අංගම්පොර සටන් කලාව යනු පුරාණයේ මෙරට පාලනය කළ යක්ක වංශිකයන් විසින් නිර්මාණයකළේ යැයි සැලකෙන සටන් කලාවකි. වසර 5000ක් පමණ පැරණි ඉතිහාසයක් ඇතිමෙම සටන් කලාවේ ස්වර්ණමය යුගය රාවණා රජතුමන් මෙරට පාලනය කළ අවධියේ පැවති බවටඉතිහාසයේ සඳහන්ව ඇත.
එවැනි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලොව පැරණිතමසටන් කලාවක් වන අංගම් සටන් කලාව නගාසිටුවීමට ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුදර්ශනපතිරණ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ වනවිට සක්‍රීය දායකත්වය සපයනුලබයි.
වර්ෂ 1505 සිට 1948 දක්වා අප රටපුරා වසර 450කට ආසන්න කාලයක් පාලනය කරනු ලැබූපෘතුග්රීසි, ලන්දේසිහා ඉංග්රීසිහමුදාවන් හට මෙම සටන්කාමීන් විශාල අභියෝගයක් එල්ල කරනලද අතර, එහි අවසන් ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාව තුළ අංගම්පොර සටන් කලාව 1818 ඔක්තෝබර්මස 06වැනිදා ඉංග්‍රීසින් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. අංගම් සටන් කලාව එසේතහනමට ලක්වී2022 ඔක්තෝබර් මස 06වැනිදාට වසර 204ක් සපිරෙනු ලබයි.
ඉංග්‍රීසින් විසින් අංගම්පොර සටන් කලාව තහනම් කිරීමෙන් පමණක් නොනැවති අංගම්පොරසටන්කරුවන් විශාල පිරිසක් ඝාතනය කරමින් අංගම් මඩුද ගිනිබත් කරන ලද අතර, මෙම මර්දනකාරීප්රතිපත්තිය හේතුවෙන් අංගම්පොර සටන් කලාව අභාවයට පත්විය. එහෙත් ජාතික වටිනාකමක් ඇතිමෙම පාරම්පරික සටන් කලාව නැවත නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීතාවක රාජ්‍යසමයේ සටන් පෙළපත වූ කොරතොට ආරච්චිවරුන්ගේ පරපුරෙන් පැවත එන අජන්තමහන්තආරච්චිමහතා සමග එක්ව 2012 වර්ෂයේදී ගුවන් හමුදා අංගම්පොර සංචිතය ලෙස මෑතකාලීන ඉතිහාසයේ සන්නද්ධ හමුදාවක් තුළ ප්‍රථම වරට ස්ථාපනය කරන ලදි.
පුද්ගල ශරීරයේ නිල සඳහා ප්‍රහාරය එල්ල කරමින් නිරායුධව පුද්ගලයෙකු මරණයට පවා පත්කළහැකි සටන් කලාවක් වන මෙම සටන් කලාව අංගං, ඉලංගං, මයා අංගං යන කොටස්වලින් සමන්විතවන අතර, හෙළ රජවරුන් හා ඔවුන්ගේ හමුදා භටයන් පාරම්පරිකව මෙම සටන්කලාව ප්‍රගුණ කරඇති බවට ඉතිහාසයේ සඳහන්ව ඇත.
හමුදා පුද්ගලයෙකු හට අවි ආයුධ පුහුණුව මෙන්ම ආත්ම ආරක්ෂක සටන් පුහුණුව ප්‍රගුණ කිරීමඉතාම වැදගත් වන අතර, මෙම සටන් ක්‍රම හැදෑරීම තුළින් අවි ආයුධ පරිහරණය කිරීමට අපහසුස්ථානයකදී හෝ අවියක් අත නොමැති අවස්ථාවකදී වුවද, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහාපියවර ගැනීමේ විශිෂ්ඨ හැකියාවක් ලැබේ.
මෙම සටන්කලාව ශ්‍රී ලංකාගුවන් හමුදාවට හඳුන්වාදීමත් සමග ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂබළකා ගුවන් භටයන් හා විශේෂ ගුවන් විහිදුම් බළකා ගුවන් භටයන් මෙම සටන් කලාව ප්රගුණකරනු ලබයි. මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංගම්පොර සටන්කරුවන් 40 දෙනෙකුගේපමණ කණ්ඩායමක් සාර්ථකව පුහුණුව ලබා ඇත.