මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ ලාංකීය සමාජයට ප්‍රබල බලපෑමක් එල්ල කරති. නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට කිසිදු අරමුණක් හෝ ඉලක්කයක් නොමැත. ඔවුන්ට ඇත්තේ ඊළඟ වාරයේ මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අභිලාෂය පමණි. එතෙක් ඔවුන් ඉබාගාතේ ඇවිද යයි. මෙහි තවත් විපාකයක් වන්නේ කුඩා ළමයි පවා මේ සඳහා ගොදුරු වීමයි. මෙවැනි පිරිස් අත්අඩංගුවට ගත් පසු ඔවුන් පුනරුත්ථාපනය සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. නමුත් එසේ ඇබ්බැහි වීම වැළැක්වීමට අප පියවර ගත යුතුය. දෙමවුපියන් තමන්ගේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් දැක්විය යුතුය. මේ අනුව ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ කටයුතු හා පවත්නා තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හා විෂ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා 'අද' හමුවේ සම්බන්ධ කර ගත්තෙමු. ඔහු මේ සම්බන්ධ විවිධ කරුණු කාරණා ඔස්සේ වත්මන් තත්ත්වය පැහැදිලි කළේ මෙලෙසිනි.
Q ශ්‍රී ලංකාවේ යෞවනයන්ට එරෙහිව තිබෙන ලොකුම තර්ජනය මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වීම යැයි අගමැතිවරයා මෑතකදී ප්‍රකාශ කළා. ඒ මතයට ඔබ එකඟ වෙනවාද
ඔව් මම එකඟ වෙනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් සහ නීති ක්‍රියාත්මක කිරීමේ
වාර්තා වලින්, ප්‍රතිකාර දත්ත මගින් පෙන්නුම් කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රවණතාව තරුණ තරුණියන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවයි. අපේ සමීක්ෂණ සොයා ගැනීම් අනුව අවුරුදු 24ට අඩු බොහෝ තරුණ පිරිස මත්ද්‍රව්‍ය භාවිත කරනවා.
උදාහරණයක් වශයෙන් අප ගතහොත් වයස අවුරුදු 29ට අඩු පුද්ගලයන් 11,500ක පිරිසක් ගංජා ළඟ තබාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම හෙරොයින් සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයන් 2,920ක පිරිසක් අවුරුදු 29ට අඩු පුද්ගලයන් බව අනාවරණය වී තිබෙනවා.
Q දිවයින පුරා ශ්‍රී ලාංකිකයන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ නවතම තොරතුරු පිළිබඳ අපි කතා කළොත්
මනෝවර්ථක ගණයේ ඖෂධ අවභාවිතය ශ්‍රී ලංකාව තුළ ඉතා ප්‍රබල ගැටලුවක්. වෛද්‍යමය හේතූන් මත හෝ හෙරොයින් වෙළෙඳ පොළේ නොමැති විට විරමන ලක්ෂණ මගහරවා ගැනීම සඳහා මේවා භාවිත කරනවා. මේවා වෛද්‍ය නිර්දේශයක් නොමැතිව නිකුත් කරන්න තහනම් වුණත් නීතිවිරෝධී අයුරින් මේවා වෙළෙඳ පොළේ තිබෙනවා.
2016 වර්ෂයේදී මේ මනෝවර්ථක ද්‍රව්‍ය හා වෛද්‍ය අරමුණු සඳහා භාවිත කරන ඖෂධ වර්ග තරුණයන් විසින් දුර්භාවිත කිරීමේ ප්‍රවණතාවක් තිබුණා. අපි ලබාගත් දත්ත හා සමීක්ෂණවලට අනුව මෙහි වැඩි ප්‍රවණතාවක් බස්නාහිර පළාත තුළින් වාර්තා වුණා.
ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදුකළ
වැටලීම් වලදී නීත්‍යනුකූල නොවන ආකාරයට මෙම ඖෂධ තබාගැනීම හා බෙදාහැරීම සිදුකළ පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පුද්ගලයන් අතර විදේශීය පුද්ගලයන් පවා සිටියා.
Q මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කරන අය ලංකාවේ කොපමණ ප්‍රමාණයක් සිටිනවාද
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් 41%ක් අවුරුදු 26ත් - 35ත් අතර පුද්ගලයන් වෙනවා. වයස අවුරුදු 36ත්- 50ත් අතර මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 28%ක් සිටිනවා. ඒ අතරින් හෙරොයින් භාවිත කරන්නන්ගෙන් ප්‍රමාණය 39෴ක්. 26ත්- 35ත් අතර පුද්ගලයන්ගෙන් 38%ක් හා අවුරුදු 19ත් - 25ත් අතර පුද්ගලයන්ගෙන් 15%ක් හෙරොයින් භාවිත කරනවා.
Q ඖෂධ හිංසකයෙකු තුළ ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? තමන්ගේ දරුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇතිනම් හඳුනාගන්නේ කෙසේද
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ලක්ෂණ කිහිපයක් දැකගන්න පුළුවන්.
මුඛය වියළීම, හැසීරීම් හා ක්‍රියාවන්හී වෙනස්කම්, වමනය, මාංස පේශි ආබාධ ආදී ලක්ෂණ ගණනාවක් දැකගන්න පුළුවන්. මෙවැනි මත්ද්‍රව්‍ය වලට දරුවන් යොමු වීමට හේතු ගණනාවක් තිබෙනවා. සමවයස් කණ්ඩායම් සමග සිටීම, හුදකලා වීම, ඔවුන්ගේ ක්‍රියාශීලීභාවය කෙමෙන් කෙමෙන් අඩු වීම හා පසුකාලීනව සම්පූර්ණයෙන්ම ක්‍රියාශීලීත්වය නැති වෙනවා. එලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අපිට වෙන්කර හඳුනාගන්න පුළුවන්. ඒ නිසා පාසල් ළමයි මත්ද්‍රව්‍ය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදිය යුතුයි.
Q පාසල් ළමයි අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සිදුවන්නේ කුමන දිස්ත්‍රික්ක වලද
ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳ ඇති දත්තයන්ට අනුව කොළඹ, ගාල්ල, අනුරාධපුරය, රත්නපුරය, ගාල්ල යන දිස්ත්‍රික්ක වල දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ඉහළ වර්ධනයක් තිබෙනවා. නමුත් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් දරුවන් සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යා වාර්තා වෙලා නැහැ.
Q ලංකාවේ තහනම් කළ මත්ද්‍රව්‍ය රැසක් තිබෙනවා. ඒ අතරින් වැඩියෙන්ම අත්අඩංගුවට ගන්නේ කුමන මත්ද්‍රව්‍යද
2016 වර්ෂයේදී මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් එනම් 47,787ක් ගංජා ආශ්‍රිතව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීමවලදී වැඩි ප්‍රතිශතයක් (35෴) වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. 2016 වර්ෂයේ හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට පත්වූවන් 27, 462ක් වාර්තා වන අතර, ඒ වර්ෂයේ හෙරොයින් කිලෝග්‍රෑම් 206ක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ වගේම අබිං ආදිය භාවිත කරන්නන්ද සුළු වශයෙන් වාර්තා වෙනවා.
Q මෙලෙස අත්අඩංගුවට පත්වූවන් හා වරදේ යොමු වූවන් සඳහා රජය කුමන ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කරන්නේ
ශ්‍රී ලංකාවේ 2007 අංක 54 දරන ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනත යටතේ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් සඳහා අනිවාර්යය ප්‍රතිකාර පහසුකම් හඳුන්වා දී තිබෙනවා. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ පුනරුත්ථාපන ආයතන 4ක් තිබෙනවා. තලංගම, උණවටුන, පේරාදෙණිය සහ නිට්ටඹුව යන ප්‍රදේශවල ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. අපි මේ මධ්‍යස්ථාන හතර තුළ වරකට 200ක් - 250ක් අතර ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරනවා. ඔවුන් අපි මාස තුනකටත් හයකටත් අතර කාලයක් පුනරුත්ථාපනය කරනවා. මේවායේ සිටින සියලුම දෙනාට ආහාර, ඖෂධ නොමිලේ ලබා දෙනවා. මේ සියලු වියදම් රජය විසින් දරනවා.
ඊට අමතරව කන්දකාඩුවේ සිවිල් ආරක්ෂක බළකායේ තිබෙනවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්. එහිත් වරකට 300ක් වැනි ප්‍රමාණයක් සිටිනවා. ඒ කඳවුරේ පිරිමි පමණයි පුනරුත්ථාපනය කරන්නේ. පේරාදෙණියේ තිබෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවුරුදු 20ට අඩු ළමයි පමණයි සිටින්නේ. මීට අමතරව පෞද්ගලික ආයතන 25ක් පමණ තිබෙනවා. ඒවා විවිධ ආයතන හා ආගමික මධ්‍යස්ථාන වල මෙහෙයවීමෙන් පවත්වාගෙන යනවා.
ඒ වගේම අපි මනෝවිද්‍යාත්මක උපදේශන සේවයක්ද ස්ථාන දෙකකදී පවත්වාගෙන යනවා. සියපත මනෝ විද්‍යාත්මක උපදේශන මධ්‍යස්ථානය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පිහිටා තිබෙනවා. ඒ වගේම මහාබෝධි උපදේශන මධ්‍යස්ථානය මරදාන ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පිහිටා තිබෙනවා.
Q එවැනි පුනරුත්ථාපනය කරන්නන් සඳහා ලබාදෙන ප්‍රතිකාර ගැන හැඳින්වුවහොත්
මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් බොහෝ විට ඖෂධ ප්‍රතිකාර සිදුකරන්නේ ඉතාම අඩුවෙන්. වේදනාව හෝ වෙනත් රෝග ලක්ෂණ තිබුණහොත් අපි ඒ සඳහා බෙහෙත් ලබා දෙනවා. නමුත් වෙනත් රටවල මෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවාගන්න වෙනත් ඖෂධවලට මොවුන් හුරු කරන්නේ නැහැ. මොකද එහි හානිකර පැත්තක් තිබෙන නිසා. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම වළක්වාලන්න ඔවුන්ට ඖෂධ දීම තුළින් කාලයත් සමග ඒ ඖෂධ වලට ඔවුන් ඇබ්බැහි වීමක් සිදුවෙනවා. ඒ නිසා උපදේශන කටයුතු හා අනෙකුත් ක්‍රියාකාරකම් මගින් තමයි ඔවුන් ඉන් මුදවා ගැනීමට අපි උත්සාහ කරන්නේ. මෙම ප්‍රතිකාර වැඩසටහන්වල පෞද්ගලික හා පවුල් උපදේශනය, විෂහරණ ප්‍රතිකාර, ශාරීරික ක්‍රියාකාරකම්, මානසික සුවතා, ගෘහස්ථ හා බාහිර ක්‍රියාකාරකම්, මනෝ චිකිත්සන ප්‍රතිකාර, අධ්‍යාපනික, වෘත්තීය පුහුණු, කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
Q මෙලෙස මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් කොපමණ ප්‍රමාණයක් වර්ෂයකදී ප්‍රතිකාර ලබා ගන්නවාද
2016 වර්ෂයේදී එලෙස ඇබ්බැහි වූවන් 2,355ක් විවිධ මධ්‍යස්ථාන ඔස්සේ ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 826ක් අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන්ද, 684දෙනෙක් බන්ධනාගාර ප්‍රතිකාර වැඩසටහන් වලින්ද ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. තවත් 474 දෙනෙකු රාජ්‍ය නොවන සංවිධානවලින්ද, 371 දෙනෙකු කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්ද සේවා ලබාගෙන තිබෙනවා. ඒ සේවාලාභීන්ගෙන් බහුතරයක් කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනගත වූවන්.
Q සමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් යථාතත්ත්වයට පත් වෙන්න කෙතරම් කාලයක් අවශ්‍ය වෙනවාද
සමාන්‍යයෙන් මාස තුනකින් හෝ හයකින්
යථාතත්ත්වයට පත්වෙනවා. නමුත් ඔවුන් ඉන් මිදී සමාජයට ගිය විට එයිනුත් 50%ක් පමණ නැවතත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රතිශතයක් තිබෙනවා. එය ඇත්තෙන්ම ගැටලුකාරී තත්ත්වයක්.
Q ලෝකයේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අනුව සැසඳීමේදී ලංකාවේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කළොත්
ආසියාතික රට වලින් ගත්තොත් ලංකාව තහනම් වූ මත්ද්‍රව්‍ය අඩුවෙන් භාවිත කරන රටක් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් මෑතකදී සිට ඉන්දියාවෙන් බෝට්ටු හරහා තහනම් වූ කේරළ ගංජා සහ අනෙකුත් ඖෂධ රැසක් මෙරටට ගෙන එනවා. ඒ නිසා අපේ රටේ තහනම් මත්ද්‍රව්‍ය පැතීරීම තවත් ව්‍යාප්ත වෙලා තිබෙනවා. අපේ රට පාකිස්තානයෙන් හා ඉන්දියාවෙන් ගෙන එන මත්ද්‍රව්‍ය යුරෝපීය හා බටහිර රටවලට ප්‍රවාහනය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබෙනවා. පසුගිය අවුරුදු 05 ඇතුළත මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විදේශීය ජාතිකයන් 186ක් අත්අඩංගුවට ගත්තා. ඒ අතර ඉන්දීය ජාතිකයන් 58 දෙනෙක් සිටිනවා. 2016 වර්ෂයේදී විදේශ රටවල්වලදී ලාංකික පුද්ගලයින් 05 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Q අපේ රටේ විශාල ප්‍රමාණ වශයෙන් මෙවැනි තහනම් කළ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනු ලැබුවා. ඇතැම් විට ලංකාව මේවා හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙස වුවත් සිතන්නට පුළුවන් නේද
පසුගිය වසරේ විශාල ප්‍රමාණයක් අපිට තහනම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ නිසා එවැනි හුවමාරු මධ්‍යස්ථානයක් කිරීමට කවුරුන් හෝ බලවේගයන් උත්සාහ කරනවා යැයි අපිට සිතන්නට පුළුවන්. නමුත් මෙවැනි දේවල් නිසි අයුරින් අත්අඩංගුවට ගැනීම හා ප්‍රසිද්ධියේ ඒවා විනාශ කිරීම තුළ ඔවුන් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම ප්‍රතික්ෂේප කරනවා.
Q අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රථම වතාවට විනාශ කළා. මෙවැනි තහනම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් විට සිදුකරන්නේ කුමක්ද කියා මිනිසුන්ට නිසි අවබෝධයක් නැහැ. එනිසා එවැනි දේ අත්අඩංගුවට ගත් විට මින් පෙර සිදුකළ තත්ත්වය හා ඉදිරියේදී සිදුකරන ආකාරය පිළිබඳ කතා කළොත්
විශාල ප්‍රමාණයක් කොකේන් තිබුණු නිසා අපි මේ ලෙසින් ප්‍රසිද්ධියේ විනාශ කරන්න කටයුතු කළා. කිලෝග්‍රෑම් 910ක් වගේ ප්‍රමාණයක් එහි තිබුණා. ඉදිරියේදී උසාවියේ අවසරය මත අපි මෙවැනි අත්අඩංගුවට ගත් තහනම් මත්ද්‍රව්‍ය විනාශ කරන්න අපේක්ෂා කරනවා. පොඩි ප්‍රමාණවලින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඒ ඒ අධිකරණ මගින් විනාශ කරනවා.
Q මත්ද්‍රව්‍ය ආශ්‍රිත බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. බෝවන රෝග ඒ අතර ප්‍රධානයි. එවැනි දේ ගැන සමාජයේ තිබෙන දැනුමද ඉතා අල්පයි. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්
එච්.අයි.වී - ඒඩ්ස්, හෙපටයිටීස්, සෙංගමාලය වැනි රෝග තත්ත්වයන් විශේෂයෙන්ම වැළඳෙන්නේ මත්ද්‍රව්‍ය එන්නත් කරන්නන් හරහා. එවැනි පිරිස් වෙන රටවල් වලට සාපේක්ෂව ලංකාවේ සිටින්නේ 1෴ක් වැනි සුළු ප්‍රමාණයක්. අපිට එවැනි රෝගියෙකු හමු වුවහොත් අපි ඔවුන් පරීක්ෂා කර බලනවා. ඒ නිසා අපි ඒවා හැදෙන්න කලින් ප්‍රවේශම් වීම වැදගත් වෙනවා.
Q එච්.අයි.වී ආසාදනය වීම ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කළොත්
මම ඉහතදී ප්‍රකාශ කළා වගේ මත්ද්‍රව්‍ය එන්නත් කිරීම තුළින් ඒඩ්ස් අාසාදනය වෙන්න පුළුවන්. එන්නත් කර ගැනීමට යොදා ගන්නා උපකරණ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර හුවමාරු කරගැනීමෙන් ඔවුන්ගේ ලේ හුවමාරු වෙනවා. මේ තත්ත්වය තුළ ඔවුන්ට එ්ඩ්ස් වැලඳෙන්න පුළුවන්. ලංකාවේ පළමු වරට මෙලෙස අාසාදිතයකු හමුවෙන්නේ 1987 වර්ෂයේ. 2016 වර්ෂය වන විට එච්. අයි.වී. අාසාදිත පුද්ගලයන් 2557ක් වාර්තා වෙනවා. එයින් 6෴ක් කාන්තාවන්ද, 10෴ පිරිමි සංඛ්‍යාවද ලෙස වැඩි වෙලා තිබෙනවා. 2016 වර්ෂය තුළදී පමණක් ඒඩ්ස් රෝගීන් 47දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙය ඇත්තෙන්ම බරපතළ තත්ත්වයක්.
Q මෙවැනි තත්ත්වයක් තුළ ඔබ මහජනතාවට මොන වගේ උපදෙසක්ද දෙන්න කැමති
සෑම විටම වැළැක්වීම වඩා සුවදායී වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයට නොගන්නා ලෙස දරුවන් රැක බලා ගැනීම හා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම දෙමවුපියන්ගේ වගකීමක්. පාසල් තුළද මත්ද්‍රව්‍ය පිළිබඳ ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ගුරුවරුන් දැනුවත්ව සිටිය යුතු වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති විපාක පිළිබඳ ජනතාවට නිසි අවබෝධයක් ලබාදිය යුතුයි.