තවත් කොරෝනා ආසාදිත මරණ‍ 10ක්


ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 10 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.‍

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර එක් පුද්ගලයෙක්, අවුරුදු 60 වැඩි පුද්ගලයින් 08 දෙනෙකු පමණයි.

මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles