කේන්දරයක ග්‍රහයන්ගෙන් සිදුවන අපල හෝ පීඩාකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට, දුරුකර ගැනීමට හෝ අවමකර ගැනීමට ජෝතිෂ්‍ය විද්‍යාව තුළ ශාකයකට සාත්තු කිරීම, වර්ණයන් පැලඳීම හෝ පාෂාණ පැලඳීම සිදුකරයි. මෙහිදී බොහෝ දෙනෙකු ග්‍රහ අපලවලට නිවැරදිම පාෂාණය නිවැරදි ආකාරයට පලඳිනවාද යන්න ගැටලුවකි. බොහෝ පුද්ගලයන් සිතූ සිතූ ආකාරයට පාෂාණ සහිත මුදු පැලඳීමට යාම තුළින් තවත් කරදරවලට මුහුණු දෙති. ග්‍රහයන්ගෙන් සිදුවන අපලවලට නිවැරදි පාෂාණය පැලඳිය යුත්තේ කෙසේද යන්න මෙම ලිපියෙන් ගෙන එන්නෙමු.
ඔබේ කේන්ද්‍රයේ 'රවි' ග්‍රහයාගේ දෝෂයක් තිබෙනවා නම්, රවි නීච නම්, රවි ග්‍රහයාට පීඩාවක් තිබෙනවා නම් පද්මරාග ගලක් පැලැන්දීම සිදුවේ. එවැනි අවස්ථාවකදී පද්මරාග ගල පැලැන්දීමට සුදුසුම ස්ථානය තමන්ගේ දකුණු අතෙහි 'මුදු ඇඟිල්ල' හෙවත් සිවුවැනි ඇඟිල්ලෙහිය. රවි දෝෂයකට, පද්මරාග ගලක් දකුණු අතෙහි මුදු ඇඟිල්ලේ පැලඳීම තුළින් එම දෝෂවලින් 60-70%ක් පමණ අවම කරගත හැකිය. ඔබ ගුප්ත විද්‍යාව භාවිත කරනවා නම් එහිදී රවි දෝෂ සඳහා 'රාජතරංගනී යන්ත්‍රය' පැලඳීම සුබවාදී වේ.
ඔබේ කේන්ද්‍රයේ 'සඳු' ග්‍රහයා සම්බන්ධ දෝෂයක් තිබෙනවා නම් එහිදී මුතු හෝ චන්ද්‍රකාන්තී ගලක් පැලඳීම ඉතා ශුභය. එය වම් අතෙහි 'සුලැඟිල්ලේ' පැලඳීම ඔබට සුබදායක තත්ත්වයන් ගෙන දෙනු ඇත. එමෙන්ම සඳුගේ දෝෂයන්ට 'මුදු ඇඟිල්ලේ' ගල් පැලඳීම සිදුකරයි. නමුත් මෙහිදී ඔබේ දෛවඥයා හමු වී ඔබේ කේන්දරයට අනුව කුමන ඇඟිල්ලේද ගල පැලඳීම සිදුකළ යුත්තේද යන්න විසඳා ගැනීමට හැකි නම් එය ඉතා වැදගත්ය.
යම් පුද්ගලයෙකුගේ කේන්දරයේ කුජ ග්‍රහයා සම්බන්ධව දෝෂයක්, පීඩාවක් පවතිනවා නම් එවැනි අවස්ථාවලදී 'රතු' මැණික් හෝ 'රතු කොරල්' ගලක් දකුණු අතෙහි මුදු ඇඟිල්ලේ පැලඳීම සුබදායක වේ. එමෙන්ම කුජ ග්‍රහයාගෙන් සිදුවන අපල සඳහා ස්කන්ධ කුමාර යන්ත්‍රයක් පැලඳීමද සිදුකළ හැකිය.
කේන්දරයක 'රාහු' ග්‍රහයාගෙන් දෝෂයක්, පීඩාවක්, අන්ත්‍රාවක් පවතී නම් ඒ සඳහා වඩා යෝග්‍ය පාෂාණය වනුයේ 'ගෝමේද' පාෂාණයයි. මෙම ගෝමේද ගල සහිත මුදුව වම් අතෙහි මැද ඇඟිල්ලේ පැලඳීම තුළින් රාහුගෙන් සිදුවන පීඩා අවම වී ශුභ ඵල ගෙන දෙනු ඇත. තවද රාහු ග්‍රහයා සඳහා %ගෝමේ^ යන්ත්‍රයද පැලඳිය හැකිය.
එමෙන්ම 'ගුරු' ග්‍රහයාගෙන් දෝෂයක් තිබෙනවා නම්, කේන්දරයක ගුරු ග්‍රහයා නීච බල සහිත නම් 'පුෂ්පරාග' මැණිකක් වම් අතෙහි හෝ දකුණු අතෙහි දබර ඇඟිල්ලෙහි පැලඳීම ඉතා යෝග්‍යය. ගුරු ග්‍රහයාගෙන් සිදුවන අපල සඳහා 'අභිසම්භිධාන' යන්ත්‍රය පැලඳීම සිදුකළ යුතුය. නමුත් අභිසම්භිධාන යන්ත්‍රයක් පැලඳීමේදී කල්පනාකාරී විය යුත්තේ අභිසම්භිධාන යන්ත්‍රයෙන් 'කුජ' ග්‍රහයාටද බලපෑමක් සිදුවන බැවිනි.
සෙනසුරු මහ දසාවකට, සෙනසුරු අතුරු දසාවකට හෝ සෙනසුරු ග්‍රහයාගේ ඒරාෂ්ටක තුනෙන් එකකට කාකනිල් ගලක් පැලඳීම ශුභදායකය. එය දකුණු අතෙහි මැද ඇඟිල්ලේ පැලඳීම නිවැරදි ආකාරයයි.
බුධ ග්‍රහයාගේ දෝෂ තත්ත්වයක් ඇති වේ නම් තෝරපච්ච ගලක් දකුණු අතෙහි සුලැඟිල්ලේ පැලඳීම සිදුකළ යුතුය. එමෙන්ම 'කේතු' ග්‍රහයාගේ නීච තත්ත්වයකට, කේතු මහ දසාවකට හෝ කේතුගෙන් සිදුවන ඕනෑම දෝෂ තත්ත්වයකට 'වෛරෝඩි' ගලක් දකුණු අතේ මැද ඇඟිල්ලේ පැලඳීම ඉතා ශුභය. මෙහිදී කේතු ග්‍රහයා කේන්දරයක හයවැනි කොටුවේ සිටින විට ඇතිවන රෝග තත්ත්වයන්ටද වෛරෝඩි ගල පැලඳීම සිදුකරයි.
එමෙන්ම %සිකුරු^ ග්‍රහයා කේන්දරයේ නීච වී පවතී නම්, විවාහය ප්‍රමාද නම්, විවාහය සම්බන්ධව ගැටලු පවතින බව තේරෙනවා නම් එවැනි තත්ත්ව වලදී පැලඳිය යුත්තේ දියමන්ති හෝ සුදු නිල් ගලකි. එය වම් අතෙහි කුඩාම ඇඟිල්ල හෙවත් සුලැඟිල්ලේ පැලඳීම ශුභය.
තවද දරුඵල නොමැති ස්ත්රීන්ට ඔවුන්ගේ කේන්දරයේ දුර්වලතාවයන් තිබෙනවා නම් ගල් පැලඳීම සිදුකරයි. කේන්දරයක දරුඵල පිළිබඳව කතා කරනුයේ පස්වැන්නේය. එහිදී කේන්දරයේ පස්වැන්න තුළ දුර්වලතාවයක් තිබෙනවා නම් එයට වත්පිළිවෙත් කොට ගල් පැලඳීම සිදුවේ. උදාහරණයක් ලෙස පස්වැන්නට රාහුගෙන් පීඩාවක් තිබෙනවා නම්, හයවැන්නට කුජගෙන් පීඩාවක් ඇති අවස්ථාවන්හිදී දරුඵල නොමැති තත්ත්වයන් උදා වේ. එවිට එහි බලපෑම් නිරීක්ෂණය කොට සහ ලග්නයට අනුව ගල් පැලඳීම සිදුකරයි.
ගල් පැලඳීම සඳහා භාවිත කරන ලෝහයන්ට අනුව ප්රතිඵලවල ස්වභාවය වෙනස් වනවාද යන්න බොහෝ දෙනා තුළ පැන නගින ගැටලුය. සැබැවින්ම ගල් පැලඳීම සඳහා භාවිත කරන ලෝහය අනුව ප්‍රතිඵල වෙනස් වේ. එම නිසා ජ්‍යෝතිෂ ශාස්ත්‍රය දක්වන පරිදි පද්මරාග පාෂාණය පිත්තල ලෝහයක ඔබ්බවා පැලඳීම ශුභය. එමෙන්ම පුෂ්පරාග ගල් රත්රන් ලෝහයක ඔබ්බවා පැලඳීම ශුභය. අනෙක් පාෂාණයන් රිදියෙන් පැලඳීම මගින් අපලවලට සාර්ථක පිළියම් වනු ඇත. එක් එක් ග්‍රහයාට අදාළ ලෝභ භාවිතකර ගල් පැලඳීම ඉතා ශුභය.
වර්තමානයේදී මඟුල් මුදු, ගල් ඇල්ලූ කරාබු වලින් දරුවන්ගේ කණ විදීම වැනි දෑ සිදුකර ඉන් යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වීමද අද වනවිට දක්නට ලැබේ. නමුත් එවැනි ක්‍රියාවන් තුළින් ග්‍රහ අපලවලට එරෙහි ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකිය. එවැනි මුදු හෝ කරාබු ශරීරයේ ස්පර්ෂ නොවෙයි. එමෙන්ම බොහෝ දෙනා අපලවලට පැලඳීම සඳහා භාවිත කරන %නවරත්න^ මුදුව තුළින්ද කිසිදු ප්‍රතිඵලයක් බලාපෙරොත්තු විය නොහැක. නවරත්න මුදුව ව්‍යාපාරික අවශ්‍යතා මත හෝ යම් කෙනෙකු විසින් විලාසිතාවකට පැලඳීම සඳහා නිර්මාණය කළ මුදුවක් පමණි. නවරත්න මුදුව පැලඳ ඉන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම නිෂ්ඵල කාරණයකි.
පාෂාණය පැලඳීම සිදුකළ යුත්තේ ශරීරයේ නිරන්තරයෙන් ගැටෙන ආකාරයටය. එහිදී මුදුව නිර්මාණය කළ යුත්තේ මුදුවේ යටි පැත්තෙන් අදාළ පාෂාණය සමට ගැටෙන අයුරිනි. එම නිසා මුදුවක් නිර්මාණය කර ගැනීමේදී ඒ පිළිබඳව දැඩි ලෙස කල්පනාකාරී විය යුතුය. එමෙන්ම මෙහිදී සඳහන් කළයුතු වැදගත්ම කාරණය වන්නේ කිසිදු අපලයකින් සිදුවන හානිය 100%ක් කිසිම ආකාරයකින් නැවැත්විය නොහැකි බවයි. නමුත් සැලකිය යුතු ප්‍රමාණයකින් එය අවම කරගත හැකිය.
මෙහිදී පුද්ගලයෙකුට පංච මහා යෝගයක් පවතී නම්, ගුරු හංස යෝගයක් පවතී නම් ඔහුට ගුරු මහ දසාවක් ලබා ඇති නම්, ගුරුගේ දෝෂයක් නැත්නම් හිතේ විශ්වාසයට මෙම ගල් පැලඳීම සිදුනොකළ යුත්තකි. එය ඔහුට සිදුකරන විශාල අපරාධයකි. එම නිසා යම් ග්‍රහ දෝෂයක් පිළිබඳව ඔබට සැකයක් මතු වී ඇත්නම් ජ්‍යෝතිෂවේදියෙකු හමු වී ගැටලු නිරාකරණය කරගෙන ගල් පැලඳීම ඉතා වැදගත්ය.
එමෙන්ම ඇතැම් විට අතෙහි ගල් පැලඳීම ප්‍රායෝගික නොවන අවස්ථාද උදා වනු ඇත. විශේෂයෙන් වෘත්තියේදී නිරන්තරයෙන් ඇඟිලි භාවිත කිරීම, ඇඟිලි හෝ අත්වල විවිධ ආබාධ තිබෙන අවස්ථාවලදී අදාළ ගල පංචායුධයක හෝ ධර්මචක්‍රයක හෝ තැන්පත් කර පපුවට වැටෙන සේ කර පැලඳීම සිදුකළ හැකිය. අපලවලට මැණික් පැලඳීම දක්වන්නේ ජ්‍යෝතිෂ විද්‍යාවේ %පාෂාණ විද්‍යාව^ තුළදීය. බොහෝ දෙනා තුළ තිබෙන මතයක් වන්නේ තමන්ට ලබන සෑම මහ දසාවකටම මැණික් ගලක් පැලඳිය යුතු බවය. එය සම්ප්රදායක් ලෙස හෝ චාරිත්‍රයක් ලෙස මහජනයා තුළ කාලයක පටන් තිබෙන මතයකි. එවැනි සම්ප්රදායක් හෝ චාරිත්‍රයක් ජ්‍යෝතිෂය තුළ සඳහන් නොවේ.
සාමාන්‍යයෙන් මැණික් ගල් යනු මිල අධික පාෂණය. අපලයකට මැණික් ගලක් පැලඳීමේදී කුඩා අංශු තරම් ප්‍රමාණයේ ගල් කෑල්ලක් පැලඳීමෙන් අපල දුරු වනවා යැයි ඔබ විශ්වාස කරනවා නම් එය බොරුවකි. අවම වශයෙන් අපලයකට පලඳින ගලක ප්‍රමාණය දශම 70කට එහා තිබිය යුතුය. උදාහරණයක් ලෙස ඒරාෂ්ටක දෙකක් සමග සෙනසුරු මහ දසාවක් ගත කරන පුද්ගලයෙකුගේ අපල තත්ත්වයන් දුරු කිරීමට අවම වශයෙන් කාකනිල් ගලක් 1.5ක් පමණ හෝ බර විය යුතුය.
(විශේෂ ස්තූතිය - ජ්‍යෝතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා)
077 366 9717