මැදපෙරදිග සිටි ලාංකිකයන් 656ක් දිවයිනට


මැදපෙරදිග රාජ්‍යයන් දෙකක සිටි ශ්‍රී ලාංකිකයන් 656 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 02 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත ඊයේ (15දා) දින පස්වරුවේ පැමිණ තිබේ.

මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 371 දෙනෙකු රැගෙන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් සවස 4.20 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මීට අමතරව ජෝර්දානයේ රැකියා සහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු රැගෙන අම්මාන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රාත්‍රී 10.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



Recommended Articles