තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
එම මරණ ඊයේ (23) සිදුව ඇති බව සඳහන් වේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,611කි.
එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.
අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.