අම්මගේ සොහොන ආරක්ෂා කරන්න බැරි කෙනා අපිව ආරක්ෂා කරයිද?


තම දෙමාපියන්ගේ සොහොන ආරක්ෂා කිරීමට අපොහොසත් වූ ජනපතිවරයා තම පවුල ආරක්ෂා කරන්නේ කෙසෙැදැයි ජනපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරෙක් වන උදයංග වීරතුංග මහතා පවසයි.

Truth with Chamuditha යූ ටියුබ් නාළිකාව හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය. එසේම මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුව නැවත ආරම්භ වනවානම් තමන් කැමති බවත් අධිකරණවල තවමත් ඇත්ත තත්ත්වය හෙළිව නොමැති බවත් ඔහු පැවැසීය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ මතයට වැඩ කරන බවත් අගමැතිවරයා ඊට වෙනස්ව ජනතාවගෙන් විමසා තීරණ ගන්නා බවත් ඔහු මෙහිදී පැවැසීය.

Q ඔබ ජනාධිපතිට කියනවා කිමාලි (සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති) ඉවත් කරන්න කියලා. ජනපති කියනවා උඹ කටවහෙගන හිටපන් මම උඹව ඇතුළට දානවා කියලා. හරිනේ කථාව

A ඔව්. මෙහෙමයි මම ආපහු ඇතුළට යන එක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සුදුවෑන් එවන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි.

Q 9 වැනිදා රාත්‍රි යේ අවසන් මොහොත වෙනකම් ඔබ හිටියා අරලිය ගහ මන්දිරයේ කවුද වෙන හිටියේ?

A අපි හිටියේ අගමැතිතුමා සමග, තවත් ගොඩක් අය හිටියා.

Q මේ අයව ගෝල්ෆේස් යන්න උසිගැන්වුයේ කවුද?

A මම හොඳාකාරවම දන්නවා අගමැතිතුමාගේ කණ්ඩායම කිසිම උසිගැන්වීමක් සිදු කළේ නෑ.

Q මහින්ද හා ගෝඨාභය අතර විරසකය ඇති කළේ නෙලුම් මාවත හා වියත් මග?

A ඔව්.  නෙලුම් මාවත නෙමෙයි. නෙලුම් මාවතේ අදහස් කියන්නේ මහින්ද රාජපක්ෂගේ අදහස්. නමුත් වියත්මගේ අදහස් වලට ගැලපෙන්නේ නෑ සමහර තැන්වලදී ඒක මත යම් යම් මත ගැටුම් ඇතිවුණා.

Q මහින්ද රාජපක්ෂ ඉවත් කරන තැනට වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ

A ඒ කණ්ඩායම

Q අගමැතිතුමා තමයි ඉල්ලා අස්වීම දීලා යන්නේ?

A ඉල්ලා සිටිය නිසා යන්න වුණා.

Q මහින්ද රාජපක්ෂ අද ඉන්නේ බොහොම කළකිරුණු මානසික වශයෙන් වැටුණ තැනකද?

A ඔව් ඉතින් අම්මා තාත්තගේ සොහොන ආරක්ෂා කරන්න බැරිනම් අපිව ආරක්ෂා කරයිද? තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් තියෙන සොහොන ඒ රටේ ඒ වෙලාවේ ආණ්ඩු බලය තියෙන වෙලාවක තමන් දුන් උපදෙස් අහන්නේ නැත්නම් තමන් තවදුරටත් තමන් ගැන හොයන්නේ නැතිව අනුන්ට චෝදනා කරලා වැඩක් නෑ.

Q අගමැති දැන් රනිල්නේ ඔබට සතුටුයිද දැන් කියලා තමයි අහන්න වෙන්නේ?

A දෙන්නා ගැලපෙනවා ක්‍රෝධය වෛරය එක වගේනේ.

Q ඔබට බය නැත්ද පරණ මිග් ෆයිල් නැවත ඇරේවි කියලා.

A මම කැමතියි මිග් ෆයිල් ඇරෙනවානම්. මොකද මිග් ෆයිල්වල ඇත්ත තවමත් මේ අධිකරණ  වල කියන්නෙ නෑ. මිග් වලට අනුමැතිය දුන්නේ. ඒවට අත්සන් කළේ උදයංග වීරතුංග නෙමෙයි.

Q කවුද අත්සන් කළේ ගෝඨාභය රාජපක්ෂ?

A අනුමැතිය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ.

Q ඔබ නීලකාශ හොරෙක්නේ?

A ඔව්. මම නිලකාශ හොරෙක්. ආණ්ඩු බලය තිබිලා බස් එකක් පුච්චන එක නවත්වන්න බැරිනම් නීලකාශ හොරෙක් විදිහට මම දක්ෂයෙක්.

Q රනිල් අගමැති වුණ එකට මහින්දත් කැමතියි?

A මහින්ද අයියා කැමති නෑ.



Recommended Articles