නිශ්චිත කාලයකට, ඍතුවකට සීමා නොවුණු සෑම කාලයේදීම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා සංචාරක පුරවර දක්නට ඇත්තේ, කලාතුරකිනි. එහෙව් සංචාරක පෙදෙස් වෙත යන සංචාරකයන්ට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ, හොඳ සංචාරක හෝටලයක් හෝ ගිමන්හලක් සොයා ගැනීමයි.
අනුරාධපුරයද ශ්‍රී ලංකාවේ ඇති වසරේ සෑම කාලයේදීම දෙස් - විදෙස් සංචාරකයන්ගෙන් පිරී යන නගරයකි. එහි පැමිණෙන දෙස් - විදෙස් සංචාරකයන් හා බැතිමතුන් වෙනුවෙන් නිර්මාණය වූ නවතම සංචාරක හෝටලය The Lake Forest නම් වේ.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය පිහිටන්නේ රමණීය තිස්ස වැව ඉස්මත්තේ වීමම අනුරාධපුරට එන සංචාරකයන්ගේ ආහ්ලාදයට හේතුවකි. එය තවත් තීව්ර වන්නේ, හෝටලයේ දෙස බැලූ විට වැවේ එහා ඉමෙන් පේළියට ජේතවනාරාමය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, අභයගිරිය සහ මිහින්තලය ඇස් මානයෙන් දර්ශනය වීමයි.
ගෘහ නිර්මාණ ශිල්පී රවීන්ද්‍ර අතුකෝරළගේ හිමිකාරීත්වයෙන් යුත් ලේක් ෆොරස්ට්හි නවීන පහසුකම්වලින් යුත් නිදන කාමර 22ක් වේ. සිවුදෙනෙකුට එකවර නවාතැන් ගත හැකි Family rooms 06කින්ද සමන්විත මෙහි සෑම කාමරයක්ම තිස්ස වැවට මුහුණලා හෝ අනෙක් පස ඇති වදුලට මුහුණලා තිබීමෙන් මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට උපරිම වශයෙන් ස්වභාව සෞන්දර්ය නිදන කාමරයේ සිටම අත්විඳ ගැනීමට හැකි ලෙස නිම වී ඇත. එමෙන්ම වෙනත් හෝටල් හා සංසන්දනය කරන විට මෙම නිදන කාමරවල අවකාශීය විශාලත්වය සාපේක්ෂ ලෙස වැඩි වීමද මෙහි එන අමුත්තන්ගේ සුවපහසුවට හේතුවකි.
පහත මහලේ වැවට මුහුණලා ඇති විවෘත අවන්හලට (Open Restaurant) අමතරව, එකවර අමුත්තන් 300කට පමණ සංග්‍රහ සත්කාර කළ හැකි වායුසමනය කළ උත්සව ශාලාවක්ද (Banquet Hall) තුන්වැනි මහලේ වේ. ඊට අමතරව හෝටලය අවට පැනෝරැමික දර්ශනයක් දකිමින් නිදහසේ ආහාරපාන ගැනීමට සුසැඳි ලෙස සැකසුණු Roof top Restaurant එකක් සහ Bar එකක්ද වේ.
දෙස් - විදෙස් ආහාර පානවලින් යුත් මෙහි අවන්හල් සහ සුපවේදීහු අතින් බැතිමතුන්ට අවැසි නිර්මාංශ ආහාර පානවලට සිට විනෝදකාමීන්ට අවශ්‍ය වැව් මාළු හෝ නැවුම් මස් මාළුවලින් සැකසුණු BBQ සන්ධ්‍යාවක්ද සකසාදීමට කැපවී සිටිති. විශේෂයෙන්ම හෝටලය අවට පරිශ්‍ර‘යෙන්ම ලැබෙන නැවුම් එළවළු, පලතුරු හා කිරිපැණි ආදියද ගැමි අතුරුපස හා කැවිලි වර්ගද මෙහිදී රසවිඳීමටද ඔබට අනිවාර්යයෙන් හැකිවනු ඇත.
තම පවුලේ හිතවතුන් හෝ යහළු යෙහෙළියන් සමගද වන කණ්ඩායම් වශයෙන් යන විනෝදකාමීන්ට සේම මධුසමය වෙනුවෙන් යන මනාල යුවළකට මෙහිදී අත්දකින්නට ලැබෙන අරුමැසි ගුණය කියා නිම කළ නොහැකිය. හිමිදිරියේ තිස්ස වැවට සහ මහා දාගැබ්වලට එපිටින් දකින්නට ලැබෙන හිරු උදාව පසෙකින් ඇසෙන පක්ෂීන්ගේ මිහිරි නාදයෙන් තව තවත් ආනන්දයෙන් පුරවාලයි. ඇතැම් විට වනයෙන් එළියට ආ සතා සීපාවාද තම තමන්ගේ වාසනාව අනුව මෙහිදී ඇස ගැටෙන්නට හැකිය. වෙසෙසින්ම මේ සියලු සුන්දරත්වයන් ආරක්ෂාකාරීව තම තමන්ගේ නිදන කාමරවල සඳළුතලයේ සිටම අත්දකින්නට හැකි වීම Lake Forest හෝටලයටම විශේෂ වූවකි.
රුපියල් 18,000 - Half Board Double ලෙස හඳුන්වාදීමේ මිලක් යටතේ කාමර වෙන් කරගත හැකි වීමත්, කණ්ඩායම් වශයෙන් එන සංචාරකයන් හතරදෙනෙකු සඳහා රුපියල් 22,000/- (H/B) පැකේජයක්ද හඳුන්වාදීම සංචාරයට ප්‍රිය ඔබට කදිම අවස්ථාවකි. පාසල් නිවාඩු සමයද වීම නිසා මේ මාසය අටමස්ථානයද වැඳගනිමින් නිදහසේ විනෝදයෙන් ගත කිරීමට ලේක් ෆොරෙස්ට් වෙත යන්නට ආරාධනා කරමු.