ලාංකිකයන් 120ක් දිවයිනට


කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ විදෙස් රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 120 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා දෙකකින් අද (12දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍යයේ සිටි ලාංකිකයන් 13 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-668 දරන ගුවන් යානයෙන් 8/12 දින අලුයම 1.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මීට අමතරව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 107 දෙනෙකු රැගෙන ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට  පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-  504 දරන විශේෂ ගුවන් යානය 8/12 දින අලුයම 5.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් සියලු දෙනා ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි.



Recommended Articles