කටුනායක ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 111ක්


ගත වූ දින දෙකට සාපේක්ෂව , 07/29 දින කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 111 දෙනෙකු ලෙස වාර්තා වෙමින් , ක්‍රමිකව වර්ධනයක් පෙන්නුම් කරන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව 07/28 දින කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු ද , 07/27 දින මෙම ආසාදිතයන් 81 දෙනෙකු ද වාර්තා වී සිටියහ .

07/29 දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා වෛරසය ආසාදිතයන් 65 දෙනෙකු හදුනා ගෙන තිබුණි .

 ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 4,079 දෙනෙකු වාර්තා වී සිටිති .

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ද 07/29 දින තවත් කොරෝනා ආසාදිතයන් 46 දෙනෙකු හමු වී තිබුණි .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 73 ක සේවය කරන 3,742 ක් වූ සේවකයින් සංඛ්‍යාවක් මෙසේ කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිති .

මේ තත්වය පාළනය කිරීම සදහා ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම , කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති ආපනශාලා , කඩ සාප්පු , නේවාසිකාගාර සීල් තබා  වසා තැබීමටත් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ .

 



Recommended Articles