දිනය 1900 සැප්තැම්බර් 16 වැනිදාය. ස්ථානය අප්‍රිකාවේ කිඹුලා ගංගා ප්රදේශයයි. බෝයර් සෙනෙවි විල් ජෝන් සිය සේනාංකවලට අණ දුන්නේ ගංතෙරේ රඳවා තිබුණු දිගු දුර ටොච්සීජ් (Tom Siege) කාලතුවක්කු විනාශ කරන ලෙසය. බ්‍රිතාන්‍ය හමුදා අවසාන බෝයර් සන්නද්ධ ප්‍රහාරය සමතලා කරමින් තිබිණි. 1899 දී බෝයර් ජනාධිපති පෝල් කෘගර් විසින් බ්‍රිතාන්‍යයට එරෙහිව අරඹන ලද යුද්ධය (බෝයර් යුද්ධය) එහි තර්කාන්විත අවසානය දක්වා ගමන් කරමින් තිබිණි. පළමුවෙන්ම ප්‍රිටෝරියා අගනගරය බ්‍රිතාන්‍ය සේනාංක අල්ලාගත් අතර, ඉන් පසු වසර තුනක් දිග්ගැසුණු ගරිල්ලා යුද්ධයකට කිඹුලා ගංතෙර, සාර්චි ගංතෙර, වාලුකා ගංතෙර (Crocodile River, Sariche River, Sand River) ආදියේ කටුක සදලා තීරවල පැවතිණි. එය බ්‍රිතාන්‍යයේ එතෙක් පැවැති බිහිසුණුම යුද අත්දැකීමයි. බ්‍රිතාන්‍යයන් 22,000ක්, බෝයර්වරු 35,000ක් හා දේශීය අප්‍රිකානුවෝ 12,000ක් එහිදී ඝාතනය විය. ලක්ෂ ගණනක් අනාථයෝ වූහ.
බෝයර් කමාන්ඩෝ සහ ගරිල්ලා ප්‍රහාර මැඬලීමට බ්‍රිතාන්‍ය විසින් සියල්ල ගිනි දූවිලි කිරීම (Scorching Earth) දියත් කෙරිණි. මිනිසුන් පමණක් නොව අක්කර ලක්ෂ ගණනක ජීවීන් සියල්ලෝ එයින් සමූල ඝාතනය වූහ. දසදහස් ගණන් බෝයර්වරු හා ආධාරකරුවෝ වධකාගාරවල (Concentration Camp) සිර කරනු ලැබූහ. පසුව ශ්‍රී ලංකාවේද, අන් රටවලද විමුක්ති අරගල පාගා දැමීමට භාවිත කෙරුණේ මේ ගිනිගත් වධක යුද උපායය. හිට්ලර් එය යුරෝපයට ගෙන ආවේය.
එදා ඒ බිහිසුණු අතීතයක ලේ වැකුණු බිම්කඩ අද සොඳුරු වනජීවී උද්‍යානයකි. එය දකුණු අප්‍රිකාවේ ක_ගර් ජාතික උද්‍යානය (Kruger National Park) ලෙස ප්‍රචලිතය. එය වර්ග කි.මී. 30,000ක් පුරා පැතිරී ඇති අතර, අන් රටවල (මොසැම්බික්, සිම්බාබ්වේ) කොටස්ද සමග ගත් කළ ශ්‍රී ලංකාව තරම් විශාල ප්රදේශයකි.
යුරෝපීය යාන්ත්‍රිකයන් ඉන්දියානු සාගරය හා චීනය ඇතුළු ඈත පෙරදිග බලා 15 - 16 සියවස්වල මුහුදු යාත්‍රා කළ බව අපි දන්නෙමු. එසේ පැමිණි පෘතුගීසි, ලන්දේසි වෙළෙඳ ආක්රමණයේ එක් කඩඉමක් වූයේ වත්මන් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් වරායයි (සුබ ප්‍රාර්ථනාවේ තුඩුව). අදටත් පැරණි යුරෝපීය මුහුදු චෞරයන් හා වෙළෙන්දන්ගේ ලකුණු එහි දැකිය හැකිය. ඇත්දළ හා රත්‍රං, දියමන්ති මුල් යුගයේ සිටම අප්‍රිකානු කොල්ලයේ පදනම විය. 8-9 සියවස්වල අරාබි වෙළෙඳුන්ද, 13 - 14 සියවස්වල චීන වෙළෙඳුන්ද, නැගෙනහිර අප්‍රිකානු බිම්වලට වෙළෙඳාම පිණිස කඩාවැදීම් සිදු කළහ.
සුළු (Sulu) රජතුමා පහසුවෙන් රවටා කුඩා බිම්කඩක වරායක් ඉදිකර ගැනීමටත්, 1652 පසු ජනාවාස බිහිකර ගැනීමටත් ලන්දේසීහු සමත් වූහ. පසුව ඇති වූ නාවික හා වෙළෙඳකරණයේදී ශ්‍රී ලංකාවේ වූවාක් මෙන්ම ලන්ෙද්සීන් පරාජය කර ඉංග්‍රීසීහු කේප්ටවුන් වරාය අල්ලා ගත්හ. බ්‍රිතාන්‍යයේ ඇති වූ වහල් විරෝධී ව්‍යාපාරයත් සමග වෙළෙඳ පොළ ක්‍රමයට වහල් ක්‍රමය බාධාවක් ලෙස සලකා වහල් ක්‍රමය 1834 දී අහෝසි කරන ලදී. එවිට වහල් ක්‍රමයට ඇබ්බැහි වී සිටි දකුණු අප්‍රිකානු සුදු ජාතිකයෝ (බෝයර්වරු) දකුණ ඉංග්‍රීසීන්ට භාරදී උතුරු ප්‍රදේශයේ සිය රාජධානිය තනා ගත්හ.
උතුරේ ජොහැනස්බර්ග් හා ටෝරියාහි තමන්ගේම වූ ආණ්ඩුවක් පිහිටුවා ගත්තද, විටින් විට පෞද්ගලික හමුදා ආක්‍රමණ (සිසිල් රෝඩ්ස්) බ්‍රිතාන්‍ය ආක්‍රමණ ආදියට බෝයර් ආණ්ඩුවට මුහුණ දීමට සිදු විය. බෝයර් අරගලයේ නියමුවා වූයේ ජනාධිපති පෝල් ක_ගර්ය. ඔහු එක් අතකින් බ්‍රිතාන්‍යයට එරෙහි අරගලයේ විමුක්තිදායකයා වනවිට ස්වදේශික කළු මිනිසුන්ගේ ප්‍රජා පීඩකයාද විය.
දකුණු අප්‍රිකානු ප්‍රදේශවල යුද ගැටුම් උත්සන්න වූයේ 1886 හිදී රත්‍රං නිධි (ට්‍රාන්ස්වාල්) හමුවීමත් සමගය. ඒ හා සමගම බ්‍රිතාන්‍ය ආක්‍රමණ සිදු විය. (එය අවසාන මහ යුද්ධයක් බවට පෙරළිණි. 1894 – 1902)
පසුව බ්‍රිතාන්‍ය යුද ඇමති, අගමැති හා පැසිස්ට්වරුන්ට එරෙහි අරගලයේ නියමුවා වූ වින්සන්ට් චර්චිල් බෝයර් යුද්ධය වාර්තා කිරීමට ගොස් යුද උපක්‍රම හැදෑරූ විචාරකයෙකු ලෙස සිය ජීවිතය ආරම්භ කළේය.
පෝල් ක_ගර් විසින් පෞද්ගලික වතුයායක් ලෙස අල්ලාගත් ප්‍රදේශවල දඩබිම් ඉවත් කර වනජීවී උද්‍යාන ඇතිකිරීම ආරම්භ කෙරිණි. 1925 බ්‍රිතාන්‍ය පාලනයේදී එය නීතිගත විය.
මේ දැවැන්ත ක_ගර් උද්‍යානය හා ඒ අනුව නිර්මාණය වූ තවත් පෞද්ගලික උද්‍යානද අද සිංහ, දිවි, ඇත්, රයිනෝ, කුළු හරක්, හිපපොටේමස්, ජිරාෆ් වැනි දැවැන්තයන්ගේ එක් අවසාන පාරාදීසයකි. එහි ජීවත්වන ස්වදේශිකයන්ට නම්, මෙය තම සාම්ප්‍රදායික බිම් උදුරාගෙන විදේශිකයන් තැනූ තවත් එක් සත්ත්ව කොලනියකි.
කෙසේ වෙතත් වර්තමානයේදී එය මනරම් වනෝද්‍යානයක් මෙන්ම මනා කළමනාකරණය පැත්තෙන් අපටද ආදර්ශය ගත හැකි උද්‍යානයකි. කෙසේ වෙතත් සියවසකට පෙර ආක්රමණික බ්‍රිතාන්‍යයන් විසින් දවා අළු කළ වන තීරයන් දැන් ගෝලීය උණුසුම විසින් දවා අළු කරමින් ඇත. ගංගා සිඳී ගොස්, ගහකොළ මිය ඇදෙමින් මහ සත්ත්ව සංක්‍රමණ සිදු වෙමින් ඇත.
නැගෙන අප්‍රිකාව ඊළඟ දශකයේදී සිය ජල ප්රශ්නය විසඳා නොගතහොත් ජාතිය, ආගම, වර්ගය මත අද කෙරෙන යුද්ධය ජලය සඳහා වූ මහ යුද්ධයක් වනු ඇත.
ක_ගර් උද්‍යානය අසබඩ තවත් වැදගත් මානව කොට්ඨාසයක්ද ජීවත් වෙයි. ඒ සැන් (San) ගෝත්‍රිකයන්ය. අඩුම තරමින් වසර ලක්ෂයක් ඔවුන් එහි ජීවත් වූ බව විශ්වාස කෙරේ. දැනට සොයාගෙන ඇති පොසිල හා ජාන විද්‍යාත්මක සාධක අනුව දෙපයින් සිටගත හැකි (Bipedal) මානව සත්ත්ව විශේෂ (Huminid) ගණනාවක් අතරින් වර්තමාන මානස සහිත (Sapiens) මුල්ම මානව ගණයට සැන් ගෝත්‍රිකයන්ද අයත් වෙයි. වසර දසලක්ෂ 600ක පමණ ජීව ඉතිහාසයක් හා රහස් රැසක් තවමත් ක_ගර් උද්‍යානයේ සැඟවී තිබේ. එහිදී මා සිත් පැහැරගත් දසුන් කිහිපයක් ඔබ සමග බෙදා ගැනීමට සිතුවෙමි.
දකුණු අප්‍රිකාෙව් ක_ගර් ජාතික උද්‍යානෙය් සංචාරයක අත්දැකීම් එක්කළේ - අමාත්‍ය පාඨලී චම්පික රණවක