ෆොනී සුළි කුණාටුව ඉන්දියාව දෙසට ඇතුළු වෙමින් පවතින බැවින් එරට නැගෙනහිර වෙරළ කලාපයේ ජීවත් වන දහස් ගණන් ජනයා ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
එය ඔරිස්සා ප්‍රාන්තය හරහා රට තුළට කඩා වදින බවත්, කුණාටුවෙන් ඇතිවන සුළගේ වේගය පැයට කිලෝමීටර් 200 ඉක්මවනු ඇති බවත් කාලගුණ අංශ පවසයි.
එය හෙට (03දා) දිනයේ ගොඩබිමට ඇතුළු වනු ඇති බව විශ්වාස කෙරෙන අතර, අන්ද්‍රා ප්‍රදේශ් සහ තමින්ලාඩු ප්‍රාන්ත වෙතද දැඩි අවදානමක් පවතින බව කියයි.
බී.බී.සී. හින්දු සේවය පවසා සිටියේ 800,000ක පමණ ජනතාවක් ඉවත් කිරීම අරඹා ඇති බවයි. ඔරිස්සා ප්‍රාන්තයේ පූරි නගරයේ පමණක් 100,000ක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.