බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් සාකච්ඡා සඳහා නයිජෙල් ෆරාජ් සම්බන්ධ විය යුතු බවත්, එකඟතාවකින් තොරව හෝ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය සූදානමින් සිටිය යුතු බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇමෙරිකානු නායකයා මෙම අදහස් පළ කර ඇත්තේ, හෙට (03දා) ඇරඹෙන ඔහුගේ නිල බ්‍රිතාන්‍ය සංචාරයට පෙරාතුවය.
එමෙන්ම, මෙම සාකච්ඡාවේදී ඔහු පවසා ඇත්තේ, බොරිස් ජොන්සන් කන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය සඳහා ඉතා සුදුස්සෙකු බවයි.
එමෙන්ම, බ්‍රෙක්සිට් සාකච්ඡාවලදී යුරෝපා සංගමය වෙතින් බොහෝ ඉල්ලීම් දිනාගත යුතු බවත්, ඔවුන් බලාපොරොත්තු වන දේ යුරෝපා සංගමය ලබාදීමට එකඟ නොවන්නේ නම්, ඉන් ඉවත්වීම වඩාත් යෝග්‍ය බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.