වසංගතය වැළැක්විය හැකි ව්‍යාජ පියවරයන් සහ අතිශෝක්තියෙන් යුතු සුව කිරීම් ප්‍රවර්ධනය කළ අන්තර්ගතයන් ඇතුළුව, නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 පිළිබඳ ව්‍යාජ තොරතුරු හුවමාරු කෙරුණු පෝස්ට් මිලියන 7ක් දෙවැනි කාර්තුවේදී ඉවත් කර ඇති බව ෆේස්බුක් සමාගම පවසයි.
ෆේස්බුක් සිය හයවැනි ප්‍රජා ප්‍රමිති බලාත්මක කිරීමේ වාර්තාවේ කොටසක් ලෙස මෙම දත්ත නිකුත් කර තිබේ. එය ෆේස්බුක් වේදිකාවල අන්තර්ගතයන් සම්බන්ධයෙන් මුර යෙදීමේදී පැවති ලිහිල් ප්‍රවේශයට ප්‍රතිචාර ලෙස, වඩාත් දැඩි නීතිරීති සමග 2018 දී හඳුන්වා දුන්නකි.
2021 සිට වාර්තාවේ භාවිත කර ඇති මිනුම් ස්වාධීනව විගණනය කිරීමට බාහිර විශේෂඥයන්ට ආරාධනා කරන බවද ෆේස්බුක් සමාගම පවසයි.