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර
අදට (01දා) යෙදෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙනි.
සමාජ අසම්මත ලිංගික චර්යාවන්ට යොමු වූ පිරිස්වලට පමණක් ලිංගාශ්‍රිත රෝග වැලඳෙන බවට සමාජයේ බොහෝ දෙනෙකු තුළ පවතින මතය වැරදි එකක් බවත්, තරාතිරමකින් තොරව ඕනෑම අයෙකුට එම රෝග වැලඳිය හැකි බවත් පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතා පැවසීය.
අදට (01දා) යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව ලිංගාශ්‍රිත රෝග හා ඊට අදාළ එම සායන ඒකකයන්ගෙන් සිදුකෙරෙන කාර්යයන් පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතා එසේ සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ වෛද්‍ය ජයවීර මහතා මෙසේද කීය.
&ලෝක ඒඩ්ස් දිනය සැම වසරකම දෙසැම්බර් 1 වන දින සමරනවා. මෙවර පවතින කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක HIV සමග ජීවත්වන ප්‍රජාවට සහ රෝග නිවාරණයට ඉතා අමාරු කාලයක්.
ශ්‍රී ලංකාවේ වර්තමාන HIV වසංගත ව්‍යාප්තිය සලකමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ අවදානම හුවා දැක්වීම වෙනුවෙන්, මෙම වසරේ ඒඩ්ස් දින සැමරුම් තේමාව %තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු - HIV වළකමු^ ලෙස යොදාගෙන තිබෙනවා. නවතම දත්ත අනුව තරුණ ප්‍රජාව HIV ආසාදනයට ගොදුරු වීමට වැඩි නැඹුරුවක් දක්වයි. HIV සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත්භාවය මඳ බව සහ අවදානම් ලිංගික හැසිරීම් වලින් වැළකීමට ප්‍රමාණවත් කුසලතා නොමැති වීම, තරුණයන් අතර HIV සහ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය වැඩිවීමට හේතුවී තිබෙනවා. පාසල් අධ්‍යාපනය තුළ වයසට සරිලන ලිංගික අධ්‍යාපනයක් නොමැති බව මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක්.
COVID-19 වසංගතයේ වර්තමාන තත්ත්වය තුළ, යෞවනයන්ට නිවසේ සිට ඉගෙනීමට හෝ වැඩ කිරීමට සිදුවීමෙන් ඔවුන් ඔවුන්ගේ සම වයසේ මිතුරන්ගෙන් හුදකලා වෙලා තිබෙනවා. මේ නිසා ජංගම දුරකථන ඇතුළු නව තාක්‍ෂණය භාවිත කිරීම තවදුරටත් වැඩි වන අතර, අන්තර්ජාලය හරහා නව සබඳතා ගොඩනඟා ගැනීමත් සිදුවෙනවා.
තවද ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය ලබාගැනීමෙන් පසු ලිංගික ක්‍රියා සිදුකිරීමේදී (Chemsex) රෝග වළක්වා ගැනීමට අවශ්‍ය පවුල් සංවිධාන කොපු භාවිතයට නොගැනීම වැනි කරුණු රාශියක් නිසා තරුණයන් අවදානම් සහිත ලිංගික හැසිරීම් වල යෙදෙන බව පෙනෙනවා.
මීට අමතරව වෙනස්කොට සලකනු ඇතැයි යනුවෙන් අනියත බියක් ඇතිකර ගැනීම නිසා, HIV/ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඔවුන් තවමත් පැකිළීමක් දක්වනවා.
ශ්‍රී ලංකාව තුළ වාර්තා වන නව HIV අසාදනයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට තිබෙනවා. 2019 වසර තුළ පමණක් නව HIV ආසාදිතයන් 439ක් වාර්තා වෙලා තිබෙනවා. මෙයින් 359ක් පිරිමි පුද්ගලයන්.
මේ ආකාරයෙන් ලංකාව තුළ HIV පැතිරීම වැඩියෙන්ම සිදුවන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගින්. ඒ අතරින් පිරිමි පිරිමි අතර පවත්නා අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා වැඩි වශයෙන් ඒඩ්ස් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. 2016 වර්ෂයේ සිට වයස අවුරුදු 15-24 අතර යෞවනයන් තුළ HIV ආසාදනය වීම කැපී පෙනෙන වැඩි වීමක් පෙන්නුම් කරනවා. 2019 වසරේ නව HIV ආසාදිතයන්ගෙන් 54(12෴%) ක්ම මෙම වයස් කණ්ඩායමේ තරුණ තරුණියන් වූ අතර, මොවුන් අතරින්ද 89෴ක්ම පිරිමි පුද්ගලයන්.
මොවුන් පාසල් යන වයසේ සිටියත්, මොවුන් ආර්ථික සමාජයීය ප්‍රශ්න නිසා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වුණ(Dropout) පුද්ගලයන්.
‘‘ ලෝක එඩ්ස් දිනය යෙදෙන මේ වෙලාවේ මේ කරුණු ටිකත් ජනතාවට පෙන්වා දිය යුතු වෙනවා. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා යන්න බොහෝ දෙනා වැරදියට අර්ථකථනය කරනවා. ආරක්ෂිත පවුල් සංවිධාන ක්‍රමවේදයක් වන උපත් පාලන කොපුවක් (කොන්ඩම්) පාව්ච්චි නොකර ලිංගික සම්බන්ධතාවක් පවත්වනවා නම් අපි ඒකට කියනව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවක් කියලා. අන්න ඒ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් හින්දා තමයි මේ රෝග හැදෙන්නේ. විවාහක දෙදෙනෙක් අතරත් බොහෝවිට සිදුවෙන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තමයි.
බොහෝ දෙනෙක් කියනවා තමන්ට හිටපු එකම සහකරුවාගෙන් මේ ලෙඩේ තමන්ට හැදුණා කියලා. විශේෂයෙන් කාන්තාවන් . ඒ වගේම ඔවුන් ඔය කියන විදිහේ සමාජ අසම්මත ක්‍රියාවල යෙදිලත් නැහැ.
-පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර
හබැයි මතක තියාගන්න දෙන්නෙක් අනෙනෝන්‍ය වශයෙන් විශ්වාසවන්ත නම් සහ ඔවුන්ට කලින් වැලඳුණු රෝග නැත්නම් අවදානම බින්දුවයි. එහෙම නොවුණ ඕනෑම අවස්ථාවක ලිංගික රෝගයක් බෝ වෙන්න පුළුවන්.
HIV ගැන කතා කළොත් ලංකාවේ එය ඉතාමත්ම අඩු ව්‍යාප්තියක තමයි තියෙන්නේ. එහෙම තිබුණට දළ වශයෙන් ලංකාවේ තුන්දහස් හයසීයක විතර පිරිසක් ඉන්නවා. මේ අතර දහසක් පමණ ඉන්නවා කියල අනුමාන කරනවා ඒ අය දන්නේ නැහැ එයාලට ලෙඩේ තියෙනවද කියලා .
ඉස්සර අපි කිව්වේ HIV ආසාදිතයන් කියලා. දැන් අපි කියන්නේ (People living with HIV-PLHIV) එහෙම නැත්නම් HIV සමග ජීවත් වන පුද්ගලයන් කියලයි. විශේෂයෙන් කියන්න ඕනේ ඒඩ්ස් කියන තත්ත්වය ලෙඩේ තියෙන හැමෝටම එන්නෙ නැහැ. HIV සමග ජීවත් වන පුද්ගලයන්ට පොදුවේ ඒඩ්ස් රෝගීන් කියන එක වැරදියි. ඇතැම් මාධ්‍ය මගින් සහ අනෙකුත් පුද්ගලයන් මගින් සිදුකරන මාධ්‍ය සදාචාරයට විරුද්ධ දේවල් නිසා ඔවුන් බොහෝ අපහසුතාවලට පත්වෙනවා. ඒත් තවමත් හඳුනාගැනීම කල්ගත වුණු නිසා ඒඩ්ස් තත්ත්වයට පත්වුණු රෝගීන් සැලකිය යුතු පිරිසක් වාර්තා වෙනවා. ඔවුන් මරණයට පත්වෙන්න ඇති හැකියාව වැඩියි. අපේ අරමුණ කලින් හඳුනා ගැනීමයි.
අපේ ආයතනවලට එන සියලු දෙනාවම අපි රහස්‍යභාවය රැකෙන පරිදි කොන් වෙන්නේ නැති විදිහට බලාගන්නවා. ඉස්සර නම් HIV එහෙම නැත්නම් ඒඩ්ස් මාරාන්තිකයි කියල තමයි කිව්වේ. දැන් එහෙම නැහැ. ඒත් අපි හරියට වචන දැනගන්න ඕනෙ. HIV කියන්නේ විෂබීජයක්, වෛරස් එකක්. ඒක ඇහැට පේන්නෙ නැති ඉතාම කුඩා ශුද්‍ර අංශුවක්. ප්‍රධාන වශයෙන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් තමයි මේ ලෙඩේ හැදෙන්නෙ. ඊට අමතරව අසාදිත මවකගෙන් එම දරුවාට හරි, එහෙම නැත්නම් මේ විෂබීජ තියෙන රුධිරය පාරවිලයෙන්, එහෙමත් නැත්නම් අසාදිත රුධිරය ඇති සිරින්ජර් හුවමාරුකින් (එන්නත් කටු) හරි තමයි මේ ලෙඩේ හැදෙන්නෙ.
ලෙඩේ කලින් හඳුනාගෙන ප්‍රතිවෛරස (Antiretroviral) ප්‍රතිකාර දුන්නොත් ඒගොල්ලන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයක් කියලා කියන්නේ ලෙඩ නැති කෙනෙක් ඉන්නවා වගේම ආයු කාලයක් ගෙවන්න, රස්සාව කරන්න, කසාඳ බඳින්න පුළුවන්. නිරෝගී ළමයි හදන්නත් පුළුවන්. සාමාන්‍ය ආයු කාලයක් ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැහැ.
කොටින්ම කිව්වොත් මේ බෙහෙත් හරියට අරගෙන සති හයක් විතර යද්දි වෛරස ප්‍රමාණය ශරීරයේ හඳුනාගන්න බැරි මට්ටමට අඩු වෙනවා. අපි කියන්නේ undetectable කියලා. ඒ ගානට අඩු වුණායින් පස්සෙ හදිස්සියේ ලිංගික සම්බන්ධතාවයකදී උපත් පාලන කොපුව කැඩුණත්, එහෙම නැත්නම් උපත් පාලන කොපුවක් (කොන්ඩම්) නැතුව හරි හදිස්සියෙ ලිංගික සම්බන්ධතාවයක යෙදුණත් කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්නෙ නැති මට්ටමට මේ ලෙඩේ පාලනය වෙනවා. (U=U, Undetectable=Un-transmittable). බෙහෙත් ටික බීලා අදාළ වෛද්‍ය උපදෙස් අනුගමනය කරලා හිටියොත් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන්.
මේ වෙලාවේ අනෙකුත් ලිංගාශ්‍රිත බෝවන රෝග ගැනත් මතක් කරන්න කැමතියි. අනෙකුත් ලිංගාශ්‍රිත රෝග ගත්තොත් දළ වශයෙන් වසරකට 15,000ක් 18,000ක් විතර රජයේ රෝහල්වල අපේ සායන පද්ධතියට එක්වෙනවා. ඒ එන අයට තියෙන ප්‍රධාන රෝගය තමයි ලිංගාශ්‍රිතව බෝවන හර්පිස්. තමන්ට මේ ලෙඩේ තියෙන බව නොදැන මේ ලෙඩේ හැදුණ ගොඩක් පිරිසක් සමාජයේ ඉන්නවා. ඒගොල්ලො පෙනුමෙන් සාමාන්‍ය තරුණයි ලස්සනයි. හැබැයි එයාලා තමන්ට ලෙඩක් තියෙන බව දන්නෙ නෑ.
මේ සම්බන්ධව සමාජයේ තියෙන නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ පවුල කේන්ද්‍රව බවයි මම හිතන්නේ. යහපත් ලිංගික සබඳතා නොමැතිකම, විවාහ වෙලා අවුරුදු ගානක් යද්දි ගෙදර නෝනා මහත්තයා අතර කායික සම්බන්ධතා නොමැති වීම, එහෙම නැත්නම් දෙන්නා අතර ආදරණීය සම්බන්ධතාවයක් නොමැති වීම. ඔය වගේ නොයෙක් සංකීර්ණ සමාජයීය ප්‍රශ්න හින්දා වෙන්න පුළුවන්.
ඔය ප්‍රශ්න හින්දා අපි දකිනවා මිනිස්සු මඟතොටේ, බස් එකේ, කෝච්චියෙ යද්දි හමුවෙන නන්නාඳුනනා පුද්ගලයොත් එක්ක සමීප සම්බන්ධතා ඇතිකර ගන්නවා(Casual sex). ඒකටම හැදිච්ච පරිසරයකුත් අපේ තියෙනවා. පැයට කාමර කුලියට දෙනවා. බස් එකෙන් බැහැලා ලොජ් එකට යන විදිහෙ සමාජයක් හැදිලා තියෙනවා. ඒවගෙන් තමයි බොහෝදුරට මේ ලිංගාශ්‍රිත රෝග බෝ කරගෙන එන්නෙ. අපිට ඒකෙන් එන පළමුවැනි ලෙඩේ තමයි ලිංගාශ්‍රිත හර්පිස් කියන ලෙඩේ. ඒ ලෙඩේ හැදුණ අය වසරකට ලංකාවෙ තුන්හාරදාහක් විතර වාර්තා වෙනවා. වාර්තා නොවන ප්‍රමාණය ඊට වඩා වැඩියි. මේ ලෙඩේදි වේදනාකාරී තුවාල එනවා.
දෙවැනි එක තමයි ගොනෝරියා නොවන (Non Gonococcal infections) මුත්‍රා ආසාදනය. මෙහිදී සාමාන්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගියාට මුත්‍රා පරීක්ෂණයක් කළාට අහුවෙන්නෙ නැති මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් එන සැරව, වෘෂණකෝෂ වේදනාව, යටි බඩේ වේදනාව වගේ දේවල් තමයි පිරිමි අයට එන රෝග ලක්ෂණ. කාන්තාවන්ට අපි කියනවා අසාමාන්‍ය ලෙස ඇතිවන යෝනි ශ්‍රාවය එහෙම නැත්නම් අසාමාන්‍ය සුද යාම, ලිංගික සම්බන්ධතාවයකදී ඇතිවන වේදනාව සහ දැවිල්ල යටි බඩේ වේදනාව දක්වන්න පුළුවන්.
පොදුවේ ගත්තොත් ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම ලිංගික ඉන්නන්, ගැටිති ඇතුළු මේ ලිංගික ප්‍රදේශවල සමේ ඇතිවන වෙනස්කම් එන්න පුළුවන්.
බොහෝමයක් මේ රෝග මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. අපි පරීක්ෂා කළොත් තමයි ඒවා අහුවෙන්නේ. ගොඩක් අය දන්නෙත් නෑ. ඒ වගේම බොහොමයක් ලෙඩ ලේ වලින් විතරක් අහුවෙන්නෙත් නැහැ.
විශේෂයෙන් කාන්තාවන් වුණත් පරීක්ෂා කළොත් තමයි අහුවෙන්නේ. සමහර අයගේ මේ විෂබීජ තියෙන්නේ යෝනි මාර්ගය ඇතුළෙන් උපකරණයක් දාලා බැලුවාම ගැබ්ගෙල ආශ්‍රිතව. ගැබ් ගෙල ආශ්‍රිතව ඇතිවන අසාදන කියන්නේ එයාට පසුකාලීනව දරුඵල අඩුවෙන්න, පරක්කු වෙන්න, එහෙම නැත්නම් වඳභාවය වුණත් *-\+1ඇතිවෙන්න පුළුවන්.
මේ වගේ ලෙඩ ගැන සැකයක් තියෙනවා නම් කවුරු වුණත් මේක පරීක්ෂා කරගන්න ඕනෙ. ඔබ කාත් එක්ක හරි අතීතයේදී අනාරක්ෂිතව ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවා නම් පරික්ෂා කරගන්න ඕන. සමහරවිට ඒ කාලෙ බදින්න යාළුවෙලා හිටිය පිරිමි ළමයා හෝ ගැහැණු ළමයා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මගතොටේදි හමුවුණ කෙනා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලිංගික ශ්‍රමිකයෙක් එක්ක වෙන්න පුළුවන්. ඒ කාත් එක්ක හරි ලිංගික සම්බන්ධතාවයක් තිබුණා නම් අපේ සායනයකට ඇවිල්ලා පරීක්ෂාවක් කරල තමන්ට ලෙඩක් ඇද්ද නැද්ද කියල සැක හැර දැනගන්න පුළුවන්.
ඊට අමතරව විවාහ වෙලා හිටියත් යම් ආකාරයක සම්බන්ධතාවල ගැටලුකාරී තත‍්ත්වයක් තියෙනවා නම්, සැකයක් තියෙනවා නම් ජීවිතේට එක පාරක් හරි ඇවිල්ලා HIV.රුධිර පරික්ෂාවක් කරලා තමන්ට ලෙඩක් ඇද්ද නැත්ද කියල දැනගන්න එක වටිනවා. ඒ වගේම අනාගතයේදී HIV වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න එකත් වැදගත්.
රටේ සෑම දිස්ත්‍රික්කයකම අපේ 44කට අධික ගණනක් සායන තිබෙනවා. වෛද්‍යවරයෙකුගේ යොමු කිරීමක් නොමැතිව ඕනෑම කෙනෙකුට අපේ සායනයට එන්න පුළුවන්. අපේ සායනවල සියලුම පරීක්ෂණ තියෙනවා. අපි රුධිර පරීක්ෂණ හා අනෙකුත් ලිංගාශ්‍රිත තරල නියැදි ගන්නවා. ඔබට ඔබේ පෞද්ගලික තොරතුරු වල රහස්‍යභාවය රැකගෙන අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ගන්න පුළුවන්.
අපි ඉස්සර කිව්වේ ලිංගාශ්‍රිත රෝග සායන කියලා. ඒ වුණාට දැන් ලිංගාශ්‍රිත රෝග විතරක් නෙවෙයි, ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් සියලු දේවලුත් අපි බලනවා. උදාහරණයක් විදිහට ලිංගික අකර්මණ්‍යතාවය සහ ක්ෂණික මෝචනය වගේ දේවල්.
මේ ගැන වැඩි විස්තර www.aidscontrol.gov.lk සහ www.know4sure.lk
යන වෙබ් අඩවි මගින් හෝ 0112 667163 සහ 0710 533633 යන දුරකථන අංක වලට ඇමතීමෙන් හෝ තමන්ට අදාළ ප්‍රාදේශීය ලිංගාශ්‍රිත රෝග සායන ඇමතීමෙන් දැනගන්න පුළුවන්.
කරුවලගස්වැව - ජයරත්න වික්‍රමාරච්චි